Saturday, February 23, 2019

Little Miss Sunshine (2006)

කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක් උනත් සැරින් සැරේ මතක් වෙන නිසා තමා මේ ලියන්නෙ.
මීට අවුරුදු ගානකට කලින් ලංකාවේ හෙන රැල්ලක් වගේ ආවා ධනාත්මක චින්තනය කියන කන්සෙප්ට් එක. ධන චින්තන දේශකයො දාස් ගනන් සහභාගී කරගෙන ලොකු ලොකු දේශනා තියලා බර ගානක් හම්බ කරගත්තා. හැබැයි දැන් නම් මේ ජාතියෙ කට්ටිය ටිකක් අඩුයි. ඒත් නැත්තෙත් නෑ.
ඔන්න ඔය ධන චින්තන සීන් එකත් මේ ෆිල්ම් එකට සම්බන්ධයි. ෆිල්ම් එකේ කතාව යන්නෙ එක්තරා පවුලක් වටා. මේ පවුලේ තාත්තා ඔය උඩ කිව්ව වගේ ධන චින්තන පොරක්, ඒ කියන්නෙ මෙයාගෙ තියරිය අනුව උත්සාහ කලොත් ඕන දෙයක් පුලුවන්. ඕක ගැන දේශනා කරන එක තමා රස්සාව විදිහටත් කරන්නෙ. ඉතිං මේ පවුලේ ඉන්නව ලොකු පුතෙක්. එයාට ඕනෙ කොහොම හරි පයිලට් කෙනෙක් වෙන්න. ඒත් ඒකට අවසර ලැබෙන්නෙ නෑ. ඒක නිසා ඒ අවසරය ලැබෙනකං එයා තීරණය කරනව මුණිවත රැකීමේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් කරන්න. තව ඉන්නව පොඩි දුවෙක්. එයාට ඕනෙ, අර පොඩි ඈයොන්ට තියෙන බියුටි පැජන්ට් එහෙකින් දිනන්න.
ඉතිං ඔන්න ඔය වගේ මේ කට්ටියටම ටාගට් තියෙනවා . අර "ටාගට් ඩ්‍රිවන්" සීන් එකේ තමා ඉන්නෙ. ඒත් පුලුවන් පුලුවන් කියල හිතාගත්තු පලියට ජීවිතේ හැම දෙයක්ම පුලුවන් වෙන්නෙ නෑ කියන දේ සහ ඕනවට වඩා සීරියස් වෙන්න එපා කියන දේ තමා අන්තිමට ෆිල්ම් එකෙන් කියන්නෙ මට හිතෙන විදිහට.
අර පුංචි කෙල්ලට, බියුටි පැජන්ට් එකට ඉන්න ඕනෙ නිසා ඒකට සහභාගී වෙන්න යන අතරෙ සිද්ධවෙන සිදුවීම් ටික තමා ෆිල්ම් එකේ පෙන්නන්නේ. හැබැයි මේ හැම දේම පෙලගස්වල තියෙන්නෙ හිනා යන විදිහට නිසා, නිකං ඇබ්බැහි වෙලා වගේ බලං ඉන්න පුලුවන් .
විශේෂයෙන්ම අන්තිම සීන් එක... චිත්‍රපටයක දැකපු සජීවී බවෙන් උපරිම කූඨප්‍රාප්තියක්.

චිත්‍රපටය ගැන තව ටිකක් කිව්වොත් මේකෙ වියදම ඩොලර් මිලියන අටක්. මුලින්ම පෙන්නන්නේ Sundance ෆිල්ම් ෆෙස්ටිවල් එකේ. ඒකෙදි Fox Searchlight වලින් මේක මිලදී ගන්නව ඩොලර් මිලියන 10.5 කට. හැබැයි, ලෝකෙ පුරා ප්‍රදර්ශනයෙන් ෆොක්ස් සමාගම උපයාගන්නව ඩොලර් මිලියන සීයකටත් වඩා. 2006 අවුරුද්දේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපට අතරටත් මේක නිර්දේශ වෙනවා...

No comments:

Post a Comment