Saturday, February 23, 2019

Far from the Madding Crowd (2015)

තෝමස් හාඩි කියන ලේඛකයා 1874 දී මේ නමින්ම ලියපු නවකතාව ඇසුරෙන් හදපු ෆිල්ම් එකක් . මේ කතාව 2015 අවුරුද්දේ චිත්‍රපටයකට නැගෙන්නෙ හතරවෙනි වතාවට .
එක්දාස් අටසිය ගණන් වල එංගලන්තයේ සුන්දර ගම් පලාතක, ගොවිපළක වෙන ආදර කතාවක් ... බැටලුවො , අශ්වයො... තිරිඟු යායවල්.. ලස්සන තණකොළ පිට්ටනි වගේ සෑහෙන සුන්දර වටාපිටාවක තමා කතාව යන්නෙ. කතාව ඉතිං ආදර පලහිලව්වක්. මේ ටයිප් එකේ කතා බලන්න කැමති අයට සෑහෙන්න විඳින්න පුලුවන් මේක . පාඩුවෙ බලන්න පුලුවන් ඉරිදා හවසක වගේ ...😃

මේකෙ ටයිට්ල් එක කියෙව්වම තේරුන් නැද්ද ? Far from the Madding Crowd කියන්නෙ ඒ කාලෙ,( ඒ කියන්නෙ එකදාස් අටසිය ගනන් වල) ප්‍රසිද්ධ වෙලා තිබ්බ කවියක එක පදයක්. මේකෙ තේරුම නිකං , "නගරයේ කලබලකාරී , "පිස්සු හැදුනු" මිනිස්සුන්ගෙන් අහකට (ගිහින් සුන්දර ගම්පලාතකට යනවා)" වගේ දෙයක් ...
හැබැයි මේ නමයි, කතාවයි බැලුවම තේරෙන්නෙ , ගමට ගියාය කියල වෙනසක් නෑ, මිනිස්සු කොහෙත් එකයි වගේ දෙයක්... (ඒ කියන්නෙ ගම වේවා නගරෙ වේවා කොහේ ගියත් හැඟීම් නිසා මිනිස්සු තමන්ගෙ ජීවත සංකීර්ණ කරගන්නවා වගේ දෙයක්) ඒ අතින් බැලුවම තෝමස් හාඩි මේ නම දාල තියෙන්නෙ නිකං සාකැස්ටික් ලයින් එකකින්ද කියලත් හිතෙනවා ...
බලන්න එහෙනං...

No comments:

Post a Comment