Tuesday, July 25, 2017

සිංහල සිනමාවේ කොපි කිරීම්


මෑතකදී තිරගත වුනු "මායා" චිත්‍රපටය, "කාංචනා" නම් දමිළ නිර්මාණයේ සිංහල කොපිය. ඒ වගේම මීට කලකට ඉහත තිරගත වුනු උදයකාන්ත වර්ණසුරිය මහතාගේ "ආසයි මං පියාඹන්න" කියන්නෙ හින්දි "තාල්" ෆිල්ම් එකේ සිංහල කොපිය. මේවා ප්‍රසිද්ධ කොපි කිරීම් . පහත දැක්වෙන්නේ ටිකක් අප්‍රසිද්ධ කොපි කිරීම් ටිකක්.
- "මම බය නෑ ශ්‍යාමා" කියන්නේ අපි කව්රුත් දන්නා Home Alone කියන හොලිවුඩ් ෆිල්ම් එකේ කොපිය
- "කව්ද බොලේ ඇලිස් " කියන්නේ Mrs. Doubtfire කියන ෆිල්ම් එකේ කොපිය
- "ඔන්න බබෝ " කියන්නේ Baby's Day Out කියන චිත්‍රපටයේ කොපිය
- "ඇගේ වෛරය" කියන්නේ I Spit On Your Grave (1978) කියන චිත්‍රපටයේ කොපිය

ඔබ දන්නා මෙවැනි තවත් කොපි කිරීම් තිබේද?