මේක නොබලන්න කියල ඉඳලා, පස්සෙ හිත වෙනස් වෙලා බැලුව. හොඳයි . පට්ට නෑ . ඒත් අවුලකුත් නෑ . කතාව චුට්ටක් හරි කිව්වොත් ස්පොයිල් වෙන නිසා මම "බලු මැක්කා" තියරිය අනුව යමින් දෙයක් කියන්නං 😃
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙකයි තියෙන්නෙ . එකක් කරන්නෙ කේට් වින්ස්ලට්, අනික ඉඩ්‍රිස් එල්බා. මුන් දෙන්නම බේරෙයිද, එකෙක් බේරෙයිද, දෙන්නම මැරෙයිද, මැරෙන්න කලින් අහවල් වැඩේ කරයිද වගේ 'ගැඹුරු' ප්‍රශ්න රාශියක් ඔබට මේ ෆිල්ම් එක බලද්දි ඇති වෙයි. මටත් ඇති වුනා. ඊට අමතරව මට තිබ්බ ගැටලුවක් තමා, මේකෙ නමේ තේරුම මොකද්ද කියන එක. ඒ කියන්නෙ, The Mountain Between Us, කියන එකේ අමු සිංහල තේරුම ගත්තොත්, "අපි අතර තිබෙන කන්ද" කියලනෙ එන්නෙ. දැන් එහෙම කන්දක් තිබ්බද? ඒකට මොකද උනේ? කන්ද තරණය කළාද? වගේ විදග්ධ ප්‍රශ්න වගේම , හදවත කියන්නෙ මාංශ පේශියක් විතරද ? වගේ නරුම ප්‍රශ්නත් ආවා.
හැබැයි ඔය හැම ප්‍රශ්නෙකටම වඩා හිතට වද දීපු ප්‍රශ්නයක් තිබ්බ මුල ඉඳංම... ඒක තමා, "බල්ලා මැරෙයිද?" කියන එක.
මොන බල්ලෙක්ද? ඔව් . මේකෙ ප්‍රධාන චරිත දෙකට අමතරව ලැබ්‍රඩෝ රිට්‍රීවර් වර්ගයෙ බල්ලෙකුත් ඉන්නව. ප්‍රධාන කතන්දරය ඇතුලෙ අර ජෝඩුව නානාප්‍රකාර දේවල් කරනව ඉතිං .... ඒත් ඒව ඔක්කොමත් එක්ක උන් දෙන්නවත් අමතක කරලම දැම්මත්, මේ ශෝයි බලු නාම්බා හිම ගොඩේ එහාට මෙහාට දුවන එකම බලං ඉන්න පුලුවන් පැය දෙකම උනත් 😍 ඉතිං ඌට මොකක් හරි අතුරු ආන්තරාවක් වෙන්න ඉඩ ඇරියොත්, අර ඩබලත් කදු පල්ලෙ වැටිල මැරිලම පලයං කියන එක තමා මගේ ඒකායන පැතුම උනේ...😂 ඊට අමතරව, ඌ කෑවද බිව්වද, ඌට සීතලේ හැදෙයිද වගේ දේවල් ගැන නිතරම සිහි උනා මටනම් ෆිල්ම් එක පුරාම.
හරි හරි, මං ඉස්පොයිල් කොරන් නෑ. උඩ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර මේක බලලම හොයා ගන්නකො.
තව පොඩි දෙයක් කියන්නං. මේ ෆිල්ම් එකේ යූ ටියුබ් වල තියෙන ඔෆීශියල් ට්‍රේල එකේ, පලවෙනි කමෙන්ට් එක විදියට තියෙන්නෙ , “As long as the dog doesn’t die, I’m good,” කියන එක.... ඒ කියන්නෙ , මොනා නැතත් බල්ල මැරෙන් නැත්තං එච්චරයි .... වගේ අර්ථයක් . කොහොමත් අපිටත් වඩා බල්ලන්ට සලකනවනෙ බටහිර රටවල්, ඉතිං මේ ෆිල්ම් එකේ ට්‍රේල එක බැලුවම, මේකෙ ඉන්න බල්ලට අනතුරක් වෙයිද කියල දෙගිඩියාවක් ඕන කෙනෙක්ගෙ හිතේ ඇති වෙනව... එහෙම අනතුරු වෙලා බල්ල මැරෙන කතා බලන්න වැඩි දෙනෙක් කැමති නෑ. ඒ කියන්නෙ ෆිල්ම් එක රිජෙක්ට් වෙනව. ඒක නිසා, මේ ෆිල්ම් එක රිලීස් වෙන්න කලින්, නිෂ්පාදන සමාගම, කතාව යම් පමණින් ස්පොයිල් උනත්, බල්ලගෙ ඉරණම මොකද්ද කියල ෆිලුම් එකේ නිල ෆේස්බුක් පේජ් එකේ පළකලා. දැන් ඒක මොකද්ද අහන්න එපා ඉතිං . 😃
අවසන් වශයෙන්, ඔන්න ඔය වගේ ප්‍රශ්න, ඒ කියන්නෙ මොකක් හරි ෆිල්ම් එහෙක, බල්ලො මැරෙන සීන් තියෙනවද, ළමයි මැරෙන සීන්, සරපයි ඉන්න සින්, දූෂණය කරන සීන් ආදී මෙකී නොකී කෙනෙක්ට බලන්න අපහසු සීන්ස් මොනා හරි තියෙනවද කියල කලින් දැන ගන්න පුලුවන් වෙබ් සයිට් එකක් තියෙනවා . මේකට ගිහින් අදාල ෆිල්ම් එකේ නමින් search කරල තමන්ට අවශ්‍ය ප්‍රශ්නය අහල ඒවගේ සීන් තියෙනවද නැද්ද කියන එක කලින් දැනං යන්න පුලුවන් . ස්පොයිල් වීම් අවම වෙන විදියට මේක හදල තියෙන නිසා, සෑහෙන වටින සේවාවක් . විශේෂයෙන්ම අපිත් කලින් නොබලපු ෆිල්ම් එකක්, පවුලේ සැමත් එක්ක බලන්න වාඩි වෙන්න කලින්, පොඩ්ඩක් මේ සයිට් එක පැත්තට රවුමක් ගහල එන එක වටිනව.... සයිට් එකේ නමත් ශෝක්. www.doesthedogdie.com. 😁 ගිහින් බලන්න . ෆිල්ම් එකත් බලන්න .
මූණු පොතේ කතා බහ
Wednesday, December 27, 2017
Tulip Fever (2017)
මීට අවුරුදු හාරසීයකට විතර කලින් ඕලන්දක්කාරයොන්ට, එහෙමත් නැත්තං ලන්දේසීන්ට (දැන් නෙදර්ලන්තය) අමුතු "උණක්" හැදුන. උණක් කියන්නෙ මේනියාවක්: සල්ලි තිබ්බ හැමෝම වගේ ටියුලිප් මල් වල බල්බ (ගහේ පසට යටින් ඇති ළූණු ගෙඩිය වගේ කොටස) සල්ලි වලට ගත්ත . එහෙම අරං ඊටත් වඩා වැඩි මුදලකට වෙන්දේසියේ විකුණුවා. හොඳ හොඳ ලස්සන සහ දුර්ලභ ටියුලිප් මල් වල බල්බ, හිතාගන්න බැරි ලොකු ලන්සු වලට වෙන්දේසියේ විකිණුනා... එතකොට එහෙම ලැබෙන සල්ලි වලින් සමහරු අක්කර ගනන් අරං ඒවයෙ ටියුලිප් වගා කලා... ඒව ආපහු වෙන්දේසි කළා. එහෙම කරල සමහර අය ලොකු සල්ලි කාරයො උනා. හැබැයි , මේක මේනියාවක් . මොකද මේ ටියුලිප් මල් බල්බ වලට තිබ්බෙ, ඇත්ත වටිනාකමක් නෙවෙයි. හැමෝම වටිනාකමක් ලබාදීපු නිසා ලැබුනු කෘතිම වටිනාකමක් මිසක් , නිරපේක්ෂ වටිනාකමක් නෑ . ඉතිං මේක ඇත්තටම සූදුවක් වගේ.... සරලව කිව්වොත් , තමන් ලඟ තියෙන ටියුලිප් මල් බල්බ වටින්නෙ, ඒව තව කෙනෙක් ලොකු ගානක් දීල ගන්නව කියන "සම්මතය" තියෙනකං විතරයි . ඉතිං ඔහොම ගිහිල්ල එක මොහොතකදි, මේ වාණිජමය පෙණ බුබුල පුපුරල ගියා . ඒ කියන්නෙ , හිටි ගමන් ටියුලිප් බල්බ වලට මිනිස්සුම දීල තිබ්බ වටිනාකම, මිනිස්සුම ප්‍රතික්ෂේප කළා... එක්දාස් හයසිය තිස් හතේ, පෙබරවාරි මාසෙ දවසක තිබ්බ වෙන්දේසියකදි, ටියුලිප් කාටවත්ම ඕන උනේ නෑ ... ඉතිං අර අක්කර ගනන් ටියුලිප් වගා කරගෙන , ඒවට සෑහෙන සල්ලියක් යට කරපු උන්ට සරලවම "කෙළ උනා". හැබැයි මේකෙන් ගොඩ ගිය අයත් හිටියා.
හරි , කොහොම උනත් ඔය කෙටියෙන් කිව්වෙ, Tulip Fever චිත්‍රපටය පසුබිමේ යන කතන්දරයක් . චිත්‍රපට කතාව ඕක නෙවෙයි . මේ ෆිල්ම් එක කාගෙවත් වැඩි අවධානයට ලක් උනේ නැතත්, ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක් . කම්මැලි නැතුව බලන්න පුලුවන් . බාගයක් බලල ඉතුරු ටික පහුවෙනිද බලනව කියල පටන් ගත්තු එක අන්තිමේ එක සැරේට බලල ඉවර කලා. මේක ඉතිං මහා ගැඹුරු එකක් නං නෙවෙයි. ආදරය, දරුවො, සල්ලි වගේ අපි ජීවිතේ පුරා වැඩි වැඩියෙන් හොයන, බලාපොරොත්තු වෙන දේවල් හොයාගන්න මිනිස්සු වෙහෙසෙන හැටි, වෙහෙසිලා හෙම්බත් වෙන හැටි , එපා වෙලා අතඇරල යන හැටි.... මේව ලංකාවේද , ඕලන්දෙද , එක්දාස් හයසීයෙද, විසිඑක්වෙනි සියවසේද කියල වෙනස් වෙන්නෙ නෑ ... ඒක තමා මේ චිත්‍රපටය තුළත් පෙන්නන්නෙ. ඒක නිසා, ඕන කෙනෙක්ට රස විඳින්න පුලුවන් හොඳ ෆිල්ම් එකක් කියල හඳුන්වන්න පුලුවන්. මග ඇරුනනං බලන්න එහෙනං....

Newton (2017)
< ඡන්දෙ කියන්නෙ මහත්තයට ලොකු දෙයක් කියල අපි දන්නව ....
ඒත් වෙනස් වෙන්නෙ එක දෙයයි; රාමු කරපු පින්තූරෙ ඉන්න නායකයගෙ මූණ විතරයි ....
මිනිස්සු බඩගින්නෙද නැද්ද කියන එක නෙවෙයි වැදගත් . ඒයාලගෙ ඡන්ද අයිතියයි වැදගත් ....>
මේ , Newton චිත්‍රපටයෙන් උපුටා ගත්ත කොටසක්. ලංකාවටත් ලස්සනට ගැලපෙනව .
මේ ෆිල්ම් එකේ පෙන්නන්නෙ ඉන්දියාවේ මාවෝවාදී ගරිල්ලන්ගෙ තර්ජන තියෙන පැත්තක, ඡන්දයක් තියන විදිය. ලංකාවේ තත්ත්වය මේ තරම් දරුණු නෑ. එක අතකට හිතෙනවා ඉන්දියාවට සාපේක්ෂව අපි සෑහෙන්න හොඳයිනෙ කියල . ඒකට බලපාල තියෙන්නෙ මට නම් හිතෙන විදියට , ලංකාවේ දෙමව්පියන් කන්න නැති උනත් ළමයින්ට උගන්නන්න වෙහෙසෙන නිසා , සාක්ෂරතාව පැත්තෙන් ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් ඉන්න එක. අනික ලංකාව ඉන්දියාවට සාපේක්ෂව පුංචි රටක් නිසා, ප්‍රධාන සමාජ ධාරාවෙන් හුදෙකලා වුනු ප්‍රදේශ ඇති වෙන්න පුලුවන් ඉඩ අඩු වීම.
කොහොම වෙතත් අපිට සතුටු වෙන්න පුලුවන් ෆිල්ම් එකේ අන්තර්ගත කතාව ගැන හිතල විතරයි . සම්පුර්ණ චිත්‍රපටය ගත්තම , චිත්‍රපට හැදිල්ල අතින් ඉන්දියාව අපිට වඩා කොච්චර ඉදිරියෙන්ද කියල දැනුනම දුකයි. මේ ෆිල්ම් එක 2018 අවුරුද්දෙදි ඔස්කා සම්මාන උළෙලේ , හොඳම අන්‍ය භාශා චිත්‍රපට අතර, ඉන්දියානු නියෝජනය විදියට තෝරගෙන තියෙනවා . ලංකාවේ ෆිල්ම් එහෙකට එහෙම වෙන්න කවදා පුලුවන් වෙයිද ?

Wednesday, December 13, 2017
Dunkirk බලපු අයට
දැන් මොකද්ද ඒකෙ අග මුල මාරු වෙලා, දෙකට බෙදිල, කතාව පටලවල කියල කියන්නෙ කට්ටිය ? අරේඛීයයි කියලත් කියනවනෙ? මට නම් එහෙම මුකුත් පටලැවිල්ලක් දැනුනෙ නෑ .
සරලව කතාව කිව්වොත් , දෙවෙනි ලෝක යුද්ධෙ කාලෙ, 1940 අවුරුද්දෙ , බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය ඇතුළු මිත්‍ර පාර්ශ්වික (allies ) රටවල් ජර්මන් නාසි හමුදාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනව. නාසි හමුදාව , ප්‍රංශය යටත් කරගන්න එනකොට , ඒක වලකන්න මිත්‍ර පාර්ශ්වික හමුදාව ගියාට අන්තිමේ කෙළ වෙලා, ප්‍රංශයේ ඩන්කර්ක් වෙරළෙ කට්ටියම කොටු වෙනව...බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සොල්දාදුවො ටිකක් (කිව්වට ගොඩක් ) ඉන්නව Dunkirk වෙරළෙ. උන්ව බේර ගන්න එන Destroyer වලටත් ගහනව ජර්මන් හමුදාවෙන්. ඉතිං එහෙම ගහන්න එන නාසි ප්ලේන්ස් වලට බ්‍රිතාන්‍යයේ ගුවන් හමුදාවෙන් ප්‍රහාර එල්ල කරල අන්තිමේ කොහොම හරි හිතුවට වඩා වැඩි සෙබළු ප්‍රමාණයක් බේර ගන්න ලැබෙනව. ඇත්තටම වින්ස්ටන්ට් චර්චිල් බලාපොරොත්තු වෙන්නෙ තිස් දාහයි උපරිම බේරෙයි කියල ඒත් ලක්ෂ තුනක් විතර බේරගන්න පුලුවන් වෙනව කොහොම හරි. කොහොම හරි කිව්වට ඒක කරන්න පුලුවන් වෙන්නෙ සාමාන්‍ය ධීවර බෝට්ටු බ්‍රිතාන්‍ය රජයේ විශේෂ ඉල්ලීමකට අනුව සෙබළු බේර ගන්න බ්‍රිතාන්‍යයේ සිට ඉංග්‍රීසි ඕඩය හරහා ප්‍රංශයේ ඩන්කර්ක් වෙරළට යන නිසා... ඉතිං මේ සිද්ධිය වෙච්චි විදියට තමා පෙන්නන්නෙ . මට නම් මුකුත් පටලැවිල්ලක් උනේ නෑ . මෙහෙමයි ඉතිං ෆිල්ම් එකක් පෙන්නද්දි, එක සැරේ වෙන සිද්ධි කිහිපයක් , එක සැරේට තිරේ මත පෙන්නන්න බෑනෙ. එක ස්ක්‍රීන් එකයිනෙ තියෙන්නෙ ඉතිං ඒක දෙකට තුනට වෙන් කරල පෙන්නන්න පුලුවන් ඉතිං එතකොට බලන එකා මංඤං වෙන නිසා එකක් පෙන්නල තමා ඊලග එක පෙන්නන්න වෙන්නෙ. එහෙම පෙන්නුව කියල ඉතිං ඒක non linear වෙන්නෙ නෑ .
දෙවන ලෝක යුද්ධ ෆිල්ම්ස් ගත්තම දැනට වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙ Dunkirk තමා . හැබැයි මට නම් මීට වඩා Hacksawridge, Saving Private Ryan වගේ ඒව දැනුන. සමහර විට ඉතිං මේක නොලාන්ගෙ නිසා ඒ රස්නෙත් බලපාන්න ඇති. මේ ෆිල්ම් එකේ මියුසික් එකෙත් විශේෂ ගතියක් තියෙනවා . නිකං රිදම් එක නොනවත්වා වැඩි වෙනව වගේ දැනෙනව නේ? නිකං කොයි වෙලේ හරි "පුපුරයි" වගේ හැඟීමක් එනව. හැබැයි ඒක උපරිමයකට යනව මිසක් එතෙන්ට ලං වෙන් නෑ . අන්න ඒ නිසා හරිම අසහනකාරී අවිනිශ්චිත ගතියක් දැනෙනව . ඒකට විශේෂ ටෙක්නික් එකක් පාවිච්චි කරල තියෙනවා හෑන්ස් සිමර්. පොඩ්ඩක් යූ ටියුබ් බලන්න . ප්‍රංශය , ඉංග්‍රීසි ඕඩය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය ලෝක සිතියමේ තියෙන්නෙ කොහොමද කියල බැලුවම ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගන්න පුලුවන් සම්පූර්ණ සිද්ධිය .

Interstellar අතුරු කතාවක් ...
අපි හැමෝම දන්න දෙයක් තමා මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ ක්‍රිස්ටෝෆ නොලාන් කියන එක. හැබැයි ඉතිං ඊටත් කලින් මෙහෙම ෆිල්ම් එකක් හදන්න ඕනෙ කියල මුලින්ම අදහස ඇවිල්ල තියෙන්නෙ ක්‍රිස්ටෝෆට නම් නෙවෙයි . Linda Obst කියන චිත්‍රපට නිෂ්පාදකවරියගෙ හිතේ තමා මේකෙ මුල් වස්තු බීජය හට ගන්නෙ. ඔන්න ඊට පස්සෙ ලින්ඩා එයාගෙ යාලුවෙක් එක්ක මේ ගැන කතා කරනව. යාලුව තමා Kip Thorne , කිප් තෝර්න් කියන්නෙ, ඇමරිකාවෙ, California Institute of Technology (Caltech) වල න්‍යායික භෞතික විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයෙක්. ඉතිං එයත් මේ අදහසට කැමති වෙලා , දෙන්නම එකතු වෙලා මේ අදහස තවදුරටත් කතාවක් විදියට හදාගන්න උත්සාහ කරනව. කතාවක් තිබ්බට මදිනෙ ඉතිං, චිත්‍රපටයක් කරන්න අධ්‍යක්ෂවරයෙක් ඉන්න එපැයි, ඔහොම ඉද්දි ලින්ඩට හම්බෙනව ස්ටීවන් ස්පිල්බර්ග්ගෙ ඒජන්ට් කෙනෙක් .( මේ 2006 අවුරුද්දෙ ) එයත් එක්ක කතා බහ කරල මේ අදහස ඔහුට කිව්වම , එයා කියනව කතාව දළ සැකැස්මක් කරල එදාම එයාට එවන්න, ස්ටීවන්ට දෙන්නම් කියල. ඒ අනුව එදා හවසම කතාව ස්පිල්බර්ග්ට දෙන්න කටයුතු කරනව. කතාව කියවල ස්ටීවන් ස්පිල්බර්ග් කැමති වෙනව මේක අධ්‍යක්ෂණය කරන්න! ඒ අනුව, කිප්, ස්ටීවන් සහ ලින්ඩා මුණ ගැහිල මේ ගැන කතාබහ කරනව. කිප් යෝජනා කරනව, මෙම චිත්‍රපටය දැනට පවතින විද්‍යා දැනුමට අනුකූලවන , විද්‍යානුකූලව හැකි තරම් නිවැරැදි එකක් විදියට නිර්මාණය විය යුතුයි කියල . ඒ අනුව , මේ තුන් දෙනා තවත් විද්‍යාඥයන් දා හතර දෙනෙක් එකතු කරගෙන , සාකච්ඡා කරල කතාව නැවත සකස් කරනව, උපරිම විද්‍යාත්මක විදියට. ඉන් පස්සෙ, කතාව තිර පිටපතක් විදියට සකස් කිරීම සඳහා භාර කෙරෙන්නෙ, තිර රචක, ජොනතන් නොලාන්ට. විවිධ බාධක නිසා ප්‍රමාද වෙන තිර රචනාව ලියන වැඩේ ඉවර කරන්න පුලුවන් වෙන්නෙ 2010 වසරෙදි . ඒත් ඒ සමඟම, ස්ටීවන් ස්පීල්බර්ග් මේ ප්‍රොජෙක්ට් එකෙන් ඉවත් වෙනව, ඔහු සහ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්න භාර වුනු පැරමවුන්ට් සමාගම අතර ඇතිවෙන මත භේදයක් නිසා. ඊටත් ටික කාලෙකට පස්සෙ, ලින්ඩා සහ ක්‍රිස්ටෝෆ නොලාන්ගෙ බිරිඳ වන එමා අතර තියෙන මිතුරුකම හරහා, මේ ප්‍රොජෙක්ට් එක ක්‍රිස්ටෝෆ නොලාන්ට ලැබෙනව. ඒත්, ඔහු සාමාන්‍යයෙන් චිත්‍රපට කරන්නෙ, වෝනර් බ්‍රදර්ස්ලත් එක්ක නිසා, මේකට එයාලවත් සම්බන්ධ කර ගන්න ඕනෙ කියල ඔහු කියනව. ඉතිං සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේ එදිරිවාදීන් විදියට කටයුතු කරන පැරමවුන්ට් සහ වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට නිෂ්පාදන සමාගම් , සාකච්ඡා වට ගනනාවකට පස්සෙ, මේ ෆිල්ම් එක වෙනුවෙන් එකට වැඩ කරන්න එකඟ වෙනව. (ෆිල්ම් එක පටන් ගද්දි මේ දෙගොල්ලගෙම ලෝගෝ දානව ) ඔන්න ඔහොම ජල්බරි ගොඩාක් වෙලා යන්තං ෆිල්ම් එකේ වැඩ පටන් ගන්නෙ 2012 අවුරුද්දෙදි .
මේ චිත්‍රපටයේ විද්‍යා උපදේශක විදියට කටයුතු කළේ , Kip Thorne . චිත්‍රපටය කරල ඉවර වුනැයින් පස්සෙ ඔහුට අදහසක් ආව, මේ ෆිල්ම් එකේ කතා බහට ලක්වෙන සහ භාවිතා වෙන විද්‍යාත්මක සංකල්ප ටික වැඩිදුරටත් පැහැදිලි කරල පොතක් ලියන්න ඕනෙ කියල. ඒ අනුව , ෆිල්ම් එක රිලීස් වුණු 2014 අවුරුද්දෙම ඔහු The Science of Interstellar නමින් පොතක් ලියනව. ඇත්තටම මේ පොතේ Interstellar චිත්‍රපටය තුළ සිද්ධ වෙන සියලු දේවල් විද්‍යාත්මක විදියට හරිම සරලව කාටත් තේරුම් ගන්න පුලුවන් විදියට ඔහු පැහැදිලි කරල දෙනව. චිත්‍රපටය තුළ යම් අපැහැදිලි තැනක් තියෙනවා නම් මෙන්න මේ පොත කියෙව්ව නම් හරි. චිත්‍රපටය අමතක කළත් සෑහෙන දෙයක් ඉගෙනගන්න පුලුවන් පොතක් විදියට මේක හඳුන්වා දෙන්න පුලුවන්.
හරි ඔය ඇති එහෙනං .
පොතේ හැඳින්වීම කොටසෙ තිබ්බ කරුණු ටිකක් තමා ඔය උඩ කතන්දරේ වගේ ලිව්වෙ. හැබැයි පොතේ කරුණු මීට වඩා සෑහෙන රසවත් .
අවසාන වශයෙන් මේ අවුරුද්දෙ (2017) ,භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයත් ලැබුනෙ මේ කිප් තෝර්න් සහ තවත් විද්‍යඥයින් දෙදෙනෙක්ට තමා ඒ , ගුරුත්වාකර්ෂණ තරංග පිලිබඳ ඔවුන් කළ සොයා ගැනීම් නිසා.
(රූපෙ ඉන්නෙ, තිර රචක ජොනතන් නොලාන් , කිප් සමඟ ලින්ඩා)

මිහිරි මතක හද රැඳේ....2
දැන් ඔය හොඳයි කියල හිතෙන ඕනෙ ෆිල්ම් එකක් හෝල් එකට ගිහින් ටිකට් එකක් අරං බලල එන එක නතිං උනාට, පොඩි එකා කාලෙ එහෙම නෑනෙ ඉතිං. ෆිල්ම් එකක් බලන්න යන්න අම්ම හරි තාත්තා හරි එක්ක යන්න ඕනෙ. චූටිම කාලෙ. පස්සෙ ඉතිං ගෙදරින් සල්ලි ඉල්ලං යාලුවො එක්ක යනව. දැන් නම් ඉතිං හම්බ කරන නිසා මොකාගෙන්වත් අවසර ගන්න වත් සල්ලි ඉලන්නවත් ඕනෙ නෑ. හිතුන ගියා බැලුව. මට මතකයි ඔන්න ඉස්සර කාලෙ ගොඩ්සිලා ෆිල්ම් එක කොළඹ හෝල් වලට ආව. මට ඉතිං මාර ආසයි ඕක බලන්න යන්න. ඒත් ඉතිං යන්න උනේ නෑ. හැබැයි දෙවැනි වටයේදී, කොළඹ සුපිරි හෝල් වලින් ගැලවිලා, ගමේ ගොඩේ දෙකපහේ හෝල් වලට ඕක එන බව දැනගෙන මම රැකල හිටියා. හිතුව වගේම යන්තං කිරිබත්ගොඩ හිමාලි එකට ආව. ඉතිං වද කරල කරල තාත්තව කැමති කරවගත්ත ඕක බලන්න යන්න. ඔන්න කොහොම හරි යන්තං හෝල් එකට ගියා කියමුකො. හෝල් එහෙකට ගිහින් ෆිලුමක් බලනව කියන්නෙ හැමදාම නොලැබෙන අත්දැකීමක් නිසා උපරිම විඳිනව ඉතිං ඒ දවස් වල.... ඔන්න ගොඩ්සිලා සීන් එකට එන්ටර් වෙලා ෆිල්ම් එකේ කලයිමැක්ස් එක හරියෙදි මම හැරිල තාත්තා දිහා බැලුව නිකං , "දැක්කනෙ , මම කිව්වෙ නැද්ද සුපිරි කියල අපරාදෙ බලන්න ආවෙ නැත්තං " වගේ දෙයක් කියන්න හිතාගෙන , අනේ ඒ මනුස්සයට නින්ද ගිහින් !! 😲 අච්චර අර ගොඩ්සිලා කෑ ගහනව මේ මනුස්සය නිදි.! ගොඩ්සිලා දන්නව නම් ආයෙ මිසයිල දානකන් ඉන්නෙ නෑ, විලි ලැජ්ජාවට මුහුදෙ පනිනව. 😃 හරි ඉතිං කොහෙමෙන් කොහොම හරි යන්තං ගොඩ්සිලා බලා ගත්ත මම . තාත්තටත් ඉතිං හොඳට නින්ද ගියා . ඒකත් මදෑ.
ඔය ගොඩ්සිලා බලන්නත් අවුරුදු ගානකට කලින් තමා ජුරාසික් පාක් ලංකාවට ආවෙ. ඒ කාලෙ ඉතිං සූටිම සූටි බබා කාලෙ. කොටින්ම චිත්‍රපටියක් , හෝල් එකක් කියන්නෙ මොකද්ද කියලවත් තේරෙන්නෑ . ඒත් ආසයි හැබැයි . ඔන්න අම්මට කනින් කොනින් ආරංචි වෙලා තිබ්බ හොඳ ෆිල්ම් එකක් ඇවිල්ල කියල . ඉතිං අපි කට්ටියම ගියා ලිබර්ටි එකට ජුරාසික් පාක් බලන්න . ඇත්තටම අපි විතරක් නෙවෙයි , සාමාන්‍යයෙන් චිත්‍රපටි නොබලන අය පවා බහුතරයක් ඔය ෆිල්ම් එක බැලුව. මොකද ඒක ඇත්තටම බලපු හැමෝටම මින් පෙර නොවී විරූ අත්දැකීමක් වුනු නිසා. ඊට කලින් චිත්‍රපටි වල ඔය විදියට සජීවීව ඩයිනෝල ඉඳලම නෑ මම දන්න තරමින් . හරි ඉතිං , ඔන්න කොහොම හරි බැල්කනියෙම බලන්න සෙට් වුනා අපි ෆිල්ම් එක. කලිනුත් කිව්ව වගේ මේ කාලෙ මොන්ටිසෝරි යන වයසෙ ඉතිං . හැබැයි ඔය ඩයිනෝසෝර්ල ගැන එහෙම හෙන උනන්දුයි. ෆිල්ම් එක පටන් අරගත්තට ඉතිං ඉංග්‍රීසි තේරෙන්නෑනෙ. මම හිතුවෙ ඒකෙ ඉන්න අර විද්‍යාඥ ජෝඩුව අම්මයි තාත්තයි, අර පොඩි උන් දෙන්න එයාලගෙ දරුවො කියල . වයසක කෙනා තමා සීය. ඊට අමතරව ඩයිනෝල ගැන කිව්වොත් ප්‍රධාන වශයෙන් , මම "බෙල්ල දිග කොළ කන එකා" සහ "මස් කන ලොකු එකාව" කියල අඳුනගත්තා. මම හිතුවෙ, අර පොඩි මස් කන උන් ලොකු එකාගෙ පැටව් කියල . (වෙලෝසිරැප්ටර්ස්ල , ටී - රෙක්ස්ගෙ පැටව් කියල 😁) කොහොමින් කොහොම හරි ෆිල්ම් එකේ උච්ච අවස්ථාවෙ අර ටී රෙක්ස්, වාහන වලට ඇටෑක් කරල දෙවනත් වෙන්න කෑ ගහද්දී , මගෙත් දරාගැනීමේ සීමාව පැන්න. මාත් පුටුවෙන් නැගිටල ඌට නොදෙවෙනි වෙන්න හෝල් එක දෙවනත් වෙන්න යටිගිරියෙන් කෑ ගැහුව! කෑ ගහල එහෙම්ම සීට් එකේ අනික් පැත්තට හැරිල සීට් එකේ මූණ ඔබාගෙන, තාත්තෙ ඌ ගියාද කිය කිය අහ අහ හිටිය ටී රෙක්ස් සීන් එකෙන් අහක් වෙනකම්ම . 😂 ඒ යකා ගියැයින් පස්සෙ තමා යන්තං හිත හදන් ඉතිරි ටික බලාගත්තෙ. 😁 ගෙදර ඇවිල්ලත් දවස් ගානක් යනකම්ම මම හිටියෙ ජුරාසික් පාක් එකේ. පිස්සුව කොච්චර උපරිම උනාද කියනවනම් , පස්සෙ ගෙදර පොඩියට ජුරාසික් පාක් එකක් හැදුව මැටියෙන් . කොහොම උනත් ජුරාසික් පාක් කියන්නෙ , පුංචිම කාලෙ මගේ හිත වසඟ කරපු , බොක්කටම වැදුනු ෆිල්ම් එකක් . ඒ වැදිච්ච පාර තාම එහෙමයි. මේ ලඟදි ආයි ඒක බලල , ජුරාසික් වර්ල්ඩ් එකත් ඒ ගැම්මටම බැලුව . මොනා උනත් පරණ එකට මම තාම ආදරෙයි . ඒකෙ සම්පුර්ණ ගෞරවය ස්ටීවන් ස්පීල්බර්ග් මහත්තයට දෙන්න ඕනෙ අර පුංචි එකාව පිස්සු වැට්ටුවට.

Thursday, November 23, 2017
බහුබාර්යා
ඉස්සර ඉස්කෝලේ යන කාලෙ තමා මතක හැටියට මේ චිත්‍රපටය මුලින්ම ආවෙ. සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලයෙද කොහෙද තිරගත උනේ. වැඩියටන්ට පමණයි ලේබලෙන් ආපු නිසා ඉතිං බැලුවෙ නෑ.
මෙන්න මේ ලඟදි දවසක ඕෆ් පීක් ඩේට ගොඩක් ඉතුරුවෙලා තිබ්බ නිසා යූ ටියුබ් එකේ රස්තියාදු වෙවී ඉන්නකොට අහම්බෙන් වගේ මේක බලන්න සෙට්වුනා! (ඔව් යූ ටියුබ් තියෙනවා බලන්න )
දැන් ඉතිං මේ ෆිල්ම් එකේ නම බහුබාර්යා නිසා, සහ වැඩිහිටියන්ට පමණයි නිසා, කැත හිතකින් යුතුව බලන්න සෙට් උනත්, මේක එහෙම දෙකයි පණෙහෙ ආතල් දෙන ෆිල්ම් එකක් නොවෙන බව නම් මුල හරියෙදිම තේරුනා. ඉතිං එහෙම අදහසකින් මේක බලන්න එපා. මේ චිත්‍රපටය තුළ ඇත්තටම රස විඳින්න පුලුවන් හොඳ කතාවක් තියෙනවා සහ, කම්මැලිකමක් නැතුව කෙලවර දක්වා එක ලෙසටම බලන්න පුලුවන් විදියට කතාව ගලන් යනව.
කොහොම උනත් මේක වැඩිහිටියන්ට පමණයි එකක්නෙ, ඉතිං ඇත්තටම මේකෙ ලිංගික දර්ශන තියෙනවා තමා .හැබැයි ඒ හැම එකක්ම කතාවට අවශ්‍යය නිසා කතාව කියන්න නැතුව බැරි නිසා තියෙන ඒව මිසක් චිත්‍රපටය මාකට් කරන්න ඕනෙ නිසා බලෙන් ඔබපුව කියන්න බෑ.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපාන්නෙ සංගීතා වීරරත්න , රන්ජන් රාමනායක සමග වසන්ති චතුරාණි. මේ තුන්දෙනාම තමන්ගෙ කාර්‍ය ඉතාමත් මැනැවින් ඉටු කරන බව පේනව. විශේෂයෙන් සංගීතා වීරරත්න, වෘත්තීය නිලියක් කියන දේ කොච්චර බරපතල දෙයක්ද කියන එක ඔප්පු කරලම පෙන්නනව කිව්වොත් හරි. දැන් ඉන්න සීනි බෝල නිළියන්ට මේ වගේ අයගෙන් ඉගෙනගන්න ගොඩක් දේ තියෙන බවනම් පැහැදිලියි. මේ චිත්‍රපටය තුළ ලිංගික දර්ශන සියල්ලටම පෙනී ඉඳල තියෙන්නෙ සංගීතාමයි. වෙනත් ආදේශක නිළියන් භාවිතා කරල නෑ. ක්‍රියාදාම දර්ශන සඳහාත් පෙනී ඉන්නෙ ඇයමයි. වසන්ති සහ රන්ජන් උනත් එහෙමයි. මේ ෆිල්ම් එකේ අවසන් ජවනිකාව රූගත කරල තියෙන්නෙ රන්ජන් රාමනායකගෙ ඇත්තම නිවසේදී වීමත් විශේෂයි.
ඉතිං ගොඩක් විස්තර ඕනෙ නෑ. දැන් යූ ටියුබ් තියෙන නිසා හැමෝටම බලන්න පුලුවන්. මේක උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගෙ චිත්‍රපටයක්. පස්සෙ පස්සෙ එයා ගොන් ෆිල්ම්ස් හැදුවට ඉස්සර හොඳ ඒව හදල තියෙන බව ඔබට තේරුම් යයි මේක බැලුවම. ඇත්තටම මේ ෆිල්ම් එක සිංහල සිනමාවෙ කලාතුරකින් දකින්න ලැබෙන ක්‍රයිම් ත්‍රිලර් වර්ගයෙ ෆිල්ම් එකක් .

Jungle (2017)
ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න කියල අපි ට්‍රිප් යනව, ඇඩ්වෙන්චර් එකක් තියෙන්න ඕනෙ අප්ප මේ ජීවිතේ... මොනාද නිකං හැමදාම උදේ යනව හවස එනව හැම දවසක්ම කලින් දවසෙ ෆොටෝකොපියක් වගේ... කියල හිතල, ඒකෙන් මිදෙන්න වෙනසක් ඕනෙ කියල ට්‍රිප් යන්න, හයික් යන්න ප්ලෑන් කරනව. ඒත් ඉතිං ඒකෙත් පොඩි අවුලක් තියෙනව නේද කියල හිතෙන්නෙ නැද්ද? මොකද ඉතිං ඔය ටක්කෙට ප්ලෑන් කරල යන ට්‍රිප් වල උදේ පිටත් වෙන වෙලාව, උදේට කන්න නතර කරන තැන , දවල්ට නාන තැන , රෑට ඉන්න තැන වගේ ඔක්කොම දේවල් කලින්ම තීරණය වෙලා ඉවරයිනේ . ඉතිං ආයිත් අපි වැඩ කරන්නෙ කාලසටහනකට අනුව වෙනව නිකම්ම. කොටින්ම මුලු ට්‍රිප් එකම ප්ලෑන් කරන්නෙ, ආපහු අහවල් දවසෙ අහවල් වෙලාවට ගෙදර ඇවිල්ල පහුවෙනිද රස්සාවට, ඉස්කෝලෙට යන්න පුලුවන් වෙන විදියට . කොටින්ම කිව්වොත් අර කලින් කිව්ව ඇඩ්වෙන්චර් එකත් ශෙඩියුල් එකකට අනුව තමා කරන්න වෙන්නෙ. ඒකට ඉතිං වෙන කරන්න දේකුත් නෑ. අපි මේ ජීවිත වලට බැඳිල තියෙන රැහැන් වලින් මොහොතකට නිදහස් වෙන්න හිතාගෙන ඔය වගේ ගමන් ගියත් ඇත්තටම වෙන්නෙ අපේ සුපුරුදු කාක්ෂිකයෙන් මිදීමක් නෙවෙයි , ඉලාස්ටික් එහෙකින් වගේ අපේ ජීවිත කාක්ෂිකයෙන් ටිකක් ඈතට ඇදිල ගිහින් ආයින් පුරුදු ජීවිතේටම ඇදිල එනව ගියාට වඩා වේගෙන්.
හරි, ඔය ඉතිං අපි ට්‍රිප් යන හැටිනෙ. ඒත් 1980 දී යොසී කියන ඊශ්‍රායල් ජාතික තරුණයා , දකුණු ඇමරිකාවෙ ඇමේසන් වනාන්තරයේ සංචාරය කරන්න හිතන්නෙ , අපි ට්‍රිප් යන තාලෙට නෙවෙයි . ඒ කියන්නෙ ඔහුයි තව මිතුරන් දෙන්නෙකුයි මග පෙන්වන්නෙකුයි ඇමේසන් වනාන්තරයේ ඇතුලට යන්නෙ කලින් හදාපු කාලසටහනකට අනුව වැඩ කරන්න නෙවෙයි. ඉතිං එහෙම බැලුවම ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ඇඩ්වෙන්චර් එකක් නේද? ඇඩ්වෙන්චර් කෙසේ වෙතත් අන්තිමට ඒ කට්ටත් පන්නල, ඒක ජීවිතය සහ මරණය අතර සර්වයිවල් ගේම් එකක් බවට පත්වෙන්නේ ඔවුන්ටත් නොදැනීමයි.
ඉතිං, අපිට ඇත්ත ජීවිතේ මේ වගේ අමු ඇඩ්වෙන්චර් කරන්න චාන්ස් නැති වුනත්, එහෙම එකක් බලලවත් සැනසෙන්න පුලුවන් මේ චිත්‍රපටය තුලින්.
මම නම් සෑහෙන කාලයක් බලන්න බලාපොරොත්තුවෙන් හිටපු ජාතියෙ චිත්‍රපටයක් මේක, ඒ කියන්නෙ කැලෑවක් ඇතුලෙ තියෙන ගූඪ බව, භයානකකම සහ අවිනිශ්චිතතාව , රූපයෙන් වගේම ශබ්දයෙනුත් මදි නොකියන්න ලබා දෙන ෆිල්ම් එකක් කියල හඳුන්වන්න පුලුවන්. අනික මේක ඇත්ත කතාවක් නිසා, සැර තවත් වැඩියි.
මග අරින් නැතුව බලන්න එහෙනම්. මේකෙ රේටින්ග්ස් නම් මදි කියලයි මට හිතන්නෙ. ඩැනියෙල් රැඩ්ක්ලිෆ්ගෙ රඟපෑමත් අගය කළ යුතුමයි.

V for Vandetta (2005)
බලල නැත්තං බලන්න හොඳ ෆිල්ම් එකක් තියෙනවා . V for Vandetta... මේ ෆිල්ම් එකට අද දවසත් , ඒ කියන්නෙ නොවැම්බර් පස්වෙනිද එක්කත් ලොකු සම්බන්ධයක් තියෙනවා .
🔱අතීත කතාව :
බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහල , එකාලෙ රජකරපු පළවෙනි ජේම්ස් රජ්ජුරුවන්ව මරල දාන්න කට්ටියක් සැලසුම් කලා. මේකට කියන්නෙ , gun powder plot එක කියල . මේක කරන්න සැලසුම් කලේ 1605 අවුරුද්දෙ නොවැම්බර් පස් වෙනිද. හැබැයි ඕක හරි ගියෙ නෑ. ඒක කරන්න සෙට් වුනු අයව පහු වෙලා එල්ලල මරල දැම්ම. ( මේ කතාව අනුසාරයෙන් Gunpowder කියල අලුතින් ටිවී සීරිස් එකකුත් ඇවිල්ල තියෙනව) 🔱
ඉතිං ඔය කුමන්ත්‍රණයෙ එක් හවුල් කාරයෙක් තමා ගයි ෆෝක්ස් (Guy Fawkes) කියන්නෙ . අන්න එයාගෙ මූණට සමාන වෙස් මූණක් තමා අර කිව්ව ෆිල්ම් එකේ, V for Vandetta එකේ, ප්‍රධාන චරිතය කරන " V" කියන චරිතය පැලඳගෙන ඉන්නෙ චිත්‍රපටය පුරාවටම. සාමාන්‍යයෙන් මේ වෙස් මුහුණ, ඒකාධිපති බලයකට එදිරිව නැගී ඉන්න පීඩිතයන්ගෙ සංකේතයක් විදියට එහෙමත් නැත්තං රජයේ දූෂණයට විරුද්ධව නැගෙන මහජන හඬේ පුද්ගල පෞරුෂයක් විදියට යොදා ගැනෙනව.
ඉතිං මේ ෆිල්ම් එකේ කතාවත් අර ඓතිහාසික සිද්ධිය පදනම් කරගෙන, අනාගතයේ සිදුවෙන එකක් විදියට තමා යන්නෙ. ප්‍රධාන සිද්ධිය වෙන්නෙත් නොවැම්බර් පස් වෙනිදටම තමා. අදම හොයාගෙන බලන්න . කොහොමත් මේක බලද්දි මාර විප්ලවවාදී ගැම්මක් එනව.

Monday, November 13, 2017
Artificial Intelligence (2001)
අන්තිමේ දුක වාවගන්න බැරුව ඇහෙන් කඳුලක් වැටුනු ඔබ බලපු චිත්‍රපටය මොකද්ද ? කිහිපයක්ම තියෙනවා මට නම් ඒත් මුලින්ම වගේ තියෙන්නෙ මෙන්න මේක , Artificial Intelligence , 2001 අවුරුද්දෙ ආපු science fiction ෆිල්ම් එකක්. මං හිතන්නෙ මේක ගොඩක් අය බලල ඇති මොකද මේක සිරසෙ කීප වතාවක් ගියා (මතක විදියට හඬ කවලත් ගියා) මේ ෆිල්ම් එකෙන් කියන්නෙ මනුස්සයෙක් වෙන්න උත්සාහ කරපු ඩේවිඩ් කියන රොබෝ ළමයා ගැන.... අම්මාගේ ආදරය හොයං ගිය රොබෝ ළමයෙක් ගැන... බලපු කට්ටිය නම් දන්නව ඇතිනෙ අන්තිමට මොකද වෙන්නෙ කියල ? ඔව් ඔව් . බලන එකාටනම් ඇඬෙනව තමා. ස්පොයිල් කරන්න ඕනෙ නෑ. මේක බලල නැත්තං අනිවා බලන්න.
විද්‍යා ප්‍රබන්ධයක් කිව්වට මොකෝ මට නම් හිතෙන්නෙ විද්‍යාව පසුබිම් කරගෙන විශ්වයටම පොදු වුනු සත්‍යයක් වෙන අනිත්‍ය බව සහ ඒක නිසා ඇතිවෙන "නොවැලැක්විය හැකි" , "පලා යා නොහැකි ", "කවදා හෝ විඳීමට සිදුවන" දුක හිතට තදින්ම දැනෙන විදියට හදපු නිර්මාණයක් කියලයි. අන්න ඒ හිත කීරි ගැහැන දුකට ඔබටත් මේ චිත්‍රපටය අන්තිමේදී මූණ දෙන්න සිද්ධවෙනව මේ රොබෝ ළමයත් එක්ක.
ප්‍රමාද වෙලා හෝ ඩේවිඩ්ගෙ හීනය සැබෑ උනත්, ඒක අසම්පූර්ණයි ඒ වගේම තාවකාලිකයි. හැබැයි ඩේවිඩ් ඒක දැනගෙන හීනය හීනයක් විදියටම බාර ගන්නව. ඔබ මේ ඩේවිඩ් කියන රොබෝට අනුකම්පා කරයි අන්තිමට මේ නිසා. ඒත් පොඩ්ඩක් ඔබ ඔබ ගැනමත් හිතල බලන්න ඊළගට.... ඔබේ හීනත් තාවකාලිකයි නේද ? අඩුගානේ ඩේවිඩ් තේරුම් ගන්නව ඒ සතුට තාවකාලික බව. ඔබ, මම, අපි එය තේරුම් අරන්ද ඉන්නෙ? ඩේවිඩ් හොයන දේ ඔබට හමුවුනාද? අනාගතයේ කෙනෙක් ඔබව මතක් කරයිද? ඔබ කියා කෙනෙක් මේ ලෝකෙ හිටියා කියල කියන්නවත් කෙනෙක්ට මතකයක් වත් තියෙයිද? තව අවුරුදු දාහකින් වගේ ? කාලය ඉදිරියේදි මේ ඔබ සහ මම කියන සංකල්ප සහ අපේ ජීවිත තුළ ගොඩ නගාගෙන ඉන්න හීන, බලාපොරොත්තු ඉතා කුඩා අංශු මාත්‍රයක් වෙලා අතුරුදහන් වෙලා යයි කියල හිතෙන කොට තවත් දුක හිතෙයි. ඒත් ඉතිං ඇත්ත ඒකයි.
තව පොඩි දෙයක් එකතු කරන්නනම්, මේ චිත්‍රපටය මුලින්ම අධ්‍යක්ෂණය කරන්න ඉඳලා තියෙන්නෙ ස්ටැන්ලි කුබ්‍රික්. නමුත් ඔහු මේ ප්‍රොජෙක්ට් එක කල් දාල තියෙනව, මේ චිත්‍රපටය තුළ එන රොබෝව නිර්මාණය කරන්න තරම් පරිඝණක දෘශ්‍ය ප්‍රයෝග තවමත් දියුණු නැහැයි කියල . ඒ කියන්නෙ ඔහු ස්ථීරවම විශ්වාස කරල තියෙනවා , මේ කතාවෙ එන රොබෝ ළමයාගෙ චරිතය, ඇත්තම ළමා නලුවෙක්ව යොදා ගෙන කොහොමත් කරන්න බැරි වෙයි කියල. කොහොමෙන් කොහොම හරි ස්ටැන්ලි කුබ්‍රික් නිර්මාණය නොහදාම මිය යනව. පස්සෙ වැඩේ බාරගන්නෙ ස්ටීවන් ස්පිල්බර්ග්. ඔහු මේ රොබෝ චරිතය පරිඝණකයට බාර දෙන්නෙ නෑ, ඒ වෙනුවට හැලී ජොයෙල් ඔස්මන්ට් කියන ළමා නලුවව තෝරා ගන්නව. ඉතිං ඔහු ඒ චරිතයට කොච්චර සාධාරණයක් ඉෂ්ට කරල තියෙනවද කියන එක බලපු අය දන්නවනෙ....
තවත් දෙයක් ... මේ ෆිල්ම් එකේ ටැග් ලයින් එකත් සුපිරියි, අදටත් මතකයි. : His love is real, but he is not...

Wednesday, October 25, 2017
මොකද්ද මේ "suspension of disbelief" ?
වෙන මොකද්ද එකක් හොයන්න ගූගල් හාර හාර ඉද්දි මෙන්න මේ වචනෙ හම්බුනා "suspension of disbelief" මේ යෙදුම කලින් අහල තියෙනවද ? මම නම් අහල තිබ්බ. හැබැයි , තේරුම මොකද්ද කියල දැනන් හිටියෙ නෑ . අද තමා තේරුනේ. මට තේරුන හැටියට කියන්නං...
දැන් මේ යෙදුම ඕනම කලා නිර්මාණයකට සම්බන්ධයි, චිත්‍රපට වලට විතරක් නෙවෙයි. මේකෙ ඉංග්‍රීසි වචන දෙකේ අමු සිංහල තේරුම ගත්තම නිකං, "අවිශ්වාසය දරා ගැනීම/යටපත් කිරීම " වගේ අර්ථයක් තමා තියෙන්නෙ. ඒත් ඔහොම කිව්වට ඕක තේරෙන් නෑ.
හරි, දැන් ඔය සස්පෙන්ශන් ඔෆ් ඩිස්බිලීෆ් කියන දේ, ඕනෑම කලා නිර්මාණයක් තුල නිරීක්ෂණය කරන්න පුලුවන් හැබැයි ඒක අත්විඳින්නෙ, අදාළ නිර්මාණය රස විඳින රසිකයා නොහොත් අපි මිසක් නිර්මාණකරුවා නෙවෙයි, නිර්මාණය ඊට උදව් කරනව විතරයි, හැබැයි ඔබ තුළ මේ සස්පෙන්ශන් ඔෆ් ඩිස්බිලීෆ් කියන දේ නැත්තං , කිසිම ෆිල්ම් එකක් (හෝ වෙනයම් නිර්මාණයක් ) රස විඳින්න බෑ!!
ඉතිං ඇත්තටම මොකද්ද මේ? 🤔
දැන් අපි මොකක් හරි ෆිල්ම් එකක් බලනව කියමුකො එතකොට අපි දන්නවනෙ ඒක බොරුවක් කියල? නේ? ඒ කියන්නෙ ඔබ ලැප්ටොප් එකෙන් ෆිලුමක් බලනව. ඒක යන්නෙ ලැප්ටොප් එකේ තිරය මත. ඔබ ඉන්නෙ එලියෙ, මේ යතාර්ථය තුළ. ෆිල්ම් එකේ කතාවක් දිග හැරුනත්, ඒක මායාවක් බවත් ඒ රඟපාන්නෙ නලුවන් බවත්, මේ සිද්ධිය ඔබේ ඇස් පනාපිට සත්‍ය වශයෙන් සිදු නොවන බවත් ඔබේ මනස දන්නව. කොටින්ම ඕක "බොරුවක් " කියල මොලේ දන්නව. ඒ කියන්නෙ ඔබ ඒක "අවිශ්වාස කරනව" හරිනෙ? ඒත්, ඒ කතාව රසවිඳිනු පිණිස ඔබේ මනස විසින්ම අර කලින් ඇති වුනු අවිශ්වාසය , යටපත් කරල දානව නේද? ඒ කියන්නෙ ඔබ තුළ නිරායාසයෙන් ඇතිවන "ඩිස්බිලීෆ් " එක "සස්පෙන්ඩ්" කරල දානව මනස විසින්ම. ඒකත් ඉතිං නිරායාසයෙන්ම තමා වෙන්නෙ. ඔන්න ඕක නිසා තමා අපි හොල්මන් කතා වලට බය වෙන්නෙ,ඇක්ශ්න් වලදි මයිල් කෙලින් වෙන්නෙ, ගැස්සෙන්නෙ. කොටින්ම අපිට චිත්‍රපටයක් එක්ක ඒකාත්මික වෙලා , ඒ ලෝකය තුල ජීවත් වෙමින් ඒක අපේම අත්දැකීමක් කර ගන්න පුලුවන් වෙන්නෙ මෙන්න මේ suspension of disbelief කියන ගුණය අපි ළඟ තිබෙන නිසයි. ඒ කියන්නෙ ඇත්තටම ඒක තියෙන්නෙ ප්‍රෙක්ෂකයා ළඟ මිසක් නිර්මාණය තුළ නෙවෙයි, හැබැයි ප්‍රෙක්ෂකයා තුළ තියෙන මේ ගුණය හොඳට එලියට එන්න නම් , නිර්මාණය හොඳ වෙන්න ඕනෙ. අන්න එතකොට තමා අපි කියන්නෙ පැය දෙකක් ගියා තේරුනේවත් නෑ ... වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනෙ ආදී වශයෙන් .... හරි දැන් නිකං හිතන්නකො ඔය ගුණය ශුන්‍ය අවස්ථාවක්, එතකොට අපිට නිර්මාණයක් රස විඳින්න බැරි වෙනව. හැම වෙලේම හිතන්නෙ ඕක බොරුවක්නෙ කියල විතරයි. එහෙම අයට ඉතිං බලන්න වෙන්නෙ ප්‍රවෘත්ති වගේ දේවල් විතරයි 😜 ඒ කියන්නෙ එයාලට බෑ ඩිස්බිලීෆ් එක සස්පෙන්ඩ් කරගන්න...
හැබැයි තව දෙයක් තියෙනවා .... නිකං හිතන්නකො සස්පෙන්ඩ් කරගන්න ඩිස්බිලීෆ් එකක් ඒ කියන්නෙ අවිශ්වාසයක් නැත්තං ? කොහොම වෙයිද? ඔන්න එහෙම එකෙක් ෆිල්ම් එකක් බලනකොට දුශ්ටය කාව හරි මැරුවොත් මෙයා පොලිසියට කෝල් කරල කියයි මිනීමැරුමක් උනා කියල . මේ වගේ අවස්ථාවක් තිබ්බ අර ඉස්සර ගිය මායාබන්ධන කතාවෙ. ඒකෙ රියානා, අපේ ලෝකෙට ඇවිල්ල පෝල්ගෙ ගෙදර ටීවී බලන අවස්ථාව මතක් කර ගන්න. අන්න එතෙනදී රියානාට, සස්පෙන්ඩ් කිරීම සඳහා ඩිස්බිලීෆ් එකක් නෑ. ඒ කියන්නෙ එයා ටිවි එකේ යන දේ අමු ඇත්ත කියල පිලිඅරං ඒ විදියට හැසිරෙනව...
හරි. ඉතිං ඔන්න ඕකයි ඔය suspension of disbelief කියන යෙදුමේ තේරුම.
මේ යෙදුම , ඔය උඩ කියල තියෙන අර්ථයෙන් කලා ලෝකයට මුලින්ම හඳුන්වල දුන්නෙ 1817 වගේ අතීතයේ හිටපු කවියෙක් වගේම දාර්ශනිකයෙක් වුණු සැමුවෙල් ටේලර් කෝල්රිඩ්ජ්.
හැබැයි ඔය උඩ කියල තියෙන අර්ථකථනයත් එක්ක එකඟ නොවෙන පිරිසකුත් ඉන්නව. එයාල මේකට විකල්ප අර්ථකථනත් ඉදිරිපත් කරල තියෙනව: J. R. R. Tolkien LOTR ලියපු කෙනා... එයා කියන විදියට කතන්දරයක් ලියන කෙනා නිර්මාණය කරනව ද්විතීයික රියැලිටියක්. කතාව අහන/බලන කෙනා ඒක දෙවැනි යතාර්ථයක් කියන අවබෝධය ඇතුව, ඒකට සමවදිනව. ඒත් ඒ කතාව ඇතුලේ පිලිගත නොහැකි දේවල් ඒ කියන්නෙ නිකං , කොච්චර වෙඩි තිබ්බත් වීරයට වෙඩි වදින් නැ වගේ සීන් යද්දි, මේක බොරුවක් කියල හිතට එන සිතුවිලි යටපත් කරගෙනීමටයි suspension of disbelief කියන්නෙ කියලයි ඔහු කිව්වෙ.

මහාසෝනාගෙන් වැඩ ගැනීම!
හම්මේ යාන්තං බන්ධනේ බලාගත්ත. කම්මැලිකමක් නැතුව බලන් ඉන්න පුලුවන් ෆිල්ම් එකක් කියල නම් බය නැතුව කිව්වැකි. සමහර අය මෝඩයි කියල කිව්වට මටනම් හොඳයි .
අනික මොනා උනත් මේ වගේ කන්සෙප්ට් එකකින් ෆිල්ම් එකක් කරපු එකම මදෑ.... මම කියන්නෙ , දැන් ඔය හොලිවුඩ් වල කට්ටිය ඔය වෙයවුල්ෆ්ලගෙන්, වැම්පර්ලගෙන් එහෙම කොච්චර හම්බ කරනවද? ඒත් අපේ රටවල් ? මොකද අපිට යක්කු නෑ කියලද? දහඅට සන්නිය සැලකුවත් බලන්න එතනම දහඅටයි.😃 ඉස්සර නම් ඔය යක්කු තොවිල් වගේ ඒව වලට හරි ආව ගියා. දැන් එහෙමවත් නෑනෙ . නිකාං හාල් වෙනවනෙ. එහෙව් එකේ මහසෝනගෙන් මෙහෙම හරි ප්‍රයෝජනයක් ගත්තු එක ගැන අපි උදයකාන්ත මාමට ස්තූතිවන්ත වෙන්න ඕනෙ නේද? 😃
ඕවරෝල් ෆිල්ම් එකක් විදියට ගත්තම මේකෙ කතාව අවුලක් නෑ. අර පොඩි කෙල්ලත් හොඳට රඟපානව. අනික් අයත් හොඳයි. හේමාලුත් හොඳයි. දෘශ්‍ය ප්‍රයෝග ටික උනත් චා කරගන් නැතුව හොඳට කරල තියෙනවා . හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ මහාසෝන ඉදිරිපත් කරල තියෙන විදිය....
ඊට කලින් පොඩ්ඩක් මතක් කලොත් මහසෝනගෙ ඔරිජින් ස්ටෝරිය, මහසෝන බවට පත්වෙන්නේ රිටිගල ජයසේන කියන සෙනෙවිය. මෙයා දුටුගැමුණු රජතුමාට යුද්ධෙ දිනන්න උදව් කරපු කෙනෙක් . යුද්ධෙ එහෙම දිනල, පස්සෙ රජතුමාගෙ දසමහා යෝධයන්ගෙන් එක්කෙනෙක් වුනු ගෝඨයිම්බරගෙ අලුත් ගෙදෙට්ට ගෙවදින්න පාටියක් තිබිල තියෙනවා . ඒකට ජයසේනත් ඇවිත් . ඉතිං කාට්ටිය කාල බීල ජොලියක් දාල තියෙනවා .ජයසේනට පොඩ්ඩක් වැඩිවෙලා ඉඳලා තියෙන්නෙ . ඉතිං මේ ගෝඨයිම්බරගෙ වයිෆ් හරි ලස්සනයිලු . සූර් පිට ජයසේන මෙයාව බදාගෙන. පස්සෙ ඔතන ලොකු වලියක් යන්න ගිහින් කට්ටිය යන්තං ශේප් කරගෙන. හැබැයි , පස්සෙ ආයි ද්වන්ධ සටනකට එනව කියල තමා වලිය නතර කරල තියෙන්නෙ. කිව්ව විදියට පස්සෙ මේ සටන සිද්ද වෙලා. ෆයිට් එක පටන් ගද්දිම ගෝඨයිම්බර දෙන පා පහරකින් ජයසේනගෙ ඔලුව ගැලවිලා විසිවෙනව. ඕක දැකපු ෆයිට් එක බලන්න ඇවිල්ල හිටපු එයාගෙ යාලුවෙක් වෙන සෙනසුරා, ඒ ගැලවිච්ච ඔලුව හොයන්න ගියත් හම්බෙන්නෙ නෑ. පස්සෙ අහල පහලින් ගිය වලහෙක් මරල උගෙ ඔලුව ගෙනත් ජයසේනගෙ කඳට හයි කරනව. ඒත් පස්සෙ තමා සෙනසුරාට ක්ලික් වෙන්නෙ ඔලුව සෙට් කරල තියෙන්නෙ අනික් පැත්තට බව. ඉතිං ඒ කතාවට අනුව , මහසෝන කියන යකාගෙ ඔලුව වලස් ඔලුවක්. කඳ මිනිහෙක්ගෙ. හැබැයි ඔලුව අනික් අතට තියෙන්න ඕනෙ. හැබැයි මේ ෆිල්ම් එකේ ඉන්න එකා නම් ඒ වගේ නෑ. මුලු ඇඟම වලහෙක් වගේ. කොටින්ම නිකං වෙයාවුල්ෆ් ලුක් එකක් තියෙන්නෙ ...
ඔය රූපෙ දාල තියෙනවා වගේ ඉන්න ඕනෙ නේද හරිනං? ඔලුව අනික් පැත්තට තිබ්බම අවුල් වගේ නිසා සමහර විට හරි පැත්තට තියෙනවා කියල ගන්න ඇති. ඒත් , ඔලුව කනපිටට තිබිල, ෆයිට් එකට (ඒ කියන්නෙ මේ ෆිල්ම් එකේ ෆයිනල් සීන් එකට) එන්ටර් වෙද්දි ඇට කැඩෙන සද්දෙකුත් එක්ක ඔලුව කැරකිලා ඇවිත් හරි පැත්තට සෙට් වෙනව පෙන්නුවනම් තවත් භීෂණය ඇති කරන්න තිබ්බ ... අපරාදෙ ....
හරි අන්තිමේ වෙනදේ පොඩ්ඩක් කියන්න යන්නෙ ... spoiler alert... බලල නැත්තං කියවන්න එපා පහල .
මේකෙ ස්ටෝරිය මුල ඉඳං අගට යනකම්ම අවුලක් නෑ. හැබැයි ඉවර වෙන විදිය නම් චොරයි. අච්චර මන්තර දන්න ගුරුන්නාන්සෙව නිකම්ම මරල දාන මහසෝන කොහොමද අර පාං බක්කරේට පැරදුනේ? ඌ අර සුරේ කටේ ඔබන හින්දද? ඉතිං ඒක තූ කියල එලියට දාන්න තිබ්බනෙ. අනික ඒ සුරේ එච්චර දවස් අර කෙල්ලගෙ බෙල්ලෙ තිබ්බනෙ ඉතිං ? එතකොට මුකුත් අවුලක් උනේ නෑනෙ ? ඒ අතින් ඔයිට වඩා හොඳ අවසානයක් නම් ගොඩනගන්න තිබ්බ. හැබැයි සමස්තයක් විදියට හොඳයි ෆිල්ම් එක....
(මේ ෆොටෝ එක බන්ධනය ෆිල්ම් එකේ නෙවෙයි , Guardians කියල රුසියන් ෆිල්ම් එහෙක එකක් )

Tuesday, October 17, 2017
මිහිරි මතක හද රැඳේ....
ඉස්සරකාලෙ ඉරිද දවල්ට සිරස ටිවි එකේ හෝ MTV එකේ ( හරියටම මතක නෑ) හොඳ ෆිල්ම්ස් යනව. ඒත් මට ඔය වෙලාවටම වගේ ක්ලාස් එකක් තිබ්බ. ඉතිං හැමදාම අර යන ෆිල්ම් එක බාගෙට බලල නතර කරල ක්ලාස් යන්න වෙනව. චිත්‍රපටියක් මග නතර කරල යන එක නම් ඉතිං කාලකණ්ණිම අත්දැකීමක් තමා , මොකද මේක ඇවිල්ල බලන්න pause කරල යනව නෙවෙයිනේ .... ආයි කවද බලන්න ලැබෙයිද කවදාවත් ඉතුරු ටික බලන්න නොලැබෙයිද කියල ඉතිං ශුවර් නෑ. මොකද ඉතිං ඒ කාලෙ ඉන්ටනෙට් තියා ගෙදෙට්ට ටෙලිෆෝන් වත් තිබුන්නෑ...( ඉන්ටනෙට් කියල දේකට තිබ්බෙ, ඉස්සර ජාතික රූපවාහිනීයෙ ගියා වැඩසටහනක් "අන්තර්ජාලය ඔබේ නිවසට" කියල , මතක ඇති සමහර අයට.. ඉතිං ඕක මම කීප දවසක්ම බැලුව අපේ නිවසට එහෙම හරි "අන්තර්ජාලෙ" පොඩ්ඩක් ලැබෙයිද කියල ... ඒ අතින් බලද්දී ඒ පොඩි එකා හරි පව් 😃😃) බලන එකක් ටිවී එකෙන් තමා. VHS ප්ලෙයර් එව්ව මෙව්ව මොනවත් නෑ...
ඉතිං මම මේ කියන "අඳුරු කාල පරිචේඡදය" පොඩි කාලෙ අත්දැකපු අය ඇතිනෙ.... මතකනෙ ඉස්සර මයාබන්ධන, රොබින්සන් අන්දරය වගේ ඒව පටන් ගන්න වෙලාව අල්ලල ගොරවන්නයි විදුලි කොටන්නයි පටන් ගත්තම හිත මැලවී යන ආකාරය .... ඒත් නැත්තං කරන්ට් ගියොත් විදුලිබල මණ්ඩලේ උන්දලෑගෙ හත්මුතු පරම්පරාවම මතක් වෙන හැටි (පොඩි උනත් නැති කුණුහරුපත් මතක් වෙනව එවෙලෙට 😁)
ඔන්න ඔය මොන ක්‍රමේකට හරි ඔය වගේ දෙයක් මග ඇරුනොත් ඉතිං අපේ පිහිටට එන්නෙ පහුවෙනිදට ඉස්කෝලේ ගියාම, මගඇරුනු කෑල්ල බලපු හොඳ යාලුවෙක් තමා ඉතිං.... ඌ ඉතිං ඔය ෆ්‍රී පීරියඩ් වල ඉතාමත් ලස්සනට චිත්ත රූප මැවෙන ආකාරයෙන් අර අපිට බලන්න බැරි උනු කෑල්ල විස්තර කරල දෙනව... කොහොම හරි යන්තං ඉස්කෝලේ ඇරෙන්න කලින් අදාල එපිසෝඩ් එක ඉවර කරනව... ඒව තමා ඉතිං ඉස්සර තිබ්බ "රිවයින්ඩ් ටීවී" ... අදටත් ස්තූති පූර්වකව සිහිපත් කරන්න ඕනෙ ඒ වගේ අයව...
හරි ඉතිං ඔය ඉස්සරනෙ, දැන් නම් ඉතිං ඔය වගේ දේවල් මග ඇරෙනව, බලන්න බැරි වෙනව කියල දෙයක් නෑනෙ. මගඇරුනත් අදාල චැනල් එකේ සයිට් එකට හෝ යූ ටියුබ් ගියාම ඕක බලාගන්න පුලුවන්. ෆිල්ම්ස් නම් ෆිල්ම් එකේ නම ගූගල් කිරීමේ ප්‍රමාදය විතරයි . සියල්ල ඇඟිලි තුඩු මත...
ඉතිං දැන් තත්ත්වය ඔහොම උනත් අර මානව "රිවයින් ටීවී" පරපුරේ අය අද කාලෙත් ඉන්න බව පේනව . එයාල මොකක් හරි එකක් බලල හිතට වැදුනොත් ඒකෙ කතාව යුනිකෝඩ් එකෙන් ටයිප් කරනව.... පුලුවන් නම් ඉවරවෙනකම්ම කියනව. ඒත් ඉතිං එහෙම ඕනෙ නෑ යන්තං බැක්ග්‍රවුන්ඩ් එක කිව්වනම් ඇති, ඕනෙ එකා හොයං බලනව. නැති එකාට කොටල පොවන්න හැදුවත් බලන් නෑ...
හරි දිග වැඩි උනා මේක නතර කරන්නං 😂

අලුත් ඇඳුම් පරණ කරමු....
අර අලුතින් "කාල" කියල ෆිල්ම් එකක් එනවනේ? අන්න ඒකෙ ට්‍රේල එක යූ ටියුබ් තියෙනවා බලන්න . ඉතිං මම ඕක බැලුවම මට පෙනුණේ ඒක නලු නිලියො ඇඳන් ඉන්න රෙදි.... 😃
දැන් මේක රජ කතාවක්නෙ ඉතිං ඒකාලෙ මිනිස්සු දැන් වගේ ඇඳුම් අඳින්න නැතුව ඇතිනෙ... බොහෝවිට විට තනි පාට, ඒ අතරිනුත් ඔය පඬු පාටට හුරු අමු රෙදි තමා ඒ කාලෙ තියෙන්නෙ ඇත්තෙ කියල හිතන්න පුලුවන. එහෙම හිතල මේකෙ රඟපාන ගම් වැසියන්ට එහෙම රෙදි අන්දවල තියෙන බව පේනව. ඒත් ලොකු අඩුවක් පේනව මට නම්, ඒ තමා මේ ඔක්කොම රෙදි කිටිකිටියේ අලුත්ම රෙදි බව බැලූ බැල්මට පේනව. ඒ කියන්නෙ ඔක්කොම උන් ඊට කලින් දවසෙ රෙදි අරං අද ඇන්ද වගේ... ලංකාවේ හැදෙන බොහොමයක් රජ කතාවල සහ ඉතිහාස කතාවල මේ අවුල තියෙනවා. (දෙරණෙ යන මුතුකුඩ නාට්‍යය බලන්න ඒකෙ අර පරදේසක්කාර හමුදාවේ උන් හැමදාම අලුත්ම සූට් අදින්නෙ... රතුපාටට දිලිසි දිලිසි) ඒත් මේ අවුල මම හොලිවුඩ් ෆිල්ම්ස් වල නම් දකින්නේ නෑ....
චිත්‍රපටයක් සඳුහා ඇඳුම් නිර්මාණය කියන්නෙ වෙනම සබ්ජෙක්ට් එකක් . ඒක සාමාන්‍ය ඇඳුම් නිර්මාණයකට වඩා වෙනස්. ඒකෙ එක කොටසක් තියෙනවා , Costume distressing / weathering කියල මෙන්න මේ පාට් එක නොකරන නිසා තමා ලංකාවේ හැදෙන ඒවයෙ ඔය අවුල එන්නෙ.
මෙතෙන්දි කරන්නෙ, අදාල චරිතය අඳින ඇඳුම, ඒ චරිතයට ගැලපෙන විදියට පාවිච්චි කල බවට ලුක් එකක් දෙන එක. ඒ කියන්නෙ උවමනාවෙන් පරණ කරන එක.
ඉතිං මේක ඩොලර් මිලියන ගානක් වැයවෙන පට්ට සංකීර්ණ ප්‍රොසෙස් එකක්😉 ...ලංකාවේ කරන්න තියා හිතන්නවත් බෑ... 😅😅 ඉන්නකො කියන්න...
මුලින්ම කරන්න තියෙන්නෙ අදාළ ඇඳුම කීප සැරයක් වොශින් මැශින් එහෙකට දාල හෝද ගන්න එක. මෙතෙන්දි ටිකක් වැඩිපුර ෆැබ්‍රික් කන්ඩිශනර් එකක් දාන්න වෙනව අලුත් රෙද්දෙ ටිකක් සොෆ්ට් කරල ගන්න... ඒ වගේම සායම් යන තව රෙද්දක් එක්ක හෝද ගන්නව නම් , අර මුල් රෙද්දට අනික් රෙද්දෙ සායම් උරාගෙන ටිකක් පාවිච්චි උනු ලුක් එකක් ගන්න පුලුවන්.. ඊට පස්සෙ මේක වේලගෙන, වැලි කඩදහියකින් මදින්න ඕනෙ ... මොකක් ? ඔව් ඒ ඇඳුම කාලයක් පාවිච්චි කලා නම් ගෙවෙන තැන් ටික අඳුනගෙන, ඒ තැන් වැලි කඩදාසියකින් මැදල "හම්පඩ" කරන්න ඕනෙ ... ඊටත් පස්සෙ ඒ ඒ චරිතයට අදාල විදියට මඩ පැල්ලම් කහට පැල්ලම් ගාන්න ඕනෙ. මේකට තේ කහට හෝ කෝපි කහට පාවිච්චි කරන්න පුලුවන් . ඒ හැරුනු කොට මේ විදියට රෙදි කෘතිමව පරණ කරන්නම වෙනම සායම් , ස්ප්‍රේ, පවුඩර් වර්ග (රූප බලන්න) එහෙමත් තියෙනවා .(ලංකාවේ කඩවල් වල නම් තියෙනවද දන්නෑ)
දැන් දැක්කනෙ, මේක අමාරු දෙයක් නෙවෙයි . ඕනෙ නම් කරන්න පුලුවන් වැඩක් . ඉතිං අපේ ෆිල්ම්ස් හදන අය එක්කො මේක ගැන අවබෝධයක් නෑ... එහෙම නැත්තං දැනගෙනත් උවමනාවෙන් නොකර ඉන්නව කම්මැලිකමට. ඒත් මේ වගේ ක්‍රම අනුගමනය කරන්න ඕනෙ. මොකද ප්‍රෙක්ෂකයා මෝඩයෙක් නෙවෙයි. අපිත් හොඳ හොඳ ෆිල්ම්ස් බලල තියෙනවා හරිද?

Tuesday, September 26, 2017
A Ghost Story (2017)
පොඩි කාලෙ "හොල්මනක් " කියපු ගමන් හිතේ ඇඳුනු රූපයක් තිබ්බ. සුදු රෙද්දක් ඔලුවෙ ඉදන් දාගෙන ඇස් දෙක තිබ්බ තැන් වල රෙද්දෙ හිල් දෙකක් තියෙන සරල හොල්මනක් ඒ. පස්සෙ පස්සෙ ඔය නානාප්‍රකාර හොල්මන්, භූත කතා බලල සහ මනෝකාය, පුනරුප්පත්තිය වගේ බර කන්සෙප්ට් ඔලුවට එද්දි, අර රූපෙ ටිකෙන් ටික මැකිල ගියා. ඒත් මේ ළඟදි ෆිල්ම් එහෙක පෝස්ටරයක් දැකල අර පොඩි කාලෙ හිතේ හිටපු හොල්මන ආපහු මතක් උනා. ඒ හොල්මනගෙ කතාව මොකද්ද කියල දැන ගන්නම ඕනෙ කියල හිතුනු නිසා අරං බැලුව.
මේ තියෙන්නෙ , මේකෙ මුල සිට අග දක්වා බලං ඉද්දි හිතුනු දේවල් ....
මුලම හරියෙදි......
හොල්මනක් කිව්වට ඇත්තටම හොල්මනක් නෙවෙයි වෙන්ඩ ඇති . සම්භාව්‍ය ෆිල්ම් එකක් වගේනෙ. වෙන අර්ථයක් ඇති .....
මොකද්ද මේ පොඩි කොටුවක පෙන්නන්නෙ ? හ්ම් සමහර විට මගක් යද්දි හරියයි.....
අපෝ එකම දේ පෙන්නගෙන ඉන්නවනෙ. කම්මැලී .
ෆාස්ට් ෆෝවඩ් දානව....
ලෝ බජට් මගුලක්ද කොහෙද....
හොල්මනක් හදා ගන්න ඉෆෙක්ට්ස් වලට සල්ලි යන හින්ද මිනිහෙක්ගෙ ඔලුවට රෙද්දක් දාල අරන් වගේ හ්ම්....
ඉවසීමෙන් පලමු විනාඩි තිහක් පමණ බැලීමෙන් පසු.......
හොල්මන් ෆිල්මුත් බැලුව මෙහෙම එකක් නම් බැලුවෙ නෑ .
රෙද්දක් ඔලුවෙ දාන් හිටියත් පට්ටෙට බය හිතෙනවනෙ.....
හම්මො කටු මැටි පැලක් හරි අලුතෙන් අටව ගන්නව මිසක්, හදපු ගෙවල් සල්ලි දීල නම් ගන්නෑ...... 😨
අවසානයට ලංවී......
මං ජීවත් වෙන්නෙ ඇයි? අපි ජීවත් වෙන්නෙ ඇයි? මේ හැම දේකම අවසානය අර්ථ විරහිතද? අනිවාර්යයෙන්ම අර්ථ රහිත දේකට අර්ථයක් දීමට ගන්නා නිරර්ථක වෑයමක්ද මේ ජීවිතය? 😲
මෙහෙමත් කන්සෙප්ට් මිනිස්සුන්ගෙ ඔලුවට එනවනෙ ....... සිරාම කතාවක් ........
ඉවර වුනු පසු.........
ගූගල් ඕපන් කර .....
Typing .....
A Ghost story movie ending explained........
😂
බලලම කතා කරමු. බැලිය යුතුම චිත්‍රපටයක්.

සලෙලු වරම (The Web of Love)
ලංකාවේ ඇත්තටම වෙච්චි සිද්ධි වලින් හොඳ සිනමා නිර්මාණ බිහි කරන්න පුලුවන් කියන එකට දෙන්න පුලුවන් හොඳ උදාහරණයක් තමා "සලෙලු වරම" (The Web of Love) කියන චිත්‍රපටය . මේක ඇත්තටම වෙච්චි සිද්ධියක නඩු වාර්තා අධ්‍යනය කරල තමා හදල තියෙන්නෙ . අධ්‍යක්ෂක වසන්ත ඔබේසේකර . අපිට හිටපු හොඳම අධ්‍යක්ෂකවරයෙක්. (මේ වසර මුල අපෙන් සමුගත්ත ඔහු)
මේකෙ කතාව ඇත්ත කතාවක් කිව්වනෙ, ඉතින් මේක ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නෙ කැලණිය කැම්පස් එකේලු. ඇත්තටම වුනේ මොකද්ද කියල සවිස්තරව මෙතන කියන්නේ නෑ , ඒක චිත්‍රපටය තුල හොඳට විස්තර වෙනව.
දැන් මේ කතාව (හෝ වසන්ත ඔබේසේකරගෙ බහුතරයක් චිත්‍රපටි ) බලද්දී ටිකක් අමුත්තක් දැනෙනව මොකද වසන්ත ඔබේසේකර චිත්‍රපටි කතාව ඉදිරිපත් කරන්නෙ අපිට පුරුදු පිලිවෙලට නෙවෙයි. ඒ කියන්නේ මුල මැද අග පිලිවෙලට නෑ මේකෙ. ඔක්කොම මාරු කරල තියෙන්නෙ. බලන කෙනා තමා ඒක ගලපගන්න ඕනෙ. දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒක විකාරයක්නෙ කියල . ඒත් ඒ ජාතියෙ ෆිල්ම්ස් බලපු අය තමා ඒකෙ ආතල් එක දන්නෙ.
මේ ළඟදි කෙනෙක් අහල තිබ්බ Memento ෆිල්ම් එක බැලුව, ඒක තේරෙන්නේ නෑ කියල . සමහර විට ඒකට හේතුවත් මේක වෙන්න ඇති. මොකද Memento කියන්නෙත් අර කියපු ශෛලියට අයිති එකක් .ඒ කිව්වෙ මුල මැද අග ඔක්කොම පටලවල තියෙන්නෙ . මේ ශෛලියට කියන්නේ , Non linear narrative කියල , ඒ කියන්නේ , අරේඛීය ආඛ්‍යායනයක් . අපි බලන හුගාක් ෆිල්ම්ස් වල අනුගමනය කරන්නෙ Linear narrative එකක් (රේඛීය ආඛ්‍යායනයක්) . රේඛීය ආඛ්‍යායනයක් තියෙන චිත්‍රපටි නෝමල් එකේ බලන් ඉන්නයි තියෙන්නෙ , ඒවයෙ මුලින්ම තියෙන්නෙ සාමකාමී අවධිය, ඉන් පස්සෙ ගැටුමක් නිර්මාණය වෙනව. අවසාන අවධියේදී ගැටුම විසදිලා නැවත සාමකාමී වෙලා යනව. හැබැයි මේ අරේඛීය සීන් එකේදි එහෙම නෑ. සමහර විට චිත්‍රපටය ඉවර වෙන්නෙ ගැටුමෙන්. ගැටුමෙන් පසු ඇතිවෙන තත්ත්වය ඊට කලින්ම පෙන්නනව. ඉතින් ලංකාවේ මේ ස්ටයිල් එකට ෆිල්ම්ස් හදපු එකම කෙනා මම දන්න තරමින් වසන්ත ඔබේසේකර විතරයි. හරි, වැඩි විස්තර කියල වැඩක් නෑ ඒක බලලම අත්විඳින්න .
ආයිත් මේ චිත්‍රපටය ගැන කිව්වොත්, 2002 අවුරුද්දෙ තමා මේක රිලීස් උනේ. කැම්පස් ආදර පලහිලව්වක් තමා කතාව . වසන්ත ඔබේසේකරගෙම වචන වලින් කිව්වොත්, මේකෙන් කතා කරන්නෙ , "අපි අනිත් අය සඳහා දෙන විනිශ්චය කොතරම් නිවැරැදිද සහ එය කොතරම් භයානක විය හැකිද" කියන කාරණය.
යූ ටියුබ් තිබේ..... බලන්න . (මේ රූපෙ කලු සුදු උනාට මේක වර්ණ චිත්‍රපටියක් )

බොරදිය පොකුණ
හැමෝම සිංහල සිනමාව ගැන වැඩි වැඩියෙන් කතා කරන වෙලේ මේ කියන්න යන්නෙත් ලගදි බලපු සිංහල චිත්‍රපටියක් ගැන තමා. මේක වැඩිහිටියන්ට පමණයි එකක් .
ඉතින් පොඩි ළමයි කියවන්න එපා පල්ලෙහා නරක දේවල් කියනව මම 😂
මේකෙ නම බොරදිය පොකුණ , නිෂ්පාදන කටයුතු ඉවර වෙන්නෙ 2003 අවුරුද්දෙ. ඒත් ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය විසින් මහජන ප්‍රදර්ශනයට තහනම් කරනව. නමුත් ඒ අවසරය ආපහු ලැබෙනව 2010 අවුරුද්දෙ . ඊට පස්සෙ චිත්‍රපට පෝලිමේ ඉදල අන්තිමට හෝල් වල පෙන්නන්නෙ 2015 අවුරුද්දෙ .
චිත්‍රපටයෙ කතාව දිවෙන්නෙ, බියගම වෙලද කලාපයෙ වැඩ කරන තරුණ ගෑනු ළමයි තුන් දෙනෙක් ගැන .
හරි, ඉතින් දැන් මේක වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් , කතාව ගාමන්ට් කෙල්ලො තුන් දෙනෙක් ගැන කියල කිව්ව ගමන් හිතෙන්නෙ දෙකයි පණහෙ ෆිල්ම් එකක් වෙන්න ඇති කියලනෙ. ඇත්තටම මාත් මුලින් එහෙම තමා හිතුවෙ . මං හිතන් හිටියෙ මේක අග මුල නොතේරෙන "සම්භාව්‍ය කුණුහරුපයක්" කියල . ඒත් ඒක සම්පූර්ණ වැරදි අදහසක් බව මේක බලද්දි තේරුනා. මේ චිත්‍රපටියෙ හොඳ කතාවකුත් තියෙනව , කම්මැලිකමක් නැතුව බලන් ඉන්න පුලුවන් . නලු නිලියන්ගෙ රඟපෑමත් ඉහලම මට්ටමක තියෙනව . විශේෂයෙන්ම ප්‍රධාන චරිතය කරන කෞෂල්‍යා ප්‍රනාන්දුගේ රඟපෑම අගය කල යුතුමයි.
සරලවම කිව්වොත් මේක තවත් එක් ගොන් ආතල් එකක් නෙවෙයි . සාමාන්‍ය ප්‍රේක්ෂකයට නොතේරෙන ලොකු ලයින් එකේ පණ්ඩිත ෆිල්ම් එකකුත් නෙවෙයි .
මේක දැන් යූ ටියුබ් එකේ තියෙනව . ඕන කෙනෙක්ට බලන්න .
ඉතින් මට ඇත්තටම අවසාන වශයෙන් ඇතිවුනු ගැටලුවක් තමා , මේක මුලින් තහනම් කලේ මොන පදනමකින්ද කියන එක. අනික කාලෙකදි මහජන ප්‍රදර්ශනයට සුදුසු නෑ කියල සම්මත කරපු චිත්‍රපටියක් දැන් හැමෝටම බලා ගන්න යූ ටියුබ්ම දාල තියන එක ? මට හිතන්නෙ ඒක අර රැගුම් පාලක මණ්ඩලයේ හිටපු උන්ට රිදෙන්නම කරපු දෙයක්ද කොහෙද.

Nightcrawler (2014)
මේ මාරාන්තික අනතුරේ CCTV දර්ශන දැන් අප වෙත ලැබී තිබෙනවා. රැඳෙන්න අප සමගම කියල , ඇඩ් ටික පුලුවන් තරම් දාල , මිනිහෙක් තමන්ගෙ ප්‍රශ්න දරා ගන්න බරුව පාරෙ යන ටිපර් එක්කට බෙල්ල තියෙන හැටි ලඟදි පෙන්නුව මතකද?
"ඔබේ ජීවිතය, අපේ ප්‍රවෘත්ති" කියල කිව්වට, ඇත්ත කතාව, "ඔබේ ඛේදවාචකය, අපේ ආදායම් මාර්ගය" නේද?
මේ චිත්‍රපටයෙ තියෙන කතාවට අදාල නිසයි ඔය ටික කිව්වෙ. මේ ෆිල්ම් එකෙන් කතා කරන්නෙ "මාධ්‍යවේදියෙකු" ගැන තමා . හැබැයි අමුතුම පොරක් මෙයා. මේ කතාව වෙන්නෙ ඇමරිකාවෙ උනාට මේක අපිටත් හොඳටම අදාලයි. මොකද මේ විදිහට ගියොත් නුදුරු අනාගතයේ මේ චිත්‍රපටි කතාවෙ වෙන දේවල් ඇත්තටම මෙහෙ වෙන්නත් බැරි නෑ .
ඒක නිසා කොයි එකටත් බලන්න . අනාගතයට සූදානමින් ඉන්න එක හොඳයිනෙ.

ලංකාවෙ Visual Effects
ලංකාවේ හදන ෆිල්ම්ස් සමහර ඒවයෙ 3D ඇනිමේශන් වගේ දේවල් මෑත කාලෙදි භාවිතා උනා. ඒත් ඒව හරිම ප්‍රාථමික මට්ටමක නේද තියෙන්නෙ ? සමහර ඒව දැක්කම හිනා යනව, දුක හිතෙනව. එහෙම වෙන්නෙ ඇයි ඇත්තටම ?
තාක්ෂණය නෑනෙ අපිට ඇමරිකාවෙ වගේ . එහෙමද? මට නම් එකඟ වෙන්න බෑ ඒකට. මොකද, මීට අවුරුදු තිහකට විතර කලින් හදපු හොලිවුඩ් ෆිල්ම් එකක් ගත්තත් ඔය තාක්ෂණය භාවිතය අතින් අපිට වඩා ඉදිරියෙන් ඉන්නව. අපි තාම ළදරු අවධියේ .
උදාහරණයක් ගමු. ජුරාසික් පාක් මුල් චිත්‍රපටය ආවෙ 1993 වගේ. ඒ කියන්නේ මීට අවුරුදු විසි පහකට කලින් කියමුකො. ඒ චිත්‍රපටය හදනකොට ඒ අයට තිබ්බ පරිඝණක , සොෆ්ට්වෙයා එක්ක සැලකුවාම ඊට වඩා සෑහෙන දියුණු උපකරණ, සොෆ්ට්වෙයා දැන් ලංකාවේ අය ගාවත් තියෙනව නේද? ඉතින් සාපේක්ෂව මීට වඩා දෙයක් කර ගන්න පුලුවන් වෙන්න එපෑයැ? මට නම් හිතන්නෙ , උපකරණය හෝ සල්ලි නැති කම නෙවෙයි මම නම් දකින්නෙ, අපිට අත්දැකීම් හා පුහුණුව තියෙන මිනිස්සු තමා නැත්තෙ. කොටින්ම නිර්මාණශිලීව හිතන්න පුලුවන් මිනිස්සු ඔය ඉන්ඩස්ට්‍රි එකේ නෑ. මම කියන්නේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ නෑ . ඒත් එහෙම වැඩ්ඩො ලංකාවේ වෙලඳ දැන්වීම් ක්ශේත්‍රයෙ නම් ඉන්න බව පේනව.
අනික තමා චිත්‍රපටයක දෘශ්‍ය ප්‍රයෝග කියන දේ සම්පූර්ණයෙන්ම පරිඝණකයට භාර දිය යුතු වැඩක් කියල අපේ අධ්‍යක්ෂකවරු බහුතරයක් හිතන් ඉන්නව. ප්‍රැක්ටිකල් ඉෆෙක්ට්ස්, ඇනිමට්‍රොනික්ස්, මේකප් වගේ දේවලුත් කලවමේ යොදා ගන්න ඕනෙ කියල අවබෝධ කරගෙන නෑ. නොදැනුවත්කම නිසා හෝ ලේසිය නිසා හැම රෙද්දටම ඇනිමේශන් එකක්ම ඔබනව. එහෙම නැත්තං ඇත්තටම අදාල ලොකේෂන් එකට ගිහින් කරන්න පුලුවන් රූගත කිරීම් පවා, ග්‍රීන් ස්ක්‍රීන් දාල කරනව. ඒ කලත් කමක් නෑ හරියට කරනවනම් . බැලූ බැල්මට පේනව බොරු කියල . කව්රුත් කියන්නෙවත් නැද්ද මන්ද....
චිත්‍රපටි හදනවනම් හොඳ ඇහක් තියෙන්න ඕනෙ. ප්‍රේක්ෂකයට අමු අමුවේ බොරුවක් කියල පේන දේ, අධ්‍යක්ෂකට එහෙම පේන් නැත්තං එයාගෙ අධ්‍යක්ෂක කමින් වැඩක් නෑනෙ.
ඕනම නිර්මාණකරුවෙක්ට තමන්ගෙ නිර්මාණය මැණිකක්. අර උනහපුළු අම්මට උගෙ පැටියා මැණිකක් කියනවනෙ. ඒත් ඉතින් අනික් අයටත් ඒක මැණිකක් වගේ පේන්න වැඩේ කරනවනම් තමා හොඳ .මූණු පොතේ කතා බහ

Tuesday, September 19, 2017
ධර්මයුද්ධයෙන් පසු....
ඔන්න රෑක මනුස්සයෙක් ත්‍රී විල් එකක් එලවං යනව. මේ මනුස්සය දුර හයර් එකක් ගිහින් මැදියම් රැයත් පහු වෙලා තමා මේ ආපහු ගෙදර යන්නෙ . ඔන්න පාර අයිනෙ ඉන්න පොලිස් රාලහාමිල දෙන්නෙක් මෙයාව නතර කරනව, නතර කරල අහනව, තමුසෙ බීල නේද ඉන්නෙ කියල , අර මනුස්සය නෑ කියනව. ඒත් අරුන් පිලි ගන්නෙම නෑ . පස්සෙ අර බැලුමක් පුම්බල බලනව. ඒකෙ රිසල්ට් එකත් නෙගටිව්. ඊට පස්සෙ අර පොලිසියෙ උන් දෙන්න කියනව ගෙදර යන්ඩ ඕනෙ නම් ..💸.... දෙන්න කියල . අරූ බෑ කියනව. පස්සෙ බීමත්ව රිය පැදවීමේ වරදට මූව අත්අඩංගුවට ගන්නව. මෙයාට විරුද්ධව නඩු දානව. අර පොලිස් කාරයො දෙන්න , තමන්ට 💸 නොලැබුනු කේන්තියට බොරු සාක්ශි දෙනව. පස්සෙ අර මනුස්සය නීතිඥවරයකු යොදා ගෙන අරුන්ට විරුද්ධව නඩු කියනව. ඒත් ඒ මනුස්සයගෙ මුලු සේසතම නඩුවට වැය වෙනව. නීතිඥවරුන්ට දෙන්න සල්ලි නැති තැන මේ ත්‍රීවීලර් රියදුරා තීරණය කරනව තමන්ගෙ නඩුවට තමන්ම කතා කරන්න !
එහෙම නඩු කියද්දි මෙයාට ත්‍රීවිල් රස්සාව කරන්න වෙලාවක් ඉතුරුවෙන්නෙ නෑ . ඉතින් එදිනෙදා කන්න බොන්න සල්ලි නැතුව ගේ දොර පවා උකස් කරනව. හැබැයි මේ හැම දේකදිම ඒ මනුස්සයගෙ බිරිඳ එයාගෙ පස්සෙන් ඉදන් සෙවනැල්ල වගේ උදව් කරනව සහ තමන්ගෙ සැමියගෙ නිර්දෝශීභාවය වෙනුවෙන් පෙනී සිටිනව. මේ නඩුව නිසා එයාලගෙ දරුවන්ගෙ ඉගෙනීම පවා කඩාකප්පල් වෙන තැනට පත් වෙනව. නමුත් අපේ කතානායකය ගේම අතහරින්නෙ නෑ . ඔහු නීතිය හොඳට අධ්‍යනය කරනව. මීට සමාන නඩු වල නඩු වාර්තා හොයා ගෙන නිදිමරාගෙන කියවනව. මෙහෙම අවුරුදු හතකට ආසන්න කාලයක් නඩු කියල, අවසානයේ නඩුවෙ තීන්දුව ප්‍රකාශයට පත් වෙනව. ඒක ඓතිහාසික නඩු තීන්දුවක් බවට පත් වෙන්නෙ, ශ්‍රී ලංකා පොලීසියට විරුද්ධව නඩු කිව්ව ත්‍රීවීලර් රියදුරාව සියලු චෝදනා වලින් නිදහස් කරමින්, අර පොලිස් නිලධාරින් වැරදි කරුවන් කරමින්. සියලු නඩු ගාස්තු ඇතුළුව අපේ කතානායකයට සිදුවූ අපහාසයට ලොකු වන්දියකුත් ගෙවන්න නියම වෙනව.
ඉතින් මන් ඔය කිව්වෙ , චිත්‍රපටියක කතාවක් නෙවෙයි . ඕක ලංකාවේ ඇත්තටම වෙච්චි දෙයක් .
මතකත් ඇති සමහර අයට මම ලිව්වෙ මට මතක හැටියට .
මට කියන්න ඕනෙ උනේ මේකයි, දැන් ඔය ධර්මයුද්ධය කියන ෆිල්ම් එක හැමෝම බලන්න යන්නෙ ඇයි? ප්‍රධාන හේතුව , ඒකෙ කතාව . තමන්ගෙ දරු පවුල රැකගන්න නීතිය අන්ධ කරල ගේමක් ගහන, පොඩි මිනිහෙක්ගෙ කතාවක් නිසා , ඒක අපි හැමෝගෙම හදවතට දැනෙනව . ඒත් ඉතින් ඒ ඔරිජිනල් කතාව අපේ නෙවෙයිනේ . මම යෝජනා කරන්නෙ, ඔය ට්‍රෙන්ඩ් එක තේරුම් අරන් අර ඉහලින් මම විස්තර කරපු එක වගේ සත්‍යය කතාවක් වස්තු බීජය කරගෙන අපිට අපේමයි කියල කියන්න පුලුවන් පට්ට ෆිල්ම් එකක් හදන්න බැරි ඇයි ? ඒක හිට් වෙලා , ඒක බලාගෙන බොලිවුඩ් , කොලිවුඩ් ෆිල්ම් ගැහුවොත් කාටද ආඩම්බර ?? 😎😎👊👊

The Curious Case of Benjamin Button (2008)
කාලෙකට කලින් බලපු එකක් ආයිත් බැලුවෙ, ඒ චිත්‍රපටය ඉවර වෙනකොට දැනෙන අමුතු හැඟීම ආයි විඳින්න ඕනෙ කියල හිතුනු නිසා. චිත්‍රපටය තමා , The Curious Case of Benjamin Button (2008). බලපු අය දන්නව ඇති, මේක අමුතුම කතාවක් .
අපිට තියෙන්නෙ බෙන්ජමින් එක්ක පැය තුනකට ආසන්න කාලයක් "ජීවත් වෙන්න" හැබැයි ඒ අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන පිලිවෙලට ඉස්සරහට හැල්මෙ දුවන් යන විදිහට නෙවෙයි , ආපස්සට . මෙහෙම ආපස්සට යන ගමනෙදි බෙන්ජමින්ට හමුවෙන, වෙන්වෙන අයත් එක්ක අපිටත් ජීවිතේ බෙදාහදා ගන්න පුලුවන් . ඒ අය සමුඅරගන්න කොට අපිටත් දුකයි. ඒත් අපිට යන්න වෙන්නෙ බෙන්ජමින් එක්ක අනික් පැත්තට . ඒක අපූරුම අත්දැකීමක් , යතාර්ථය තුල කවදාවත් අත්විඳින්න නොලැබෙන දෙයක් .
සමහර චිත්‍රපට තියෙනව කාලය පැය දෙකක් ගතවුනාද කියලවත් නොදැනෙන, ඒ තරමට සිදුවීම් බහුල, කුතුහලයෙන් පිරුණු ඒව. තවත් සමහර ඒව තියෙනව , පට්ටම කම්මැලී , පැය දෙක ඉවසං ඉන්නෙත් අමාරුවෙන් . ඔය අතරෙ තවත් ඒව තියෙනව , ඒව බලල ඉවර වෙද්දි දැනෙන්නේ පැය දෙක තුනක් ගතවුනා කියල නෙවෙයි , ජීවිත කාලයක්ම ගතවුණා කියල . මේකත් අන්න ඒ ගොඩට අයිතියි .
මේකෙ අවසානය වෙද්දි අමුතුම උපේක්ෂාව මිශ්‍ර වුණු දැනීමක් එනව, එතකොට හිතෙනව, වඩා වැදගත් වෙන්නෙ අපි ජීවත් උනේ ඉදිරියටද ආපස්සටද කියන එක නෙවෙයි , ඒ ජීවිතේ අපි ගත කරල තියෙන්නෙ අපිට ආඩම්බර වෙන්න පුලුවන් විදිහකටද කියන එක බව.
ඒක දැනෙන්න මේක මග නොඇර බලන්න .

Tuesday, September 12, 2017
Fulldome Cinema
අපි චිත්‍රපටි බලනකොට ඒක හොඳටම හිතට වැදුනොත් අපි ඒකෙ ඇතුලෙ ජීවත් උනා වගේ දැනෙනව . හැබැයි ඒ චිත්‍රපටය හොඳයි නම්. එහෙම නැත්තං සාමාන්‍ය චිත්‍රපටි අපිට පේන්නෙ අපේ ඇස් ඉදිරිපිට කොටු හැඩේ තිරයකනෙ. ඒත් ඊට වෙනස් විදිහට බලන්න පුලුවන් සිනමා ශාලාත් තියෙනව . මේවට කියන්නේ fulldome cinema කියල . මේ හෝල්ස් අර්ධ කවාකාර හැඩයක් ගන්නව. මේ ගැන යම් අදහසක් ගන්න පුලුවන් ග්‍රහලෝකාගාරය ගැන මතක් කර ගත්තොත්. නිකං මුනින් අතට හරවපු කෝප්පයක් ඇතුලට ගිහින් උඩ බලන් ඉන්නව වගේ දෙයක් . ඉහලින් පෙනෙන අර්ධගෝලය පුරාවටම චිත්‍රපටය දිගහැරෙනව. (හැබැයි අපේ ග්‍රහලෝකාගාරයෙ නම් භාවිතා වෙන්නෙ මේ කියන තාක්ෂණය නෙවෙයි ) මේ තාක්ෂණය ඒ කියන්නේ fulldome cinema technology එක ලෝකෙ පුරා ව්‍යාප්ත වුනේ අනූව දශකයේ. දැන් විවිධ රටවල් වල මේ වගේ සිනමා ශාලා දෙදාහක් විතර තියෙනව . බහුතරයක් මේ හෝල්ස් තියෙන්නෙ ග්‍රහලෝකාගාර හෝ කෞතුකාගාර ආශ්‍රිතව . මේවයෙ පෙන්නන්නෙ අධ්‍යාපනික වටිනාකමක් ඇති වාර්තා චිත්‍රපටි වගේ ඒව තමා . සාමාන්‍ය චිත්‍රපටි හෝල් වල වගේ මාසෙන් දෙකෙන් මේවයෙ චිත්‍රපටි මාරු වෙන්නෙ නෑ මොකද මේ ෆොමැට් එකේ චිත්‍රපටි සුලබ නෑ. වෙනමම කියල හදවපුව මිසක් කඩෙන් ගන්න නෑ. සාමාන්‍යයෙන් මෙහෙම හදන අර්ධගෝල හැඩැති තිරය පුරාවටම පැනොරාමා විදිහට විසිරිලා යන විනාඩි හතලිහක් විතර දුවන ෆිල්ම් එකක් ගිගාබයිට් පන්සීයක විතර ඉඩක් ගන්නව. මේ වගේ චිත්‍රපටි ඒ විශේෂ තිරය මතට ප්‍රක්ශේපණය කරන්න ප්‍රොජෙක්ටර්ස් හයක් විතර දළ වශයෙන් යොදා ගන්නව. ඒ ප්‍රොජෙක්ටර්ස් වලින් ප්‍රක්ශේපණය කරන රූප එකතු කරල නොබිදුනු තනි රූපයක් (seamless picture ) විදිහට පරිඝණක භාවිතයෙන් සකසල තමා ප්‍රේක්ෂකය වෙනම ලෝකෙකට අරන් යන විදිහෙ අයස්කාන්ත දර්ශන තිරය මතට අරන් එන්නෙ.
අධ්‍යාපනික පැත්තට අමතරව එන්ටටේන්මන්ට් පැත්තෙ වැඩ වලටත් මේව යොදා ගන්නව. ඒ වගේම ඔය තාක්ෂණික ප්‍රදර්ශන වගේ ඒව වලට මේ වගේ චිත්‍රපටි ශාලා තාවකාලිකව සකසල දෙන සමාගම් තියෙනව . ඩුබායි වල තියෙන ඩුබායි මෝල් එක ඇතුලෙ මේ වගේ හෝල් එකක් තියෙනව, හැබැයි ඒක ටිකක් වෙනස්. ඒක අර්ධගෝලයක් නෙවෙයි සම්පූර්ණ ගෝලයක්. අර X Men ෆිල්ම් එකේ ප්‍රොෆෙසර් X පාවිච්චි කරන සෙරීබ්‍රෝ කියන ගැජට් එක මතකද? ටිකක් අන්න ඒ වගේ හැබැයි ඊට වඩා පොඩියි .ඒක ඇතුලට යන්න පුලුවන් . ගියැයින් පස්සෙ තමන්ව සම්පූර්ණයෙන්ම වෙනම තැනකට ගියා වගේ තමා දැනෙන්නේ මොකද අංග සම්පූර්ණව ප්‍රේක්ෂකය වටේටම වීඩීයො එක යනව.
ඩුබායි වල විතරක් නෙවෙයි අපේ අසල්වැසි රට වෙන ඉන්දියාවෙත් මෙහෙම හෝල් එකක් පටන් ගත්ත ගිය අවුරුද්දෙ (2016) මැද.
ඉතින් ආයි අපේ දුප්පත් ග්‍රහලෝකාගාරය පැත්තට හැරුනොත් , ඒක දැන් සෑහෙන්න යල් පැනපු එකක් , ඒකෙ ප්‍රක්ශේපණය කරන්න පුලුවන් නිශ්චල රූප විතරයි . හැබැයි ඒක මේ විදිහෙ fulldome cinema එකක් විදිහට අප්ග්‍රේඩ් කලොත් විද්‍යාව පැත්තෙන් සෑහෙන දැනුමක් අපේ රටේ මිනිස්සුන්ට දෙන්න පුලුවන් වෙයි.
දාල තියෙන එක රූපෙකින් පෙන්නන්නෙ එක එක ජාතියෙ වීඩීයො ෆොමැට් සහ ෆුල්ඩෝම් වීඩීයො ෆොමැට් එකේ සංසන්දනයක්.
අනික් රූපෙ තියෙන්නෙ ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර අර කලින් කිව්ව වගේ අප්ග්‍රේඩ් කරපු ග්‍රහලෝකාගාරයක කට්ටියක් තරු බලන හැටි. අපිටත් ළඟදිම එහෙම බලන්න ලැබේවා කියල පතමු.

Sunday, September 10, 2017
R... Rajkumar
හොලිවුඩ් චිත්‍රපටි බැලුවට බොලිවුඩ් ඒව නම් බැලෙන්නෙ කලාතුරකින් කිව්වොත් හරි. ඒකත් බොහෝ විට අමීර් කාන්ගෙ ෆිල්ම් එකක් ආවොත් තමා. ඒ උනාට එක්තරා හින්දි සින්දු දෙක තුනක් තිබ්බ කාලෙක ඉදන් ඇහෙන. වෙඩින් එහෙකට පාටියකට ගියොත් අනිවා ඇහෙනව. ඒව යද්දි එච්චර වෙලා නටන් නැතුව හිටපු උනුත් ඩාන්ස් එකට සෙට් වෙනව. ඉතින් පොඩ්ඩක් හොයල බැලුවම මේ සින්දු සෙට් එකම අයිති එකම ෆිල්ම් එකකට. නම R... Rajkumar.... . දැන් කියන්න එපා ඉතින් අපෝ ඕකද... ඕව බලල කොයි කාලෙද කියල . ඇත්තටම මම නම් බැලුවෙ මේ ළඟදි. මොකද මම බොලිවුඩ් පස්සෙං වැඩිපුර එලවන් නැති නිසා. ඒත් අර සින්දු ටික යූ ටියුබ් බැලුවයින් පස්සෙ, ඒ සින්දු වල බැක්ග්‍රවුන්ඩ් එකේ තියෙන කතන්දරෙත් බලන්න ඕනෙ කියල හිතුන.
මේකෙ කතාව ඉතින් නෝමල් හින්දි චිත්‍රපටියක තියෙන අඩුම කුඩුම ටිකම තියෙන එකක් . විශේෂත්වයකට තියෙන්නෙ, සින්දු වල රූප රචනය සහ ඩාන්සින්/කොරියොග්‍රෆි වල තියන වෙනස. ඒකට හේතුව ඉතින් මේකෙ ඩිරෙක්ටර් , ඉන්දියාවේ ඉන්න සුපිරිම නර්තන ශිල්පියෙක් වන ප්‍රභූදේවා වීම. ( ඔය රූපෙ ශාහිඩ්ට එහා පැත්තෙ ඉන්නෙ එයා තමා, ෆිල්ම් එකෙත් ඩාන්ස් එහෙක පොඩි කැමියො එහෙකට ඉන්නව එයා)
මේ චිත්‍රපටය අයත් genre එක ඒ කියන්නෙ ෂානරය, action- masala කියල තමා තියෙන්නෙ. ඔය කියන මසාලා ටයිප් එකේ ෆිල්ම් වලට ඒ නම වැටිල තියෙන්නෙ නැටුම් ගැයුම් වැයුම්, විචිත්‍ර ඇදුම්, ගුටි කෙලි, ආදරය, දුක , විරහව වගේ තුනපහ ජාති හැම එකක්ම රස නොමරා එකට අඹරල හදල තියෙන නිසා. ඇක්ශන් ගතිය ටිකක් වැඩි නිසා තමා මේක ඇක්ශන් මසාලා කියන කැටගරියට වැටෙන්නෙ.
ඉතින් මේක බරසාර ෆිල්ම් එකක් නෙවෙයි . මසාලා කෑවයි කියල බඩ පිරෙන් නෑ තමා. එහෙමයි කියල නොකා ඉන්න එපා. මොකද කෑම කන්නෙ බඩගින්නටම නෙවෙයිනේ . දිව පිනවන්නත් කන ඒව තියනවනෙ.

Wednesday, September 6, 2017
Atonement (2007)
සමහර චිත්‍රපටි තියෙනව නිකං බොම්බයිමොටයි වගේ. රහයි, හැබැයි කනකං විතරයි . ඔහේ කටේම දියවෙලා යනව කිසි ගුණයක් නෑ. ඇබ්බැහි උනොත් දියවැඩියා හැදෙන්න පුලුවන් . ඔය අතරෙ සමහර එව්ව තියෙනව , මුලින් නිකන් මෙලෝ රහක් නෑ වගේ දැනෙන්නේ , හැබැයි බලන් යනකොට තමා නියම රහ දැනෙන්නේ . ඒ වගේ චිත්‍රපට අන්තිමේ හිතේ ඉතුරු කරන "පැල්ලම" ඊට පස්සෙ කොච්චර චිත්‍රපටි බැලුවත් මැකෙන් නෑ.
අන්න ඒ වගේ එකක් තමා මේ, Atonement කියන ෆිල්ම් එක. ඒ කතාවෙන් අන්තිමට හිතේ ඇතිකරවන සියුම් කම්පනය අදටත් මතකයි, දැන් අවුරුදු ගානකට කලින් බැලුව උනත්... පැල්ලම යන්නෑ...
දැන් මේකෙ, මුලින් මෙහෙමයි ඊට පස්සෙ අරෙහෙම වෙනව ඊට පස්සෙ අරය මැරෙනව මෙයා යනව... ඊට පස්සෙ වෙන්නෙ මොකද්ද කියල ෆිල්ම් එක බලලම දැන ගන්න.... වගේ ටෝක්ස් දෙන් නෑ. කතාව දැන ගන්න ඕනෙ නම් ෆිල්ම් එක බලන්න .
රේටින්ග්ස්, ආදායම් වාර්තා , නලු නිලියො, අධ්‍යක්ෂක මොකාද, ලැබිච්ච සම්මාන මොනාද අරව මෙව්ව මුකුත් කියන්නෙ නෑ. ඒව ගූගල් කරපු ගමන් බස බස ගාල දෝරෙ ගලනව . ඉතින් පොඩ්ඩක් search පාරක් දාල බලන්න ඕනෙම නම්.
හැබැයි මතක ඇතුව ෆිල්ම් එක ඉවර වෙලා නාමාවලිය යද්දි , ඇස් පියාගෙන අහන් ඉන්න. මේකෙ සවුන්ඩ් ට්‍රැක් එකට ඒ අවුරුද්දෙ ඔස්කා අවෝඩ් එක ලැබුණ එක කොච්චර සාධාරණද කියල හිතෙයි එතකොට.
එහෙනං අනිවාර්යයෙන් බලන්න .

ප්‍රේක්ෂකයා මෝඩයිද?
දැන් ඔය හැමෝම ලංකාවේ අධ්‍යක්ෂකවරුන්ටයි ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඔක්කොම උන්ටයි බනිනවනෙ හොඳ ෆිල්ම් හදන්නෑ අරකය මේකය අර ඉන්දියාවෙත් හදනව මෙහෙ තමා නැත්තෙ ... කියල ,
ඒ උනාට මට නං හිතෙන්නේ මේ ලංකාවේ බහුතරයකගේ රස වින්දනයෙ අවුලකුත් තියෙනව.
ඔන්න එක දවසක් , මේ කියන්නේ 2005 අවුරුද්දෙ , මායි තව එකෙකුයි ගියා King Kong බලන්න . මේ කියන්නෙ Peter Jackson හදපු එක . ලිබටි පරණ හෝල් එකේ බැලුවෙ. ඔය ෆිල්ම් එක බලපු අයට මතක ඇති ඕකෙ මුල සීන්ස් ටික යන්නෙ ස්කල් අයිලන්ඩ් එකේ, ඊට පස්සෙ සීන්ස් ටික යන්නෙ නිව්යෝක් වල. ස්කල් අයිලන්ඩ් එකේ අන්තිමට කොන්ග්ව අල්ල ගන්න උගේ මූණට දමල ගහනව ක්ලෝරෆෝම් බෝතලයක්ම ඒකෙන් උට සිහි නැති වෙලා උගෙ ඇස් දෙක පියවෙනවට සමගාමිව තිරයත් අඳුරු වෙලා යනව. ඊට පස්සෙ සුලු මොහොතක් හෝල් එක අඳුරෙ තිබිල ආයි පටන් ගන්නෙ නිව්යෝක් වල නියොන් එලි වලින් දැල්වෙන නාම පුවරු පෙන්නන සීන් එකකින්. ඔන්න ඔතෙන්දි, හෝල් එකේ බාගයක් විතර නැගිටල යන්න හැදුව ෆිල්ම් එක ඉවරයි කියල හිතල. පස්සෙ හෝල් එකේ වැඩ කරන උන් ඇවිත් අරුන්ව ආපහු වාඩි කෙරෙව්ව ෆිල්ම් එකේ තව තියෙන්ව කියල . ෆිල්ම් එකට ආස නිසා ආපහු සැරයක් වෙන හෝල් එකක බැලුව, එතනත් ඕකම වුනා.
මං අහන්නෙ, එතනින් ෆිල්ම් එක ඉවරයි කියල හිතන්න තරම් ගොන්ද මේ මිනිස්සු? කතාව ඉවර උන් නෑ, අරූට සිහි නැති උනා විතරයි කියල තේරෙන්නෙ නැද්ද ?
ඇත්තටම මට නම් තේරුම් ගන්න අමාරුයි මොනව බලන්නද හෝල් එකේ ඇවිත් වාඩි වෙන්නෙ කියල ඔය වගේ අය. ඉතින් ඔන්න ඔය වගේ කට්ටියක් නම් ප්‍රේක්ෂකයො විදිහට ඉන්නෙ, ඒ වගේ අයට අර ප්ලොට් ට්විස්ට් තියෙන, කල්පනා කරල තේරුම් ගන්න ඕනෙ වෙන, තප්පර කිහිපයක් මග ඇරුනොත් තේරුම් ගන්න බැරි වෙන ජාතියෙ ෆිල්ම් හදල වැඩක් තියෙයිද?
ඉතින් මට හිතෙනවා , ලංකාවේ සමහර අධ්‍යක්ෂකවරු මේක දැන ගෙන උවමනාවෙන්ම මොට්ට ෆිල්ම්ස් හදනව කියල බහුතරයට ගැලපෙන්න.
මේකට එක උදාහරණයක් තමා උදයකාන්ත වර්ණසූරිය . එයා මුලින් හදපු ෆිල්ම්ස් සහ දැන් හදන ෆිල්ම්ස් සංසන්දනාත්මකව බලන්න . නිකං, "මේ මැට්ටො ටිකට ගැඹුරු දෙයක් තේරුම් ගන්න බෑ, කීයක් හරි හොයා ගන්න ඕනෙ නම් බහුතර මැට්ටන්ට තේරෙන විදිහට ගොබ්බ විදිහට හදල දාන්න" ඕනෙ වගේ ලෙවල් එකක ඉන්නෙ කියල හිතෙනව.
(මගේ පුද්ගලික අදහසක් පමණි. )

Saturday, August 19, 2017
Predator ව අදුරනවද?
Alien ෆිල්ම්ස් බලපු අය අනිවාර්යයෙන් බලල තියෙන තව ෆිල්ම් සෙට් එකක් තමා Predator කියන්නෙ . ඕකෙ පලවෙනි චිත්‍රපටය ආවෙ 1987 දි. ඒ කියන්නෙ ඉතිං දැන් අවුරුදු තිහකට විතර කලින්. ඒකෙ ප්‍රධාන චරිතය රඟපෑවෙ ඉතිං ආනොල්ඩ් ස්වාසනගර් බව හැමෝම වගේ දන්න දෙයක් . හැබැයි , නිකමට හරි හිතල තියෙනවද ඕකෙ predator විදියට රඟපෑවෙ කවුද කියල ? ඇත්ත වශයෙන්ම ප්‍රෙඩේටගෙ චරිතයට අවශ්‍ය වෙලා තියෙන්නෙ සටන් නලුවෙක්ව. මොකද ඉතිං ෆයිට් සීන් තියෙනවනෙ සෑහෙන්න , ඉතිං ඔය චරිතය කරන්න සුදුසු කෙනා විදියට මුලින් තෝරගෙන තියෙන්නෙ , වෑන් ඩෑම්ව. ඉතිං ඔන්න වෑන් ඩෑම්ව predator විදියට අන්දල සීන්ස් කීපයක් අරං තියෙනවා . හැබැයි , මේකෙ ප්‍රධාන නලුවො විදියට රඟපාන සෙට් එකම, ආනොල්ඩුත් ඇතුලුව , බොඩි බිල්ඩර්ස්ල. ඉතිං ඒ අය ඉදිරියේ , predator ගෙ දැවැන්ත ප්‍රතිරූපය ගොඩ නැගෙන්නනම්, ප්‍රෙඩේට අර සෙට් එකට වඩා උස මහත එකෙක් වෙන්න ඕනෙ බව අවසානෙ තීරණය උනා. ඒක නිසා , වෑන් ඩෑම්ව ප්‍රෙඩේට චරිතයෙන් ඉවත් කරල ඒ චරිතය, උස මහත , හැබැයි එච්චර ප්‍රසිද්ධ නැති, කෙවින් පීටර් හෝල් කියන නලුවට දීල තියෙනවා .( වෑන් ඩෑම් චිත්‍රපටයෙ මුල් කොටස් කිහිපයකට ප්‍රෙඩේට ලෙස පෙනී සිටියත්, ඔහුගෙ නම චිත්‍රපටය කෙලවර නාමාවලියට එක් කර නැත) කෙවින් පීටර් හෝල් කියන්නෙ ඇත්තටම සෑහෙන උසක් තිබ්බ නලුවෙක්, එයාගෙ උස අඩි හතකුත් අඟල් දෙකක් ! ඉතිං , ආන්ල්ඩ්, ප්‍රෙඩේට ඉදිරියේ මිට්ටෙක් වගේ පෙනුණ. ප්‍රේඩේට පලවෙනි සහ දෙවෙනි චිත්‍රපට දෙකේම ප්‍රෙඩේට විදියට රඟපෑවෙ කෙවින්. නමුත් දෙවෙනි චිත්‍රපටය තිරගත වෙලා ටික කලකින් ඔහු මියගියා.
හැබැයි ඊට පස්සෙත්, Alien Vs Predator සහ Alien Vs Predator : Requiem කියල චිත්‍රපට දෙකක් ආව. මේ චිත්‍රපට වලටත් ප්‍රෙඩේටට "අඳින්න " සෑහෙන උස මහතක් තියෙන නලුවෙක් ඕනෙ උනා. ඉතිං , දෙවෙනි වතාවට ප්‍රෙඩේට විදියට රඟපාන්න අවස්ථාව හිමි කර ගත්තෙ, අඩි හතකුත් අඟල් එකක් උස, ඉයන් වයිට් කියන නලුව. මෙයාව නම් අනිවා ෆිල්ම්ස් වල දැකල ඇති ., හැබැයි අඳුරගන්න අමාරුයි . මෙයා තමා, හැරී පෝටර් හතරවෙනි චිත්‍රපටයෙ අර උසම උස මැඩම් මැක්සීම්ගෙ චරිතය රඟපෑවෙ ( හැග්‍රිඩ්ගෙ ක්‍රෂ් එක මතකයිනෙ) ඊට පස්සෙ , ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල Wun Wun කියන යෝධයගෙ චරිතය කලෙත් මෙයා. ඒ විතරක් නෙවෙයි , මෑතකදි තිරගත වුනු Prometheus ෆිල්ම් එකේ, අන්තිමට පණ එන ඉංජිනියර් විදියට ඉඳල තියෙන්නෙත් මෙයාම තමයි.
🔷උඩ රූපෙ , කෙවින් පීටර් හෝල් , Predator ෆිල්ම් එකේ සෙට් එකත් එක්ක ඉන්නෙ. බලන්නකො උස!
🔶මැද වම් පැත්තෙ රූපෙ , ආනොල්ඩ් අයිය , ප්‍රෙඩේට ඉදිරියේ මිට්ටෙක් ලෙස... 😃,
🔷මැද දකුණු පැත්තෙ රූපෙ රිඩ්ලි ස්කොට්, ඉංජිනියර්ට ඇන්ද ඉයන් වයිට්ට උපදෙස් දෙනව, Prometheus රූගත කිරීම් අතරතුර ...
🔶පහල රූපෙ , ඉයන් වයිට් , Alien Vs Predator : Requiem රූගත කිරීම් අතරතුර ....

Xenomorphs & Neomorphs
Alien ෆිල්ම්ස් එකක්වත් බලල නැත්තං කියවල තේරුමක් නැති වෙයි. 😊
ඔය ඒලියන් ෆිල්ම් වල ඉන්න සතාට, අපි ඒලියන් කිව්වට උගෙ හරි නම Xenomorph. එතකොට ඌ එන්නෙ බිත්තරේකින්. ඒ බිත්තර දාන්නෙ උන්ගෙ රැජින . ඒ බිත්තර වලින් ඌ කෙලින්ම ඉපදෙන්නෙ නෑ මුලින් එන්නෙ අර ගෝනුස්සෙක් වගේ එහෙ මෙහෙ දුවන සතා ඌට කියන්නෙ ෆේස් හගර් (facehugger) කියල . ඌනෙ අර මූන කට වැහෙන්න අල්ල ගන්නෙ. ඊට පස්සෙ ඌ මැරිල යනව. ඌ හොස්ට් ගෙ ඇග ඇතුලට දාන බීජානු වලින් බඩ ඇතුලෙ හැදෙන එකාට කියන්නෙ , චෙස්ට් බස්ටර් ( chestbuster) කියල . ඌ තමා පපුව පලා ගෙන එලියට එන්නෙ. ඊට පස්සෙ ඌ ලොකු වෙලා තමා සෙනොමෝර්ෆ් කෙනෙක් වෙන්නෙ. මුන්ගෙ ලේ වෙනුවට තියෙන්නෙ ඇසිඩ්.
හැබැයි , අර Alien : Covenant එකේ ඉන්න සුදු පාට එකා, ඌ සෙනොමෝර්ෆ් නෙවෙයි . ඌ Neomorph කෙනෙක් . මුන්ව හැදෙන්නෙ අර ඉංජිනියර්ස්ල ඩිසයින් කරන කලු පාට දියරයෙන්. ඒක අර ග්‍රහලෝකයේ පොලවට වැටුනම හතු වගේ හැදෙනව. ලග පාත හොස්ට් කෙනෙක් ඉන්නව නම් මේවට ඒක දැනෙනව . එහෙම දැනුනොත්, ඇතුලෙ තියෙන බීජානු රිලීස් කරනව. ඒව වාතය හරහා සක්‍රීයව හොස්ට්ව හොයාගෙන උගේ ඇගේ තියෙන සිදුරකින් ඇතුල් වෙනව. එහෙම ඇතුල් උනු වෙලාවෙ ඉදං ධාරකයගෙ සිරුර වේගයෙන් දිරාපත් වෙනව. ටික වෙලාවකින් ශරීරය පලා ගෙන එලියට එන එකාට කියන්නෙ, බ්ලඩ්බර්ස්ට (bloodburster) කියල . මූ ඉපදුණු මොහොතේ ඉදලම හරිම සක්‍රීයව චලනය වෙනව. ඒ වගේම ප්‍රහාරාත්මකයි. මූ ලොකු උනාම තමා නියෝමෝර්ෆ් කෙනෙක් වෙන්නෙ.
හැබැයි , මේ නියෝමෝර්ෆ්ල, සෙනොමෝර්ෆ්ලට වඩා නොදියුණු සත්තු බව පේනව . මුන්ගෙ ලේ ඇසිඩ් නෙවෙයි . මුන් මිනිස්සුන්ගෙ මස් කනව. සෙනොමෝර්ෆ්ල එහෙම මිනී මස් කන බවක් පෙන්නන්නෙ නෑ . අනික මුන් හතරගාතෙන් දුවන්නේ . ඒ වගේම මුන් ඇටෑක් කරන්නෙ කාබනික සැකැස්මක් තියෙන ජීවීන්ට විතරයි .
නියෝමෝර්ෆ් කෙනෙක් උනත් සෙනොමෝර්ෆ් කෙනෙක් උනත්, උන්ව බිහිවෙන්න පාවිච්චි උනු ධාරකයගෙ DNA මත බිහිවෙන සතාගෙ ස්වරූපය වෙනස් වෙනව.
හරි . මේ ටික හොඳට පාඩම් කර ගන්න . මේ සැරේ මේ කොටසින් රචනා ප්‍රශ්නයක් එනව. 😂😂

බෙන්හර් අලුත් එක!
මේකේ අලුතෙන් ආපු ෆිල්ම් එක සුපිරි කියල මේ පේජ් එකේ පොස්ට් එකක් තිබ්බ. මාත් බැලුව මේක අනේ ඒ කියන තරම් සුපිරියක් නම් නෑ . Visual effects නම් හොඳයි ඉතින් ඒ වුනාට දැන් හදන හැම ෆිල්ම් එකකම ඒවා නම් හොඳයි තමා .මේකේ ඔරිජිනල් ෆිල්ම් එක මීට වඩා සැහෙන්න හොඳයි. එකේ practical effects අතින් ඉහලයි.කතාවත් මීට වඩා බොහොම ඉහලයි.මේ අලුත් ෆිල්ම් එකේ කතාව පරණ එකට වඩා බොහොම වෙනස්.
Spoiler ඇලට් ....
ෆිල්ම් දෙකෙන් එකක් වත් බලල නැත්තම් පහල තියෙන ඒවා තේරෙන් නැති වෙයි.
පරණ ෆිල්ම් එකේ අන්තිමට දුෂ්ටයයි බෙන්හරුයි කතාවේ අන්තිමට යාලු වෙන් නෑ . පරණ කතාවේ දුෂ්ටයා, ඒ කියන්නේ මෙසාල (Messala ) අස්ස කරත්ත රේස් එකේදි වැටිලා වෙන තුවාල වලින්ම මැරෙනවා. මැරෙන වෙලාවේ එයාම තමා බෙන්හර්ට කියන්නේ අම්මයි නංගිටයි ලාදුරු හැදිලා බව. මේ අලුත් ෆිල්ම් එකේ මේක සම්පුර්ණයෙන් වෙනස් කරලා. මේකේ අන්තිමට අච්චර අර මරා ගන්න හදපු එවන් දෙන්න මෙන්න බොලේ යාලු වෙනවා! නිකන් හින්දි ෆිල්ම් එකක් වගේ. හරිම අභව්‍යයි.
මෙසලා සහ බෙන්හර්ගේ නංගි ආදරෙන් ඉන්නවා ෆිල්ම් එකේ මුල හරියේ.ඊට පස්සේ රෝමන් නායකයා නගරෙට එද්දි වෙන අවුල් සහගත සිද්දියෙන් පස්සේ , බෙන්හර්ගේ මුළු පවුලම අත්අඩංගුවට ගන්නවා. මෙසාලට මේක සෙට්ල් කරන්න පුළුවන් කම තිබ්බත් කරන් නෑ . එහෙම කරපු මිනිහට මෙන්න කතාව අන්තිමට නංගි ඇවිත් කිස් එකකුත් දෙනවා!
මේ වගේ අවුල් සහගත ප්ලොට් හෝල්ස් මේ re - make එකේ බහුලව තියෙනවා.
කෝකටත් පරණ ෆිල්ම් එක බලල නැත්තම් බලන්න. ෆිල්ම් එකක් සම්භාව්‍ය වීම සහ අභව්‍ය වීම අතර වෙනස හොඳට තෙරුන් ගන්න පුළුවන් මේ අලුත් ෆිල්ම් එකයි පරණ ෆිල්ම් එකයි දෙක හොඳට අධ්‍යයනය කලොත්.

Wednesday, August 16, 2017
ARRIVAL
Spoiler alert !! මේ ෆිල්ම් එක තවම බලා නැත්නම් මෙය කියවීමෙන් ඔබේ රසවින්දනය පළුඳු විය හැක.
මේ චිත්‍රපටියේ හැටියට සප්තපාදික සක්වල ජීවින් එනවා අපේ ලෝකෙට, අමුතු හැඩේ යානා දොළහක. ඔවුන් මේ යානා නතර කරන්නේ ලෝකේ තැන් දොළහක. (මේකම ලොකු විශේෂත්වයක්නේ ඉතින්, මොකද හැම එකම එන්නේ ඇමරිකාවට විතරයිනෙ ) එහෙම එන මේ ජීවින් අපිට යම් පණිවිඩයක් දෙන්න හදනවා. එකට ඔවුන් ඔවුන්ගේ භාෂාව පාවිච්චි කරනවා. ඉතින් මේ භාෂාව තේරුම් අරන් ඔවුන් කියන්න උත්සහ කරන්නේ මොකද්ද කියන දේ හොයා ගැනීමේ වගකීම පැවරෙන්නේ අපේ කතානායිකාවට.
මේ ලියන එකේ අරමුණ මේ භාෂා කතන්දරේ පැහැදිලි කරන එක නිසා කෙලින්ම ඒ ගැන කියන්නම්. ඒ සඳහා තේරුම් ගත යුතු වැදගත්ම කරුණ තමයි, මේ සප්තපාදිකයින් අපි වගේ කාලය රේඛීයව අත්විදින අය නෙවෙයි. ඔවුන් කාලය කියන මානය සංජානනය කරන්නේ අරේඛීය ආකාරයකටයි. ඉතින් මෙයාලගේ භාෂාවත් හදාගෙන තියෙන්නේ ඊටම ගැලපෙන විදියට නිසා එක තේරුම් ගන්න එකත් අමාරුම වැඩක් බවට පත් වෙනවා.
මේ කතාව මැද හරියේදී අපේ වාග් විද්‍යාඥවරිය මේ එක සක්වල ජීවියෙක් සමග මුහුණට මුහුණ මුණ ගැහෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඇයටත් හැකියාව ලැබෙනවා, අර ජීවින් වගේම කාලය අරේඛීයව අත්විඳින්න. ඒ කියන්නේ අතීතයත් වර්තමානයත්, අනාගතයත් එකම පින්තුරයක් වගේ පේනවා. මේකෙන් කාලය හරහා යන්න පුළුවන් කියන දේ අදහස් වෙන් නෑ . ඇයට මේ හැකියාව ලැබෙන්නේ, අර අමුතුම හැඩයේ සංකේත වලින් ලියන සප්ත්පදිකයන්ගේ අරේඛීය භාෂාව තේරුම් ගැනීමත් එක්ක. ඒ දැනුම සම්පුර්ණ වෙන්නේ අර මුණ ගැහීමේදී. මෙන්න මෙතෙන්දි තමයි, Sapir- Whorf කල්පිතය අවශ්‍ය වෙන්නේ.
Sapir- Whorf කල්පිතය: මේකෙන් කියවෙන්නේ, අපි භාවිතා කරන භාෂාව, අපි මේ ලෝකය අත්විඳින ආකාරය කෙරෙහි යම් බලපෑමක් කරන බව. ඒ කියන්නේ, ඉතා ප්‍රථමික භාෂාවක් භාවිත කරන කෙනෙක්ට වඩා, වැඩි වචන, අකුරු ඇති දියුණු භාෂාවක් භාවිත කරන පුද්ගලයෙක්, වඩා පුළුල් පරාසයකින් ලෝකය අත්විඳින බව. මේක ඇත්තක් කියලවත් බොරුවක් කියලවත් ඔප්පු කරලා නැති නිසා තමයි, මේකට "කල්පිතයක්" කියල කියන්නේ.
කොහොම නමුත්, මේ ෆිල්ම් එකේ කතා නායිකාවට, අර භාෂාව තේරුම් ගැනීමත් එක්කම, කාලය අරේඛීයව අත්විඳින්න හැකියාව ලැබීම පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ, මේ කල්පිතය හරහා තමයි.
අවසාන වශයෙන්, මේ ලැබෙන හැකියාව නිසා ඇයට පුළුවන් වෙනවා චීන නායකයාගේ හිත වෙනස් කරලා වෙන්න යන විනාශයක් වලක්වා ගන්න. ඒ වගේම, ඇයට ඇගේ මුළු ජිවිතයම, රේඛිය නොවන, චිත්‍රයක් වගේ පේනවා. මේ කතාව මුලදීම ඇගේ දුවගේ මරණය සිදුවන බවක් පෙන්නුවත්, ඇත්තටම එය තාම සිදුවුණු දෙයක් නෙවෙයි. ඒ ඇයට, සහ මෙහි අනෙක් ප්‍රධාන චරිතය වන භෞතික විද්‍යාඥයට දාව අනාගතයේදී ලැබෙන දියණිය. එම දියණිය අකාලයේ මියයන බවත්, සැමියා තමන් හැර යන බවත් ඇයට කල්තියා දැනුනත්, ඇය එම මාවත තෝර ගන්නවා. ඒක තමා මේ චිත්‍රපටයෙන් දෙන ගැඹුරු පණිවිඩය, ඔබට ඔබේ ජීවිතය චිත්‍රයක් වගේ, අගක් මුලක් නැති අරේඛීය සංකේතයක් වගේ සම්පුර්ණයෙන්ම දර්ශනය වුනොත්, ඔබ එය තෝර ගන්නවද? නැත්තම් එය වෙනස් කරනවද?
අන්තර්ජාලයේ කරුණු ඇසුරිනි.

Tuesday, August 15, 2017
වේශ නිරූපණය සත්තුන්ටත්....
ඔය දාල තියෙන රූපෙ (උඩ) රතු පාට අත් වැසුමක් දාන් ඉන්නෙ ඇලෙක්සැන්ඩ්‍රා බැනිස්ටර්. එයාට හොඳට චිත්‍ර අදින්න පුලුවන් වගේම අශ්වයින් ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා . ඉතිං , මේන් මෙයාව තමා ස්ටීවන් ස්පිල්බර්ග්, එයාගෙ War Horse කියන චිත්‍රපටයෙ, අශ්වයින්ගේ වේශ නිරූපණ ශිල්පීන්ගේ උපදේශිකාව විදියට පත් කලේ. ඒ කියන්නෙ , Equine hair and makeup department එකේ ප්‍රධානියා විදියට ඉඳල තියෙන්නෙ මෙයා.
War Horse චිත්‍රපටයට අශ්වයින් අසූවකට වඩා යොදා ගෙන තියෙනවා, ඒ අශ්වයින්ව හැඩ ගන්වන්න වේශ නිරූපණ ශිල්පීන් විසි හය දෙනෙක්ගෙ සේවය ලබා ගෙන තියෙනවා . මෙයාල උදේ පාන්දර පහේ විතර ඉදං තමන්ගෙ රාජකාරිය පටන් ගන්නව. ඒ කියන්නෙ අස්සයො මේකප් කරන්න.
ඉතිං ඇත්තටම මොනවද මේ මේකප් කරනව කියල කරන්නෙ? ඔය වගේ චිත්‍රපට වල අස්සයින්ගෙ ඇගේ මඩ පැල්ලම් , ලේ පැල්ලම් , සීරීම් තුවාල වගේ ඒව තියෙනවා දැකල ඇතිනෙ, ඉතිං ඒව අහඹු ලෙස ඇති වෙලා හෝ ඇත්තටම වෙලා නෙවෙයි . ඒව ඔක්කොම කලින් ප්ලෑන් කරල ඒ ඒ තැන් වල නිරූපණ ශිල්පීන් විසින් "ඇඳපුව" කිව්වොත් නිවැරදි . ඒ වගේම තමා , ඒ පැල්ලම් අදාල දර්ශනය පුරාවට එකම විදියට තියාගැනීමේ වගකීම පැවරෙන්නෙත් මේ මේකප් ආටිස්ට්ලටම තමා. ඒ කියන්නෙ , මුල් දර්ශනයේ අශ්වයෙක්ගෙ වම් කකුලේ තිබුනු මඩ පැල්ලම, ඊලග රූගත කිරීමේදීත් එතැනම ඒ ප්‍රමාණයෙන්ම ඒ පාටින්ම තියෙන්න ඕනෙ. මේ සංතතික බව රැක ගන්න ඒ ගොල්ලො ඒවයෙ ඡායාරූප අරං තියා ගන්නව. ඊට අමතරව ප්‍රධාන චරිතය රඟපාන අශ්වයගෙ මුහුණේ හැඟීම් තිව්‍රර වෙන විදියට උගේ මුහුණටත් අවස්තාවට අදාලව මේකප් එකක් දෙනව.
ඒ වගේම තමා, අශ්වයින් එක්ක රඟපාන අනෙක් රංගන ශිල්පීන්ටත් විශේෂ උපදෙස් ලැබෙනව අශ්වයින් අල්ලන්න ඕනෙ තැන් නොඇල්ලිය යුතු තැන් ගැන මොකද , මේකප් එක ගැලවී යාමේ අවධානමක් තියෙන නිසා.
War Horse වල විතරක් නෙවෙයි , සත්තු රඟපාන හැම හොලිවුඩ් චිත්‍රපටයකම වගේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනව. මිනිස්සු වගේ නෙවෙයිනේ සත්තු , එයාල එක දිගට දවස පුරා රඟපාන්නෙ නෑ . අනික එහෙම යොදා ගන්න එක නීතියටත් පටහැනියි , ඉතිං බොහෝ චිත්‍රපට වල ප්‍රධාන චරිත රඟපාන සත්තුන්ට, body doubles සහ stand-ins යොදා ගැනෙනව. උදාහරණයක් විදියට , 101 Dalmatians චිත්‍රපටයෙ ප්‍රධාන චරිත රඟපෑ dalmatian වර්ගයේ බල්ලො දෙන්නට එකාට තුන ගානෙ ස්ටන්ට් ඩබල්ස්ල ඉඳල තියෙනවා . උනුත් dalmatian වර්ගයේම උනත්, සර්වසම පෙනුමක් නැති නිසා, එයාලව මේකප් කරල තියෙනව ප්‍රධාන නලුවන්ට (බල්ලන්ට) අයිඩෙන්ටිකල් වෙන විදියට .
හරි, දැන් අනික් රූපෙ පේනව නේද සීබ්‍රා කෙනෙක් ඉන්නව ? ඉතිං ඌ සීබ්‍රා වගේ පෙනුනට ඇත්තටම සුදු අස්සයෙක් ! ඇනිමල් ප්ලැනට් චැනල් එකේ සීබ්‍රාවෙක් ගැන ගිය වැඩසටහනකට ඇත්තටම සීබ්‍රාවෙක් පාවිච්චි කරන්න අමාරු නිසා, එයාල මේකප් ආටිස්ට් කෙනෙක්ට වැඩේ බාරදීල තියෙනවා . ඔය එහා පැත්තෙ හිටගෙන ඉන්නෙ එයා තමා. නම රෝස් ඕඩයිල්. එයා , Animals of a Different Color කියල තමන්ගෙම ආයතනයක් පවත්වගෙන යනව. ඒකෙන් කරන්නෙ ඉතිං සත්තු මේකප් කරන එක තමා. The Artist, We Bought a Zoo, Beverly Hills Chihuahua වගේ චිත්‍රපට කීපයකටම එයා දායක වෙලා තියෙනවා .මේ වගේ වෘත්තිමය මට්ටමින් මේ වැඩේ කරන අය, සත්තුන්ව මේකප් කරන්න භාවිතා කරන්නෙ, උන්ගෙ ශරීර වලට අහිතකර නැති වර්ණක. මොකද ඉතිං සත්තු මේකප් ලෙව කන්න පුළුවන්නෙ.
ඉතිං ඊලග සැරේ සත්තු රඟපාන ෆිල්ම් එකක් බලද්දි සැලකිල්ලෙන් බලන්න. සමහර විට මේ ඇස්බැන්දුම් අදුරගන්න පුලුවන් වෙයි.

ටොරන්ට් වල අතුරු කතාවක්...
අපිටම කියල සිනමාවක් ඇත්ද නැද්ද කියල දාපු පොස්ට් එකේ කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා, සිංහල ෆිල්ම් තියෙනවනම් ඒවා 720p , 1080p විදියට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දෙන්න, ඇයි ලංකාවේ ෆිල්ම් එකක් පිටරට ෆිල්ම් වගේ ඩවුන්ලෝඩ් කරන්න අන්තර්ජාලය තුල නැත්තේ? ඇයි හොලිවූඩ් වල අයට පුළුවන් නම් අපේ අයට බැරි අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට bluray කොපි නෙට් එකට දාන්න ..... උන් මාසයක් හෝ මාස දහයක් හරි ගිහිල්ලා බලන්න පුළුවන් හොදම කොපියක් වෙබ් එකට දානවා, අපේ එහෙමවත් නෑ ...එහෙම නොකරන්නේ ලංකාවේ ඉන්න උන් කුහක නිසා කියල...තාක්ෂණික දියුණව අතින් ගත්තම ඉහලම හිනිපෙත්තක ඉන්න හොලිවුඩ්පුරයේ ෆිල්ම් වගේ අපේ ෆිල්මුත් එහෙම බ්ලුරෙ පිටපත් ගහලා ටොරෙන්ට් එකේ නොමිලේ බෙදා දෙන්න බැරිද කියලත් අහල තිබ්බ.....
මුලින්ම තේරුම් ගන්න ඕනේ, හොලිවුඩ් වල එවුන් කවදාවත් අපිට තියා ලෝකේ කිසිම එකෙක්ට නොමිලේ ෆිල්ම් දෙන්නෙ නෑ . ඒ ෆිල්ම්, හෝල් වල පෙන්නුවයින් පස්සේ DVD සහ Bluray, officially රිලීස් වුනත්, ඒවා ගන්න ඕනේ අදාල මුදල දීල මිසක්, නිකන් ඩවුන්ලෝඩ් කරගන්න කොහෙවත් ඉඩ දීල නෑ . ඉතිං එහෙම ඩවුන්ලෝඩ් කරන්න තියෙයි නම් ඒ හොර වැඩක්, අපි ඩවුන්ලෝඩ් කරනවානම් එක හොරකමක් . වෙලා තියෙන්නේ, හොරකම් කරලා කරලා, දැන් හොරකම , අයිතිවාසිකමක් කියල හිතන්න පටන් අරන්!
හොලිවුඩ් වල ප්‍රධාන පෙලේ චිත්‍රපට නිපදවන සමාගම් 6ක් (වෝල්ට් ඩිස්නි, වෝනර් බ්‍රදර්ස් , ෆොක්ස් , යුනිවර්සල්. සෝනි ,පැරමවුන්ට් ) එකතුවෙලා පිහිටුවාගෙන තියෙනවා සංගමයක්, Motion Picture Association of America කියල, මේකේ ලෝගෝ එක දැකල ඇති, හුගක් ෆිල්ම් වල නාමාවලිය අගට යනවා. මේ සංගමයෙන් කරන්නේ, හොලිවුඩ් සිනමාව වාණිජමය කර්මාන්තයක් විදියට සාර්ථක කරන එක. මේ යටතේ, ඔය හොරෙන් ෆිල්ම් බෙදා දෙන සයිට් නැති කරලා දැමීමේ දැවැන්ත වැඩ පිළිවෙලක් කරනවා. මෙයාල තමා කලින් තිබ්බ yts.to කියන ටොරන්ට් සයිට් එක නැති කරලා දැම්මේ, ඒවගේම Kickass එකත් නැති කලේ මේ මගින් තමා. දැන් ආපහු yts.ag කියල එකක් තිබ්බත් මේ අර මුල් සයිට් එකේ හොර කොපියක්! ඒ කියන්නේ හොරුන්ගෙත් හොරු.. (ඒ කියන්නේ මෙයාල අර මුල් සයිට් එකේ රෙපියුටෙෂන් එක පාවිච්චි කරනවා මිසක් මුල් සයිට් එක කරපු අය මේකට සම්බන්ධ නෑ .)
ඉතින් මේ හොලිවුඩ් සමාගම් වලට පුළුවන් නම් ඔය ටොරන්ට් වලින් නොමිලේ ෆිල්ම් ගන්න එක නැත්තටම නැති කරලා දාන්න, බොහොම කැමැත්තෙන් කරයි ඒක . එක කරන්න අමාරු නිසයි මෙහෙම නොමිලේ හොලිවුඩ් ෆිල්ම් බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම නැතුව හොලිවුඩ් වල ඉන්න සත් ගුණවත්, (කුහක නැති) නිෂ්පාදකවරු, තමන්ගේ චිත්‍රපටිය, හෝල් එකේ දුවල ඉවර උන් පස්සේ, සකල ලෝක වාසීන්ට නරඹන්න දෙන්න ඕනේ කියල හිතාගෙන bluray හෝ DVD කොපි නෙට් එකට දාන හින්ද නෙවෙයි !
ඒ වගේම ඉතින් ලංකාව වගේ ආසියාවේ පොඩි රටවල් වලින්, හොලිවුඩ් වලට ලොකු අදායමක් එන් නැති නිසා, එයාලත් අපේ රටවල් මේ වගේ හොරෙන් ඩවුන්ලෝඩ් කරන් බලන එක නවත්තන්න වැඩිය ට්‍රයි කරන්නෙත් නෑ . අපි සම්පුර්ණයෙන්ම හොලිවුඩ් ෆිල්ම් නොබලාම හිටියත් එයාලට එක දැනෙන්නේවත් නෑ . ඉතින් ඊට වඩා හොඳයි, හොරට හරි බලන්න ඉඩ දෙන එක, මොකද එතකොට, අපි වගේ දුප්පත් රටවල වුනත් හොලිවුඩ් ෆිල්ම් සඳහා ෆෑන් බේස් එකක් හැදෙනවා.
දැන් ලංකාවේ කතන්දරේ ගත්තොත්, ලංකාවෙත් ඔය ටොරානා වගේ ආයතන සමහර ෆිල්ම් වල DVD රිලීස් කරනවා, නමුත් එහෙම දුන්නයි කියල ඒ ඔරිජිනල් DVD එකම ගන්නේ අතලොස්සයිනේ , ඒකෙන් ගහපු හොර කොපි ඊට පස්සේ පේමන්ට් එකේ තියනවා. ඉතින් අර copyrights වලට සල්ලි ගෙවාගෙන, DVD හදපු මුල් සමාගමට පාඩුයි වැඩේ. ඇමෙරිකාව වගේ රටවල මේ තත්වය ටිකක් වෙනස්, බහුතරයක් ඔරිජිනල් එකම ගන්නවා. අනික ඒ රට වල copyright සම්බන්ධ නීති අපේ රටවලට වඩා තදට ක්‍රියාත්මක වෙනව, අපේ රටේ මේවා ගැන කව්රුත් හොයන්නේ නැත. අර මුලින් කිව්වා වගේ ආයතනත් අපිට නැත. චිත්‍රපටියක් රිලීස් වුනු සැනින්, එකේ හොර කොපිය හොයාගෙන බලන්න ඉන්න අපි වගේ අය ඉන්න රටක, DVD එක officially රිලීස් කලත් වැඩක් නැත.
කොහොම වෙතත්, බලන් ඉන්න පුළුවන් විදියේ ෆිල්ම් ඉතා අඩුවෙන් හැදෙන ලංකාව වගේ රටවල ඉන්න අපිට ටොරන්ට් වලින් මෙසේ ෆිල්ම් නොමිලේ ලබා ගැනීමට පුළුවන් වීම පූරුවේ වාසනාවකි. ඒ නිසා, සියලු ටොරන්ට් සයිට් වලටත්, ඒවා රන් කරන අයටත් තමන් කරන සේවය සාර්ථකව ඉදිරියටත් සකල ලෝක වාසීන්ට ලබා දීමට අවශ්‍ය යෝධ බල යෝධ ශක්තිය ලැබේවායි පතමි.
(රූපයෙන් දැක්වෙන්නේ, MPAA මගින්, හොර ඩවුන්ලෝඩ් නවත්තන්න කරන කැම්පේන් එකට පාවිච්චි කල පෝස්ටරයකි.)

ශ්‍රී ලාංකික අපිට කියල සිනමාවක් ඇත්තෙම නැද්ද?
හරි, කොහොම නමුත් ලංකාවේ අපටත් අපේම අනන්‍යතාවක් ඇති චිත්‍රපට තියෙනවා... මේ ඒකට උදාහරණ කීපයක්. මේ හොඳම උදාහරණ නොවෙන්න පුළුවන්. මොකද සමහරවිට හොඳම ඒවා මග ඇරිලා ඇති අර කලින් කියපු හේතු නිසා.
1. බඹර වළල්ල
මේක අධ්‍යක්ෂණය කලේ අතුල ලියනගේ. ඔහුම තමා ප්‍රධාන චරිතය කළෙත්. හැබයි මේ ෆිල්ම් එකට ලැබිය යුතු නිසි ඇගයීම ලැබුනේ නෑ කියලයි හිතෙන්නේ.... මග අරුණනම් අනිවා බලන්න... සුපිරි ෆිල්ම් එකක්... අපේම එකක්.
2. මචං
මේක ලංකාවේ කතාවක්. අපේ නළු නිලියෝ රඟ පෑවට මේකේ අධ්‍යක්ෂක ඇතුළු තාක්ෂණික ශිල්පීන් හැමෝම වගේ ඉතාලි ජාතිකයෝ. එක හින්දද මන්ද මේකේ අමුතු ගතියක් තියනවා. අන්තිම වෙනකම් කුතුහලෙන් බලන් ඉන්න පුළුවන් පට්ට ෆිල්ම් එකක් තමා මේකත්.
3.සිකුරු හතේ
මේක ගොන් පාට් ෆිල්ම් එකක් කියල සමහරු කිව්වට මටනම් එහෙම නෑ අපේම රටේ නළු නිලියෝ, ශිල්පීන් එකතු වෙලා කරපු සුපිරි කොමඩි ෆිල්ම් එකක් තමා. ගිරිරාජ් කෞශල්‍ය මහතාගේ කුළුදුල් අධ්‍යක්ෂණය වුණාට, කිසි අඩුපාඩුවක් නොකියන්න වැඩේ කරලා තිබුණ. කුචු කවා ගෙන හිනා වෙන්න ඕනේ නැති, පවුලේ සැමට එකට ඉඳන් හිනා වෙන්න පුළුවන් පිරිසිදු විහිළු සහිත අරුත්බර කතාවක් මේකේ තියෙන්නේ.
4. බහුබුතයෝ
උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටිය අමුතු කතාවක් තියෙන කොමඩි ෆිල්ම් එකක්. මේකත් ගොන් පාට් කියල සමහරු කිව්වත් මටනම් මේක හොඳයි. හැබැයි මේකේ දෙවෙනි කොටස නම් ඔන්න ගොන් පාට් තමා .
5. අස්වැසුම
බෙනට් රත්නායක මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයත් ඔබ නැරඹිය යුතුම එකක්. සංගීතා වීරරත්න සහ ජැක්සන් ඇන්තනී මෙහි විශිෂ්ට රංගනයක යෙදෙනවා.
6. රන් දිය දහර
මේකත් උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. වෙනස් කතාවක් ඇති හොඳ චිත්‍රපටයක්....
7. කිනිහිරියා මල්
සංගීතා - කමල් ප්‍රධාන චරිත රඟන, මෑතකදී අප අතරින් වියෝ වුණු දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන එච්. ඩී. ප්‍රේමරත්න මහතාගේ නිර්මාණයක් වන මේ චිත්‍රපටයත් අමතක කරන්න බෑ .
8.සලෙලු වරම
ඔන්න මේකනම් YouTube වල තියෙනවා ඕනෙනම් බලන්න. අරේඛිය සිනමා අඛ්‍යයනයක් භාවිත කරපු සිනමාකරුවෙක් වන වසන්ත ඔබේසේකර මහතාගේ ඔබ නැරඹිය යුතුම චිත්‍රපට අතරින් එකක්. ඔහුගේම දොරකඩමාරාව , දඩයම වගේ නිර්මාණත් බලන්න....
9. හෝ ගානා පොකුණ
මේකනම් ඉතින් ගොඩ දෙනෙක් බලල ඇති. අපේ දේවල් වලින් වැඩක් ගත්ත අවස්ථාවකට මෑත කාලෙන් දෙන්න පුළුවන් උදාහරණයක්...
10. අලිමංකඩ
චන්ද්‍රම් රත්නම් මහතාගේ නිර්මාණයක් වන මේ ෆිල්ම් එකත් හොඳයි කියල හිතෙනවා.
මේ තියෙන්නේ ලංකාවේ මෙතෙක් බිහිවුණු හොඳම ෆිල්ම් දහය නෙවෙයි... මතක් වුනු හැටියටයි ලිව්වේ....
තව කොච්චර තියෙනවද?
තුන්වෙනි යාමය , මී හරකා , රාජ්‍ය සේවය පිණිසයි, ගම්පෙරලිය trilogy එක... විරාගය..., සරෝජා, සූරිය අරණ....
හැබැයි ඉතින් ඔය පට්ට සම්භාව්‍යයි කියන, හැරෙන්ඩ පැයයි අඬන්න පැය බාගයයි යන , නාමාවලිය යනකම් ඉවර උනාමද කියල ෂුවර් නැති, පැය බාගෙ කතාව පැය එක හමාරක් විතර තිස්සේ ඇදගෙන යන ෆිල්ම් සහ පෝයට සිල් ගන්න ගමන් උනත් බලන්න පුළුවන් දොහොත් මුදුන් දීගෙන බැලිය යුතු ඒවා නම් සැලකුවේ නෑ.
හොඳයි එහෙනම්...
අපේ රටේ අපිටම කියා සිනමාවක් ඇත.... මහන්සි වී හෙව්වොත් එය හමු වේවි!
මූණු පොතේ කතා බහ
Alien : Covenant (2017) මට දැනුනු හැටි...
අර අලුතින් ආපු Alien : Covenant මට දැනුනු විදිය කියන්නං. නොබලපු අය කියවන්න එපා ස්පොයිල් වෙයි.
නිර්දය ලෙසම කියනව හැබැයි කේන්ති ගන්න එපා. 😉
මට දැනුනු විදියට නම් මේක හැදුවෙ රිඩ්ලි ස්කොට්මද කියල අහන්න හිතෙන තරම් මෝඩ ප්ලොට් එකක් තියෙන ෆිල්ම් එකක් . කොටින්ම කිව්වොත් මේක විද්‍යාවටත්, අභ්‍යාවකාශ ගවේෂණයටත් කරපු නින්දාවක් . මුලින්ම පටන් ගන්න කොටම ඇක්සිඩන්ට් එකකින් අර ශිශිතාරක නින්දේ හිටපු උන් ටික ඇහෙරෙනව. නමුත් සාමාන්‍යයෙන් එහෙම එකකින් ඇහැරුනු ගමන්ම ඒකෙ පෙන්නන විදියට ක්‍රියාශීලී වෙන්න බෑනෙ? ටිකක් වෙලා යනව ශරීරයට සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න. හරි, ගොඩාක් අනාගතේ (2104) වෙන නිසා එහෙමත් පුලුවන් කියමුකො. ඒත් , යානයෙන් පිටත වෙන ඩැමේජ් එකක් නිසා, අර හයිබනේශන් පොඩ් එක ඇතුලෙ හිටිය කෙනෙක් පණ පිටින් රෝස් වෙලා යන එක හරිම අතාත්ත්විකයි . ඊට වඩා safety measures තියෙන්න ඕනෙ නේද?
ඊට පස්සෙ අර second in command විදියට ඉන්න එකා හැසිරෙන විදිය ඊටත් වඩා අතාත්ත්විකයි . ඩොලර් ට්‍රිලියන ගානක් ප්‍රොජෙක්ට් එකක destination එක ඌ හිතුමනාපයට වෙනස් කරනව. අනික ඒ යන්නෙත් කිසිම feasibility study එකක්වත් නොකරපු ,නොදන්න ලෝකෙකට. ඒකට හේතුව තමා වැඩි හරියක් crew එක ආයි හයිබනේට් වෙන්න අකමැති වීම. එතකොට අර අනික් කොලනිස්ට්ලගෙ ජීවිත පිලිබඳ වගකීම කාගෙද?
හරි ඉතිං වැඩි කැමැත්තට ඉඩ දීල අර නොදන්න ,හොඳයි වගේ බැලූ බැල්මට පේන ග්‍රහලෝකෙට ගියැයි කියමුකො, ඒකට ගොඩ බහින විදිය ඊටත් වඩා අතාත්ත්විකයි . මනුස්සයෙක් නොදන්න දූපතකට ගොඩ බහිද්දි උනත් ඔයිට වඩා තමන්ගෙ ආරක්ශාව ගැන හිතනව. වායුගෝලයේ සංයුතිය පෘථිවියට සමාන වූ පමණින් ඔහොමත් ගොඩ බහිනවද? මොන මොන විෂබීජ තියෙනවද කව්ද දන්නෙ? ඒකට ඉතිං විපාක ලැබෙනවනෙ. ඊට පස්සෙ, පැහැදිලිවම නොදන්නා විෂබීජයක් ශරීර ගතවූ පුද්ගලයව හැන්ඩ්ල් කරන විදියත් හරිම අතාත්ත්විකයි . අර කෙල්ලව අර රූම් එකේ ලොක් කරන්න කිසිම සාධාරණ හේතුවක් නෑ .
ඉන් පස්සෙ අන්තිම හරියෙදි, full grown alien ආවම තමා යානයෙ සිස්ටම් එකට ඩිටෙක්ට් වෙන්නෙ නොදන්න ජීවියෙක් යානයෙ ඉන්නව කියල . නමුත් එහෙම රිස්ක් එකක් තියෙන ලෝකෙක ඉදන් මව් යානයට ගොඩ උනැයින් පස්සෙ , ඒ ආපු එවුන්ගෙ ෆුල් බොඩි ස්කෑන් එකක් කරල ගන්න විදියක් නැද්ද ? කොරන්ටීන් පොලිසි එකක්? අනේ මන්ද ඉතිං . කතාවක් ගොඩ නගන්න ඕනෙ කියල ඔය විදියට විද්‍යාවට අපහාස කරන එක වැරදියි.
මේකෙ මුල් කොටස , ඒ කියන්නෙ Prometheus නම් මීට වඩා සෑහෙන හොඳයි . ඒක නිසාමයි මේක බැලුවෙත්. නමුත් අරකෙ තිබුනු ගතිය නම් නෑ .
තව පොඩි දෙයක් තියෙනවා, අර ඩේවිඩ් කියන ඇන්ඩ්‍රොයිඩ් රොබෝගෙ කොණ්ඩෙ වැවෙන බව පේනව . ඒකත් විකාරයි. මානවරූපී කරනව කියල කොණ්ඩෙත් වැවෙන විදියට හදන්න ඕනෙද? ඒකෙන් රොබෝගෙ efficiency එක අඩුවෙන එකනෙ වෙන්නෙ.
කොහොම උනත් මේක නිකන් අර කින්ග් කෝබ්‍රා ලෙවෙල් එකට කරපු දෙයක් වගේ මට නම් දැනුනෙ. රිඩ්ලි, මම ඔයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා.... ග්ලැඩියේටර් හදපු මනුස්සයනෙ ඉතිං .

බොරුවට වැටෙන අස්ස නලුවො...
ඔය සමහර ෆිල්ම්ස් වල දැකල තියෙනවද ඉස්සර යුද්ධ වල සටන් ජවනිකා වගේ ඒවයෙ සමහර දර්ශන වල අස්සයො වැටිල පෙරලිල යනව? මට නම් හිතුනු දෙයක් තමා කොහොමද ඒ වගේ දර්ශන අර ගන්නෙ කියන එක. ඉතිං මේ වගේ ඒව පරිඝණක දෘශ්‍ය ප්‍රයෝග වලින් කරන්න පුලුවන් වුනත්, ඒකෙ යම් සීමාවන් තියෙනව. ඔය ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ ඒව වල නම් CGI අස්සයො යොදා ගෙන තිබුන. නමුත් හැම දර්ශනයටම ඒක කරන්න බෑ. විමසිල්ලෙන් බැලුවොත් පෙනෙයි සමහර අවස්ථා වලදි ඇත්තම අස්සයො ඇත්තටම වැටෙනව. අන්න එතකොට ගැටලුවක් එනව. මොකද ඔය ෆිල්ම්ස් හැම එකක්ම වගේ ඉවර වෙද්දි අන්තිමට නාමාවලියෙ කෙලවර යනව, American humane monitored the animal action and no animals were harmed.... කියල . ඇමරිකන් හියුමේන් කියන්නෙ චිත්‍රපට වලට පාවිච්චි කරන සත්තු වෙනුවෙන් පෙනී ඉන්න සංවිධානයක් . ඉතිං එයාල එහෙම කියන්නෙ වගකීමක් ඇතුවනෙ, එතකොට කොහොමද අර වගේ දර්ශන ගන්නෙ?
1940 ට කලින් , චිත්‍රපට වල ඔය වගේ දර්ශන ගනිද්දි ඇත්ත අශ්වයින්ව ඇත්තටම වට්ටල ඒව තමා කැමරාවට අහු කර ගත්තෙ. ඒ සදහා හදපු උගුල්/තොණ්ඩු (Running W) වගේ ඒව තිබුන. ඒව පාවිච්චි කරල අවශ්‍ය තැනදි අශ්වයව වට්ටනව. මේක හරිම අමානුෂික ක්‍රමයක් උනා මොකද මේකෙන් සමහර අශ්වයින් අබාධිත උනා වගේම සමහර උන් මියගියා . මේ හේතුව නිසා ඇමරිකන් හියුමේන් සංවිධානය , චිත්‍රපට සමාගම් වලට බලපෑම් කලා මේ කුරිරු වැඩේ නතර කරන්න කියල .
ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමා බොරුවට වැටෙන අශ්වයො බිහිවුනේ!
ඔව් . මේ අශ්වයින්ව විශේෂෙන් පුහුණු කරල තියෙනවා අවශ්‍ය තැනදි බොරුවට වැටිල පෙරලිල යන්න නිකං හරියට වෙඩි වැදුන, කඩු පාර වැදුන වගේ... හැබැයි මෙහෙම වැටෙන්න කලින් අදාල තැන පොලව මෘදු විදියට සකසනව දූවිලි සහ ලී කුඩු යොදාගෙන .
මේ වගේ ට්‍රේන් කරපු අශ්වයෙක් ඉතිං සෑහෙන වටිනව වගේම ඔය වගේ එකෙක්ව පුහුණු කරන එකත් හරිම සියුම් වැඩක්. අශ්වයින් අතරින් හොඳම , ඉවසිලිවන්තම, කීකරුම උන්ව තෝරල , මේ සදහාම පුහුණුව ලබපු විශේෂ පුහුණුකරුවන් මාර්ගයෙන් මේ පුහුණුව ලබල දෙනව.
සොරල් ගෙල්ඩින් වර්ගයට අයිති, "වොන්ඩර්බ්‍රෙඩ්" (Wonderbread) කියන්නෙ වර්තමානයේ ඉන්න අන්න එහෙම බොරුවට වැටෙන අස්සයෙක්. මූ මේ මෑතකදි ආපු Django Unchained සහ True Grit නව නිෂ්පාදනයෙත් "රඟපාල" තියෙනවා . ඉතිං මූ විතරක් නෙවෙයි මේ වගේ උන් ඉස්සරත් ඉඳල තියෙනවා (1940න් පස්සෙ කාලෙ) ඒ වගේම තමා මෙයාලට සම්මාන දෙන්න උළෙලවල් පවා පවත්වල තියෙනව.
ඉතිං ඔන්න ඕකයි තත්ත්වෙ , අපි දකිනවට වඩා අපූරු දේවල් තිරය පිටුපස තියෙනව. මින් පස්සෙ අස්සයො ඉන්න කව් බෝයි ෆිල්ම්ස් එහෙම බලද්දි විමසිල්ලෙන් බැලුවොත් , බොරුවට වැටෙන අස්ස නලුවො හොයා ගන්න පුලුවන් වෙයි.

Subscribe to:
Posts (Atom)