කාලෙකට කලින් බලපු එකක් ආයිත් බැලුවෙ, ඒ චිත්‍රපටය ඉවර වෙනකොට දැනෙන අමුතු හැඟීම ආයි විඳින්න ඕනෙ කියල හිතුනු නිසා. චිත්‍රපටය තමා , The Curious Case of Benjamin Button (2008). බලපු අය දන්නව ඇති, මේක අමුතුම කතාවක් .
අපිට තියෙන්නෙ බෙන්ජමින් එක්ක පැය තුනකට ආසන්න කාලයක් "ජීවත් වෙන්න" හැබැයි ඒ අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන පිලිවෙලට ඉස්සරහට හැල්මෙ දුවන් යන විදිහට නෙවෙයි , ආපස්සට . මෙහෙම ආපස්සට යන ගමනෙදි බෙන්ජමින්ට හමුවෙන, වෙන්වෙන අයත් එක්ක අපිටත් ජීවිතේ බෙදාහදා ගන්න පුලුවන් . ඒ අය සමුඅරගන්න කොට අපිටත් දුකයි. ඒත් අපිට යන්න වෙන්නෙ බෙන්ජමින් එක්ක අනික් පැත්තට . ඒක අපූරුම අත්දැකීමක් , යතාර්ථය තුල කවදාවත් අත්විඳින්න නොලැබෙන දෙයක් .
සමහර චිත්‍රපට තියෙනව කාලය පැය දෙකක් ගතවුනාද කියලවත් නොදැනෙන, ඒ තරමට සිදුවීම් බහුල, කුතුහලයෙන් පිරුණු ඒව. තවත් සමහර ඒව තියෙනව , පට්ටම කම්මැලී , පැය දෙක ඉවසං ඉන්නෙත් අමාරුවෙන් . ඔය අතරෙ තවත් ඒව තියෙනව , ඒව බලල ඉවර වෙද්දි දැනෙන්නේ පැය දෙක තුනක් ගතවුනා කියල නෙවෙයි , ජීවිත කාලයක්ම ගතවුණා කියල . මේකත් අන්න ඒ ගොඩට අයිතියි .
මේකෙ අවසානය වෙද්දි අමුතුම උපේක්ෂාව මිශ්‍ර වුණු දැනීමක් එනව, එතකොට හිතෙනව, වඩා වැදගත් වෙන්නෙ අපි ජීවත් උනේ ඉදිරියටද ආපස්සටද කියන එක නෙවෙයි , ඒ ජීවිතේ අපි ගත කරල තියෙන්නෙ අපිට ආඩම්බර වෙන්න පුලුවන් විදිහකටද කියන එක බව.
ඒක දැනෙන්න මේක මග නොඇර බලන්න .
මූණු පොතේ කතා බහ
No comments:
Post a Comment