ලංකාවේ ඇත්තටම වෙච්චි සිද්ධි වලින් හොඳ සිනමා නිර්මාණ බිහි කරන්න පුලුවන් කියන එකට දෙන්න පුලුවන් හොඳ උදාහරණයක් තමා "සලෙලු වරම" (The Web of Love) කියන චිත්‍රපටය . මේක ඇත්තටම වෙච්චි සිද්ධියක නඩු වාර්තා අධ්‍යනය කරල තමා හදල තියෙන්නෙ . අධ්‍යක්ෂක වසන්ත ඔබේසේකර . අපිට හිටපු හොඳම අධ්‍යක්ෂකවරයෙක්. (මේ වසර මුල අපෙන් සමුගත්ත ඔහු)
මේකෙ කතාව ඇත්ත කතාවක් කිව්වනෙ, ඉතින් මේක ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නෙ කැලණිය කැම්පස් එකේලු. ඇත්තටම වුනේ මොකද්ද කියල සවිස්තරව මෙතන කියන්නේ නෑ , ඒක චිත්‍රපටය තුල හොඳට විස්තර වෙනව.
දැන් මේ කතාව (හෝ වසන්ත ඔබේසේකරගෙ බහුතරයක් චිත්‍රපටි ) බලද්දී ටිකක් අමුත්තක් දැනෙනව මොකද වසන්ත ඔබේසේකර චිත්‍රපටි කතාව ඉදිරිපත් කරන්නෙ අපිට පුරුදු පිලිවෙලට නෙවෙයි. ඒ කියන්නේ මුල මැද අග පිලිවෙලට නෑ මේකෙ. ඔක්කොම මාරු කරල තියෙන්නෙ. බලන කෙනා තමා ඒක ගලපගන්න ඕනෙ. දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒක විකාරයක්නෙ කියල . ඒත් ඒ ජාතියෙ ෆිල්ම්ස් බලපු අය තමා ඒකෙ ආතල් එක දන්නෙ.
මේ ළඟදි කෙනෙක් අහල තිබ්බ Memento ෆිල්ම් එක බැලුව, ඒක තේරෙන්නේ නෑ කියල . සමහර විට ඒකට හේතුවත් මේක වෙන්න ඇති. මොකද Memento කියන්නෙත් අර කියපු ශෛලියට අයිති එකක් .ඒ කිව්වෙ මුල මැද අග ඔක්කොම පටලවල තියෙන්නෙ . මේ ශෛලියට කියන්නේ , Non linear narrative කියල , ඒ කියන්නේ , අරේඛීය ආඛ්‍යායනයක් . අපි බලන හුගාක් ෆිල්ම්ස් වල අනුගමනය කරන්නෙ Linear narrative එකක් (රේඛීය ආඛ්‍යායනයක්) . රේඛීය ආඛ්‍යායනයක් තියෙන චිත්‍රපටි නෝමල් එකේ බලන් ඉන්නයි තියෙන්නෙ , ඒවයෙ මුලින්ම තියෙන්නෙ සාමකාමී අවධිය, ඉන් පස්සෙ ගැටුමක් නිර්මාණය වෙනව. අවසාන අවධියේදී ගැටුම විසදිලා නැවත සාමකාමී වෙලා යනව. හැබැයි මේ අරේඛීය සීන් එකේදි එහෙම නෑ. සමහර විට චිත්‍රපටය ඉවර වෙන්නෙ ගැටුමෙන්. ගැටුමෙන් පසු ඇතිවෙන තත්ත්වය ඊට කලින්ම පෙන්නනව. ඉතින් ලංකාවේ මේ ස්ටයිල් එකට ෆිල්ම්ස් හදපු එකම කෙනා මම දන්න තරමින් වසන්ත ඔබේසේකර විතරයි. හරි, වැඩි විස්තර කියල වැඩක් නෑ ඒක බලලම අත්විඳින්න .
ආයිත් මේ චිත්‍රපටය ගැන කිව්වොත්, 2002 අවුරුද්දෙ තමා මේක රිලීස් උනේ. කැම්පස් ආදර පලහිලව්වක් තමා කතාව . වසන්ත ඔබේසේකරගෙම වචන වලින් කිව්වොත්, මේකෙන් කතා කරන්නෙ , "අපි අනිත් අය සඳහා දෙන විනිශ්චය කොතරම් නිවැරැදිද සහ එය කොතරම් භයානක විය හැකිද" කියන කාරණය.
යූ ටියුබ් තිබේ..... බලන්න . (මේ රූපෙ කලු සුදු උනාට මේක වර්ණ චිත්‍රපටියක් )
මූණු පොතේ කතා බහ
No comments:
Post a Comment