මේ පහල තියෙන රූපෙ දැක්කම මට ඇතිවෙච්ච ප්‍රධාන ගැටලුව තමා,
අපි චිත්‍රපටියක් හෝ වෙනයම් ඕනෑම කළා නිර්මාණයක් නරඹන්න/අහන්න /කියවන්න ඕනෙ, ඒක නිර්මාණය කරපු කෙනාට කීයක් හරි හම්බ කරල දීමේ පරමාර්ථයෙන්ද?
එහෙම නැත්තං ඒක රසවිඳීමෙන් අපිට(මට) ලැබෙන සතුට/වින්දනය අරමුණු කරගෙනද කියන එක.
මම නම් එකෙන්ම අයිති ඔය දෙවෙනි ගොඩට.
ඒක නිසා, වෙන රටක නිෂ්පාදනය වෙච්චි චිත්‍රපටියක් නොබලා ඒ වෙනුවට මේ පහළ ඉන්න සෙට් එකට "මුදලක් ලැබෙන නිසා" සිංහල චිත්‍රපටියක් නැරඹීම, මමනම් කවදාවත් කරන්නෙත් නෑ කරන්න බලාපොරොත්තුවකුත් නෑ.
මම සිංහල චිත්‍රපටියක් සල්ලි දීල බලන්නෙ, සල්ලි දීලා බලන්න තරම් වටිනාකමක් ඒකෙ තියෙනවා නම් විතරයි. ඒ ඇරුණම ඕවෑ රඟපාන, අධ්‍යක්ෂණය කරන අයට ජීවත් වෙන්න කන්න අඳින්න ක්‍රමයක් ඇත්තෙම නැත්තං, ඔය CCC , Liberty වගේ හෝල් වලට ඇතුල් වෙන දොරවල් ලඟ පිං කැටයක් තිබ්බ නම් සානුකම්පිතව හිතල කීයක් හරි දාන්න තිබ්බ ඒවෑ යන ෆිල්ම් (හොලිවුඩ් හෝ බොලිවුඩ්) බලන්න යන වෙලේට.
මොකද ඔය සමහර හිඟන්නො ඉන්නෙ "අනේ මහත්තයො මට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ... මේ කපුරු පැකට් එක ගන්න, මේ හඳුන්කූරු පැකට් එක අරං උදව්වක් කරන්න" කියල හිඟා කන ? එතකොට මට සාමාන්‍යයෙන් කපුරු හෝ හඳුන්කූරු ගන්න අවශ්‍යතාවයක් නැති නිසා, මම කරන්නෙ ඒ මනුස්සයට උදව්වක් විදියට කීයක් හරි දෙන එක. පව්නෙ. අන්න ඒ වගේ ක්‍රමයක් හඳුන්වා දුන්න නම් හරි සිංහල සිනමාවේ සිටින මේ හිඟන පිරිසටත්. නැත්තං ඇත්තටම මේ කවුරුත් බලන්නෙ නැති හඳුන්කූරු , කපුරු මට්ටමේ නිෂ්පාදන කරන අධ්‍යක්ෂකවරුන්ට ජීවත් වෙන්න කන්න අඳින්න අමාරුයි තමා. පව්.
කිසිම රටක කිසිම කලා ක්ෂේත්‍රයක් මේ තත්ත්වෙට, ඒ කියන්නෙ "අනේ අපිට ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න ඔයාල අපි කරන දේවල් සල්ලි දීල බලන්නකො ඉහි ඉහි..." කියන කුජීත තත්ත්වෙට පත් නොවිය යුතුයි ...නොවේවා...! කියල තමා මම නම් ප්‍රාර්ථනා කරන්නෙ.
හිඟනකමට අනුබල දුන්නම වෙන්නෙ හිඟන්නො වැඩි වෙන එක විතරයි.
කෝච්චි වල දැන් තහනම් නේද? ඒ වගේ ෆිල්ම් හෝල් වලටත් මේ නීතිය ගේන්න කාලෙ හරි අප්පා. 😖
No comments:
Post a Comment