ඉස්සර නාට්‍යයක් ගියා, සිහින ඉසව්ව කියල. ඒක දිය කිඳුරියෙක් ගැන කතාවක්. මතක විදිහට, කොල්ලො දෙන්නෙක්ට දිය කිඳුරියෙක් හම්බෙනවා. ඒ දියකිඳුරිට ගොඩබිම ඉන්න පුලුවන් සීමා සහිත කාලෙකට හැබැයි ඊට පස්සෙ කකුල් නැති වෙලා වරල් වෙනවා. එයාගෙ නම මිත්‍යා. තව මේ කොල්ලො අඳුරන එයාලගෙ යාලු වෙන කෙල්ලෙක් ඉන්නව එයාගෙ නම සත්‍යා. සත්‍යා සහ මිත්‍යා රූපෙන් එක වගේ. (ඒ චරිත දෙකම කලේ එකම නිලිය කොහොමත්) කොහොම හරි දිය කිඳුරිව අල්ලල මිනිස්සුන්ට පෙන්නල ආදායමක් ගන්න ජාවරම්කාරයො සෙට් එකක් එයාව පැහැරගෙන යනව. පස්සෙ මේ කොල්ලො දෙන්නයි, අර සත්‍යා කියන කෙල්ලයි සෙට් වෙලා ගේම ඉල්ලල කොහොමහරි අන්තිමට මිත්‍යාව බේරගෙන මුහුදට යවනව.
ඔය නාට්ටෙ ගිහින් දැන් අවුරුදු විස්සක් විතර ඇති ඒත් තාම හොඳට මතකයි. මේකෙ දියකිඳුරි, වරල් එක්ක ඉන්න සීන් එහෙමත් ලස්සනට අරං තිබ්බා, සහ අන්තිම ෆයිට් එකට හෙලිකොප්ටරයක් පවා යොදාගෙන තිබ්බා.
ඒත් දැන් නම් ඒ වගේ නාට්‍ය හැදෙන්නෙ නෑ. නිකං සාලෙ මැද්දෙ ගෑනු කතා කරන ලොන්ත කතා විතරයි බහුතරය. ඈක්කා.
ලංකාවේ නිර්මාණකරුවො ගොඩක් උන් දැන් යතාර්ථයෙ හිර කාරයො වෙලා. උන් සුරංගනා කතා, ෆැන්ටසි කතා සලකන්නෙ පොඩි උන්ට බලන්න තියෙන ඒව විදිහට. ඒවත් හදන්නෙ පොඩි එකෙක්ට පවා බැලුවම එපා වෙන ගොබ්බ විදිහට. අර රන් කෙවිට එහෙම බැලුවනම් මතක ඇති. එහෙම රන් කෙවිටක්, ඇත්තටම ඒ වයසෙ කොල්ලො දෙන්නෙක්ට හම්බුනා නම් ඔය වගේ ගොබ්බ විදිහට හැසිරෙන එකක් නෑ. ඒත් ඒ ෆිල්ම් එකේ කොල්ලො දෙන්න ඒකෙන් මෙලෝ ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. උන්ගෙ මෝඩ කම ප්‍රදර්ශනය කරනව ඇරෙන්න. හැබැයි මොනා උනත්, උදයකාන්ත වර්ණසූරිය කියන්නෙ ශ්‍රී ලංකාවේ ඔය ජනකතා වගේ දේවල් වලින් පොඩියට හරි ප්‍රයෝජනයක් ගත්ත සිනමාකරුවෙක්. ඒත් ඒක ඔයිට වඩා හොඳට කරන්න තිබ්බා අපරාදෙ...
No comments:
Post a Comment