Sunday, September 9, 2018

San Junipero.......

Ooh baby do you know what that's worth...
Ooh heaven is a place on earth...
They say in heaven love comes first...
We'll make heaven a place on earth....
Ooh heaven is a place on earth...
(ඔබ දැන ගත යුතු වටිනා දෙයකි ...
සවර්ගය ඇත්තේ මේ පොලොව මතමය...!
ස්වර්ගයේ සියල්ලට පළමුව ඇත්තේ ආදරයලු...
ඉතිං ස්වර්ගය මේ පොලොව මත තැනක් කරමු...
ස්වර්ගය ඇත්තේ මේ පොලොව මතමය....)

Black Mirror බලපු අය දන්නව ඇති.

Black Mirror සීරීස් එකේ ආසම කතාවක් වුනු , හිතාගන්න අමාරු මට්ටමේ futuristic ගතියක් වගේම ආදරණීය බවක් තිබ්බ, තදටම හිතට වැදුණු San Junipero එපිසෝඩ් එක වෙනුවෙනි ...
(Belinda Carlisle ගෙ Heaven Is A Place on Earth අහන්න ගත්තෙ මේක නිසා)

අතිශයින්ම Predator ෆෑන්ස්ලට...

ප්‍රෙඩේට කියල ෆිල්ම් එකේ කිව්වට මුන්ගෙ ඇත්ත නම Yautja. සිංහලෙන් කිව්වොත් යඌට්ජා. යඌට්ජා ප්‍රයිම් (Yautja Prime) කියන ග්‍රහලෝකය තමා මුන්ගෙ මව් ග්‍රහලෝකය. ඒක සූර්යයන් දෙන්නෙක් ඉන්න ග්‍රහ පද්ධතියක්. වායු ගෝලය සෑහෙන දුරට අපේ එකට සමානයි. මේ ග්‍රහලෝකයේ ඉන්නෙ ප්‍රෙඩේටර්ස්ලා (යඌට්ජා කියල කියන්න අමාරු නිසා ප්‍රෙඩේට කියලම කියමු) විතරක් නෙවෙයි වෙන වෙන සත්තුත් ඉන්නව. තනිකර වෙනම ලෝකයක්නෙ ඉතිං. හැබැයි, බුද්ධිමත් ජීවියෙක් (sentient being) විදිහට ප්‍රමුඛ වෙලා ඉන්නෙ මුන් තමා.
ප්‍රෙඩේටර්ස්ලා කිරි බී වැඩෙන ඒත් චලතාපී සත්ත්ව විශේෂයක්. මුන්ගෙ සමාජය මාතෘ මූලිකයි. සාමාන්‍යයෙන් ප්‍රෙඩේට ගැහැණු සතෙක් පිරිමි සතෙකුට වඩා උසයි. ප්‍රෙඩේටර්ස්ලාගෙ ශරීරෙන් අමුතු ගඳක් වහනය වුනත් ඒක මිනිස්සුන්ට දැනෙන් නෑ. ඒක දැනෙන්නේ අනික් ප්‍රෙඩේටර්ස්ලට සහ සුනඛ කුලේ සත්තුන්ට (බල්ලන්, වෘකයන් වැනි) විතරයි. වැඩුණු ප්‍රෙඩේට කෙනෙකුට කිසිම යුධ පුහුණුවක් නැතුව වුනත් වැඩුණු පිරිමියෙක් එක්ක ද්වන්ධ සටනකින් දිනන්න පුලුවන් තරම් කායික ශක්තියක් තියෙනවා. ඔවුන්ට බාහු බලය විතරක් පාවිච්චි කරල කොන්ක්‍රීට් එකක් වුනත් කුඩු කරල දාන්න පුලුවන්. සාමාන්‍ය උණ්ඩ කිහිපයකින් වුනු තුවාල, භාහිර බෙහෙත් වලින් තොරව සුවකර ගැනීමේ හැකියාවකුත් ඔවුන්ගේ ශරීර සතුයි. ඒ වගේම මිනිස්සුන්ට මරණීය විය හැකි තරම් විකිරණ වලට නිරාවරණය වුනත් නොමැරී බේරෙන්න පුලුවන්.

ප්‍රෙඩේට පොඩිම එකෙක්ට කියන්නෙ පප් (Pup) කියල , පොඩි කාලෙ සටන් කරන්න එහෙම මුකුත් බෑ. එහෙම මොකවත් බැරි කෙනෙකුට කියන්නෙ Un-Blooded කියලයි. පස්සෙ බේසික් ට්‍රේනින් එකක් ලැබෙනව. ඒකෙන් පස්සෙ හඳුන්වන්නෙ, Young Blood කියලයි. මෙන්න මෙහෙම යන්ග් බ්ලඩ් රෑන්ක් එකේ ඉන්න එකෙක් Xenomorph කෙනෙක්ව (Alien කෙනෙක්ව) දඩයම් කලොත්, අන්න එතකොට තමා එයාට Blooded කියන රෑන්ක් එක ලැබෙන්නෙ. මේකෙදි පොඩි චාරිත්‍රයක් වගේ එකක් කරල මරපු Xenomorph ලේ වලින් පොඩි සලකුණක් දානව (නලලේ). ඒකෙන් පස්සෙ තමා, යඌට්ජා කෙනෙක්, නියම දඩයක්කාරයෙක් (Hunter) කියල පිළිගැනෙන්නෙ. ඉන්පස්සේ ක්‍රම ක්‍රමයෙන් තව තවත් හොඳින් දඩයම් ප්‍රගුණ කරල, ඊළඟ රෑන්ක් වලට යන්න පුලුවන්. ඒ කියන්නෙ ගෝත්‍රයෙ නායකයෙක් (Clan leader), ෂිප් එහෙක කැප්ටන් කෙනෙක් වගේ.

ප්‍රෙඩේටලගෙ ගෝත්‍ර සීයකටත් වඩා තියෙනවා. ඒ ඒ ගෝත්‍ර වල චාරිත්‍ර විධි සුළු සුළු විදිහට වෙනස් වුනත්, හැම ගෝත්‍රයක්ම කේන්ද්‍ර වෙලා තියෙන්නෙ, දඩයම් කිරීම මතමයි. දඩයම, හුදෙක්ම ක්‍රීඩාවක් වෙන අතර, ආහාර පිණිස හෝ සතුරන් විනාශ කිරීම පිණිස කරන දෙයක් නෙවෙයි. ඒ වගේම මේ දඩයම් වලදී සෑම ප්‍රෙඩේට කෙනෙක්ම අනිවාර්යයෙන් අනුගමනය කළයුතු අචාරධර්ම පද්ධතියක් (Code of Honour) තියෙනවා. උදාහරණයක් විදිහට, ගර්භණී අවස්තාවක ඉන්න සතෙක්ව හෝ ලෙඩකින් පීඩා විඳින සතෙක්ව දඩයම් කරන්න තහනම්, ඒ වගේම වෙනත් ප්‍රෙඩේට කෙනෙක්ගෙ දඩයමක් සොරාගැනීම හෝ, දඩයම් භූමිය ආක්‍රමණය කිරීම නොකළ යුතුයි. ඔය වගේ අචාරධර්ම කිහිපයක්ම තියෙනවා. ඒවා උල්ලංඝණය කළොත් Bad blood කියල සලකළ ඌව ගෝත්‍රයෙන් පිටමං කරනව. එවිට එතෙක් ලද සියලු රෑන්ක් අහිමි වෙනව.

සාමාන්‍ය දඩයම් වලට සහභාගී වෙනකොට මෙයාලා වෙනම යුධ සන්නාහ ඇඳුම් පාවිච්චි කරනව. ඒකෙ ප්‍රධාන කොටස් දෙකක් තමා, හිස් වැසුම සහ අත් වැසුම. මේ හෙල්මට් එක වගේ එකේ ගැජමැටික්ස් ගොඩක් තියෙනවා . සාමාන්‍ය තත්ත්ව යටතේ ප්‍රෙඩේට කෙනෙකුට පේන්නෙ අධෝරක්ත පරාසයෙ විතරයි . ඒත් මේ හෙල්මට් එකෙන් Vision modes මාරු කරල ඒ පරාසය පුළුල් කරගන්න පුලුවන්. අමතරව, වෙනත් ජීවීන්ගෙ හඬවල් අනුකරණය කරන්නත්, පරිවර්තනය කරල දෙන්නත් පුලුවන්. හෙල්මට් එක සහ අත්වැසුම අතර සම්බන්ධයක් තියෙන අතර හෙල්මට් එකේ සෙටින්ග්ස් ග්ලව් එකෙන් වෙනස් කරන්න පුලුවන්. ඊට අමතරව, සටනකදි පැරදුනොත්, ප්‍රතිවාදියට රැගෙන යන්නට කිසිවක් ඉතුරු නොකර ශරීරය අලු දූවිලි වෙලා යන විදිහට පිපිරෙන "ඩෙටනේටර් ඩිවයිස්" එහෙකුත් තියෙනවා. තුවාල උනොත් බහෙත් කරගන්න ප්‍රථමාධාර කට්ටලයකුත් මේ ඇඳුමට ඇතුළත්. ඊට අමතරව තව ආයුධ නම් සෑහෙන්න තියෙනව ඉතිං....

ඒ වගේම, දඩයමක් අවසානයේ තමන් දඩයම් කිරීමට බලාපොරොත්තු වෙන ගොදුර ටිකක් අභියෝගාත්මක එකක් නම්, ප්‍රෙඩේටගෙ කැමැත්ත අනුව ඌට ද්වන්ධ සටනක් කරන්න පුලුවන්. මෙහෙම කරද්දි සාමාන්‍යයෙන් සන්නාහ ආදිය ගලවනව. හෙල්මට් එකත් ගලෝනව. ඊට අමතරව, දඩයම අතරතුර අදෘශ්‍යමාන වීමේ හැකියාව (Cloaking) පාවිච්චි කරන්න අවසර තිබ්බත්, ද්වන්ධ සටනකදී ඒක භාවිතා කරන්න අවසර නෑ. එතෙන්දි ඒක ඕෆ් කරන්න ඕනෙ. (පළමු චිත්‍රපටයේ අවසන් ජවනිකාව සිහි කරන්න)
ඒ වගේම දඩයම සම්පූර්ණ කළැයින් පස්සෙ , අදාළ ගොදුර හම ගැසීම හෝ හිස කඳින් වෙන් කිරීම කරනව. ඊට පස්සෙ ඒ දඩයමෙන් මොකක් හරි සිහිවටනයක්/ සම්මානයක් (Trophy) විදිහට ලඟ තබා ගැනීමත් සිරිතක්.

පෙනුමෙන් වල් සත්තු වගේ උනාට, ප්‍රෙඩේටර්ස්ලට අපිට වඩා සෑහෙන දියුණු තාක්ෂණයක් තියෙන බව පැහැදිලියි. අවුරුදු පන්දහසකට විතර කලිනුත් උන් අන්තරීක්ෂ (තමන්ගෙ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට) ගමන් බිමන් ගියා. ඒ යන අතරෙදි අපේ ලෝකෙට ඇවිදින්, ඊජිප්තු, ඇස්ටෙක් වගේ ශිෂ්ඨාචාර වලට පිරමීඩ එහෙම හදන්න උදව් කරල තියෙනවා. ඒ උදව් වලට හිලව් වෙන්න මිනිස්සුන්ව පාවිච්චි කරල තියෙනවා Xenomorph ලව හදන්න ධාරක ජීවීන් විදිහට. මේ වැඩේ එක අවස්තාවකදි පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ගිහින්, පිරමීඩ වලින් Xenomorph ලා එලියට ඇවිදින් ලොකු විනාශයක් වෙන්න ගිහින් තියෙනවා. ඒ ආක්‍රමණය වලක්වන්න ප්‍රෙඩේටර්ස්ලට සිද්ධ වෙලා තියෙනවා අර ශිෂ්ඨාචාර පිටින් විනාශ කරල දාන්න. එදායින් පස්සෙ ප්‍රෙඩේටර්ස්ලා සහ මිනිස්සු අතර ලොකු ඇයි හොඳයිකම් තිබිල නෑ. හැබැයි ඉඳලා හිටල එකෙක් දෙන්නෙක් ඇවිල්ල ගිහින් තියෙනවා.

මේ සැප්තැම්බර් දාහතරත් ඔන්න එනවලු...

මූණු පොතේ කතා බහ

A Private War (2018)

මේක මේ නොවැම්බර් වල රිලීස් වෙන්න තියෙන බයෝපික් ෆිල්ම් එකක්. ප්‍රධාන චරිතය කරන්නෙ Rosamund Pike. එයා රඟපාන්නෙ, Marie Colvin කියන ඇමරිකන් මාධ්‍යවේදිනියගෙ චරිතයයි. චිත්‍රපට කතාවට පදනම් වෙලා තියෙන්නෙ, "Marie Colvin's Private War" නමින්, 2012 අවුරුද්දේ Vanity Fair සඟරාවේ පළවූ ලිපියක්.

ඇත්තටම මේ මේරි කොල්වින්ගෙ කතාව ටිකක් විතර ලංකාවටත් සම්බන්ධයි. මේරි කොල්වින් කියන්නෙ, යුධ පුවත් වාර්තාකාරිනියක්. ඇය සේවය කළේ, The Sunday Times නම් බ්‍රිතාන්‍ය පුවත් පතටයි.

2001 වසරේ ලංකාවේ උතුරේ සිදුවූ වන්නි මෙහෙයුම වාර්තා කිරීමේ කාර්‍ය ඇයට පැවරුණු අතර, මේ කාලයේ විදෙස් මාධ්‍යවේදීන්ට උතුරේ සටන් පවතින ප්‍රදේශ වෙත යාමට ඉඩ ලබාදුන්නෙ නෑ. නමුත් ඇය කෙසේ හෝ එම ප්‍රදේශ වලට ඇතුලු වී එම පුවත් වාර්තා කර තිබෙනවා . ඔය අතරතුර එවකට LTTE පාලනය යටතේ පැවති පෙදෙසක සිට රජයේ හමුදා පාලනය යටතේ පැවති ප්‍රදේශයකට යන අවස්තාවකදි, රජයේ හමුදා විසින් එල්ල කළ RPG ප්‍රහාරයකින්, ඇගේ වම් ඇස ඇයට අහිමි වෙනවා. එදා පටන් ඇය වම් ඇස ආවරණය වෙන්න eye patch එකක් දැම්මා. (ඔය ෆිල්ම් එකේ පෝස්ටර් එකේ පෙනෙන්නට තියෙන Eye patch එකට හේතුව එයයි.) එසේ වුවත්, ඇය නැවතත් මෙරටට පැමිණෙන අතර, යුද්ධයේ අවසන් සටනේ සිදුවීම්ද ඇතුලුව, ශ්‍රී ලංකා හමුදාව අතින් දෙමළ ජනතාවට සිදුවූ යුධ අපරාධ* සම්බන්ධයෙන්ද වාර්තා කොට තිබෙනවා.

ඇගේ යුධ වාර්තකරණය මෙරටට පමණක් සීමා වුනේ නෑ. 2011 වසරේදී සිදුවූ අරාබි වසන්තය වාර්තා කරන අතර ඇයට , මු(අ)ම්මර් ගඩාෆි සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීමේ අවස්තාවක්ද හිමිවෙනවා.

නැවතත් 2012 වසරේදී ඇය සිරියාවට ඇතුලු වෙන්නේ එහි සිදුවන ගැටුම් වාර්තා කිරීමටයි. ඒ, සිරියානු රජය විසින් විදෙස් මාධ්‍යවේදීන් එම පෙදෙසට ඇතුලුවීම නැවැත්වීමට දැඩි උත්සාහයක් දරණ අතරතුරය.
ශ්‍රී ලංකාව, චෙච්නියාව, සියොරාලියොන්, කොසෝවෝ , සිම්බාබ්වේ, ලිබියා, නැඟෙනහිර ටිමෝරය ඇතුලු රටවල් ගණනාවක යුධ වාර්තා කළ ඇය , සිරියානු යුද්ධය වාර්තා කළේ, එදාමෙදා තුර තමන් දුටු දරුණුම ගැටුම එය බව පවසමිනුයි. ඒ බව පසක් කරමින්, එම ගැටුම ඇගේ අවසන් යුධ වාර්තාකරණය බවටත් පත්වුණා ...
ඒක වුනේ කොහොමද කියන සම්පූර්ණ කතාව මේ චිත්‍රපටය තුළින් බලාගන්න පුලුවන් වෙයි.

(*තොරතුරු විකිපීඩියාවෙන්)

මූණු පොතේ කතා බහ

Apocalypto..... ටැපිර් දඩයම

Apocalypto කියන්නෙ 2006 අවුරුද්දේ ආපු ෆිල්ම් එකක් නිසා ගොඩ දෙනෙක් මේක බලල ඇති. බලපු ෆිල්ම්ස් අතුරින්, හිතේ තදින්ම රැඳිල තියෙන එකක් තමා මේක . බැලුව අය දන්නව ඇතිනෙ ඇයි කියල. මට හිතුනෙම මේ බලන්නෙ චිත්‍රපටයක් නෙවෙයි, කැමරාව අරං අතීතයට ගිහින්, වෙච්චි ඇත්ත සිද්ධියක් කැමරා කරන් ඇවිදින් කියල. ඒ තරමට හැම දර්ශනයක්ම මාර තාත්ත්විකව අරං තිබ්බ. ඒක ගැන ඉතිං වෙනම කතා කරන්න ඕනෙ.

ඔය දර්ශන අතරෙ විශේෂයෙන්ම මතක හිටිය සීන් එකක් තමා අර මුලින්ම පටන් ගනිද්දිම පෙන්නන ටැපිර් දඩයම. මේ සීන් එක අන්තිමට ටැපිර්ව (වල් ඌරෙක් වගේ පෙනුමක් තියෙන සතෙක්) උගුලට අහුවෙලා ඇමිණිලා යන හැටි දැක්කාම , අපි මේ බලන්න යන්නෙ , සීනි බෝල කතාවක් නෙවෙයි කියන පණිවිඩය මොලේට තදටම වදිනවා. ඕක බැලුවම මට ඇතිවුණ ගැටලුවක් තමා කොහොමද ඒ සීන් එක ගත්තෙ කියල. ඇත්තටම ටැපිර් කෙනෙක් මැරුවද ? නැත්තං කොහොමද ?

ඉතිං හොයල බලද්දි ඒ කතාව මෙහෙමයි ....

ෆිල්ම් එක සම්පුර්ණයෙන්ම යන්නෙ කැලෑවක් ඇතුලෙ. ඇත්තටම මේ කැලෑව, මෙක්සිකෝවේ දකුණට වෙන්න තියෙන කැලෑවක් . මේ දර්ශනය සඳහා අවශ්‍ය ටැපිර්ව හොයාගෙන තියෙන්නෙ, මෙක්සිකෝවේ Leon නගරයේ සත්තු වත්තෙන්. ටැපිර්ගෙ නම ස්කූටර්! ස්කූටර් (Scooter) කියන්නෙ Leon Zoo එකේ හැමෝම දන්න ප්‍රසිද්ධ ටැපිර් කෙනෙක්ලු. මූ සෑහෙන්න කියන දේ එහෙම අහන නිසා, ෆිල්ම් එකට තෝරගෙන තියෙනවා . මෙයයි මෙයාව බලාගන්න Barroso කියන පශුවෛද්‍ය තුමයි තමා ෂූටින් වලට ඇවිදින් තියෙන්නෙ. රඟපානව කියල ඉතිං ස්කූටර්ට කරන්න තිබ්බෙ පණ එපා කියල දුවන එකනෙ. මෙයාගෙ පස්සෙන් ගෝත්‍රික සෙට් එක එලෝනව. ඕක තමා දර්ශනය . විනාඩි කීපෙක දර්ශනයක් උනත් ඕක දවස් හතරක් විතර ෂූට් කරල තියෙනවා .
ස්කූටර්ව දුවවන්න උපක්‍රමය විදිහට පාවිච්චි කරල තියෙන්නෙ , සත්තුන්ව පුහුණු කරන්න යොදා ගන්න positive reinforcement කියන ක්‍රමය. ( මේක මිනිස්සුන්ටත් යොදාගන්නව) ඒ කියන්නෙ ඔය ඩොල්ෆින්ලට එහෙම කරණමක් ගැහුවම කටට මාලුවෙක් දානව. ඊට පස්සෙ ඌ තේරුම් ගන්නව, කරණමක් ගැහුවොත් මාලු ලැබෙන බව. ඉතිං පොඩි සන් කිරීමක් කලාම කරණමක් ගහල පෙන්නනව. (වසර අවසානයේ ලැබෙන බෝනස් එක සිහිකරන්න) අන්න ඒ වගේ, මේ ස්කූටර්වත් අවශ්‍ය විදිහට දුවන්න පොළඹවගෙන තියෙන්නෙ එයා කන්න කැමති දේවල් අල්ලස් විදිහට දීලා . ඒ කියන්නෙ මෙයා ඉස්සරහින් මෙයාගෙ භාරකාරය, බරාසෝ දුවනව, ස්කූටර් බරාසෝ පිටිපස්සෙන් දුවනව. හැබැයි පරතරයක් තියෙන නිසා, කැමරාවට බරාසෝව අහුවෙන් නෑ. සාමාන්‍යයෙන් මේ වගේ එක "කට්" එකක් තප්පර තිහක් විතර තමා ගන්නෙ. කැමරා අටක් විතර පාවිච්චි වෙනව මේ එක දර්ශනයකට. ඉන් පස්සෙ, ස්කූටර්ට එයා කන්න ආසම කෙසෙල් ගෙඩියි, කැන්ටලූප් කොමඩුයි, පානුයි ලැබෙනව. තව පිටත් පොඩ්ඩක් අතගාන්න ඕනෙ.
ඔය අතරෙ, සහාය අධ්‍යක්ෂවරයයි, කැමරාකරුවොයි ගත්තු දර්ශනය බලනව. සමහර විට මෙල් ගිබ්සනුත් සෙට් එකේ ඉන්නව. ඔය රිවීව් කරන වැඩේට පැය භාගයක් විතර යනව . ඉතිං එයාලා දර්ශනය ගැන සැටිස් නම් , ඊළඟ දර්ශනය ගන්න පුලුවන් . නැත්තං අර දර්ශනය ආයි ගන්න වෙනව. හැබැයි මේ විදිහට එක දිගට උපරිම කරන්නෙ දර්ශන වාර හතරක් විතරයි, මොකද ඊට වඩා කරන එක ස්කූටර්ට පීඩාකාරී නිසා. මේ දර්ශන කරද්දි මෙල් ගිබ්සන් ස්කූටර්ගෙ සුව පහසුව ගැන සෑහෙන්න හොයල තියෙනවා වගේම එයාට මහන්සි වගේ නම් ඕන වෙලේක විවේක ගන්නත් ඉඩදීල තියෙනවා.

ඉතිං අන්තිම සීන් එකේ ටැපිර් උගුලට අහුවෙන එක පෙන්නන්න යොදා ගෙන තියෙන්නෙ, ලොස් ඇන්ජලිස් සත්තු වත්තේ ඉන්න විශේෂඥයන්ගෙත් උදව්වෙන් ගානට අදාල මිමි එහෙම අරං මැනල හදපු ඇනිමැට්‍රොනික් (රොබෝ) ටැපිර් කෙනෙක්.

ෆිල්ම් එකේ ෂූටින් වලින් පස්සෙ ස්කූටර් ආපහු Leon Zoo එකට ගිහින් තියෙනවා. එයා ෆිල්ම් එකේ හොඳට රඟපෑව නිසා Apocalypto ටීම් එක මැදිහත් වෙලා සූ එකේ එය ඉන්න තැන වැඩිදියුණු කරල ලස්සනට හදල දීල තියෙනවා .
(මේ වර්ගයෙ Bairds ටැපිර්ලා මෙක්සිකෝවට පමණක් ආවේණික වන අතර, වඳවීමේ තර්ජනයට මුහුණ පාලා ඉන්න නිසා , IUCN රතු දත්ත පොතෙත් ලැයිස්තුගත වෙලා ඉන්නෙ. සාමාන්‍යයෙන් මේ ටැපිර් කෙනෙක්ගෙ ආයු කාලය අවුරුදු තිහක් විතර වෙනවා. )


ඉස්සර ඩිස්කවරි....

මීට අවුරුදු පහලොවකට විතර කලින් රූපවාහිනියෙන් ගියා ඩිස්කවරි වැඩසටහන්. ඒ කාලෙ ඔය ඉන්ටර්නෙට් මුකුත් තිබ්බෙ නෑ. තිරයකට කියල තිබ්බෙ ටීවි එකේ CRT මොනිටර් එක විතරයි . ෆිල්ම් කාටුන් නාට්‍ය හැම එකම ඕකෙන් තමා . ඉතිං ඉස්සර ඔය ඩිස්කවරි වැඩසටහන් වලිනුත් කැමතිම වැඩසටහන් සෙට් එක තමා , ඩිස්කවරි කිඩ්ස් යටතේ ආපු ටික. ඒකෙනුත් මම නම් හෙනම ආසාවෙන් බැලුවෙ , Mega Movie Magic කියන එක . මතක ඇති සමහර විට. ඒ කාලෙ ඉතිං ෆිල්ම්ස් බැලුවෙත් ටීවී එකේ යනකම් ඉඳලා , ඒක මිස් උනොත් මිස් උනාමයි.  ෆිල්ම්ස් හදන විදිහ පෙන්නන වැඩසටහනකට කියල තිබ්බෙම ඔච්චරයි මතක හැටියට . ඒ කාලෙ CGI කියන එක එච්චරම හිට් වෙලා නැති නිසා මේකෙ පෙන්නුවෙ වැඩි හරියක් Special effects ඒ කියන්නෙ practical effects . ගොඩ්සිලා එහෙම හදපු හැටි පෙන්නුව මතකයි. පස්සෙ කාලෙක අලුතින් ඩිස්කවරි ප්‍රෝග්‍රෑම් ගෙන්නන එක නතර කරල ගිය ඒවම ආයි ආයි දැම්මත් ඒ ටිකත් බැලුව ඉතිං . M3 එකට අමතරව ,  Real Kids Real Adventures , Operation Junkyard , Mystery Hunters වගේ ඒවත් මතක ඇතිනෙ ? ඉස්කෝලේ ඇරිල ඇවිදින් බලන්න  හවසට ඕව ගිය කාලයකුත් තිබුනා. ඒත් පස්සෙ ඩිස්කවරි නැතිම කරල දැම්මා. දැන් ඔය පියෝ ටීවි එකේ එහෙම ඩිස්කවරි තිබ්බට ඒවා දැම්මොත් යන්නෙ අර ජෝඩුවක් කැලේ හෙලුවෙන් යන එකයි නැත්තං අර රිවර් මොන්ස්ටර්ස් රෙද්දයි එක්කො නැත්තං කොහෙ හරි මොන්ගෝලියාව වගේ රටක ගෝත්‍රික සෙට් එකක් නටනව පෙන්නනවා 😒. දැන් කොහොමත් ඩිස්කවරි එන්නෙත් ඉන්දියාව හරහා නිසා ඒකත් දකුණු ආසියාවටම හරියන්න උවමනාවෙන්ම චොර කරලද කොහෙද එවන්නෙ.
මුන්ට මොන තාක්ෂණේද කියල තමා අර හෙලුබැල්ලෙන් කැලේ ඇවිදින ඒව අපිට පෙන්නන්නේ 😭.

දසමහ යෝධයින්ගේ සිනමා සම්ප්‍රාප්තිය ...!

මේ සැරේ Lanka Comic Con එක පහුගිය දවස් වල පැවැත්වුනා. මේකෙදි එලියට ආපු එක දෙයක් තමා මේ දසමහා යෝධයො යොදාගෙන කරන්න යන 3D Animation ෆිල්ම් එක. මේක නම් කරල තියෙන්නෙ, "දස මහා යෝධයෝ" (Legend of the 10 Giants) කියලයි. මේ ෆිල්ම් එක එන්න කලින්, prequel story එක කොමික් බුක් සීරීස් එකක් විදිහට launch වෙනවලු මේ සැප්තැම්බර් වල. ඉන් පස්සෙ ඒ ඔස්සෙ ඉදිරි කතාව කොමික් බුක් වලින් යන අතර ඒකෙන් ෆිල්ම් එකකුත් හැදෙනවා. මේකෙ ට්‍රේල එක 2019 රිලීස් කරන්න බලාපොරොත්තු වෙන අතරෙ, ෆිල්ම් එක 2020 දී රිලීස් කරන්නයි සූදානම. Imaginare කියල සෙට් එකක් තමා මේ වැඩේට මූලික වෙලා කටයුතු කරන්නෙ.
ලංකාවේ මීට කලින් මහදැනමුත්තයි ගෝලයො රොත්තයි කියල කාටුන් ෆිල්ම් එකක් නිපදවල තියෙනවා, ගිවන්ත අරථසාද් තමා ඒක අධ්‍යක්ෂණය කලේ. ඉන් පස්සෙ ආවේ ඉදිරියේ එන්න නියමිත ගජමෑන් ඇනිමේෂන් ෆිල්ම් එක.
ඉතිං ඊට පස්සෙ මේකත් සාර්ථක නිර්මාණයක් විදිහට එලිදැක්වෙයි කියල හිතනවා. මේ විදියෙ ට්‍රෙන්ඩ් එකක් ඇති වීමම සතුටක් ... හැබැයි ඉතිහාසයේ හිටපු ඇත්ත චරිත භාවිතා කරනවට වඩා fictional characters පාවිච්චි කරන්න පුලුවන් නම් වඩා හොඳයි , මොකද ඒ චරිත වලට (Superman , Batman වැනි) කොපිරයිට්ස් ඉල්ලන්න පුලුවන් . ඒත් දසමහා යෝධයො වගේ දේකට කොපිරයිට් claim කරන්න පුලුවන්ද කියන එක ගැටලුවක්. ඒක නිසා මේ චරිත වාණිජ වශයෙන් සාර්ථක වුනොත් වෙන අයත් පාවිච්චි කරන්න පුලුවන් .

[නම සඳහා අමු අමුවේ දසමහා යෝධයො/Legend of the 10 Giants කියලම පාවිච්චි නොකර වෙන නිර්මාණාත්මක තනි පදයක් පාවිච්චි කළා නම් කොමික් සංස්කෘතියට වඩා ගැලපෙන බව සිතමි]
මූණු පොතේ කතා බහ

Friday, August 31, 2018

The Red Turtle (2016)

බැලූ බැල්මට ළමා චිත්‍රපටයක් වගේ පෙනුනත් මේක ළමයින්ට හදපු එකක් නම් නෙවෙයි . බලල ඉවර වුනාම නිකං සාංකාවක් වගේ අමුතු හැඟීමක් තමා ඇතිවුණේ මට නම් . මේක බැලුවම අන්තිමට ප්‍රශ්න ඇති වෙයි , මොකද්ද මේකෙ තේරුම? නැත්තං සම්පුර්ණයෙන්ම හීනයක්ද? තේරුමක් නැති එකද තේරුම ? වගේ... හැබැයි ඒ මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් ඔබ ඒකෙ අධ්‍යක්ෂවරයාගෙන් අහන ප්‍රශ්න නෙවෙයි . ඔබේ ජීවිතය සම්බන්ධයෙන් ඔබෙන්ම අහන ප්‍රශ්න.... ඒක තමා මේකෙ විශේෂත්වය මට නම් .
මුලින්ම නිකං රොබින්සන් කෲසෝ ටයිප් එකේ කතාවක් විදිහට පටන් අරං, හැරවුම් ලක්ෂයක් විදිහට හඳුන්වන්න පුලුවන් සුවිශේෂී සිද්ධියක් නිසා ඒ රොබින්සන් කෲසෝ ගතිය නැති වෙලා යනව. මේකෙ මතුපිටින් බැලුවම නිකං ජනකතා ගතියක් තිබ්බත්, රූප සංකේත වලින් කියන්න හදන ඊට එහා ගිය තව ලේයර්ස් දෙකක් විතර තියෙනවා කියල තේරුම් යනව හරියට බැලුවොත් .

චිත්‍රපටයේ කාටුන් ගතිය ඒකෙ කතාවට හරියටම ගැලපෙනව. දූපතේ ලස්සන සෑහෙන්න හිතට දැනෙන විදිහට සරලව ඇනිමේට් කරල තියෙනවා . අනික, මේක සම්පුර්ණයෙන්ම නිහඬ චිත්‍රපටයක්. (ඒක නිසා උපසිරස ගැන වද වෙන්න ඕනෙම නෑ.) එක වචනයක් වත් කතා නොකර , මෙච්චරටම දැනෙන විදිහට රූප වලින් විතරක් ලස්සන හරඹයක් කරල තියෙනවා කියල විශේෂයෙන්ම කියන්න ඕනෙ....

එහෙනං බලපු නැති අය බලන්න .
spoilers ahead....
බලල නැත්තං පහල කියවන්න එපා.

🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀

මුලින්ම පෙන්නන විදිහට මනුස්සයෙක් මුහුදෙ පාවෙලා ගිහින් ජනශුන්‍ය දූපතකට එනව. මේ දූපතේ කන්න බොන්න දේවල් තිබ්බත්, ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය එක ප්‍රධාන දෙයක් නෑ. ඒ තමා ආශ්‍රය කරන්න තව එකෙක්. පවුලක්, පරම්පරාවක්... ඉතිං මූ කොහොම හරි දූපතෙන් පැන ගන්න බලනව. එතෙන්දි මූ යන්න හදන එක අර කැස්බෑවා නතර කරන්නෙ මිනිහගෙම හොඳට . මොකද මේ මනුස්සයා බලාපොරොත්තු වෙන, හොයන සතුට, සම්පුර්ණත්වය තියෙන්නෙ මුහුදෙන් එහා නෙවෙයි මේ පුංචි දූපතේමයි. මෙතෙන්දි අර කාන්තාව බවට පත්වෙන කැස්බෑවගෙන් සංකේතවත් වෙන්නෙ ස්වභාවයධර්මයම තමා . ඒ වගේම කතාව මැද හරියෙදි තේරෙනව, මේ මනුස්සය මුලින් පැනල යන්න හැදුවට, එයා ඇත්තටම අයිති මේ දූපතටම බව. ඒක තමා උගේ ඉරණම . ඌට නියම වෙලා තියෙන චක්‍රය. ඒ මනුස්සයගෙන් සංකේතවත් වෙන්නෙ මුලු මනුස්ස සංහතියමයි. ජීවත් වෙන්න අවශ්‍ය මූලික දේවල් අවශ්‍ය ප්‍රමාණයෙන් තිබ්බත්, මිනිහා හැම වෙලේම බලන්නෙ, එතනින් එහාට පනින්න . මුලු ජීවිතේම කරන්න හදන්නෙ ඒක. කුතුහලයෙන් යුතුව මොකද්දෝ හොයන එක. මේ කතාවෙ එන මිනිසාගේ පුතා කරන්නෙත් තාත්තා කරපු දේමයි. ඌත් අන්තිමට තීරණය කරනව, මේ දූපතේ සිටීම "මදි" නිසා ක්ෂිතිජයෙන් එහා තියෙන ලෝකෙ හොයාගෙන යන්න. කතාව මැද්දේ එන සුනාමිය සංකේතවත් කරන්නෙ, ඒ පුතාගෙ හිතේ ඇතුලෙ තියෙන අරගලය. ඊලඟට අර තාත්තා සහ පුතා දෙන්නම වැටෙන ගුහාවෙන් ඒ දෙන්නම තමන්ම තනියෙන් ගොඩ එන එක ... ඒකෙන් කියන්නෙ මිනිස්සුන්ට එන විවිධ තර්ජන වලින් පාඩම් ඉගෙනගෙන, කලින් හිටියට වඩා දැනුම් තේරුම් තියෙන අලුත් මිනිස්සු හැදෙන එක . (මේකෙ ඒ කොලුවා පීනන්න ඉගෙනගන්නෙ එතෙන්දි )
මූණු පොතේ කතා බහ

Saturday, August 18, 2018

හරියටම හරි සීට් එක!

ෆිල්ම් එකක් බලන්න යනකොට ඇති වෙන එක ප්‍රධාන ප්‍රශ්නයක් තමා (මන්ද ඉතිං මටනම් සෑහෙන ප්‍රශ්නයක් 😄) වාඩිවෙන තැන.
චිත්‍රපට ශාලාවක අසුන් ගැනීමට සුදුසුම අසුන මොකද්ද ? ඇත්තටම එහෙම එකක් තියෙනවද නැත්තං ඒක පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙන එකක්ද?
ඇත්තටම ටෙක්නිකලි හරියටම හරි සීට් එකක් තියෙනවා .
ඒක තියෙන්නෙ , සිනමා ශාලාවෙ දිගින්, තිරයේ සිට තුනෙන් දෙහෙක දුරක් ගිය තැන ඇති සීට් පේලියෙ මැද.
ඒ කොහොමද ඒ සීට් එක හරිම එක වෙන්නෙ?
සාමාන්‍යයෙන් ෆිල්ම් හෝල් එකක් හදද්දී ඒකෙ සවුන්ඩ් සිස්ටම් එක කැලිබ්‍රේට් කරන්න ඕනෙ. ඕක කරන්න මයික්‍රෆෝන් සෙට් එකක් (bundle එකක් ) පාවිච්චි වෙනව. සවුන්ඩ් සිස්ටම් එක ඔන් කරල , ඔය මයික් තැන් තැන් වල තියල සවුන්ඩ්ස් හරියටම හරිද කියල බලනව. ඒත් ඔතෙන්දි මයික්‍රෆෝන් ගොඩක් පාවිච්චි වෙන නිසා ඇවරේජ් එකක් තමා එන්නෙ. හැබැයි සමහර ගණනය කිරීම් වලට locations ගොඩක් පාවිච්චි කරන්න බෑ. ඒකට තනි location එකක් ඕනෙ වෙනව. අන්න ඒ ලොකේෂන් එකට තමා ප්‍රයිමරි මයික් එක සෙට් කරල , calibrate කරන්නෙ. අන්න ඒ primary mic එක සෙට් කරන තැන තමා අර කලින් කිව්ව තැන . තුනෙන් දෙකක් ගිය තැන ඇති සීට් පේලියෙ මැද හරිය. ඒ කියන්නෙ technically , ඔතෙන්දි තමා ෆිල්ම් හෝල් එකේ සවුන්ඩ් සිස්ටම් එකේ උපරිමය අත්විඳින්න පුලුවන්. (සවුන්ඩ් ටෙස්ට් කරන්න මෙතනම තෝරගෙන තියෙන්නෙ, ස්වභාවිකවම හෝල් එහෙක වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ ඔය හරියෙ සීට් වලට නිසාලු)
හැබැයි දැන් ලෝකෙ හැදෙන අති නවීන සිනමා ශාලා වල , වෙනසක් නැතිව කොතන ඉඳගත්තත් එකම සුපිරි කොලිටියට ඇහෙන විදිහට තාක්ෂණික උපක්‍රම පාවිච්චි කරනව. මේවයෙ ස්පීකර්ස් align කරන්නෙ ලේසර් කිරණ වලින්. ඒ වගේම දවසට එක සැරයක් වත්, මයික්‍රෆෝන් පාවිච්චියෙන්, ස්පීකර්ස් ඔටො කැලිබ්‍රේට් වෙන විදිහට හදල තියෙනවා .
ඒ වගේ ඒව ඉතිං තාම මෙහෙ නෑ. මෙහෙ හෝල්ස් වල තාම ඉස්සරයින් වාඩි වෙන එකාගෙ ඔලුගෙඩියෙ ප්‍රමාණය වගේ කරුණු මත අපිට ස්ක්‍රීන් එක පෙනෙන ප්‍රමාණය තීරණය වෙන්න ඉඩ ඇති නිසා, සවුන්ඩ් එකට වඩා මම නම් හිතන්නෙ ඒ ගැන 😃.
(THX ආයතනයේ අධ්‍යක්ෂ, Steve Martz ගේ අදහස් වලින් Seth Porges විසින් vulture වෙබ් අඩවියේ පලකළ ලිපියක් ඇසුරිනි.)
[සාමාන්‍ය හෝල් එහෙක සහ අලුත්ම සැම්සුන් Onyx හෝල් එහෙක sounds විසිරෙන විදිහ රූපයේ දැක්වේ.]
මූණු පොතේ කතා බහ

විනීද පූට බය චීන ජනපති ...

Christopher Robin කියන්නෙ ඩිස්නි ස්ටුඩියෝ එකෙන් මේ අවුරුද්දේ ජූලි මාසෙ රිලීස් කරපු, හැමෝම ආදරේ කරන කහපාට වලහා, Winnie the Pooh ඉන්න live action ෆිල්ම් එකක්. ( 2017 ආපු Good Bye Christopher Robin චිත්‍රපටය සමඟ පටලවා නොගන්න.)
ඒත් මේක චීනය විසින් එරටේ ප්‍රදර්ශනය තහනම් කලා. ඒකට හේතුව, ඒ රටේ ඉන්ටනෙට් පාවිච්චි කරන සෙට් එක , Winnie the Pooh ව චීන ජනාධිපතිට සමාන කරල මීම්ස් හදල share කරපු එක. දැන්, චීනයේ වෙබ් බ්‍රව්සර් වල Winnie කියල ගහල search කලත් රිසල්ට් විදිහට එන්නෙ, content is illegal කියල විතරයි . ඒ තරමට චීනයට විනීව පෙන්නන්න බෑ.
මේ සමාන කිරිල්ල මුලින්ම පටන් ගන්නෙ, චීන ජනාධිපතිගෙ, 2013 අවුරුද්දේ ඇමරිකා සංචාරය එක්ක. ඒකෙදි එයා එවකට ඇමරිකන් ජනපති ඔබාමා එක්ක ඇවිදන් යන ෆොටෝ එකක් , Winnie , එයාගෙ යාලු ව්‍යාඝ්‍රයා Tigger එක්ක යන ෆොටො එහෙකට සමාන කරල හදපු මීම්ස් share වුනා. ඇත්තටම ඒ ෆොටො දෙකේ මොකද්දෝ අමුතු සමානකමක් තියෙනවා කියල පේනවා බැලූ බැල්මට. ඉන් පස්සෙ දිගින් දිගටම චීන නායකයව විනීට සමාන්තරව තියෙන ෆොටෝස් එහා මෙහා සැරිසරන්න ගත්තා. ඊලඟට 2014 අවුරුද්දේ චීන ජනපති , ජපානෙ ජනාධිපති ෂින්සෝ අබේ හම්බුනු වෙලේ ගත්තු ෆොටො එකක් ආයි හිට් වුනා. මෙතෙන්දි චීන ජනාධිපති Xi Jinping ව Winnie ට සමාන වෙන අතරෙ, ජපානෙ ජනාධිපතිව පෙනුනෙ, Winnie ගෙ තවත් යාලුවෙක් වුනු දුක්බර මූණක් තියෙන බූරු පැටියා, Eeyore විදිහට. ඔන්න ඕකත් එක්ක තත්ත්වය එන්න එන්නම දරුණු වුනා. සැරටම මීම්ස් share වෙන අතරෙ මේක නවත්තන්න, බලධාරින් කලේ එවගේ ෆොටෝස් , මීම්ස් අන්තර්ජාලයෙන්ම අයින් කරල දාන එක. කොටින්ම මේ ගැන විහිලු තහලු කරපු ටීවි ප්‍රොග්‍රෑම් පවා තහනම් කළා.
ඔන්න ඔය වගේ තත්ත්වයක් තියෙද්දි කොහොමද ඉතිං Winnie the Pooh ගෙ කතාව තියෙන ෆිල්ම් එකක් රටපුරා පෙන්නන්න අවසර දෙන්නෙ? ඒක නිසා චීනයේ මේ ෆිල්ම් එක තහනම්.
හැබැයි, වසරකට විදෙස් චිත්‍රපට තිස් හතරකට පමණක් අවසර දීමේ චීනයේ විදෙස් චිත්‍රපට සම්බන්ධ ප්‍රතිපත්තියත් මේකට හේතුවක් වුනා කියල කියනව. ඒත් ඉතිං ඇත්තම හේතුව තමා Xi Jinping ට තමන්ව ජෝක් එකක් වීම දරාගන්න බැරි වීම .
(ඒ අතින් බැලුවම අපේ එක්කනා හොඳයි නේද හිටං 😉? අපි අපිට ලැබිල තියෙන නිදහස අවභාවිතා කරනවද කියලත් හිතෙනව😃)

මූලාශ්‍ර: theguardian and wikipedia.


මූණු පොතේ කතා බහ

The Nutcracker and the Four Realms (2018)

මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේදී තිරගත වෙන්න තියෙන ඩිස්නි සමාගම ඉදිරිපත් කරන, සුරංගනා කතා අලුත් විදිහට, චිත්‍රපට බවට පත් කරන එයාලගෙ ප්‍රොජෙක්ට් එකේ අලුත්ම චිත්‍රපටය තමා මේක .

මේකෙ නම ඇහුවම තේරුමක් නෑ වගේද? මේක සුරංගනා කතාවකින් හදපු එකක් උනාට , අර හිම කුමරිය හෝ සින්ඩරෙල්ලා වගේ අපිට එච්චර හුරුපුරුදු එකක් නෙවෙයි නිසා තමා එහෙම වෙන්නෙ. ඉතිං ඒක දැන ගන්න නම් ටිකක් විස්තරයක් කරන්න වෙනවා. මුලින්ම කියන්න වෙන්නෙ මේ nutcracker කියන වචනය ගැන . Nut කියන්නෙ තද ආවරණයක් තියෙන ඇට වලට , ඒ කියන්නෙ ඔය යුරෝපයේ තියෙන හේසල්නට් වගේ එව්වට. ඉතිං ඕවෑ තියෙන තද ආවරණය තලල මදේ එලියට ගන්න උපකරණ තියෙනවා . අන්න ඒවට තමා පොදුවේ nutcracker කියන්නෙ . (නිකං හිතන්නකො අපි පුවක් ගෙඩි සුද්ද කරන්න ගිරය පාවිච්චි කරනව වගේ)
ඔය nutcracker ටූල් එක ඉස්සර පාවිච්චි කරල තියෙන්නෙ ජර්මනිය වගේ රටවල් වල. කාලෙත් එක්ක ඒ ටූල් එකට, එක එක ඩිසයින් එකතු වෙලා, ඒව පුංචි බෝනික්කො විදිහට හැදුනා. ඒ කියන්නෙ ඔය බෝනික්කන්ගෙ කටට තමා එතකොට අර nut එක තියල තද කරල පුපුරව ගන්නෙ. දෙවෙනි ලෝක යුද්දෙට ජර්මනියට ආපු ඇමරිකන් සොල්දාදුවො නිසා ඒ බෝනික්කො ඇමරිකාවටත් ආවා. පස්සෙ පස්සෙ nutcracker dolls ලගෙ සැබෑ ප්‍රයෝජනය අනවශ්‍ය උනා මොකද ඒ වෙනකොට පොත්ත ඇරපු ඇටවර්ග කෙලින්ම වෙළෙඳපොළට ඇවිදින් තිබ්බා. ඊට පස්සෙ මේ nutcracker dolls ලා නිකංම නත්තල් කාලෙට පුංචි අයට දෙන සුකුරුත්තන් සෙල්ලම් බඩුවක් බවට පත්වුණා. ඉතිං ඔන්න ඕකයි ඔය nutcracker කියන පදේ කතාව , බොහොම කෙටියෙන් .

හරි දැන් බලමු මේ සුරංගනා කතාව මොකද්ද කියල . මේ කතන්දරේ මුල තියෙන්නෙත් ජර්මනියෙම තමා . ජර්මන් ජාතික E.T.A. Hoffmann කියන ලේඛකයා විසින් 1816 දී කතාවක් ලියනවා, ඒකෙ නම, The Nutcracker and the Mouse King. මේ කතාවෙන් කියවෙන්නෙ, මේරි කියන පුංචි ගෑනු ළමයෙක්ට නත්තල් තෑග්ගක් විදිහට ලැබෙන, nutcracker බෝනික්කෙකුට පණ ඇවිදින් , ඉන්පස්සේ මේ ළමයයි ඒ බෝනික්කයි එකතු වෙලා නපුරු මී රජෙක් පරද්දන සිද්ධියක්. (මුලු කතාව මෙතන කියන්න ඕනෙ නෑනෙ)
ඔන්න ඔය කතාවත්, එක්දාස් නමසිය හතලිස් ගනන් වල ජර්මනියෙ ඉඳලා ඇමරිකාවට ගිය සොල්දාදුවන් විසින් (දෙවැනි ලෝක යුද්දෙ අවසානයේ ) අර කිව්ව බෝනික්කො එක්කම ඇමරිකාවට අරං යනවා. ඊට අමතරව , 1892 වගේ අතීතයේදී , රුසියාවේ මේ මුල් කතාවෙන් බැලේ නාට්ටයක් නිපදවනවා The Nutcracker කියල . මේ නාට්‍යයත් නවසිය හැට ගණන් වලදී ඇමරිකන් නිෂ්පාදනයක් විදිහට ඇමරිකාව පුරා ජනප්‍රිය වෙනවා. අදටත් , සිරිතක් විදිහට නත්තල් කාලෙට මේ බැලේ නාට්‍යය පෙන්නනව . ඉතිං ඔන්න ඔහොම බැලුවම , ඇමරිකාව , රුසියාව සහ අනික් යුරෝපා රටවල් වලට , මේ නට්ක්‍රැකර් සුරංගනා කතාව අමුතු දෙයක් නෙවෙයි . ඒක ඒ රටවල් වල සෑහෙන්න ජනප්‍රිය කතාවක් .

ඔය කතාවම මුල් කරගෙන, 2009 අවුරුද්දේ ෆිල්ම් එකක් ආවා, The Nutcracker in 3D කියල . මේක බ්‍රිතාන්‍ය - හංගේරියානු සම නිෂ්පාදනයක් විදිහට ආවේ. ඒත් මේක අන්තිම අසාර්ථක නිර්මාණයක් වුනා. කොටින්ම හදපු කම්පැනි එකට ඩොලර් මිලියන අසූවක් විතර පාඩු වුනා . කොහොම හරි මේ ෆිල්ම් එකේ තිබ්බෙ අර කවුරුත් දන්න සුරංගනා කතාවම තමා .( සුලු සුලු වෙනස් කම් තිබ්බට.)

පස්සෙ ඔන්න ඩිස්නි සමාගම 2016 දි නිවේදනය කළා එයාලගෙ classic fairly tales නැවත කියන වැඩපිළිවෙළ යටතේ , මෙන්න මේ සුරංගනා කතාවත් අලුතින් , live action ෆිල්ම් එකක් විදිහට හදනව කියල . අන්න ඒ ෆිල්ම් එක තමා , මේ අවුරුද්දේ (2018) නොවැම්බර් වල ඔය රිලීස් කරන්න යන්නෙ.
හැබැයි මේක නම් ෆ්ලොප් වෙන එකක් නැති වෙයි. මොකද ඩිස්නිලා වැඩක් කරන්නෙ ආවට ගියාට නොවෙන නිසා . ට්‍රේල එක බැලුවම පේනවා වෙනස. දෙන්න පුලුවන් උපරිම සුරංගනා ගතිය දීලා තියෙනවා . අනික මේක කවුරුත් දන්න කතාවම නෙවෙයි ඊට එහා ගිය අලුත් ස්ටෝරි ලයින් එකක් හඳුන්වල දීලා තියෙනවා කියල හිතන්න පුලුවන් . (අර Sleeping Beauty, කතාව Maleficent විදිහට remix කලා වගේ)
මේකෙ නමත් ටිකක් වෙනස් , four realms කෑල්ලක් තියෙනවා . ඒක නිසා අර පරණ කතාව දන්න නොදන්න හැමෝටම අලුත්ම එකක් විදිහට බලන්න පුලුවන් ...
(Nutcracker dolls ලගෙ රූපෙකුත් දාල තියෙනවා බලන්න )

මූණු පොතේ කතා බහ

Sunday, August 5, 2018

A Quiet Place (2018)

මේක හොරර් කැටගරියෙ ෆිල්ම් එකක් නිසා, මේකෙ පසුබිමේ තියෙන සිද්ධියට විද්‍යාත්මක හේතු හොයන්න අවශ්‍යතාවක් නැති උනත්, ඇස් පේන්නත් නැති සත්තු ටිකක් ලෝකෙ ජනතාව අභිබවා ගිහින් "post apocalyptic " තත්ත්වෙට පත් කරන කම් ලෝකෙ ආයුධ සන්නද්ධ හමුදා වගේ ඒව මොනව කළාද කියල කෙනෙකුට හිතෙන්න පුලුවන් . ඒත් ඒ ප්‍රශ්නය මේ වගේ චිත්‍රපටයක් සම්බන්ධයෙන් invalid ගතියක් තියෙන එකක් නිසාම, ෆිල්ම් එක දුවන පසුතලය නිර්මාණය උනේ කොහොමද කියන එක ගැන වැඩිය නොහිත හොරර් එකක් විදිහට බලන එක තමා කරන්න ඕනෙ.

චිත්‍රපටයේ ප්‍රධාන නලුවා වගේම ඒකෙ අධ්‍යක්ෂවරයත් වෙන ජෝන් ක්‍රසින්ස්කිට අනුව නම් මේකෙ horror ගතියටත් වඩා එලියට එන්නෙ, අම්මෙක් සහ තාත්තෙක් තමන්ගෙ දරුවන් තම ප්‍රාණය දෙවැනි කොට රැකගන්න හදන ,parenting ගැන කතාවක්ලු...
අනික් කාරණේ තමා මේකෙ ප්‍රධාන නිලිය වෙච්චි එමිලි බ්ලන්ට් සහ නලුවා වෙච්චි ජෝන් ක්‍රසින්ස්කි සැබෑ ජීවිතයෙත් අඹු සැමියො වීම. ඒ ගොල්ලන්ගෙ දෙවැනි දරුවා ඉපදුන කාලෙම වගේ තමා ෆිල්ම් එකේ ශූටින්ග් කරල තියෙන්නෙත්. ඉතිං ඇත්තටම දෙවැනි වතාවටත් තාත්තා කෙනෙක් වීමේ හැඟීමත් එක්ක, චිත්‍රපටය තුළ පෙන්වන දරුවන් වෙනුවෙන් හැම දේම කැප කරන තාත්තෙක් වීම වඩාත් පහසු උනාලු ජෝන්ට.
තව දෙයක් තමා මේකෙ ඉන්න රේගන් කියන ගෑනු ළමයා, ඒ කියන්නෙ පවුලේ වැඩිමල් දරුවා, චිත්‍රපට කතාවට අනුව බිහිරි ළමයෙක්. ඉතිං මේ චරිතය රඟපාන ළමා නිලියත් ඇත්තටම බිහිරි කෙනෙක් . ඒක නිසා එයාටත් තමන්ගෙ චරිතය වඩාත් තාත්ත්විකව කරන්න ලැබෙන්න ඇති. චිත්‍රපටය පුරාම වැඩි කතා බහක් කෙරෙන්නෙ නෑ. වැඩිපුරම පාවිච්චි වෙන්නෙ සංඥා භාෂාව ( American Sign Language /ASL) ඒක නිසා නලු නිලි සෙට් එකටම (රේගන් හැරුණ කොට) ඒක වෙනමම ඉගෙනගන්න වෙලා .
දැන් සමහර අය කියනවා මේ ෆිල්ම් එකේ අවසානය එච්චර "සෙට් උන් නෑලු" ඒකට ඉතිං කරන්න දෙයක් නෑ, මොකද ඉතිං වට්ටෝරු ඒලියන් ෆිල්ම් එහෙක තියෙන අවසානය මේකෙන් බලාපොරොත්තු වෙන්න ඕනෙ නෑ. කොහොමත් මේකෙ ඒලියන්ස්ලව පාවිච්චි කරන්නේ , චිත්‍රපටයේ හොරර් ගතිය ඇති කරන්න අවශ්‍ය අමුද්‍රව්‍යක් විදිහට විතරයි. උන් ආවෙ කොහොමද එව්ව මෙව්ව මුකුත් කියන්නෙ නෑ, කියන්න ඕනෙත් නෑ .

Minor Spoilers ahead....

ඉතිං ෆිල්ම් එක ඉවර කරන්න උන්ව සමූලඝාතනය කරල , නලුවා වීරය වෙන සීන් එකක් ඕනෙත් නෑ. චිත්‍රපටයට අවශ්‍ය සැබෑ නිහඬ, භයානක ගතිය තියෙන්නෙ ඔය අතරමැද . ඉතිං ඒ ටික උපරිමයෙන් තියෙනවා . ඒ හොඳටම ඇති.
ඒ කොහොම උනත් , ඩොලර් මිලියන දාහතක වියදමෙන් කරපු මේ ෆිල්ම් එකේ දැන් ආදායම ඩොලර් මිලියන තුන්සීයත් පන්නල නිසාද කොහෙද මේකෙ දෙවැනි කොටසකුත් confirm වෙලාලු.

Friday, August 3, 2018

Okja (2017)

ලෝකෙ මිනිස්සු ගාන වැඩි වෙනකොට, වැඩියෙන් කෑමත් ඕනෙ. ඉතිං ඕකට විසඳුමක් විදිහට , ඉක්මනට ලොකු වෙලා වැඩි මස් ප්‍රමාණයක් දෙන්න පුලුවන් විදිහට , කුකුල්ලු, හරක් වගේ උන් හදල තියෙනවා දැනටත් ලෝකෙ.
මේ "ඔක්ජා" කියන්නෙත් අන්න ඒ වගේ එකෙක් . ඌ super pig කෙනෙක් . ඌව ජාන තාක්ෂණයෙන් නිර්මාණය කරන්නෙ, වැඩි මස් ඵලදාවක් දෙන්නමයි . ඒක කරන්නෙ ඇමරිකන් කම්පැනි එකක් . එහෙම හදපු සුපිරි ඌරො දහදෙනෙක් ලෝකෙ විවිධ රටවල් වල ගොවිපළ දහයකට දීලා උන්ගෙ වර්ධනය අවුරුදු දහයක් නිරීක්ෂණය කරනව. මේ අතරින්, අපේ කතානායක ඔක්ජා ඉන්නෙ දකුණු කොරියාවෙ. ඉතිං ඔක්ජාට අන්තිමේ මොනව වෙයිද ? ඒක දැන ගන්න මේ ෆිල්ම් එක බලන්නම වෙනව.
මස් කන නොකන හැමෝම බලන්න 😃


Monsterverse එකේ monsters ලා

Monsterverse එකේ monsters ලා ගැන තුලනාත්මක අධ්‍යයනයක් කළා 😎🤗
ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඉතා වැදගත් කරුණු රැසක් දැනගත්තා...
ඔය මොන්ස්ටර්ස්ලා, ඒලියන්ල මොක්කු උනත් උන් එන තරමක් එන්නෙ ඇමරිකාවටම බව අපි අත්දැකීමෙන්ම දන්නව. ජපන් රටේ ඉපදීලා හැදී වැඩුණු ගොඩ්සිලා උනත් දැන් මොන්ස්ටවර්ස් එකට සෙට් වෙලා ඇමරිකන් වෙලා ඉන්නෙ... ඉතිං මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙද්දී මේ මොන්ස්ටර්ස්ලා මොක්කුද කියල සරලව හඳුනාගෙන් උන්ගෙ සයිස් එක ගැන යම් අවබෝධයක් අරං, ලබන අවුරුද්දේ එන්න තියෙන ගොඩ්සිලා ෆිල්ම් එකට පිලිවෙතින් පෙලගැසෙන එක අපේ වගකීමක්....
මුලින්ම මතක් කර ගන්න කොන්ග් ස්කල් අයිලන්ඩ් ෆිල්ම් එක...
ඒකෙ ඉන්න ප්‍රධාන මොන්ස්ට කොන්ග්. උගේ උස මීටර් තිහක් විතර වෙනව. ඊට අමතරව අර තඩි මකුළුවා (arachnida acidosasa,/giant arachnid kaiju, 7 meters) , කුලු හරක්( skerry bubalis, 8-10 m) එහෙම මතක ඇති...
කොන්ග්ගෙ ප්‍රධාන සතුර වුනේ , ස්කල් ක්‍රවුලර්ස්ල. උන්ගෙ ලොකු එකාගෙ උස සාමාන්‍යයෙන් මීටර් 18ක් විතර වෙනවා.
දැන් ඊළඟට බලන්න ඇති 2014 දි ආපු ගොඩ්සිලා ෆිල්ම් එක . මේකෙ ඉන්න ගොඩ්සිලා මීටර් එකසිය අටක් විතර උසයි. මේකෙදි ඌ ෆයිට් කරන්නෙ MUTOs ල ජෝඩුවක් එක්ක. (MUTOs කියන්නෙ, Massive Unidentified Terrestrial Organisms කියන එක කෙටි කරල හදා ගත්තු යෙදුමක්. ඒ අනුව බැලුවම මුන් ඔක්කොම මුටොස්ල තමා ඒත් මෙතෙන්දි මුන් ජෝඩුවට තමා MUTOs කියල කියන්නෙ ) මුන්ගෙන් ලොකු එකාගෙ උස මීටර් අනූවක් විතර වෙනව. කතාවට අනුව මුන් පරපෝෂි කෘමි ජාතියක්. ඒකෙදි මුන් දෙන්නත් එක්ක තමා ගොඩ්සිලාට ගේම තියෙන්නෙ .
හරි දැන් බලමු මේ අලුතින් එන්න තියෙන Godzilla King of Monsters ෆිල්ම් එක ගැන . Monsterverse එකේ ගොඩ්සිලා එක්ක ෆයිට් එකට kaiju ල (සියලු monsters ලා පොදුවේ හඳුන්වන ජපන් වචනයකි) කීප දෙනෙක් ඉන්නව. උදාහරණ විදිහට , Rodan, Mothra වගේ උන් ගන්න පුලුවන් . කොහොම හරි,මේ අලුත් එකේ ගොඩ්සිලා ගෙ විලන් විදිහට එන්නෙ , King Ghidorah කියල තමා ආරංචිය (අමතරව තව උනුත් ඉන්නවද දන්නෑ ) King Ghidorah කියන්නෙ, ඔලු තුනක් තියෙන, නැටි දෙකක් තියෙන, රත්තරන් පාට කොරපොතු තියෙන වවුල් අත්තටු වලට සමාන තටු තියෙන තඩි මකරෙක්. මූ තමා සාමාන්‍යයෙන් ගොඩ්සිලාගේ ප්‍රධාන සතුරා විදිහට හුඟක් වෙලාවට එන්නෙ. මුගේ සාමාන්‍ය උස මීටර් එකසිය පනස් ගානක් වෙනව. දැන් එතකොට ගොඩ්සිලාගේ උස මීටර් එකසිය අටක් වෙනව 2014 ෆිල්ම් එකේ හැටියට . ඒ කියන්නෙ King Ghidorah ගොඩ්සිලාට වඩා උසයි. ඉතිං ලේසි වෙන එකක් නෑ.
ඔය King of Monsters ෆිල්ම් එකෙන් පස්සෙ ඒ trilogy එකේ අන්තිම එක 2020 දි එනව. ඒකෙ ගොඩ්සිලට ෆයිට් කරන්න වෙන්නෙ කින්ග් කොන්ග් එක්ක. හැබැයි මෙතෙන්දි පොඩි අවුලක් තියෙනවා , මොකද ස්කල් අයිලන්ඩ් එකේ කොන්ග්ගෙ උස මීටර් තිහක් විතර වෙන්නෙ. හැබැයි ගොඩ්සිලා මීටර් සීයකටත් වැඩියි... ඉතිං මේ ෆිල්ම් එකේ එන කොන්ගෙ සයිස් එක වෙනස් කරන්න වෙයි ෆයිට් එකක් දෙන්න නම් (නැත්තං පෑගිල මැරෙන්න පුලුවන්, රූපය බලන්න )
මේ සයිස් comparison වීඩියෝ ඕන තරම් තියෙනවා යූ බටේ. ඔයින් එකක් අරං , අපේ WTC building එකත් ඈඳල බැලුව නිකං සයිස් එක මොන වගේ තියෙයිද කියල... King Ghidorah ගෙ උස 158m, WTC එකේ උස, 152m . දැන් හිතාගන්න පුලුවන්නෙ සයිස් එක 😱😱
නිකමට හිතමු මුන් බැට්ල් ග්‍රවුන්ඩ් එක විදිහට ලංකාව තෝරගෙන, ගෝල් ෆේස් එකේ වගේ ෆයිට් එක ගියොත් 😱...
මූණු පොතේ කතා බහ

සැබෑ ගොඩ්සිලා හඳුනාගනිමු....

ඊයේ පෙරේදා නිකුත් වුනු අලුත්ම ගොඩ්සිලා ෆිල්ම් ට්‍රේල එකත් සමඟ ගොඩ්සිලා ගැන නැවතත් කතාබහක් ඇති වෙලා ...
මීට කලින් ගොඩ්සිලා ෆිල්ම් එකක් 2014 දී ආවත්, ලංකාවේ බොහෝ දෙනෙක්, ගොඩ්සිලා ගැන මුලින්ම දැන ගත්තෙ/ රසවින්දේ, 1998 දී රෝලන්ඩ් එම්‍රික් අධ්‍යක්ෂණය කරල ආපු ෆිල්ම් එකෙන්.
හැබැයි, මේ ෆිල්ම් එකේ පෙන්නපු ගොඩ්සිලා සහ 2014 ආපු ගොඩ්සිලා අතර සෑහෙන වෙනස් කම් තියෙනවා කියල පේන්නෙ ඔය දෙකම බැලුවම .
ඇත්තටම හොයල බැලුවොත්, 1998 ආපු ෆිල්ම් එකේ පෙන්නන ගොඩ්සිලා කියන්නෙ සෑහෙන දුරට ඔරිජිනල් ගොඩ්සිලාව විකෘති කරල හදාගත්තු එකෙක් කියල තේරෙන්නෙ, ගොඩ්සිලාගේ මුල හොයාගෙන ගියාම . ගොඩ්සිලා කියන මූලික අදහස ඇතිවෙන්නෙ ජපානෙන් . කොටින්ම තාමත් ගොඩ්සිලාගේ අයිතිකාරයින් වෙන්නෙත් ජපනුන් තමා . මුල්ම ගොඩ්සිලා ෆිල්ම් එකක් ජපානෙ හැදෙන්නේ 1954 වගේ කාලෙ. එදා ඉඳලා අද වෙනකම් ගොඩ්සිලා ෆ්‍රැන්චයිස් එකේ ෆිල්ම්ස් 33 ක් හැදිලා තියෙනවා , ඒකෙන් තුනක් විතරයි හොලිවුඩ් නිෂ්පාදන විදිහට ඇවිත් තියෙන්නෙ.
එක්දාස් නමසිය පනස් ගනන් වල ජපානයේ Toho ස්ටුඩියෝ එකේ හිටපු ටොමොයුකි ටනාකා කියන නිෂ්පාදකවරයට ඕන වුනා, ඒ කාලේ හොලිවුඩ් වලින් එලියට ආපු King Kong (1933) වගේ monster ටයිප් එකේ ෆිල්ම් එකක් ජපානෙත් හදන්න . මේ කාලෙ වෙනකොට දෙවෙනි ලෝක යුද්ධෙ එහෙම ඉවර වෙලා , ජපානය න්‍යෂ්ටික බෝම්බ වලින් තුවාල වෙලා හිටපු කාලෙ නිසා, න්‍යෂ්ටික/ විකිරණශීලිතාව වගේ දේවල් පටලවපු monster ෆිල්ම් එකක් කලොත් ඒක ජපනුන් අතරෙ ජනප්‍රිය වෙයි කියල හිතලා තමා ගොඩ්සිලා කන්සෙප්ට් එක එලියට එන්නෙ. Godzilla කියල දැන් කියන වචනයෙ මුල් ජපන් වචනය Gojira , ඒක හැදිල තියෙන්නෙ ගෝරිල්ලට කියන ජපන් වචනය වෙන "gorira" සහ තල්මසාට කියන ජපන් වචනය වෙන "kujira" කියන වචන දෙකේ මිශ්‍ර කිරීමක් විදිහට. මේක ඉංග්‍රීසියට එද්දි Godzilla වුනා.
සැබෑ ගොඩ්සිලා හඳුනාගන්න නම් මුලින්ම කරන්න ඕනෙ අර 1998 ෆිල්ම් එකේ ඉන්න එකාව අමාරුවෙන් හරි අමතක කරල දාන එක . ඒ ෆිල්ම් එකේ හැටියට , ගොඩ්සිලා බවට පත්වෙන්නෙ අර ඒක පටන් ගන්නකොටම පෙන්නන ඉගුවානා කියන මුහුදු තලගොයි න්‍යෂ්ටික පිපිරීම් වලට නිරාවරණය වෙලා ඇති වෙන විකෘති විදිහට . ඒත් ඇත්ත ගොඩ්සිලා න්‍යෂ්ටික විකිරණ නිසා නිර්මාණය වෙන සතෙක් නෙවෙයි . මුල් කතාවෙ හැටියට ඌ කොහොමත් මුහුදු පතුලෙ ඉන්න දැවැන්ත සතෙක්. මිනිස්සු කරන න්‍යෂ්ටික පිපිරීම් වගේ දේවල් නිසා ඌ පොලොව මතුපිටට එනව වගේ දෙයක් තමා වෙන්නෙ . ගොඩ්සිලාගේ ස්වරූපය උනත් , 1998 චිත්‍රපටයේ දක්වල තියෙන්නෙ ලොකු වෙච්චි ඉගුවානා කෙනෙක් වගේ. ඒත් ඇත්ත ස්වරූපය බලන්න නම් 2014 ෆිල්ම් එක බලන්න .
අනික තමා , මේ 1998 ආපු ෆිල්ම් එකේ, ගොඩ්සිලා ගොඩබිමක් හොයාගෙන එන්නෙ හරිම සරල ජීව විද්‍යාත්මක කාරණාවකට, ඒ කියන්නෙ බිත්තර දාන්න . එතකොට ඒ එන්නෙ ගෑනු සතෙක්ද? කොටින්ම ගොඩ්සිලා කියන්නෙ female character එකක් ද කියල හිතෙන්න පුලුවන් . ඒත් ඇත්තටම ඔරිජිනල් ගොඩ්සිලා කියන්නෙ asexual character එකක් . හැබැයි එතෙන්දි ඔය ගොඩ්සිලා බිත්තර දාන්නෙ, අර පාතනෝඵලනය (parthenogenesis) කියන ක්‍රමයෙන් කියලයි කියන්නෙ (ඒ කියන්නෙ ගෑනු පිරිමි භේදයකින් තොරව, තමන්ම ඩිම්බ නිපදවල ඒව තමන්ගෙ ශරීරය තුළම සංසේවනය කරල බිත්තර විදිහට එලියට දාන්න සමහර උරගයින්ට තියෙන හැකියාවක්). කොහොමෙන් හරි ඔය බිත්තර සීන් එක තියෙන්නෙ රෝලන්ඩ් එම්‍රික්ගෙ ෆිල්ම් එකේ. ඒත්, ඔරිමජිනල් ගොඩ්සිලා මහ පොලොව මතුපිටට ඇවිදින් මිනිස්සු එක්ක මුහු වෙන්න බලපාන හේතු ඔයිට වඩා සංකීර්ණ ඒවා බව තමා පේන්නෙ . එතෙන්දි ඌව හැම වෙලේම genderless character එකක් විදිහට තමා හඳුන්වා දීලා තියෙන්නෙ . ඒ වගේම ඌ එන්නෙ, එක්කො මිනිස්සුන්ට උදව් කරන්න (ඒ කියන්නෙ මේ වගේම තවත් monster කෙනෙක් එක්ක ෆයිට් එහෙකට), එහෙමත් නැත්තං මිනිස්සු ලෝකෙට, පරිසරයට කරන විනාශය දක්වන සලකුණක් විදිහට, මිනිස්සුන්ට ටිකක් රිද්දල යන්න වගේ දේකට . මෙතෙන්දි ගොඩ්සිලා කියන්නෙ සුදු චරිතයක්ද , නැත්තං කළු චරිතයක්ද කියල හරියට කියන්න අමාරුයි මොකද චිත්‍රපට තිහක් විතර ඇතුලෙ ඌ එක එක විදිහට නිරූපණය වෙලා තියෙනවා . සමහර වෙලාවට මිනිස්සුන්ට පක්ෂවත් සමහර විට මිනිස්සුන්ට විපක්ෂවත් හැසිරෙනව. හැබැයි කිසිම එකක ඌ මිනිස්සු මරාගෙන කනවා කියලනම් දක්වල නෑ. ඒ කියන්නෙ ඌ නිකම්ම මාංශ භක්ෂක සතෙක් නෙවෙයි. ඇත්තටම ගොඩ්සිලාගේ ආහාරය විදිහට දක්වල තියෙන්නෙ "විකිරණ". ඊට අමතරව ඔරිජිනල් ගොඩ්සිලට හැකියාව තියෙනවා විකිරණ ධාරාවක් කටින් පිට කරන්න.
1998 ෆිල්ම් එකේ ගොඩ්සිලාව මිසයිල වලින් මරල දැම්මට නියම ගොඩ්සිලාව ඒ වගේ conventional weapons වලින් මරන්න බෑ. උගේ හම ඉතාමත් දැඩි එකක් බවයි කියන්නෙ. ඒ වගේම ඌට ඩැමේජ් වෙච්ච කොටස් ආයි වර්ධනය කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඔරිජිනල් ගොඩ්සිලා, කලින් අවස්ථාවකදි න්‍යෂ්ටික පිපිරීමකටත් මුහුණ දීල තියෙන බව කියැවෙන අතර, ඌව විනාශ කරන්න නම් අනිවාර්යයෙන් ඊට වඩා දරුණු පිපිරීමක් අවශ්‍ය බවයි කියන්නෙ.

ඇත්තටම තව ගොඩක් තියෙනවා . පෝස්ට් එක දික් වෙන නිසා නතර කරන්නම්.
අවසාන වශයෙන් කියන්න ඕනෙ, ගොඩ්සිලා කියන්නෙ හොලිවුඩ් වලින් ආපු තවත් එක monster කෙනෙක් නෙවෙයි, ඌ ජපානෙන් ආපු යම් ගැඹුරක්, අර්ථයක් තියෙන, මිනිස්සු පරිසරයට කරන අනර්ථයට, ස්වභාවධර්මයේ "පිලිතුරක් " විදිහට වගේ ඉදිරිපත් කෙරෙන, god like ෆිගර් එකක් කියන දේ...

තොරතුරු සහ රූප විකිපීඩියාවෙන්. (1954 මුල් චිත්‍රපටයේ ගොඩ්සිලා රූපයේ දැක්වේ)
මූණු පොතේ කතා බහ

ලුහුබඳින චිත්‍රපට .....

චිත්‍රපටියක ප්‍රධාන සිද්ධිය විදිහට පස්සෙන් එලවන සිද්ධියක් යන ෆිල්ම්ස් වලට Chase movies කියල කියනව. බොහෝවිට මේ වගේ ෆිල්ම් වල ප්‍රධාන චරිතය(protagonist) දුවනව. දුෂ්ට චරිත/ය (antagonist) පස්සෙන් පන්නනව. ලඟදි බැලුව 12th Man කියල ෆිල්ම් එකක් ඒකත් මේ වගේ. ඒකෙ ප්‍රධාන චරිතය හිට්ලර්ගෙන් බේරෙන්න පැනල යනව. උගේ පස්සෙන් හිට්ලර්ගේ මිනිස්සු එලවනව. ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ ලුහුබැඳීමක් තමා . මේ ජාතියෙ හොඳ ෆිල්ම්ස් වල ඊලඟ මොහොතෙ කුමකින් කුමක් සිදුවෙයිද කියල දැනෙන ගතිය උපරිමයෙන් තියෙනවා . මීට කාලෙකට කලින් ආපු Centurion කියන ෆිල්ම් එක මතකද? අර Michael Fassbender හිටිය එක . ඒකත් මේ කැටගරියෙ තමා . රෝම සොල්දාදුවො පිරිසක් වෙනත් ස්වදේශිකයන් පිරිසක් විසින් ලුහුබැඳීමක් තියෙන්නෙ . මීට අමතරව, Apocalypto, Minority Report වගේ ෆිල්ම්ස් උනත් Chase movies විදිහට සලකන්න පුලුවන් . (Chase movies කියල ගූගල් search කළාම ලිස්ට් ඇත.)
ළඟදි ආපු සුපිරි Chase movie එකක් විදිහට , 12th Man නැවතත් මතක් කරන්න කැමතියි. මග ඇරුණ නම් බලන්න.
 මූණු පොතේ කතා බහ

Sunday, July 22, 2018

Skyscraper:ඩ්වේන් ද රොක් ජොන්සන් ගෙ ජම්ප් එක!!

Skyscraper කියන්නෙ ඩ්වේන් ද රොක් ජොන්සන් ගෙ අලුත්ම ෆිල්ම් එකනෙ. ෆිල්ම් එකේ ප්‍රමෝෂනල් පෝස්ටර් එක පහුගිය පෙබරවාරි මාසෙ රොක් එයාගෙ ට්විටර් ගිණුමෙ දැම්ම. ඒ පෝස්ටර් එකේ තියෙන්නෙ රොක් අර බිල්ඩින් එකේ ජනේලයක් ඇතුලට පනින mid air ෆොටො එක . එදාම James Smythe කියන තව කෙනෙක් තමන්ගෙ ට්විටර් ගිණුමෙ දැම්මේ මේ ජම්ප් එක , ඇත්තටම මනුස්සයෙක් කලා නම් මොනව වෙයිද කියල . මේත් එක්ක දාල තියෙන්නෙ ඒ රූපෙ තමා .
ඕකට අනුව , ඔය දාල තියෙන මොන ක්‍රමයෙන් පැන්නත් සාමාන්‍ය මනුස්සයෙක් ට කිසිම විදිහකින් පනින්න බැරි පිම්මක් තමා ඔය රොක් පැනල පෙන්නන්නේ . ඇක්ෂන් ෆිල්ම්ස් වල පෙන්නන මේ වගේ වැඩ කෑලි වල භෞතික විද්‍යාත්මක හේතු හොයන්න යන්නෙ මොන පිස්සොද කියල කෙනෙකුට හිතෙන්න පුලුවන් වුනාට, මේ ජම්ප් එක සැලකෙන්නේ හොලිවුඩ් ෆිල්ම් එහෙක මෙතෙක් පෙන්නපු "වෙන්න බැරිම" ජම්ප් එකක් විදිහට.
ඉතිං කොහොමින් කොහොම හරි රොක්ගෙ ඔරිජිනල් ට්විටර් පෝස්ට් එකටත් වඩා ජනප්‍රිය වුනේ ඔය ජම්ප් එක විද්‍යාත්මකව (උපහාසයට ) පැහැදිලි කරපු පෝස්ට්, ෆොටෝශොප් කරපුව තමා . ඔය අතරෙ රොක් බැලුම් වල එල්ලිලා යන එව්ව එහෙමත් තියෙනවා . සමහරු කියන්නෙ (ජෝක් එකට) ඒ බිල්ඩින් එකේ පහලින් ඇති වෙලා තියෙන ගින්දර නිසා ඉහළ නගින උණුසුම් වායු ධාරා නිසා ඇතිවෙන උඩුකුරු තෙරපුම් බලය නිසා රොක්ට මේ ජම්ප් එක කරන්න පුලුවන් උනාය කියල .... 😂
තවත් අය කියන්නෙ පෝස්ටර් එකේ SKYSCRAPER කියන වචනය තියෙන හරියෙ K අකුර ළගින් පහලට වැටෙද්දී K අකුරෙ කෙලවරේ එල්ලිලා නැවත කැරකිලා උඩ අතට ගිහින් ඔය කියන ජනෙලෙ ඇතුලට පැන ගන්න පුලුවන් කියල 🤗
තව කෙනෙක් ගණිතය ඇසුරෙන් ඔප්පු කරල පෙන්නල තියෙනවා මේ ජම්ප් එක සාර්ථක කරගන්න නම් , පනින මොහොතේ රොක්ගේ වේගය , අවම වශයෙන් තප්පරයට මීටර් 12.7 ක් වත් වෙන්න ඕනෙ කියල . (උසේන් බෝල්ට්ගේ වාර්තාගත උපරිම වේගයත් මීට අඩුයි )
දෙමළ ෆිල්ම් එකක් මට්ටමටම ගිහින් වගේ පෙනුනත්, අමූලික බොරුවක් උනත්,විකාරයක් කරගන්නෙ නැතුව ඇත්ත වගේ ඇස් ඉදිරියේ මවන්න හොලිවුඩ් ෆිල්ම්ස් වලට ඇති හැකියාව නිසා, මේ වගේ දේවල් නොසලකා කට්ටිම මේක බලන බව නම් ශුවර්.
 මූණු පොතේ කතා බහ

Saturday, July 14, 2018

Stuntronics...

ඩිස්නි සමාගම කියන්නෙ අති දැවැන්ත, දිනෙන් දිනම වර්ධනය වෙන චිත්‍රපට සමාගමක්නෙ , මෙයාලාගෙ චිත්‍රපට වලට සමගාමීව ලෝකෙ පුරාම වගේ තීම් පාර්ක් ආරම්භ කරල නඩත්තු කරන බවත් හැමෝම දන්නව.
ඉතිං මේ තීම් පාර්ක් සැලසුම් කරල , ඒවට අලුත් අලුත් ගැජමැටික්ස් එකතු කරල ඒවට එන අයට උපරිම වින්දනයක් ලැබෙන විදිහට සකසන්නෙ ඩිස්නි සමාගමේ RnD සෙක්ෂන් එක . ඒ කියන්නෙ Research and Development Unit එක . ඩිස්නිලගෙ RnD ඉන්ජිනියර්ස්ලව හඳුන්වන්නේ imagineers ල කියල. ඒ වචනය හැදිල තියෙන්නෙ imagination සහ engineering කියන වචන දෙක එකතු කරල . ඒකට හේතුව තමා ඩිස්නි පාර්ක් එකක් ඩිසයින් කරන්න ඉංජිනේරු දැනුම විතරක් මදි. සුපිරි පරිකල්පන හැකියාවකුත් තියෙන්න ඕනෙ....

ඉතිං ඔය ඩිස්නිලන්ත ඉමැජිනියර්ස්ලට තේරිලා තියෙනවා , දැන් දැන් නිෂ්පාදනය වෙන ඩිස්නි චිත්‍රපට වල ඔය සුපිරි වීර චරිත, ඒ කියන්නෙ අයන් මෑන්, ස්පයිඩර් මෑන් , කැප්ටන් ජැක් ස්පැරෝ වගේ අය, තිරය මත පාන දස්කම් , මේ තීම් පාර්ක් වල දැනට තියෙන තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කරන්න අමාරුයි කියල . ඒ කියන්නෙ දැන් තියෙන ෆිල්ම්ස් වල තියෙන දෘශ්‍ය ප්‍රයෝග එක්ක සාමාන්‍ය රොබෝවරු පාවිච්චි කරල, පාක් එකට එන මිනිස්සු "රවට්ටන්න" බැරි වේගෙන යන බව.
දැනට මේ වගේ පාක් වල ඔය වගේ චරිත , ඩයිනෝසරයන් වගේ දේවල් ප්‍රතිනිර්මාණය කරන්න පාවිච්චි වෙන්නෙ "animatronics" රොබෝවරු .
හැබැයි මේ ඇනිමැට්‍රොනික් රොබෝලට පුලුවන් කලින් කියල තියෙන විදිහට (pre-programmed ) එකම අංගචලනයක් රිපීට් කරන්න විතරයි . ඒකත් එකම තැනක පිහිටල තමා කරන්නෙ.
මේකට පිලියමක් විදිහට දැන් අලුත් තාක්ෂණයක් ඇවිදින් තියෙනවා , stuntronics කියල . (මේ අලුත් වචනය ඩිස්නි සමාගම විසින්ම හඳුන්වා දුන් එකකි) පහුගිය මාසෙ අන්තිමේ ඩිස්නි සමාගම මේ සම්බන්ධ වීඩියෝ එකක් දාල තියෙනවා යූ ටියුබ් එකේ, Stuntronics යටතේ නිෂ්පාදනය කරපු acrobat රොබෝ කෙනෙක් අහසේ කරණමක් ගහල ලෑන්ඩ් කරන විදිහ තමා ඒකෙ තියෙන්නෙ . මේකෙ විශේෂත්වය තමා මේ රොබෝට පුලුවන් කරණම අතරතුර තමන්ගෙ ගුරුත්ව කේන්ද්‍රය පාලනය කරගෙන , ඒ අනුව ඇත්ත මනුස්සයෙක් වගේ අත් පා හසුරුවමින්, කලින් දීල තියෙන ටාගට් එහෙකට ලෑන්ඩ් කරන්න .
මේ තාක්ෂණය එක්ක අනාගතයෙදි අර නිකං West World එකේ පෙන්නනව වගේ ඇත්ත මිනිස්සු වගේම පේන ඇන්ඩ්‍රොයිඩ් කුලයේ soft robots ල ඉන්න තීම් පාර්ක් ඇතිවෙයි කියලත් කියනව. හැබැයි ඒවට නම් කල් යයි.
ඒත් දැනට ඇත්ත මිනිස්සු යොදා ගෙන කරන අවදානම් ස්ටන්ට් වැඩ අනාගතයෙ මේ රොබෝලට පැවරෙනු ඇති බවත්, අනාගතයෙ ඩිස්නි තීම් පාර්ක් වල , අයන් මෑන් , ස්පයිඩර් මෑන් , කැප්ටන් ඇමරිකා වගේ චරිත , චිත්‍රපට වල දාන ඇක්ෂන් කෑලි, මේ රොබෝවරු විසින් සජීවීව රඟදක්වනු ඇති බවත් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලයි ඩිස්නි imagineers ල කියන්නෙ.

මූණු පොතේ කතා බහ

Sunday, July 8, 2018

තානෝස්ගේ ජීවිතයේ ඔබ (සමහරවිට) නොදුටු පැතිකඩ.....

මාවල් ෆෑන්ස්ලට පමණයි .....
Infinity War Spoilers නැත. රහිතයි. බය නැතුව කියවන්න....

තානෝස් , සෙනසුරුගේ උපග්‍රහයෙකු වන ටයිටන්හි වාසය කල Eternal වරුන්ගෙන් පැවතෙන්නෙකි. ඔහුගෙ පියා එටර්නල්කෙනකු වූ Mentor වූ අතර මව Sui San නම් විය. ඔහුට Eros නොහොත් Starfox නම් වූ සොහොයුරෙක් සිටී. තානෝස්ගේ දෙමව්පියන් Eternal වරුන් වුවද , තානෝස්ට Deviants වරුන්ගේ ජාන සැකසුම් උරුම වී තිබුනි. (Deviants , එනම් Eternal වරුන්ට නෑදෑකම් දක්වන තවත් විශේෂයක්) එමනිසා, Eternalsලාට වඩා වෙනස් විකෘතිජනක රූපයක් තානෝස්ට උපතින්ම උරුම වී තිබුණි. මෙම විකෘති පෙනුම නිසාම, තම පුත්‍රයා කෙදිනක හෝ විශ්වය විනාශ කරනු ඇතයි බිය වී, ඉපදුණු වහාම තානෝස්ගේ මව විසින්ම ඔහුව මරාදැමීමට සූදානම් වූ අතර එය වැලකුණේ ඔහුගේ පියාගේ මැදිහත් වීම නිසාය.
පාසල් කාලයේ තානෝස් සාමයට ලැදි යුධ විරෝධී අදහස් දැරූවෙකු වූ අතර , ඔහුට යහලුවන් නොසිටි නිසා, සෙල්ලම් කලේ ඔහුගේ සොහොයුරා හෝ සුරතල් සතුන් සමග පමණි.
නමුත් , ගැටවර වියට පා තබත්ම, ජීවිතය යනු අර්ථ ශුන්‍ය දෙයක් බවට අදහන්නට පටන් ගත් ඔහු, ජීවිතයේ ලඟා කරගතහැකි පරමාර්ථයක් හෝ අරමුණක් නැති බව පිලිගනිමින් ශුන්‍යවාදියෙක් වූයේ , මරණය වැනි සංකල්ප වලටම වඩාත් ඇලුම් කරන්නට පටන් ගත්තේය . අවසානයේ එවැනි සංකල්ප අදහන්නට පටන්ගත් තානෝස්, මරණයේ භෞතික ස්වරූපයක් ලෙස පෙනීසිටින , Mistress Death සමඟ පෙමින් වෙලුණේය...

වැඩිහිටියෙකු ලෙස, තමා සතු වූ විද්‍යාත්මක දැනුම භාවිතා කර, කායික ශක්තියත්, බලයත් තවත් වැඩි දියුණු කරගත් තානෝස්, මංකොල්ලකරුවෙකුගේ භූමිකාවක් මෙන්ම, දරුවන් දරුකමට හදාවඩාගැනීමෙන් පීතෘත්වයේ භූමිකාවක්ද තෝරා ගනිමින් තම ජීවිතය අලුත් කරන්නට උත්සාහ කලේය.

අන්න බලන්න , අපේ ජීවිත වලටත් තානෝස්ගෙන් ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා නේද යාලුවනේ 😂😁
(Source : Wikipedia )
මූණු පොතේ කතා බහ

ෆිල්ම් හෝල් වලදී හමුවන එපා කරපු චරිත ....

> ෆිල්ම් එක පටන් ගත්තැයින් පස්සෙ සැරින් සැරේ ඇවිල්ල වාඩි වෙන උන්..... මොන සාධාරණ හේතුවක් උඩ පරක්කු උනත් මට නම් මුන්ට සමාවක් දෙන්න හිතෙන්නෙම නෑ . තමන් ඇත්තටම ආසාවෙන් නම් බලන්න ආවෙ, කතාවෙ බින්දුවක් හරි මග ඇරුන නම් , හරි නම් ඉඳලා ඊලඟ ටයිම් එකේ එක බලන්න ඕනෙ. බුක් කරල ආව නම් ඉතිං සොරි තමා . ඒත් ... මොන හේතුවක් මත වත් මට නම් අනුකම්පාවක් හිතන්නෙම නෑ .....

> ෆිල්ම් එක යන අතරතුරේ කෑම කන උන්.... මුන් කෑම කෑවට නම් මට කමක් නෑ . ඒත් ඉවසන්න බැරි කන්දෙක ලඟ අර බෑග් එක පොඩි කරන කොට එන සර සර සද්දෙන් වෙන බාධාව.... විශේෂයෙන් මේ තත්ත්වය උදා වෙන්නෙ විවේකය දුන්නැයින් පස්සෙ. හත් දොහක් බඩ සයින් පෙලුන උන වගේ හපන්නයි පොඩි කරන්නයි ගන්නව. කොටින්ම මුන් ආවෙ මේක බලන්නද , නැත්තං කෑම වේලක් කාල යන්නද කියල හිතෙනව .

> තඩි සයිස් පොරවල් , ඉස කුඩිච්චි වගේ කොණ්ඩෙ බැඳං එන ගෑනු සහ අන්නාසි මොටෙයියො වගේ කොණ්ඩෙ හදන් එන කොල්ලො.... මුන්ගෙන් එකෙක් ඉස්සරහ සීට් එකට සෙට් උනොත් ඉතිං දර්ශන පථයෙන් සීයට විස්සක් විතර උන්ගෙ කොණ්ඩෙන් හරි ඔලුගෙඩියෙන් හරි වැහිලා යන එක වළක්වන්න හරිම අමාරුයි ....

> වෙන වෙන ඇපොයින්මන්ට් මිස් වෙලා කාලෙ ගෙවා ගැනීම සඳහා ෆිල්ම් හෝල් එකක් ඇතුලට රිංගන හැතිකරේ .... මේ අයට ෆිල්ම් එක ගැන මෙලෝ දැනීමක් නැති අතර ආපු වෙලේ සිට ෆෝන් එක ඔබමින් සිටීම බොහෝවිට සිදුකරයි.

> ගෙදර ප්‍රශ්න , ජීවන ගැටලු ආදිය කතා කිරීමට නිස්කලංක තැනක් ලෙස ෆිල්ම් හෝල් තෝරාගන්නා පිරිස.... අහල පහල සීට් එහෙකට සෙට් උනොත් උන්ගෙ ප්‍රශ්නයට ලුණු ඇඹුල් සහිතව පිළිතුරු දීමට සිතේ.....

> ෆිල්ම් එකෙ ඉවර වෙන්න වගේ වෙනකොටම නැගිටල දුවන උන්... මුන්ට අවශ්‍ය , තමන් මාර බිසී බවත් මෙවැනි එන්ටටේන්මන්ට් පැත්තෙ වැඩ සඳහා තමාට දීමට ඇති කාලය "ලිමිටඩ්" බවත් අපිට පෙන්නීමට යැයි හැඟේ.....

> කාපු හිස් පොප්කෝන් පැකට් , බීම බෝතල් ආදිය හෝල් එකේම තැන තැන දමා යන උන්. මේක නම් ඉතිං රටේම උන්ගේ ජානමය ලක්ෂණයක් කිව්වත් කමක් නෑ. ෆිල්ම් එකට ටිකට් ගන්නකොට, හෝල් එකේ වැඩ කරන උන් අපි කාපු බීපු ඒවත් අස් කරන්න බැඳිල ඉන්නව කියල තමා මේ වගේ උන් හිතන්නෙ . තමන් වින්දනයක් ලබපු තැන කෙලෙසල හැඩි කරල යන්නෙ ඒක තමන්ගෙ අයිතියක් වගේ.
මම නම් ඉතිං පාර්ථනා කරන්නෙ මේ වගේ එවුන් ලබන ආත්මෙ ඇස් නැති ජීවීන් විදියට මුහුදු පතුලේ ඉර එළිය වත් වැටෙන්නෙ නැති අන්ධකාරයෙ උපදින්න කියලයි . 😃මූණු පොතේ කතා බහ

පද්මාවතී (2018)

පද්මාවතී පට්ටයි මාරයි... නොබැලුවොත් වැඩක් නෑ..... හෝල් එහෙකම බලන්න... බන්සාලි කියන්නෙ මනුස්සයෙක් නම් වෙන්න බෑ ... දෑස පැහැරගත්තා... ආදී වසයෙන් කතන්දර රාසියක් වැටී තුබුනු නිසා ගිහින් බැලුව ඉතිං ..... 😏😏
.
.
.
.
ඉතිං ඇත්ත තමා බැලුවම 😂😂😂
හරි . දැන් ලුණු ඇඹුල් ඇතුව කමෙන්ට් එකක් දාන්න හිටිය නම් පද්මාවතී ෆෑන්ස්ල සන්සුන් වෙන්න . මොකද මාත් එයින් එකක් තමා .... 😊
කොහොමත් මේක බලන්න කියල තමා හිටියෙ. මේක තමා ජීවිතේ හෝල් එහෙකට ගිහින් බලපු පළවෙනි හින්දි ෆිල්ම් එක. මොකද සාමාන්‍යයෙන් හින්දි එව්වයෙ වැඩි හරියක් තියෙන්නෙ ගෑනු මිනිස්සු අඬන දොඩන හොටු පෙරන එව්ව නිසා, එව්වයෙ හෝල් එහෙකට ගිහින් බලන්න තරම් දෙයක් නෑය කියන ජෙනරල් අයිඩියා එකක් අයි හෑව්. ඒත් මේකෙ ට්‍රේල එක බලපු සැනින්ම ඒක නම් වෙනස් උනා....
ඉතිං මම බැලුව . හොඳයි කියල ආයි ආයි කියන්න ඕනෙ නෑනෙ . ඇස් දෙක පැහැරගත්ත මුල ඉඳංම. කොටින්ම අර බන්සාලි ලෝගෝ එක හැදෙන විදිය පවා මාර ක්‍රියේටිව්නෙ. ඉතිං ඇස් දෙක නැති නිසා බොක්කෙන්ම බැලුව ෆ්‍රෙන්ස් 😁 ඒ කියන්නෙ බැහැලම බැලුව . ෆිලුම ඇතුලෙ හිටියෙ... මම නම් කියන්නෙ ඔය ෆිල්ම් අතර විවේකයක් දෙන්න ඕනෙ නෑ . එතකොට අර බැහැගෙන බලන උන්ගෙ දැහැන කැඩෙනව.... ඒක හරි වැරැදියි 😟
හ්ම්ම්... ඉතිං ඔහොම බොක්කෙන් බලං ඉද්දි , ඒ කියන්නෙ මේක ෆිල්ම් එකක් නෙවෙයි , මම ඉදිරියේ ඇත්තටම වෙන දෙයක් විදියට හිතාගෙන බලද්දි මෙන්න මෙහෙම හිතුන මට....

Spoiler ALERT......

අර මාලිගාවෙ හවස් වෙද්දි පාන් පත්තු කරන්න වෙනම සෙට් එකක් ඉන්නව ඇති....😜
එතකොට අර ගෑනු ඔක්කොම අන්තහ්පුරේ උන්ද? 😒
අර යකාව මරන්න පුලුවන් වෙලේ මැරුව නම් ඉවරයිනේ ... රෙද්දෙ පරම්පරාවෙ ගරුත්වෙ ඔය කොර ගත්තෙ.... 😏
අන්තිමට ගින්දරට පනින එක නම් අපරාදෙ . පද්මාවතී නම් පැන්නත් මොකෝ . අර අනික් ගෑනු ? මොකද රජා ආයි ආව කියලත් සිය ගානකින් තවත් එකෙක් වෙනව ඇරෙන්න , තමන්ගෙ කියල පවුලක් පන්සලක් වෙලා දරුවෙක් මල්ලෙක් හදාගෙන , මනුස්සයෙක්ගෙ තනි ආදරයක් ලබන්න උන්ට අවස්ථාවක් ලැබෙන් නෑනෙ ... එහෙව් එකේ, අර සුල්තාන්ගෙ හමුදාවේ කොල්ලෙක් එක්ක හරි සෙට් උනා නම් ? හා නැද්ද මං අහන්නෙ ? ඇත්තටම ඔය සිද්ධිය වෙන වෙලාවෙ ඔතන ගින්නට පැනපු ගෑනු කී දෙනක් ඔහොම හිතන්න ඇද්ද? හැමෝම රජා කෙරෙහි පට්ට පති භක්තියෙන් පැන්න කියල හිතන්න පුලුවන්ද?
"අනේ පද්මා, උඹට ඕන්නං උඹ පැනහං . උඹේ මිනිහනෙ. අපි නිකං පරිවාර ගෑනුනෙ. ඉතිං අපිට එච්චරම ඇම්මක් නෑ . අපිට යන්තං ගිනි රස්නෙ වැදුනම ඇති...." - .... අන්න ඒ වගේ හිතපු අයත් ඉන්න ඇති නේද ?

හරි . අන්තිමට කියන්න ඕනෙ අර සුල්තාන් සහ ටීම් එක තනි කකුලෙන් දාන ඩාන්ස් එක.... පට්ටම පට්ට . මාර ෆීලිං එකක් ආවෙ.
මූණු පොතේ කතා බහ

මානසික උපදේශනයට චිත්‍රපට....

මං කියනවට ඔයා බලන්නකො ඒ ෆිල්ම් එක. ඒකෙ ඉන්න එකාටත් තියෙන්නෙ ඔය ඉශූ එකම තමා . අන්තිම වෙනකම් ඉවසීමෙන් බලන්න. ඔයාගෙ ප්‍රශ්නෙට මොකක් හරි උත්තරයක් ලැබෙයි සමහර විට....
මෙහෙම කියල තියෙනවද කවදහරි මොකක් හරි දෙයක් නිසා අවුලකින් ඉන්න යාලුවෙක්ට? යාලුවෙක්ට කිව්වෙ නැතත් , අපි අපේම මානසිකත්වය අවුල් ගිය වෙලාවල් වලදි සමහර විට ෆිල්ම්ස් බලන්න පෙලබෙනව, ප්‍රශ්නය අමතක කරල දාන්න . ඒත් සමහර වෙලාවට හරියටම හරි ෆිල්ම් එකක් සෙට් උනොත් අමතක කරන එකට එහා ගිහින් ප්‍රශ්නයට උත්තරයකුත් ෆිල්ම් එක ඇතුලෙන්ම හොයාගන්න පුලුවන් වෙන්නත් ඉඩ තියෙනවා . ඉතිං මේක අපි නිල වශයෙන් ප්‍රශ්න විසඳීමේ ක්‍රමයක් විදියට පාවිච්චි නොකලට බටහිර රටවල් නම් දැනටත් මේ ක්‍රමය මානසික උපදේශනයේදී යොදා ගන්නව. [ඇත්තටම මේ ක්‍රමය, ඒ කියන්නෙ reel therapy කියන එක , bibliotherapy (කතා පොත් ඇසුරෙන් මානසික උපදේශනය ) කියන එකේම දිගුවක් විදියට තමා සැලකෙන්නේ .]
Rent Two Films and Let's Talk In The Morning කියන්නෙ අන්න එහෙම මානසික උපදේශනයේදී චිත්‍රපට යොදාගන්න, මානසික උපදේශකවරුන්ට ප්‍රයෝජනයට ගන්න ලියපු අත්පොතක් වගේ එකක් .
මේකෙ විස්තර කරන්නෙ , අදාල client ට චිත්‍රපට ප්‍රතිකාරකය දීම සුදුසුද කියල තීරණයක් ගන්න එකට මගපෙන්වීමක් වගේම , ඉන් පස්සෙ එයාට තියෙන ගැටලුව අනුව බලන්න යොමු කරන්න ඕනෙ මොන වගේ චිත්‍රපටද කියන දේ ගැන ඉඟියක් සැපයීම ....
ඇත්තටම මේ පොත සාමාන්‍ය මිනිස්සුනට නෙවෙයි ප්‍රයෝජනවත් , අදාල මානසික උපදේශනය දෙන අයටයි .
ඒත් ඉතිං කලිනුත් කිව්ව වගේ, මේ පොත් නොකියෙව්වට අපිත් ඕන තරම් reel therapy කියන දෙයින් ප්‍රයෝජන අරං ඇති.
(Reel Therapy නමින්ම 2017 වර්ෂයේදී වාර්තා චිත්‍රපටයක් රිලීස් උනා ඒකෙදි කියන්නෙ විශාද රෝගීන් දෙදෙනෙකු මේ therapy එක පාවිච්චි කරන හැටි)
මූණු පොතේ කතා බහ

Jurassic World: Fallen Kingdom (2018)

ඩයිනෝසෝර්ලට ඒ කාලෙ ඉඳංම කොච්චර කැමතිද කියනවනම් ඉස්සර ටීවී එකේ ගිය ඩයිනෝල ඉන්න හැම රෙද්දම බැලුව, ඒ කියන්නෙ ඔය
Land of the Lost (ඉස්සර සෙනසුරාදා හවසට ගියෙ මතක හැටියට . වරද්දන්නෙ නැතුව අනිවා බලනව ) , Dinatopia, වගේ කතා, ඊට පස්සෙ , Denver the Last Dinosaur, Cadillacs and Dinosaurs වගේ කාටුන් විතරක් නෙවෙයි , අර බානි කියල සින්දු කිය කිය නටන දම්පාට ඩයිනෝ ඉන්න වැඩසටහනත් බැලුව යාලුවනේ 😎😂
කොටින්ම මොකක් හරි ෆිල්ම් එහෙක ඩයිනෝසෝර්ල ඉන්නව නම් ඒක මට කොහොමත් හොඳයි . නිකං අන්ධ වෙලා වගේ බලන් ඉන්නෙ 😜
ඉතිං Jurassic World: Fallen Kingdom එකත් බලන්න ගියා. අපරාදෙ කියන්න බෑ බඩ කට හිත ඇස් පිරෙන්න ඩයිනෝසෝර්ල පෙන්නනව... ඇක්ෂන් පැක්ඩ්! ඒ මදිවට හරි පව් කියලත් හිතුන අප්පා... CGI උනත් අර කන්දෙන් පහලට බෝල ගෙඩි වගේ වැටෙද්දී හිත වාවගන්න බැරුව ගියා ෆ්‍රෙන්ස් 😓😓 අර දුමාරෙන් බ්‍රැකියොසෝර්ව වැහිල යන සීන් එක 😣😣

හරි ඊට වඩා කියන්නෙ නෑ.
[කොහොමත් ට්‍රේල එක බලල අපි හිතං ඉන්නවට වඩා වෙනස්ම විදියට තමා කතාව යන්නෙ. ]

Jurassic Park ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකේ පස්වැනි ෆිල්ම් එක, සහ Jurassic World trilogy එකේ දෙවැනි එක , පළවෙනි ෆිල්ම් එක වගේම , කරට කර තියෙන සුපිරි ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන් ඉතිං මටනම් ...
හෝල් එකටම ගිහිල්ල බලන්න ඕන එකක් . අනික මේක තාම ඇමරිකාවෙ රිලීස් වෙලත් නෑලු.... බලන්න ඒ අතින් අපි හෙන දියුණුයි නේද ? 😎
තව පොඩි දෙයක් කියන්නං මේක හෝල් එකේ බලන උන්ට, මේකෙ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා . ඒක නිසා ආසයි නම් නාමාවලිය ඉවර වෙනකම් ඉවසීමෙන් ඉඳලා ඒකත් බලලම එන්න ....

28

28 බැලුව .
මට නම් කම්මැලියි.
හරි හරි ඔව් ඉතිං .
තේරුම් ගන්න මොලේ ඕනෙනෙ . ගැඹුරුයි . හා.

පැයෙන් කියන්න පුලුවන් කතාව පැය එකහමාරක් ඇදල කියලයි මට නම් හිතුනෙ.
අනික මේක ලංකාවේ වෙන්න පුලුවන් /වෙන විදියට හිතල හදපු එකක්ද? එහෙමත් නැත්තං අධ්‍යක්ෂවරයගෙ හිතේ තියෙන ෆැන්ටසි රටක් ඇතුලෙ වෙන එකක් ද?
මම එහෙම ඇහුවෙ මේකයි, මේකෙ පෙන්නන සම්පුර්ණ සිද්ධියම ටිකක් අභව්‍ය ගතියක් තියෙනවා . මොකද අතපය හතර හොඳට තියෙන , හම්බ කරන මිනිහෙකුට තමන්ගෙ ගෑනිගෙ මිනිය ගමට ගෙනියන වැඩේ ඔයිට වඩා හොඳට ඕන හැටියෙ කරන්න පුලුවන් කියලයි මට නම් හිතන්නෙ .
අනික, අර මිනී පෙට්ටිය පහලට වැටුනු වෙලාවෙ, එතෙන්ට වට වුනු මිනිස්සු හැසිරෙන විදිය ? ටිකක් අවුලක් නැද්ද? ලංකාවේ මිනිස්සු ඔහොමද? ඔයිට වඩා ප්‍රතිචාර දක්වනව නේද ? තව තැනක, අර කොල්ල මිනී පෙට්ටිය අල්ලගෙන වහල උඩ යද්දි හූ කියන එක? එහෙම කරනවද ලංකාවේ ගම්වල මිනිස්සු ? ඒක හූ කියන්න දෙයක්ද ? අනේ මන්ද ඉතිං , මට නම් එතන හූ කියන්න දෙයක් නෑ. මට හිතුනෙම, ඒ හූ කියවිල්ල අවසානෙ අබසිරි උන්ට බනින කෑල්ල , ඒ දෙබස, එතෙන්ට දාගන්න ඕන නිසා කෘතිමව ඔබපු සීන් එකක් කියලයි .
තව එකක් තමා , අර සුද්දි බාත් රූම් එකේ නානව එයාගෙ මාමා හොරෙන් බලන් ඉඳලා , සුද්දි හෙලුවෙන් නාපු නිසා ගමෙන් යන්න උනා කියන කතාව ... ඇත්තටම ගම් වල ඔහොම ඒව වෙනවද ? මම අහන්නෙ නාන එක හොරෙන් බලන එක නෙවෙයි , අදාළ ගෑනි බාත් රූම් එක ඇතුලෙ හෙලුවෙන් නාපු එක , ගමෙන් යන්න තරම් ලැජ්ජා සහගත , හූ කිවයුතු දෙයක් යැයි සලකන ගම් පලාත් ලංකාවේ තියෙනවද ?

ඊට අමතරව , මේක ලංකාවේ හොඳම ෆිල්ම් එක වීම ගැන ඉතිං අවුලක් නෑ . මොකද ඉතිං ලංකාවේ අනික් හැදුනු ෆිල්ම් වලට සාපේක්ෂව , මේක හොඳ නිසා . ඒත් , මේක ආසියාවේ හොඳම චිත්‍රපටය උනේ කොහොමද කියලනම් නොතේරේ .
අනික ඉතිං මේකෙ පෙන්නන "රටවැසියො" හැසිරෙන ආකාරය සහ ලංකාවේ මිනිස්සු සාමාන්‍ය ජීවිතේ ඕවගේ දේකට ප්‍රතිචාර දක්වන විදිය අතර ලොකු පරතරයක් තියෙනවා කියන එක ලංකාවේ එකෙක්ට තේරුනත් (මන්ද ඉතිං මට නම් එහෙමයි ), මේක බලපු වෙන රටවල උන්, ලංකාවේ උන් මෙහෙමයි කියල හිතන්න ඇති.
මූණු පොතේ කතා බහ

පරම්පරාවෙන් පරම්පරාවට ....

මේ ලඟදි කවුරුහරි මේ ගෲප් එකේමද මන්ද අහල තිබ්බ, ඔයාලා පළවෙනියටම හෝල් එහෙකට ගිහිල්ල බලපු ෆිල්ම් එක මොකද්ද කියල ...
ඉතිං මම ඕකෙ කමෙන්ට් කියවං ගියා. හුඟක් අයගෙ උත්තරයක් වෙලා තිබ්බෙ Jurassic Park (මාත් ඇතුළුව). තවත් සමහර අයගෙ Titanic . ඉතිං ඔහොම පහලට පහලට යද්දි මෙන්න තියෙනවා උත්තරයක් Jurassic World කියල !!
හෝව් හෝව්. මූට පැටලිලා . ඉතිං මම රිප්ලයි එකක් දාන්න ගියා ,
"Jurassic World කියන්නෙ ළඟදි ආපු එක නෙ බං, අරක Jurassic Park කියල "....
ඔන්න එතකොටම විදුලියක් කෙටුව වගේ මටම තේරුනා, මූට නෙවෙයි වැරදිලා තියෙන්නෙ මටමයි කියන එක . ඒ කියන්නෙ ඒ කමෙන්ට් එක දාපු "දරුවා"( ඒ "කිරි සප්පය" 😂) ඇත්තටම පළවෙනියටම හෝල් එහෙකට ගිහිල්ල බලල තියෙන්නෙ Jurassic World තමා !!! 😱😱

ඒ කියන්නෙ මම කොච්චර නාකිවෙලා ද අනේ දෙයියනේ 😱😱 කියල හිතුන ඉතිං ...

හරි Anyway , මට එතෙනදී ප්‍රත්‍යක්ෂ වෙච්චි තව දෙයක් තමා, සමහර විට මේ ගෲප් එකේම මම දකින සමහර පෝස්ට් වල , ටිකක් පරණ (ඒ කියන්නෙ අනූව දසකෙ වගේ හොඳේ) ඒත් හොඳ ෆිල්ම් එකක් දාල අහනව , "ළඟදි බලපු සුපිරි ෆිල්ම් එකක් කවුද බැලුවෙ" කියල . . ඔන්න එතකොටත් මේ වෙලා තියෙන්නෙ , අන්න ඒ වගේම මල්ලි කෙනෙක් හෝ නංගි කෙනෙක් ලඟදි ෆිල්ම් බලන්න පටන් අරං ... ඉතිං එයාල , ඒ ලෝකය rediscover කරන සීන් එකක් මේ යන්නෙ කියන දේ මට වැටහුණා ....
එහෙම බැලුවම ඇත්තටම දැන් ෆේස් බුක් එකේ ෆිල්ම්ස් බලන සෙට් එකේ පැහැදිලිව අඳුනගන්න පුලුවන් පරම්පරා දෙකක් තියෙනවා කියල හිතෙනව මට . එකක් Jurassic Park හෝල් එකේ බලපු උන් , අනික Jurassic World හෝල් එකේ පලවෙනියට බලපු උන්..... (චිත්‍රපට දෙක උදාහරණ දෙකක් විතරයි ඉතිං )
කොහොමෙන් කොහොම හරි, ස්ටීවන් ස්පීල්බර්ග් කියන්නෙ පරම්පරා අතික්‍රමණය කරන මනුස්සයෙක් කියල ඔප්පු කරමින් ඔන්න executive producer විදියට Jurassic World එකේ දෙවෙනි එකත් අරං ඇවිල්ල ...
දැන් ඒකත් බලන්න යන්න ඉන්නෙ...
මොන්ටිසෝරි යන වයසෙ පොඩි එකෙක් විදියට Jurassic Park, පරණ ලිබර්ටි හෝල් එකේ බලල කොච්චර ගැම්මක් , පිස්සුවක් හැදුනද කිව්වොත් , ගෙදර ඇවිල්ල මැටියෙන් ඩයිනෝසෝර්ල හදල පුංචියට Jurassic Park එහෙකුත් දැම්ම. ඒ කාලෙ දැන් වගේ ප්ලාස්ටික් ඩයිනෝසෝර්ල හිටියෙ නෑ සෙල්ලම් බඩු කඩවල් වල. මොකද ඇත්තටම ඒ trend එක ඇති උනේ Jurassic Park ෆිල්ම් එකෙන් පස්සෙ .
කොහොම උනත් , මුල් ෆිල්ම් එක 2D විදියට බලල උනත් අර මොන්ටිසෝරි වයසෙ හිටිය පොඩි එකාට දැනුන තරම් සැරට, දෙවෙනි එක 3D විදියට බලපු ලොකු එකාට දැනුනෙ නෑ .

හැබැයි, Jurassic World කියන්නෙත්, Jurassic Park මුල් ෆිල්ම් එකේ reputation එකට හානි නොකරපු පට්ටම ෆිල්ම් එකක් බව කියන්නම ඕනෙ....
මූණු පොතේ කතා බහ

ඔස්කා සම්මාන දෙන්නෙ කොහොමද ?

සමහර වෙලාවට අපිට ඇහෙන ප්‍රශ්නයක් තමා අර ෆිල්ම් එකට ඔස්කා හොඳම ෆිල්ම් එක සම්මානෙ ලැබුනෙ කොහොමද අරක ඊට වඩා හොඳයි නෙ... ආදී වශයෙන් ...
ඇත්තටම කොහොමද මේ සම්මාන දෙන්න තීරණය වෙන්නෙ?
ඔස්කා සම්මාන දෙන්නෙ ඇමරිකාවෙ motion picture academy කියන එකෙන් නෙ. ඔය සම්මාන දෙන්නෙ ඡන්ද ක්‍රමයකින්. හැබැයි හැමෝටම ඡන්දෙ දාන්න බෑ. ඇකඩමි මෙම්බර්ස්ලට විතරයි ඒ අයිතිය තියෙන්නෙ . ඇකඩමියෙ මෙම්බර්ස්ල හයදාස් ගානක් ඉන්නව . මේ හැමෝම චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ අය. මේකෙ මෙම්බශිප් ගන්න නම් චිත්‍රපට සම්බන්ධ කුමන හෝ අංශයක වැඩ පෙන්නල තියෙන්නෙ ඕනෙ. ඉතිං ඔහොම ගත්ත අයට, ඔස්කා සම්මාන ලැබීම සඳහා තියෙන්නෙ ඕන මූලික සුදුසුකම් සපුරපු චිත්‍රපට ලිස්ට් එකක් හදල යවනව . මොනවද මේ සුදුසුකම් ?
- චිත්‍රපටය අවම විනාඩි 40 ක් වත් දිග වෙන්න ඕනෙ.
- චිත්‍රපටයෙ පළමු මහජන ප්‍රදර්ශනය, අදාළ කැලැන්ඩර් වර්ෂය තුලදී , චිත්‍රපට ශාලාවක සිදුවී තියෙන්නෙ ඕනෙ
- චිත්‍රපටය , 35mm හෝ 70 mm ෆිල්ම් ෆොමැට් එකෙන් හෝ, 24 fps , progressive scan digital ෆොමැට් එකෙන් එලිදක්වා තියෙන්නෙ ඕනෙ
- ලොස් ඇන්ජලීස් කවුන්ටියට අයත් චිත්‍රපට ශාලාවක ,මුදල් අයකල මහජන ප්‍රදර්ශනය එක දිගට දවස් හතක් , අදාළ කැලැන්ඩර් වර්ෂය තුළ සිදුකළ චිත්‍රපටයක් වෙන්න ඕනෙ...
මේ සුදුසුකම් සපුරල නම්, අදාල ෆෝම් එක ෆිල් කරල ඇකඩමියට දුන්නොත් , ඒ චිත්‍රපටය අදාළ වර්ෂයේ සම්මාන සඳහා සැලකෙනව . ඒ කියන්නෙ අර මුලින්ම කිව්ව ලිස්ට් එකට ඇතුළු කර ගන්නව. ඊට පස්සෙ ඒ ලිස්ට් එක තමා මෙම්බර්ස්ලට යවන්නෙ. ඊට පස්සෙ එයාල , ඒ ඒ කැටගරියෙ හොඳම ෆිල්ම්ස් තෝරල ඒ ලිස්ට් එකේ ලකුණු කරල ආපහු ඇකඩමියට යවනව . (ඒ කිව්වෙ, සංස්කරණ ශිල්පීයෙකුට මේකෙදි තෝරන්න පුලුවන් හොඳම සංස්කරණය සඳහා චිත්‍රපට ... ඔන්න ඔය වගේ)
ඊට පස්සෙ එහෙම ලැබුනු ඡන්ද පත්‍රිකා ටික ගනන් කරල , ඒවැයින් වැඩිම ඡන්ද ලැබුන ෆිල්ම්ස් පහ ගානෙ නොමිනේට් කරගන්නව. එහෙම තෝරාගත් නොමිනේෂන්ස් ප්‍රසිද්ධ කරල ආපහු ඒවට නැවතත් ඡන්දය විමසනව. ඒකෙදිත් වැඩිම ඡන්ද ලබාගන්න චිත්‍රපට තමා සම්මාන ලබන්නෙ.
හැබැයි , ඔය ක්‍රමය අදාළ වෙන්නෙ හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය හැර ඉතුරු සම්මාන වලට . හොඳම චිත්‍රපටය (Best Picture ) සඳහා සම්මානය තීරණය වෙන්නෙ ඔයිට ටිකක් වෙනස් ක්‍රමයකින්.
මේ සඳහා සියලුම ඇකඩමි මෙම්බර්ස්ලට ඡන්දය පාවිච්චි කරන්න පුලුවන් . (ඒ කියන්නෙ , ඔබ ඇකඩමියෙ සමාජිකත්වය හිමි අධ්‍යක්ෂවරයෙක් කියමුකො , එතකොට ඔබට හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මාන ලබාදෙන වැඩේට වගේම හොඳම චිත්‍රපටය තෝරන එකටත් ඡන්දය පාවිච්චි කරන්න පුලුවන්)
එතනදි අර මුලින්ම කිව්ව ලිස්ට් එකෙන් වැඩිම ඡන්ද ලබාගන්න ෆිල්ම්ස් දහයක් නොමිනේට් කරගන්නව. පස්සෙ ඒ දහයෙ නම් ප්‍රින්ට් කරපු ballot paper එකක් හැම මෙම්බ කෙනෙක්ටම යවනව. ඒකෙදි තමන් කැමතිම චිත්‍රපටයට අංක එක සිට කැමැත්ත අඩුම එක දහය වෙනකං අංක දාල , ආපහු ඇකඩමියට දෙන්න ඕනෙ.
ඉන් පස්සෙ ඡන්ද ගනන් කිරීම සිදුවෙනවා . මේක කරන්නෙ ප්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් කියල විඝණන සමාගමක් . එයාල බොහොම රහසිගතව තමා මේක කරන්නෙ. එතකොට මේ ලැබුනු ඡන්ද පත්‍රිකා වල පළමු කැමැත්ත ලැබිල තියෙන විදියට ගොඩවල් ගහනව . හැබැයි මොකක් හරි චිත්‍රපටයක් හොඳම එක විදියට තෝරාගන්න නම් ඒකට මුලු ඡන්ද සංඛ්‍යාවෙන් සීයට පනහකට වඩා ලැබෙන්න ඕනෙ. ඒ කියන්නෙ මුලු ඡන්ද ගාන සීයක් නම් , අඩුම පනස් එකක් වත් ලැබෙන්න ඕනෙ. අපි හිතමුකො ඔක්කොම ගොඩවල් ගැහුවයින් පස්සෙ , එක ෆිල්ම් එකකටවත් ඔය කියන ප්‍රමාණය තිබුන් නෑ කියල , එතකොට කරන්නෙ , අඩුම ඡන්ද ගොඩ තියෙන ෆිල්ම් එකේ ඡන්ද කොල ටික අරං ඒකෙ දෙවැනි මනාපය සලකන එක. එතකොට අර ෆිල්ම් එක (අඩුම එක) ඉබේම ඉවත් වෙලා ඒකෙ ඡන්ද ටික දෙවැනි මනාපය අනුව අනික් ෆිල්ම්ස් අතරේ බෙදිල යනව . ඔහොම කරලත් එකකටවත් 51% ක් ලැබුනෙ නැත්තං , ආයි ඊලඟට අඩුම ෆිල්ම් එකේ ඡන්ද ටික බෙදනව . ඔන්න ඔහොම කරන් යද්දී එක්තරා අවස්ථාවක යම් චිත්‍රපටයක් මුලින්ම 51% සීමාව පන්නනව. එතකොට ඒක තමා හොඳම චිත්‍රපටය කියල තෝරගන්නෙ. ඉතිං ඇත්තටම බැලුවම තේරිලා එන්නෙ බහුතරයක් මෙම්බර්ස්ල වැඩිම මනාපයක් /ඉහළ මනාපයක් ලබල දීපු චිත්‍රපටයක් , තවත් හොඳට කිව්වොත් , හැමෝම අඩුවෙන්ම අකමැති චිත්‍රපටයක් . ඉතිං එහෙම බැලුවම අපි අපි අතරේ හොඳම ෆිල්ම් එක විදියට ඒක තේරුනේ ඇයි ? අරක නොතේරුනේ ඇයි වශයෙන් වාද විවාද තිබ්බත්, හොඳම චිත්‍රපටය තෝරා ගන්න භාවිතා වෙන ක්‍රමය සෑහෙන්න සාධාරණ ක්‍රමයක් කියලයි මට හිතන්නෙ .

මූණු පොතේ කතා බහ

මොළේ අප්ලෝඩ් කරන ෆිල්ම්!

මීට අවුරුදු ගානකට කලින් ඔන්න ආට් ටීවි එකේ ගියා ෆිල්ම් එකක් , කතාව හැටියට ඒකෙ විද්‍යාඥයෙක් හොයා ගන්නව ක්‍රමයක් , මොළය, විද්‍යුත් සංඥා විදියට පරිඝණක පද්ධතියකට "අප්ලෝඩ්" කරන්න ... ඉතිං මැරෙන්න කලින් කොහොම හරි මෙයාට පුලුවන් වෙනව, තමන්ව අප්ලෝඩ් කරගන්න. ඒ කියන්නෙ කෙලින්ම ඉන්ටනෙට් එකට අප්ලෝඩ් වෙනව.... ඊට පස්සෙ ඉතිං සෑහෙන පිස්සුවක් නටනව , මට මතක නෑ අන්තිමට මොනා වෙනවද කියල . ඕකෙ නම, Virtual Obsession . ඔය මොළේ අප්ලෝඩ් කරන සීන් එක චිත්‍රපටයක් තුළ මුලින්ම දැක්කෙ ඕකෙන්. ඊට පස්සෙ ආයි ඔයිට සමාන කතාවක් තිබ්බ, ලඟදි ආපු ජොනී ඩෙප් ඉන්න Transcendence ෆිල්ම් එකේ. ඒකත් සෑහෙන්න හිතන්න යමක් ඉතුරු කරන, බලන්න වටින ෆිල්ම් එකක් . හිතන්න යමක් කිව්වෙ, ඇත්තටම මනුස්සයෙක් කියන්නෙ මොලේ රසායනික ප්‍රතිකියා ටිකක් විතරද? නැත්තං ඊට එහා ගිය, විද්‍යාත්මකව අනුකරණය කරන්න බැරි විඥානයක් වගේ දෙයක් තියෙනවද කියන ප්‍රශ්නය මේ ෆිල්ම් එක බලද්දි ගැඹුරටම දැනෙනව. දැන් ඔය කිව්වෙ, මිනිස්සු , කෘතිම බුද්ධි බවට පත්වීමෙන් අමරණීයත්වය ලබාගන්න හදපු අවස්ථා තියෙන ෆිල්ම්ස්නෙ. ඉතිං ඕකෙම අනික් පැත්තත් තියෙනවා ... ඒ කියන්නෙ , යන්ත්‍ර, ටිකින් ටික මිනිසත්බව ලබන්න දරපු උත්සාහ සහිත ෆිල්ම්ස් . මට මතක එහෙම කතාවක් තියෙන පරණ ෆිල්ම් එකක් තමා , Bicentennial Man කියන්නෙ . මේකෙ නමේ විදියට, අවුරුදු දෙසීයක් වයස මනුස්සයෙක් ගැනනෙ කියන්නෙ , ඇත්තටම ඒ මනුස්සයෙක් නෙවෙයි . රොබෝ කෙනෙක් . මුලින්ම රොබෝ කෙනෙක් විදියට ඉන්න මෙයා, කතාව අන්තිමට මනුස්සයෙක් (?) වෙනව. ඒකට අවුරුදු දෙසීයක් යනව. ඒක තමා මේ නම දාල තියෙන්නෙ . ලඟදි ආපු මේ විදිහෙ තව ෆිල්ම් එකක් තමා Ex Machina කියන්නෙ . ඒකෙ තියෙන්නෙ ගෑනු කෙනෙක් විදියටම හදපු රොබෝ වරියක් ගැන . ඔය ෆිල්ම්ස් දෙකේම අන්තිමට අර අපිට මුලින්ම ආපු ප්‍රශ්නයේ ප්‍රතිවිරුද්ධ දේට උත්තර හොයාගන්න වෙනව. ඒ කියන්නෙ කොච්චර මානවරූපී උනත් , මේ රොබෝ වරු මිනිස්සුනට සමාන කරන්න පුලුවන්ද කියන එක. අර විඥානය , ආත්මය වගේ දේවල් පැත්තකට දැම්මොත් නම් ඉතිං මෙයාලත් මිනිස්සුනට සමාන හෝ ඊටත් වඩා දියුණු සත්ත්ව කොට්ඨාසයක් කියල තමා සලකන්න වෙන්නෙ...
මට මේව මතක් උනේ, දැන් අර අලුතින් මානව රූපී රොබොච්චියෙක් හදල නේද සොෆීයා කියල ? සොෆියව හැදුවෙ 2015 දි උනත් , එයාව ආයි කරළියට ආවෙ, 2017 ඔක්තෝම්බර් මාසෙදි එයාට සවුදි අරාබියෙ පුරවැසිභාවය හිමිවීමත් එක්ක... ඔව්, ඒ තමා රොබෝ කෙනෙක්ට රටක පුරවැසිභාවය හිමි වුනු පලවෙනි අවස්ථාව ... ඔන්න ඉතිං මේ ලඟදි දවසක සොෆියා , ජිමී ෆැලන් (Tonight Show එකේ) හම්බෙන්නෙ ආව... සොෆියා එක්ක කතා කරන්න ගිහින් ඇත්තටම අපහසුතාවට පත්වුනේ ජිමී... කොටින්ම සොෆියාගෙ ජෝක් එහෙකට මිනිස්සු හිනා වෙද්දි සොෆියා අහනව, මම කියන ඒවට මිනිස්සු හිනා වෙනවනෙ ජිමී, එක්කො ඔන්න ඔහෙ මමම මේ ෂෝ එක කරන්නද කියල ? !! යූ ටියුබ් එකේ තියෙනවා බලන්න. ඔය අතරේ මේ ජනවාරි මාසෙදි ඇවිදින්නත් පුලුවන් වෙන විදියට සොෆියාට කෘතිම කකුල් දෙහෙකුත් හයි කලා කියල ආරංචියි.
අවසාන වශයෙන් ඉතිං කියන්න තියෙන්නෙ , සවුදි අරාබිය වගේ රටවල් , රොබෝ ගැහැනුන්ටත් පුරවැසිභාවය ලබාදෙමින් අනාගතය දෙසට යෝධ පියවර තබද්දී, අපේ රටේ ඉන්න ලිං මැඩි නායකයින් ලිං පතුලේ මඩත් හාරගෙන තවත් අතීතයේ වැලලෙන්න හදන එක ගැන බොහොම කණගාටුයි කියල තමා .

Saturday, January 20, 2018

Pandora පාක් එක

නයිට් ටයිම් ඩේටා වලින් යූ ටියුබ් එකේ රස්තියාදු වෙවී ඉන්නකොට ඔන්න වීඩියෝ එකක් සෙට් උනා... ඒකෙ තිබ්බෙ ඇමරිකාවෙ ඩිස්නි Animal Kingdom පාක් එකේ කොටසක් විදියට ලඟදි විවෘත කරපු Pandora පාක් එක ගැන... ඔව් අර Avatar ෆිල්ම් එකේ පෙන්නන්නෙ , අන්න ඒ ග්‍රහලෝකෙ විදියට හදල .... යන්න තියෙනව නම් සුපිරි අත්දැකීමක් තමා ඉතිං මොනා කරන්නද .... බලා සැනසෙමි යා ගන්න බැරි Pandora සිහිනේ... 🎵🎶 😭 😂
හරි කොහොම හරි අඩු ගානෙ වීඩියෝ එක හරි බැලුවනෙ 💪 (😢) මම මේ කියන්න හැදුවෙ ඒක ගැන නෙවෙයි . ඒක ඉතිං කියල වැඩක් නෑනෙ ... යූ ටියුබ් එකටවත් ගිහින් බලන්න . ඔන්න ඒකෙ තියෙනවා රයිඩ් එකක් virtual reality විදියට හදපු. අර ඉක්රාන් කියන එකෙක් ගෙ පිටේ නැගල පැන්ඩෝරා වල අහසෙ රවුමක් ගහන්න පුලුවන් . අපිට තියෙන්නෙ නිකං උගෙ පිට වගේ හදපු සීට් එහෙකට නැගල , virtual 3D glasses එහෙම දාගෙන වැඩේට සෙට් වෙන්න... යන එකාලා ගෑ ගහන විදියෙන් හිතා ගන්න පුලුවන් මොන වගේ පට්ට experience එකක් ද කියන එක...(රයිඩ් එකේ වීඩියෝ ද ඇත) virtual reality කියන දේ තවත් එක් ඉදිරි පිම්මක් පැනපු අවස්ථාවක් කියල හිතෙනව ඒක... කොහොමත් virtual reality කියන එක අනාගතයේ සිනමාවත් අතික්‍රමණය කරයි... දැනට තියෙන අවුලක් තමා , virtual reality environments , render කරන්න තියෙන අපහසුතාවය.. ඒ කියන්නෙ සුපිරිම computers වලටත් අංගසම්පූර්ණව අංශක 360 විදියට VR environment render කරන්න සෑහෙන වෙලාවක් යනව, හැබැයි ඒකටත් ලඟදිම විසඳුමක් හොයා ගනී..
අපි මේ පාවිච්චි කරන fb එකත් එක්තරා virtual reality එකක් . ඒකටත් නුදුරු අනාගතයේදීම ඔය virtual environment කියන එක එනවලු... ඒකෙ වීඩියෝ තියෙනවා බලන්න ... අනාගතයේ virtual conference වගේ ඒව fb එකෙන්ම කරන්න පුලුවන් .. ඔහොම කියද්දි මතක් වෙනව බලපු ෆිල්ම් එකක් , Surrogates කියල ... බලල තියේද ? ඕකෙත් තියෙන්නෙ ඔය virtual සීන් එකම තමා . ඒකෙ උපරිම තලයකට ආපු අනාගතේ සිද්ධ වෙන දෙයක් යන්නෙ. ඇත්තටම බැලුවම ඉතිං , අපි ලෝකය කියල අඳුනගෙන ඉන්නෙ, අපේ පංචේන්ද්‍රියන්ට දැනෙන දේනෙ? ඉතිං virtual reality කියන එක දියුණු වෙලා වෙලා , අනාගතයේ යම් දවසක් එයි, ඇත්ත ලෝකෙයි virtual ලෝකෙයි වැඩි වෙනසක් නැති වෙන. දැනට උනත් මේ ප්‍රාථමික මට්ටමේ තියෙන fb වගේ virtual reality වලටත් අපි සෑහෙන්න ඇබ්බැහි වෙලානෙ? ඉතිං අර වගේ ඇස, කන, සම වගේ හැම තැනටම සංවේදන ලැබෙන සුපිරි virtual රියැලිටියක් සෙට් උනොත් ඒකට ඇබ්බැහි වෙන එක වලක්වන්න බැරිම දෙයක් ... කොටින්ම අන්තිමේ මේ ලෝකෙ එපාම කියල අර virtual ලොකෙම නතර වෙන්න උනත් තීරණය කරයි. එක අතකට හොඳයි... නිකං matrix වගේ වෙයි. අඳුරු යතාර්ථය පිලි අරං කට්ට කාගෙන ෆයිට් කරල ඒ යතාර්ථය දිනවන්න කටයුතු කරනවද , නැත්තං සොඳුරු මායාව ඇත්ත විදියට පිළි අරං, හැම නැටුමක්ම මැරෙන තුරුනෙ කියල හිත හදාගෙන , හොඳ virtual reality එකක් තෝරගෙන ඒකට වෙලා ආතල් එකේ ඉඳලා මැරිල යනවද කියල තීරණයක් ගන්න වෙන දවසක් අනාගතේ එයි.... සමහර විට අපිටම මූණ දෙන්න වෙයිද දන්නෙත් නෑ ඒ තීරණයට
මූණු පොතේ කතා බහ

Carne y Arena: "Flesh and Sand"

Alejandro González Iñárritu කියල ඩිරෙක්ට කෙනෙක් ගැන අහල තියෙනවද? මෙයාට මේ මෑතකදී සම්මානයක් ලැබුනා , ඔස්කා විශේෂ සම්මානයක් . ඒක ලැබුනෙ මොහු අධ්‍යක්ෂණය කරපු සුවිශේෂී චිත්‍රපටයක් වෙනුවෙන් . ෆිල්ම් එකේ නම තමා , Carne y Arena ස්පාඤ්ඤ භාෂාවෙන් තියෙන නමේ ඉංග්‍රීසි තේරුම , "Flesh and Sand", ඒ කියන්නෙ "මස් සහ වැලි" වගේ අර්තයක්...
මේ ෆිල්ම් එකේ විශේෂත්වය තමා , මේක virtual reality ෆිල්ම් එකක් වීම සහ, මෙතෙක් බිහි වෙලා තියෙන ඔය තාක්ෂණය භාවිතා වුනු චිත්‍රපට අතලොස්සට වඩා වෙනස්ම මාතෘකාවක් මූලික කරගත්තු කතාවක් තිබීම . මේක විනාඩි හතක් වගේ සුලු කාලයක් දිවෙන කෙටි චිත්‍රපටයක් . කතාව යන්නෙ, අනවසර සංක්‍රමණිකයන් ගැන . ඒ කියන්නෙ මෙක්සිකන් බෝඩර් එකට එන සංක්‍රමණිකයන් පිරිසක් අතර ඔබටත් මිනිත්තු හතක් හැසිරෙන්න පුලුවන් වෙනව. බලන්න නෙවෙයි "හැසිරෙන්න" . Virtual අත්දැකීමක් කියන්නෙ බැලිල්ලට එහා ගිය එකක්නෙ. ෆිල්ම් එකක් කිව්වට, මේක ඇත්තටම installation එකක් . ඒ කියන්නෙ මේ අත්දැකීම පිරිනමන්න, ටිකක් ඉඩ පහසුකම් ඕනෙ. ඒ කියන්නෙ බිමට වැලි අතුරල සකස් කරපු ලොකු කාමරයක් ඇතුලෙ තමා මේ අත්දැකීම ඔබට ලබන්න පුලුවන් . ඒ කාමරේට යන්න කලින්, අදාළ VR ගොග්ල්ස්, සහ අනික් සංවේදක උපකරණ පලඳින්න ඕනෙ. ඊට පස්සෙ සපත්තු එහෙම ගලවල අර කාමරේට ඇතුලු වෙනව. ඔන්න ඔබේ දෙපයට වැලි පෑගෙනව. එතකොට ෆිල්ම් එක පටන් ගන්නව.... ඒ කියන්නෙ ඔබ ඉදිරියේ විතරක් නෙවෙයි . දැන් ඔබ වටේටම සරණාගතයො කෙඳිරි ගානව, සමහරු පඳුරු අස්සෙ හැංගිලා , සමහරු තුවාල වෙලා වැටිල තැන් තැන් වල, ඔය අතරේ ඇමරිකන් හමුදාවේ සෙබලු මෙයාලව හසුරුවන්න හදනව... ඔන්න එතකොට ඉහලින් හෙලිකොප්ටර් එකක් ලෑන්ඩ් කරනව... මිනිස්සු හිස් ලූ ලූ අත දුවනව. සමහරු හමුදාවේ අය අල්ලං යනව... ඔබ හැංගෙනවද, ඇමරිකන් හමුදාවේ බටයොන්ට මුවා වෙලා ඉන්නවද, නැත්තං සරණාගතයො එක්ක දුවනවද කියන එක තීරණය කරන්න ඕනෙ ඔබ... ඒක නිසා , මේක අලුත්ම විදියේ සිනමාවක්. ඒ කියන්නෙ අධ්‍යක්ෂවරයාම කියන විදියට , ඔහු සපයන්නෙ කතාවෙන් 20% ක් විතරයි . ඉතිරි 80% ක විතර ටිකම තීරණය වෙන්නෙ, සිනමාව ඇතුලෙ අපි හැසිරෙන විදිය මත... ඇත්තටම මේක ෆිල්ම් කැටගරියට ගන්න පුලුවන්ද නැත්තං මේක වෙනමම කළාවක්ද කියන එකත් දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා ... මොකද මේකෙ අධ්‍යක්ෂවරයාම කියන විදියට, ෆිල්ම් එහෙක මූලික ම දෙයක් තමා ෆ්‍රේම් එක... ඒක තීරණය කරන්නෙ අධ්‍යක්ෂවරයා . නමුත් මෙවැනි නිර්මාණයක් තුල ෆ්‍රේම් එකක් නෑ. ෆ්‍රේම් එකක් නැති ෆිල්ම් එකක් කියන්නෙ නිකං රෝද නැති කාර් එකක් වගේ, ඒක නිසා ඔහු කියන විදියට නම්, මේකට ෆිල්ම් එකක් කියන එක සාධාරණ නෑලු. ඒත් පහුගිය අවුරුද්දෙ කෑන්ස් චිත්‍රපට උළෙලට සමගාමිව මේක "තිරගත" උනා. තිරගත උනා කිව්වට ඉතිං , වෙනම ගබඩා කාමරයක් වගේ තැනක තමා මේක පෙන්නල තියෙන්නෙ. විනාඩි හතක් වගේ සුලු කාලයක් තිබ්බත්, අංගසම්පූර්ණව අංශක 360 ක රූප සහ ශබ්ද නිර්මාණය කරන්න වුනු නිසා, මේකෙ visual effects කරන එක සෑහෙන අභියෝගයක් වෙලා තියෙනව. කොහොමද කරන්නෙ කියමින් හිත හිත ඉන්නකොට , ඒක කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ ILM (Industrial Light & Magic ) ටීම් එක. හැබැයි එයාලටත් ලේසි වෙලා නෑ. මේකෙ rendering වැඩ ටික කරන්න එයාලගෙ කම්පියුටර් සිස්ටම් එකත් වෙනමම හදන්න උනාලු...
කොහොමින් කොහොම හරි වැඩේ ගොඩ දාල.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, අපි අනාගතයේ වෙයි කියල හිතන් ඉන්න දේවල් දැනටමත් වෙලා ඉවරයි කියල තමා. කවදා හරි මෙහෙටත් එයිනෙ බලමුකෝ....
මූණු පොතේ කතා බහ

Sunday, January 7, 2018

ග්‍රහලෝකාගාරය තුළ පෙන්නන චිත්‍රපටි...

ග්‍රහලෝකාගාරය කිව්වම මතක් වෙන්නෙ තරු උනාට දැන් අපේ ග්‍රහලෝකාගාරය තුළ තරු වලට අමතරව චිත්‍රපටිත් පෙන්නන බව ඔබ දැන සිටියාද? එසේ නම් මේ ඔබේ අවධානයටයි....
ලංකාව ඇතුලෙ Dome සිනමාව අත්දකින්න පුලුවන් එකම තැන තමා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය . ඒක එහෙම උනේ, 2014 අවුරුද්දෙ , අපේ ග්‍රහලෝකාගාරය ඩිජිටල් ක්‍රමයට නවීකරණය කළ නිසා. අපේ බදු මුදල් වලින් ඇත්තටම වැඩක් ඇති දෙයක් කරපු දුර්ලභ අවස්ථාවක් විදියටත් මේක හඳුන්වන්න පුලුවන් ...
ඉතිං Dome Cinema කියන්නෙ මොකද්ද කියල දන්නැති අයට , ඒ කියන්නෙ ෆිල්ම් එක පැතලි තිරයක් මත නෙවෙයි දිග ඇරෙන්නේ . නිකං පොල්කට්ටක් මුනින් අතට තියල ඒක ඇතුලට ගිහින් උඩ බැලුවම පේන අර්ධගෝලය ගැන හිතන්න අන්න ඒවගේ තිරයක් පුරාවට චිත්‍රපටය දිග ඇරෙනව... ඒක අමුතුම අත්දැකීමක් ...
ග්‍රහලෝකාගාරයෙ සෙනසුරාදා උදේ දහයෙ ශෝ එකට ගියා නං ඔබටත් මේ අත්දැකීම ගන්න පුලුවන් . ටිකට් එක රුපියල් සීයයි . (3D ෆිල්ම් එකක් බලන්න උනත් රුපියල් පන්සීයක් වත් යනවනෙ.) හැබැයි ඉතිං ටිකක් වේලාසනින් යන්න වෙනව. ශෝ එක පටන් අරං මුල් විනාඩි හතලිස් පහ විතර පෙන්නන්නෙ චාල්ස් ඩාවින් පරිණාමවාදය අදාල සොයාගැනීම් කරපු විදිය.( මීට අමතරව විවිධ වාර්තා චිත්‍රපට කිහිපයක්ම තියෙනවා , එක දර්ශන වාරයකදී පෙන්නන්නෙ එකයි. ඒ ගැන විස්තර ග්‍රහලෝකාගාරෙ සයිට් එකේ තියෙනවා බලන්න ) ඒක 3D animation ෆිල්ම් එකක් විදියට Dome තිරය පුරා විසිරිල යනව. අහසෙ කුරුල්ලොත් එක්ක පියාඹගෙන යන්න වගේම , මාලුත් එක්ක මුහුදෙ කිමිදිලා බලන්නත් පුලුවන් . ඩාවින් එක්ක බීගල්ස් නැවට නැගල ගැලපගොස් දිවයින් වලට යන්නත් පුලුවන් . මිනිස් සෛලයක් ඇතුලටම ගිහින්, DNA ඇසිරිලා තියෙන විදිය බලන්නත් පුලුවන් . මේ ෆිල්ම් එකෙන් පස්සෙ, දවසේ තාරකා පිහිටීම මූලික කරගෙන, ග්‍රහලෝකාගාරෙ සාමාන්‍යයෙන් කරන ශෝ එක යනව. මුලු ශෝ එක පැය දෙකක් විතර යනව.
ඉතිං ඊලග සැරේ යාලුවො සෙට් උනාම යන්න තැනක් නැත්තං, පොඩ්ඩක් මේකත් ට්‍රයි කරල බලන්න . වෙනස්ම අත්දැකීමක් වෙයි.