Venom ෆිල්ම් එක රිලීස් වෙලා දැන් ටිකක් කල්. ඔන්න දැන් "හොඳ කොපිත්" ඇවිල්ලා තියෙන්නෙ.ඉතිං, Venom ඇත්තටම කව්ද/ ඔරිජින් ස්ටෝරිය මොකද්ද කියල ටිකක් හොයල බැලුව. හොයන්න හොයන්න රසවත්, දිග කතන්දරයක් ඒක.
(චිත්‍රපට කතාව ස්පොයිල් වීමක් නැත.)
Venom කියන්නෙ, පිටසක්වල ජීවියෙක්. මේ එකෙක් උනාට මුන් ඇත්තටම ජීවි කොට්ඨාසයක්. මේ ජීවින්ව හඳුන්වන්නෙ, Symbiotes ලා කියලයි. එහෙම කියන්නෙ මේ අය ජීවත් වෙන්නෙ ධාරක ජීවියෙක් ඇසුරේ නිසයි. ඇත්තටම symbiosis කියන්නෙ , ජීවවිද්‍යාත්මක වචනයක්. මේකෙ සිංහල තේරුම, "සහජීවී සම්බන්ධයක්" කියල ගන්න පුලුවන් . (හැබැයි, symbiosis කියන එකෙත් වර්ග තියෙනවා.)
ඒ අනුව බැලුවම Venom, සිම්බයොන්ට් කෙනෙක්. අපි මෙයාලව Symbionts ලා විදිහට හැඳින්වුවත්, ඔවුන් ඔවුන්ව හඳුන්වා ගන්නේ Klyntar නමින්. මෙයාලගෙ මව් ග්‍රහලෝකය තියෙන්නෙ ඇන්ඩොමීඩා චක්‍රාවාටයේ. ඒකෙ නමත් Klyntar.
Venom චිත්‍රපටයේ ට්‍රේල එකෙන් (හෝ ෆිල්ම් එක දැනටමත් බලල තියෙනවා නම් ඒකෙන්) සහ, ස්පයිඩර් මෑන් තුලින් අපි දැනටමත් Venom කියන්නෙ කොයි වගේ එකෙක්ද කියල ටිකක් දන්නව. බැලූ බැල්මට දරුණු, විනාශකාරී පෙනුමක් තමා තියෙන්නෙ. ඒත්, ඔවුන්ගේ මව් ග්‍රහලෝකයේ අතීතයේ Klyntar වරු එහෙම අය නෙවෙයි. ඔවුන් ඇත්තටම බොහොම ගුණගරුක, නිතරම අනුන්ට උදව් පදව් කරන්න බලාගෙන හිටපු යහපත් ජීවීන් පිරිසක්. තමන්ගෙ උදව් අවශ්‍යයැයි හිතෙන ජීව විශේෂ තෝරගෙන, ඒ ජීවීන් අතරින් සුදුසු ශරීර සහ යහපත් ගුණයන් සහිත ධාරකයන් තෝරගෙන, ඒ ධාරක ජීවීන්ට තමන්ගෙ හැකියාව මිශ්‍ර කරල ඔවුන් සුපිරි වීරයන් බවට පත් කරල ඒ ඔස්සෙ අදාළ ජීවි විශේෂයට උපකාර කරන එක තමා මෙයාලාගෙ මූලික අරමුණ වෙලා තියෙන්නෙ.
නමුත්, රසායනික වශයෙන් අසමතුලිත, සංස්කෘතිකමය වශයෙන් දූෂණය වුනු මනස් සහිත ධාරක ජීවීන් සමඟ සහජීවී සංගම් ගොඩනැගීමට යාමෙන්, මේ සිම්බයොන්ට්ලා එන්න එන්නම නරක අතට හැරුනා. (කොටින්ම කිව්වොත් නිකං, උදව් කරන්න ගිහින් ඉල්ලං පරිප්පු කෑමක් ) තව කාලයක් ගතවෙද්දී , ධාරක ජීවීන්ගෙන්ම උකහා ගත්තු නරක ගතිගුණ තියෙන දුෂ්ට සිම්බයොන්ට්ලා සංඛ්‍යාව ටිකෙන් ටික වැඩි වෙලා, අර ඔරිජිනල් හොඳ එවුන් නැති වෙලා ගියා. ඒ වෙනුවට මොවුන් ක්‍රමයෙන් විනාශකාරී පරපෝෂිතයන් පිරිසක් බවට මුලු විශ්වය පුරා ප්‍රසිද්ධ වුනා.
මෙවැනි දුෂ්ට සිම්බයොන්ට්ලා ආහාර වශයෙන් ගන්නෙ, සත්තුන්ට ආතතියක් හෝ බියක් දැනුනාම වැඩියෙන් ශ්‍රාවය වෙන ඇඩ්‍රිනලීන් වැනි රසායන ද්‍රව්‍යයයි. ඉතිං ඒ නිසා මේ වගේ එකෙක් තමන්ගෙ ධාරක ජීවියාව නිතරම එවැනි මරණීය බය ඇති කරන මාරක දේවල් කරන්න පොලඹවනව, මොකද එතකොට වැඩි වැඩියෙන් අර රසායන ද්‍රව්‍ය ස්‍රාවය වෙන නිසා.
මෙම සිම්බයොන්ට්ලා , ග්‍රහලෝක පිටින් තමන්ගෙ පරපෝෂි ගොදුරු විදිහට ගන්නවා. ඉතිං එක සැරයක් මෙයාලා වසා පැතිරී හිටපු ඒ වගේ ග්‍රහලෝකයක්, ගැලැක්ටස් ඇවිදින් ඌ ඒක කාලා තියෙනවා! සිම්බයොන්ට්ලගේ මතක ජාන ඔස්සෙ ඉදිරි පරම්පරාවලට යන නිසා (genetic memory ), මෙයාල එදැයින් පස්සෙ ගැලැක්ටස්ට බය පක්ෂපාතී බවක් දක්වනවලු අර සිද්ධිය මතක නිසා.
සිම්බයොන්ට්ලා මුලින්ම හොඳින් ඉඳලා පස්සෙ නරක් වුනාය කිව්වට, මුන් විශ්වයට මුලින්ම ආවේ කොහෙන්ද කොහොමද කියල හෙව්වොත් වෙනම කතන්දරයක් එතන තියෙනවා:
හුඟාක්ම ඉස්සර කාලෙ, ඒ කියන්නෙ අපි මේ දන්න කියන විශ්වයේ මුල් කාලෙ, ඉඳල තියෙනවා මේ විශ්වය ඇතිවෙන්නත් කලින් ඉඳලා හිටපු, Knull කියල විශ්වීය ජීවියෙක්. මූ බලගතු දුෂ්ට දෙවියෙක් වගේ එකෙක්.
මාවල් ෆෑන්ස්ලා විදිහට ඕගොල්ලො දැනටමත් දන්නව ඇතිනෙ සෙලෙස්ටියල්ස්ල ගැන? Celestials තමා මාවල් යුනිවර්ස් එකේ එන පැරණිම ජීවීන්. මොවුන් ඉතා බලගතුයි, ඉතා විශාලයි, වගේම ඔරිජින් එකක් හොයාගන්නත් අමාරුයි. ඔවුන්ට අවශ්‍ය නම් අලුතින් විශ්වයන් හදන්නත් , හැදුනු ඒවා පරිණාමනය කරන්නත් පුලුවන් . ඉතිං ඒ කාලෙ , ඒ කියන්නෙ අපේ විශ්වය පටන් ගත්තු මුල් කාලෙම මේ සෙලෙස්ටියල්ස්ල ඇවිත් ඒක පරිණාමනය කරන්න උත්සාහ කරනවා, ඔවුන්ගේ විශාල සැලසුමක් අනුව.
නමුත් අර Knull කියන විශ්වීය ජීවියා මේකට තදින් විරුද්ධ වෙනවා.
Knull තමන්ගෙ බලය පාවිච්චි කරල කඩුවක් හදනව සජීවී අඳුරෙන් (living darkness) හදල ඒකෙන් අර එක සෙලෙස්ටියල් කෙනෙක්ගෙ බෙල්ල ගාවින් වෙන් වෙන්නම කොටනවා. මෙන්න මේ අඳුරු, සජීවී කඩුව තමා පළමු සිම්බයොන්ට් විදිහට සැලකෙන්නේ. ඉතිං සෙලෙස්ටියල්ස්ලත් ප්‍රතිප්‍රහාර එල්ල කරලා, Knull ව විශ්වයේ හිස් ඉඩකට තල්ලු කරල දානව. අර වෙන්වුනු හිසත් එක්ක මේ තුළ ඉඳගෙන, Knull, එම වෙන්වුනු හිස භාවිතා කරමින්, විශ්ව ශක්තිය පාවිච්චි කරමින් අර කඩුව තව තවත් මුවහත් කරනවා. ( Guardians of the Galaxy එකේ, Knowhere ලෙස හඳුන්වන්නේ මෙම සිඳුනු සෙලෙස්ටියල් හිසයි.)
විශ්වයේ අඳුරු ශක්තීන් භාවිතා කරමින්, කඩුව ක්‍රමයෙන් සිම්බයොන්ට් හමුදාවක් බවට පත්කර, එමගින් විශ්‍වය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරන්න Knull උත්සාහ කරනවා. Knull ගේ එම ක්‍රියාවලියේ එක කොටසක් විදිහට, සිම්බයොන්ට්ලා රාශියක් එක්ව තැනුණු ග්‍රෙන්ඩෙල් (Grendel) නම්වූ මකරෙක් වැනි, composite symbiont කෙනෙක් (එකෙක් කිව්වට සිම්බයොන්ට්ලා රාශියක එකතුවකි) වයිකින්වරු ඉන්න කාලෙදි අපේ ග්‍රහලෝකයට එනවා. එතෙන්දි Thor මැදිහත් වෙලා මූව මෙල්ල කරල සීල් කරනව. අන්න එතකොට, මුල් වතාවට සිම්බයොන්ට්ලා Knull ගේ ග්‍රහණයෙන් මිදෙනවා. ඒ නිසා, මුල් වතාවට යහපත් ධාරක ජීවීන් ඇසුරෙන්, ගෞරවය , උපකාර කිරීම වගේ හොඳ ගතිගුණ ගැන ඉගෙනගන්නවා.
ඒ ලැබුනු හොඳ ගුණාංග එක්ක, පසුව ඔවුන් ඔවුන්ගේ "දෙවියා" නොහොත් නිර්මාණකරුවා වෙන Knull ට එදිරිව කැරලිගහනවා. කැරැල්ල අවසන් වෙන්නෙ, Knull ව සිම්බයොන්ට්ලා විසින් කෘතිම ග්‍රහලෝකයක් තුළ සිර කිරීමෙන්. අන්න ඒ ග්‍රහලෝකය තමා ඔවුන්ගේ මව් ග්‍රහලෝකය නොහොත් Klyntar. සිම්බයොන්ට් භාෂාවෙන් Klyntar කියන්නෙ "කූඩුව" ට. ඉන්පසු , තමන්ගෙ අඳුරු අතීතය ගැන ලැජ්ජාවට පත්වෙන කිල්න්ටාවරු, විශ්වය පුරා සාමය පතුරුවන්න උත්සාහ කරන්නෙ, සුදුසු ධාරක ජීවීන් තුළින් වීරයන් නිර්මාණය කිරීමෙන්. (ඉන්පස්සේ තමා ආපහු නරක් වෙන්නෙ)
හරි , ඇත්තටම මේ කතාව ඉවර නෑ . අතුරු කතා සියල්ල කපාහැරලා ප්‍රධාන කතාවෙත් සංක්ෂිප්තයක් තමා මේ කිව්වෙ.
ඒත් අන්තිම වෙනකං කියෙව්වනම් තේරුම් ගන්න පුලුවන් මාවල් යුනිවර්ස් එක කියන්නෙ විශාල කතා සාගරයක්. ෆිල්ම්ස් වලින් කරන්නෙ ඒකෙන් දිය දෝතක් අරං දෙන එක විතරයි . ඉතිරි ටික හොයාගෙන රසවිඳින්න පුලුවන් නම් , ඒක වෙනම "විශ්වයක්"ම බව වැටෙහෙයි....
Saturday, February 23, 2019
Stanford Prison Experiment
දෙවියන් වහන්සේගේ හොඳම ගෝලයෙක්ව සිටි ලුසිෆර් නම් දේව දූතයා, පසුව දෙවියන්ට පිටුපා යනව. ඉන්පසු සාතන් නොහොත් යක්ෂයා බවට පත්වෙන්නෙ මේ දේවදූතයාමයි. මෙන්න මේ වගේ ඉතාමත් හොඳ ගති ගුණ තිබුණු පුද්ගලයන්, අවට පරිසරයේ සිදුවන වෙනස්කම් වලට මුහුණ දීම නිසා ක්‍රමයෙන් නරක, දුර්ගුණ සහිත වෙලා, දුෂ්ටකම් කරන්න ගන්න එක, මනෝවිද්‍යාත්මකව හඳුන්වන්නේ ලුසිෆර් ආචරණය (Lucifer effect) නමින්.
මේ පදය කරලියට එන්නෙ, ඒ නමින්ම ලියවුණු පොතක් නිසා. ඒ පොත ලියන්නෙ Zimbardo කියල ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයෙක්. පොත එලිදකින්නේ 2007 වසරෙදි වුනත්, පොතට පාදක වුනු සිදුවීම නොහොත් පර්යේෂණය සිදුවෙන්නෙ 1971 දී.
ඒකෙදි කරන්නෙ, සිසුන් පිරිසක් තෝරගෙන කාසියක් උඩ දැමීමෙන්, ඔවුන් කණ්ඩායම් දෙහෙකට බෙදනව. එක් පිරිසක් සිරකරුවන් ලෙස සලකන අතර අනික් පිරිස ජේලර්වරුන් ලෙස නම් කෙරෙනවා. ජේලර්වරුන්ට, සිරකරුවන් කෙරෙහි යම් අධිකාරී බලයක් ලබාදෙන අතරෙ, සිරකරුවන්ට සිද්ද වෙනවා ජේලර්වරුන්ට යටත්ව ඉන්න. මේ සියල්ලම අධීක්ෂණයක් යටතේ, කෘතිමව නිර්මිත සිරමැදිරියක තමා කරන්නෙ. මේකෙ අරමුණ තමා, ඔන්න ඔය විදිහට අධිකාරීත්වයක්, යටත් කරගැනීමේ බලයක් මිනිස්සුන්ට ලබාදුන්නම, ඔවුන්ගේ හැසිරීම් වෙනස් වෙනවද කියල බලන එක . මේ ප්‍රොජෙක්ට් එක එකල සිදුකර ඇත්තේ ඇමරිකන් හමුදාවේත් අනුදැනුම හා මූල්‍ය ආධාර ඇතුවයි. ඒකට හේතුව ඇමරිකන් යුධ සිරමැදිරි තුළ සිදුවන සිරකරුවන් සහ ජේලර්වරුන් අතර ගැටුම්වල මනෝවිද්‍යාත්මක පැත්ත අධ්‍යයනය කිරීමට අවශ්‍ය වීම, සහ ඒ ඔස්සේ ඒ ගැටුම් අවම කිරීමට පිළියම් සෙවීම.
ඉතිං මාස ගානක් පවතී කියල සැලසුම් කළ මේ Stanford Prison Experiment එක කරන්න පුලුවන් වුනේ දින හයක් වගේ සුලු කාලයක් විතරයි . ඒ ඇයි ?
ඒකට හේතුව බලලම තේරුම් ගන්න පුලුවන් විදිහට ෆිල්ම්ස් දෙකක්ම තියෙනවා මේ ගැන හැදුනු. එකක්, The Stanford Prison Experiment නමින්මයි තියෙන්නෙ. මේක කෙලින්ම අර පොතෙන් මූලාශ්‍ර අරං හදපු ෆිල්ම් එකක්. අනික The Experiment. මේකත් ඔය සිද්ධිය ගැනම හදපු එකක්.
ඇත්තටම වෙච්චි/ කරපු දෙයක් නිසා බලන්න වටිනවා.

Little Miss Sunshine (2006)
කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක් උනත් සැරින් සැරේ මතක් වෙන නිසා තමා මේ ලියන්නෙ.
මීට අවුරුදු ගානකට කලින් ලංකාවේ හෙන රැල්ලක් වගේ ආවා ධනාත්මක චින්තනය කියන කන්සෙප්ට් එක. ධන චින්තන දේශකයො දාස් ගනන් සහභාගී කරගෙන ලොකු ලොකු දේශනා තියලා බර ගානක් හම්බ කරගත්තා. හැබැයි දැන් නම් මේ ජාතියෙ කට්ටිය ටිකක් අඩුයි. ඒත් නැත්තෙත් නෑ.
ඔන්න ඔය ධන චින්තන සීන් එකත් මේ ෆිල්ම් එකට සම්බන්ධයි. ෆිල්ම් එකේ කතාව යන්නෙ එක්තරා පවුලක් වටා. මේ පවුලේ තාත්තා ඔය උඩ කිව්ව වගේ ධන චින්තන පොරක්, ඒ කියන්නෙ මෙයාගෙ තියරිය අනුව උත්සාහ කලොත් ඕන දෙයක් පුලුවන්. ඕක ගැන දේශනා කරන එක තමා රස්සාව විදිහටත් කරන්නෙ. ඉතිං මේ පවුලේ ඉන්නව ලොකු පුතෙක්. එයාට ඕනෙ කොහොම හරි පයිලට් කෙනෙක් වෙන්න. ඒත් ඒකට අවසර ලැබෙන්නෙ නෑ. ඒක නිසා ඒ අවසරය ලැබෙනකං එයා තීරණය කරනව මුණිවත රැකීමේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් කරන්න. තව ඉන්නව පොඩි දුවෙක්. එයාට ඕනෙ, අර පොඩි ඈයොන්ට තියෙන බියුටි පැජන්ට් එහෙකින් දිනන්න.
ඉතිං ඔන්න ඔය වගේ මේ කට්ටියටම ටාගට් තියෙනවා . අර "ටාගට් ඩ්‍රිවන්" සීන් එකේ තමා ඉන්නෙ. ඒත් පුලුවන් පුලුවන් කියල හිතාගත්තු පලියට ජීවිතේ හැම දෙයක්ම පුලුවන් වෙන්නෙ නෑ කියන දේ සහ ඕනවට වඩා සීරියස් වෙන්න එපා කියන දේ තමා අන්තිමට ෆිල්ම් එකෙන් කියන්නෙ මට හිතෙන විදිහට.
අර පුංචි කෙල්ලට, බියුටි පැජන්ට් එකට ඉන්න ඕනෙ නිසා ඒකට සහභාගී වෙන්න යන අතරෙ සිද්ධවෙන සිදුවීම් ටික තමා ෆිල්ම් එකේ පෙන්නන්නේ. හැබැයි මේ හැම දේම පෙලගස්වල තියෙන්නෙ හිනා යන විදිහට නිසා, නිකං ඇබ්බැහි වෙලා වගේ බලං ඉන්න පුලුවන් .
විශේෂයෙන්ම අන්තිම සීන් එක... චිත්‍රපටයක දැකපු සජීවී බවෙන් උපරිම කූඨප්‍රාප්තියක්.
චිත්‍රපටය ගැන තව ටිකක් කිව්වොත් මේකෙ වියදම ඩොලර් මිලියන අටක්. මුලින්ම පෙන්නන්නේ Sundance ෆිල්ම් ෆෙස්ටිවල් එකේ. ඒකෙදි Fox Searchlight වලින් මේක මිලදී ගන්නව ඩොලර් මිලියන 10.5 කට. හැබැයි, ලෝකෙ පුරා ප්‍රදර්ශනයෙන් ෆොක්ස් සමාගම උපයාගන්නව ඩොලර් මිලියන සීයකටත් වඩා. 2006 අවුරුද්දේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපට අතරටත් මේක නිර්දේශ වෙනවා...

හතර වෙනි බිත්තිය සහ එය බිඳීම...
සාමාන්‍ය වේදිකාවක් ගත්තම පිටිපස්සෙ බිත්තිය සහ දෙපැත්තේ බිත්ති දෙක සැලකුවාම බිත්ති තුනයි. එතකොට හතරවෙනි බිත්තියක් තිබ්බොත්, ඒක තියෙන්නෙ ඕනෙ නලු නිලියන් රඟන වේදිකාව සහ ප්‍රේක්ෂකාගාරය අතරයි. නමුත් එහෙම ඇත්තටම බිත්තියක් නෑනෙ. ඒත් එතන අදෘශ්‍යමාන බිත්තියක් තියෙනවා කියල හිතාගෙන තමයි සාමාන්‍යයෙන් නාට්‍යයක් රඟදක්වන්නේ. ඒ කියන්නෙ, රඟපාන නලු නිලියන් ප්‍රේක්ෂකයන්ට කෙලින්ම කතා කරන්නෙ හෝ මේක නාට්‍යයක් කියන දේ කෙලින්ම කියන්නෙ හෝ නෑ. හැබැයි සමහර නිර්මාණ වලදී නලු නිලි පිරිස් කෙලින්ම ප්‍රේක්ෂකයන්ට කතා කරනවා. ඒ කියන්නෙ ප්‍රේක්ෂකාගාරය පැත්තට හැරිලා දෙබස් කියන එක නෙවෙයි මේ කියන්නෙ, කෙලින්ම 'මේක නාට්‍යයක් , ඔයාල ප්‍රේක්ෂකයො' කියන දේ ඇඟවෙන විදිහට කතා කරනව. අන්න එහෙම කරනවට තමා , හතර වෙනි බිත්තිය බිඳිනවා කියල කියන්නෙ (breaking the fourth wall).
මුලින්ම වේදිකාවෙන් පටන් ගත්තට දැන් මේක ටෙලිනාට්‍ය චිත්‍රපට වගේ අනික් මාධ්‍ය වලටත් පොදු දෙයක්. හැබැයි එතෙන්දි , ප්‍රේක්ෂකයා වෙනුවට තියෙන්නෙ කැමරාව නිසා ටෙලිනාට්‍යක හෝ චිත්‍රපටයක ෆෝර්ත් වෝල් එක බ්‍රේක් කරන්න ඕනෙනම් කරන්න තියෙන්නෙ කෙලින්ම කැමරාව දිහාට හැරිලා කැමරාවට කතා කරන එක.
මේක පාවිච්චි කරපු එක උදාහරණයක් තමා Malcom in the Middle සීරීස් එක. මේ කතාවල හිටපු ගමන් මැල්කම් කැමරාවට, ඒ කියන්නෙ අපිට කෙලින්ම කතා කරල එක එක දේවල් කියනවා. හැබැයි එයා එහෙම කතා කරන එක , ඒ කතාව තුළ ඉන්න අනික් චරිත වලට දැනෙන්නේ නෑ .
ඉස්සර ඉඳලම චිත්‍රපට වල කතාව කීමේ සහ රසවත් බව ඇති කිරීමේ එක උපක්‍රමයක් විදිහට මේ හතර වෙනි බිත්තිය බිඳින එක පාවිච්චි කලා. මෑතකදී ඒ බිත්තිය අමු අමුවේ සුණුවිසුණු කරපු ෆිල්ම් එකක් තමා ඩෙඩ්පූල් පළවෙනි ෆිල්ම් එක. ඒකෙ අන්තිමට අර ඩෙඩ් පූල් බාත්රෝබ් එහෙකුත් ඇඳන් ඇවිදින් ප්‍රේක්ෂකයන්ට හෙන සවුත්තු නෝන්ඩියක් දාන්නෙ, ෆිල්ම් එක ඉවරයි වෙන මුකුත් පෙන්නන්නේ නෑ දැන් ගෙදර පලයව් කියල 😂. (ඇත්තටම මේකෙ ඔරිජිනල් සීන් එක, 1986 ආපු Ferris Bueller's Day Off චිත්‍රපටයේ තියෙන එකක්.)
ඩෙඩ්පූල් එහෙම අමු අමුවේ හතර වෙනි බිත්තියෙන් එලියට පැනලා ප්‍රේක්ෂකයන්ට කෝචොක් කලාට, ඊට වඩා බොහොම සංයමයෙන් දැනෙන නොදැනන ගානට මේ බිත්තිය කඩපු අවස්තාවක් තියෙනවා ලංකාවේ චිත්‍රපටියක. "බඹර වළල්ල" ෆිල්ම් එක බලල තියෙනවනම් ඒකෙ අන්තිම සීන් එක මතක ඇති. ඒකෙදි ප්‍රේක්ෂකයාව කැමරාව ඔස්සේ මිනීපෙට්ටි සාප්පුවට එන කස්ටමර් කෙනෙක් බවට පත්කරලා ඊට පස්සෙ ප්‍රධාන චරිතය අපෙන්, ඒ කියන්නෙ ප්‍රේක්ෂකයගෙන්, අහනව "පෙට්ටියක් තෝර ගත්තද?" කියල. චිත්‍රපටය පුරාවටම නොබිඳ රැකගන්න හතර වෙනි බිත්තිය අන්තිමට බොහොම සූක්ෂම විදිහට බිඳලා ඒ හරහා අපෙන් අහන ඒ ප්‍රශ්නය, හිතට තදටම වදිනවා.

පළවෙනි Alien නොහොත් Bolaji Badejo....
Alien ෆ්‍රැන්චයිස් එකේ පළවෙනි ෆිල්ම් එක ආවේ 1979 දි. අධ්‍යක්ෂවරයා, රිඩ්ලි ස්කොට්. ඒ කාලේ දැන් වගේ CGI වැඩ එහෙම ලොකුවට නැති නිසා, චිත්‍රපටය සඳහා අවශ්‍ය ඒලියන්ව, ඇත්තටම හදන්න ඕනෙ වුනා. ඇවිදින දඟලන පනින සතෙක් එච්චර සජීවීව හදන්න රොබෝ තාක්ෂණයක් තිබ්බෙත් නෑ. මේ ගැටලුවට විසඳුම විදිහට රිඩ්ලි ස්කොට් තීරණය කලේ, ඒලියන් සූට් එකක් විදිහට හදලා ඒක "ඇඳගෙන" නලුවෙක් රඟපෑම. හැබැයි මේ වැඩේට ගැලපෙන කෙනෙක් හොයාගන්න එක තමා ඊළඟට ආපු අභියෝගය. රිඩ්ලි, ඒ වගේ කෙනෙක් දැක්කොත් තමන්ට කියන්න කියල කීප දෙනෙක්ට කියලයි තිබ්බෙ.
චිත්‍රපටයට සම්බන්ධව වැඩ කරපු කෙනෙක් වුනු පීටර් ආචර්ට, අහම්බෙන් වගේ බොලාජි බඩේජෝව මුණගැහෙන්නෙ ඔය අතරෙදියි. අඩි හතකුත් අඟල් දෙකක් උස හීන්දෑරි තරුණයෙක් වුනු බොලාජිව දැක්ක ගමන් පීටර්ට මතක් වුනේ රිඩ්ලිගෙ අවශ්‍යතාවය.
ඒ අනුව බොලාජිව, රිඩ්ලි ස්කොට්ට මුණගස්වනු ලැබූ අතර බොලාජිගෙ උස සහ පෙනුම "ඒලියන්ට" නියමෙටම ගැලපෙන නිසා, ඒලියන් චරිතය සඳහා බොලාජිව තෝරාගත්තා.
උපතින් නයිජීරියානු ජාතිකයෙක් වුනු බොලාජි , ඇමරිකාවට ඇවිත් හිටියෙ කලාව පිලිබඳ වැඩිදුර ඉගෙනගන්නයි. ඉතිං හම්බෙන් වගේ ලැබුණ මේ අවස්තාවට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න හිතාගෙන, ඔහු ඒ චරිතය වෙනුවෙන්ම චීන සටන් කලාවක් (tai chi) පවා ඉගෙනගත්තා. අමතරව ඒලියන් ඇවිදින විදිහට වන්දෙක් වගේ ඇවිදින්නත් සෑහෙන්න පුහුණු වෙන්න වුනා.
චිත්‍රපටයේ රූගත කිරීම් මාස හතරක් විතර තිබුනා.
ඒලියන් විදිහට තමන් රඟපෑ බව කිසිවෙකුට අඳුනගන්න බැරි වුනත්, බොරිස් කාර්ලොෆ් , ක්‍රිස්ටෝෆ ලී වැනි, මෙවැනිම චරිත (බොරිස් කාර්ලොෆ් සිනමාවට පැමිණියේ ෆ්‍රැන්කන්ස්ටයින් චරිතය මගින් වන අතර, ක්‍රිස්ටෝෆ ලී, සුප්‍රසිද්ධ ඩ්‍රැකියුලා චරිතය තුලින් සිනමාවට පය තැබුවෙකි) මුල් වරට රඟපාමින් සිනමාව තුළ දිගු ගමනක් ආ නලුවන් පිළිබඳ සිහි කරමින් බොලාජි පැවසුවේ , "මම මේකේ ඒලියන් විදිහට රඟපෑවා කියන කාරණය, ඒකම මට ඇති. ඒ වගේම මේකෙ තව කොටසක් ආවොත් ඒකෙත් මට අවස්තාවක් තියෙයි" යනුවෙනි.
එහෙත්, 1980 දී ඔහු නැවත සිය මව් රට වූ නයිජීරියාව බලා ගිය අතර, එහිදී තමන්ගෙම කියා කලාගාරයක් ආරම්භ කළේය . 1984 වන තුරුම ෆොක්ස් සමාගමේ කළමණාකාරීත්වයට ඒලියන් චිත්‍රපටය සඳහා දෙවැනි කොටසක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් නොතිබිණි. ඊට එක් හේතුවක් වුනේ, ඒ සඳහා හොඳ මට්ටමේ තිර රචකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් සොයාගැනීමට නොහැකි වීමය. 1984 දී එවැන්නෙකු හමුවූ අතර, ඔහු එවකට තිස් එක් හැවිරිදි තරුණයෙක් වූ ජේම්ස් කැමරන්ය. ජේම්ස් ඒ වන විටත් Terminator චිත්‍රපටය සඳහා තිරපිටපත ලියා තිබුණු අතර එය සලකා බැලූ ෆොක්ස් සමාගම, ඒලියන් දෙවැනි කොටස කිරීමේ වගකීම මේ තරුණ අධ්‍යක්ෂවරයාට භාරදුනි.
ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ දෙවැනි ඒලියන් චිත්‍රපටය නමින්ම Aliens විය. එහි ඒලියන්ලා එකට වැඩි ප්‍රමාණයක් සිටි අතර, ඒ සඳහා සුදුසු පිරිස්, ජිම්නාස්ටික් ශිල්පීන්, නැටුම් ශිල්පීන් ආදිය අතරින් සොයා තෝරාගැනුණි. ඒලියන්ස් දෙවැනි චිත්‍රපටය අතිසාර්ථක වූයේ සම්මාන ගණනාවක් සහ වියදම් කළ ඩොලර් මිලියන දහඅටට, එමෙන් දස ගුණයක් වූ මිලියන එකසිය අසූවක් ෆොක්ස් සමාගමට උපයා දෙමිනි.
එතකොට කෝ අපේ කතානායක බොලාජි ?
ඒ වන විට විවාහ වී දරු දෙදෙනෙකුගේ පියෙකු වී, තම කලාගාරයේ වැඩ කටයුතු අතර කාර්‍යබහුල වී සිටි බොලාජීට නැවත ඇමරිකාවට යෑමේ අවශ්‍යතාවක් නොවූ අතර, එම නිසාම, Alien, ඔහු රඟපෑ ප්‍රථම මෙන්ම එකම චිත්‍රපටය බවට පත්විය.
කුඩා අවධියේදීම දෑකැති හැඩැති රක්තහීනතාවයෙන් පෙළෙන්නෙකු ලෙස හඳුනාගෙන තිබූ බොලාජිගෙ එම රෝගය උත්සන්න වීමෙන්, වයස අවුරුදු තිස් නමයක්ව තිබියදී 1992 දෙසැම්බර් 22 දා නයිජීරියාවේ රෝහලකදී ඔහු මිය ගියා.
හොලිවුඩ් තරුවක් වීමේ ඔහුගේ සිහිනය සැබෑ නොවූවත්, පළමු ඒලියන් ලෙස, ඒලියන්ට පණ දීම නිසා, ඒලියන් ෆෑන්ස්ලා අතර ඔහුට හිමි ගෞරවය අදටත් නොවෙනස්ව පවතී.

Far from the Madding Crowd (2015)
තෝමස් හාඩි කියන ලේඛකයා 1874 දී මේ නමින්ම ලියපු නවකතාව ඇසුරෙන් හදපු ෆිල්ම් එකක් . මේ කතාව 2015 අවුරුද්දේ චිත්‍රපටයකට නැගෙන්නෙ හතරවෙනි වතාවට .
එක්දාස් අටසිය ගණන් වල එංගලන්තයේ සුන්දර ගම් පලාතක, ගොවිපළක වෙන ආදර කතාවක් ... බැටලුවො , අශ්වයො... තිරිඟු යායවල්.. ලස්සන තණකොළ පිට්ටනි වගේ සෑහෙන සුන්දර වටාපිටාවක තමා කතාව යන්නෙ. කතාව ඉතිං ආදර පලහිලව්වක්. මේ ටයිප් එකේ කතා බලන්න කැමති අයට සෑහෙන්න විඳින්න පුලුවන් මේක . පාඩුවෙ බලන්න පුලුවන් ඉරිදා හවසක වගේ ...😃
මේකෙ ටයිට්ල් එක කියෙව්වම තේරුන් නැද්ද ? Far from the Madding Crowd කියන්නෙ ඒ කාලෙ,( ඒ කියන්නෙ එකදාස් අටසිය ගනන් වල) ප්‍රසිද්ධ වෙලා තිබ්බ කවියක එක පදයක්. මේකෙ තේරුම නිකං , "නගරයේ කලබලකාරී , "පිස්සු හැදුනු" මිනිස්සුන්ගෙන් අහකට (ගිහින් සුන්දර ගම්පලාතකට යනවා)" වගේ දෙයක් ...
හැබැයි මේ නමයි, කතාවයි බැලුවම තේරෙන්නෙ , ගමට ගියාය කියල වෙනසක් නෑ, මිනිස්සු කොහෙත් එකයි වගේ දෙයක්... (ඒ කියන්නෙ ගම වේවා නගරෙ වේවා කොහේ ගියත් හැඟීම් නිසා මිනිස්සු තමන්ගෙ ජීවත සංකීර්ණ කරගන්නවා වගේ දෙයක්) ඒ අතින් බැලුවම තෝමස් හාඩි මේ නම දාල තියෙන්නෙ නිකං සාකැස්ටික් ලයින් එකකින්ද කියලත් හිතෙනවා ...
බලන්න එහෙනං...

Sunday, September 9, 2018
San Junipero.......
Ooh baby do you know what that's worth...
Ooh heaven is a place on earth...
They say in heaven love comes first...
We'll make heaven a place on earth....
Ooh heaven is a place on earth...
(ඔබ දැන ගත යුතු වටිනා දෙයකි ...
සවර්ගය ඇත්තේ මේ පොලොව මතමය...!
ස්වර්ගයේ සියල්ලට පළමුව ඇත්තේ ආදරයලු...
ඉතිං ස්වර්ගය මේ පොලොව මත තැනක් කරමු...
ස්වර්ගය ඇත්තේ මේ පොලොව මතමය....)
Black Mirror බලපු අය දන්නව ඇති.
Black Mirror සීරීස් එකේ ආසම කතාවක් වුනු , හිතාගන්න අමාරු මට්ටමේ futuristic ගතියක් වගේම ආදරණීය බවක් තිබ්බ, තදටම හිතට වැදුණු San Junipero එපිසෝඩ් එක වෙනුවෙනි ...
(Belinda Carlisle ගෙ Heaven Is A Place on Earth අහන්න ගත්තෙ මේක නිසා)

අතිශයින්ම Predator ෆෑන්ස්ලට...
ප්‍රෙඩේට කියල ෆිල්ම් එකේ කිව්වට මුන්ගෙ ඇත්ත නම Yautja. සිංහලෙන් කිව්වොත් යඌට්ජා. යඌට්ජා ප්‍රයිම් (Yautja Prime) කියන ග්‍රහලෝකය තමා මුන්ගෙ මව් ග්‍රහලෝකය. ඒක සූර්යයන් දෙන්නෙක් ඉන්න ග්‍රහ පද්ධතියක්. වායු ගෝලය සෑහෙන දුරට අපේ එකට සමානයි. මේ ග්‍රහලෝකයේ ඉන්නෙ ප්‍රෙඩේටර්ස්ලා (යඌට්ජා කියල කියන්න අමාරු නිසා ප්‍රෙඩේට කියලම කියමු) විතරක් නෙවෙයි වෙන වෙන සත්තුත් ඉන්නව. තනිකර වෙනම ලෝකයක්නෙ ඉතිං. හැබැයි, බුද්ධිමත් ජීවියෙක් (sentient being) විදිහට ප්‍රමුඛ වෙලා ඉන්නෙ මුන් තමා.
ප්‍රෙඩේටර්ස්ලා කිරි බී වැඩෙන ඒත් චලතාපී සත්ත්ව විශේෂයක්. මුන්ගෙ සමාජය මාතෘ මූලිකයි. සාමාන්‍යයෙන් ප්‍රෙඩේට ගැහැණු සතෙක් පිරිමි සතෙකුට වඩා උසයි. ප්‍රෙඩේටර්ස්ලාගෙ ශරීරෙන් අමුතු ගඳක් වහනය වුනත් ඒක මිනිස්සුන්ට දැනෙන් නෑ. ඒක දැනෙන්නේ අනික් ප්‍රෙඩේටර්ස්ලට සහ සුනඛ කුලේ සත්තුන්ට (බල්ලන්, වෘකයන් වැනි) විතරයි. වැඩුණු ප්‍රෙඩේට කෙනෙකුට කිසිම යුධ පුහුණුවක් නැතුව වුනත් වැඩුණු පිරිමියෙක් එක්ක ද්වන්ධ සටනකින් දිනන්න පුලුවන් තරම් කායික ශක්තියක් තියෙනවා. ඔවුන්ට බාහු බලය විතරක් පාවිච්චි කරල කොන්ක්‍රීට් එකක් වුනත් කුඩු කරල දාන්න පුලුවන්. සාමාන්‍ය උණ්ඩ කිහිපයකින් වුනු තුවාල, භාහිර බෙහෙත් වලින් තොරව සුවකර ගැනීමේ හැකියාවකුත් ඔවුන්ගේ ශරීර සතුයි. ඒ වගේම මිනිස්සුන්ට මරණීය විය හැකි තරම් විකිරණ වලට නිරාවරණය වුනත් නොමැරී බේරෙන්න පුලුවන්.
ප්‍රෙඩේට පොඩිම එකෙක්ට කියන්නෙ පප් (Pup) කියල , පොඩි කාලෙ සටන් කරන්න එහෙම මුකුත් බෑ. එහෙම මොකවත් බැරි කෙනෙකුට කියන්නෙ Un-Blooded කියලයි. පස්සෙ බේසික් ට්‍රේනින් එකක් ලැබෙනව. ඒකෙන් පස්සෙ හඳුන්වන්නෙ, Young Blood කියලයි. මෙන්න මෙහෙම යන්ග් බ්ලඩ් රෑන්ක් එකේ ඉන්න එකෙක් Xenomorph කෙනෙක්ව (Alien කෙනෙක්ව) දඩයම් කලොත්, අන්න එතකොට තමා එයාට Blooded කියන රෑන්ක් එක ලැබෙන්නෙ. මේකෙදි පොඩි චාරිත්‍රයක් වගේ එකක් කරල මරපු Xenomorph ලේ වලින් පොඩි සලකුණක් දානව (නලලේ). ඒකෙන් පස්සෙ තමා, යඌට්ජා කෙනෙක්, නියම දඩයක්කාරයෙක් (Hunter) කියල පිළිගැනෙන්නෙ. ඉන්පස්සේ ක්‍රම ක්‍රමයෙන් තව තවත් හොඳින් දඩයම් ප්‍රගුණ කරල, ඊළඟ රෑන්ක් වලට යන්න පුලුවන්. ඒ කියන්නෙ ගෝත්‍රයෙ නායකයෙක් (Clan leader), ෂිප් එහෙක කැප්ටන් කෙනෙක් වගේ.
ප්‍රෙඩේටලගෙ ගෝත්‍ර සීයකටත් වඩා තියෙනවා. ඒ ඒ ගෝත්‍ර වල චාරිත්‍ර විධි සුළු සුළු විදිහට වෙනස් වුනත්, හැම ගෝත්‍රයක්ම කේන්ද්‍ර වෙලා තියෙන්නෙ, දඩයම් කිරීම මතමයි. දඩයම, හුදෙක්ම ක්‍රීඩාවක් වෙන අතර, ආහාර පිණිස හෝ සතුරන් විනාශ කිරීම පිණිස කරන දෙයක් නෙවෙයි. ඒ වගේම මේ දඩයම් වලදී සෑම ප්‍රෙඩේට කෙනෙක්ම අනිවාර්යයෙන් අනුගමනය කළයුතු අචාරධර්ම පද්ධතියක් (Code of Honour) තියෙනවා. උදාහරණයක් විදිහට, ගර්භණී අවස්තාවක ඉන්න සතෙක්ව හෝ ලෙඩකින් පීඩා විඳින සතෙක්ව දඩයම් කරන්න තහනම්, ඒ වගේම වෙනත් ප්‍රෙඩේට කෙනෙක්ගෙ දඩයමක් සොරාගැනීම හෝ, දඩයම් භූමිය ආක්‍රමණය කිරීම නොකළ යුතුයි. ඔය වගේ අචාරධර්ම කිහිපයක්ම තියෙනවා. ඒවා උල්ලංඝණය කළොත් Bad blood කියල සලකළ ඌව ගෝත්‍රයෙන් පිටමං කරනව. එවිට එතෙක් ලද සියලු රෑන්ක් අහිමි වෙනව.
සාමාන්‍ය දඩයම් වලට සහභාගී වෙනකොට මෙයාලා වෙනම යුධ සන්නාහ ඇඳුම් පාවිච්චි කරනව. ඒකෙ ප්‍රධාන කොටස් දෙකක් තමා, හිස් වැසුම සහ අත් වැසුම. මේ හෙල්මට් එක වගේ එකේ ගැජමැටික්ස් ගොඩක් තියෙනවා . සාමාන්‍ය තත්ත්ව යටතේ ප්‍රෙඩේට කෙනෙකුට පේන්නෙ අධෝරක්ත පරාසයෙ විතරයි . ඒත් මේ හෙල්මට් එකෙන් Vision modes මාරු කරල ඒ පරාසය පුළුල් කරගන්න පුලුවන්. අමතරව, වෙනත් ජීවීන්ගෙ හඬවල් අනුකරණය කරන්නත්, පරිවර්තනය කරල දෙන්නත් පුලුවන්. හෙල්මට් එක සහ අත්වැසුම අතර සම්බන්ධයක් තියෙන අතර හෙල්මට් එකේ සෙටින්ග්ස් ග්ලව් එකෙන් වෙනස් කරන්න පුලුවන්. ඊට අමතරව, සටනකදි පැරදුනොත්, ප්‍රතිවාදියට රැගෙන යන්නට කිසිවක් ඉතුරු නොකර ශරීරය අලු දූවිලි වෙලා යන විදිහට පිපිරෙන "ඩෙටනේටර් ඩිවයිස්" එහෙකුත් තියෙනවා. තුවාල උනොත් බහෙත් කරගන්න ප්‍රථමාධාර කට්ටලයකුත් මේ ඇඳුමට ඇතුළත්. ඊට අමතරව තව ආයුධ නම් සෑහෙන්න තියෙනව ඉතිං....
ඒ වගේම, දඩයමක් අවසානයේ තමන් දඩයම් කිරීමට බලාපොරොත්තු වෙන ගොදුර ටිකක් අභියෝගාත්මක එකක් නම්, ප්‍රෙඩේටගෙ කැමැත්ත අනුව ඌට ද්වන්ධ සටනක් කරන්න පුලුවන්. මෙහෙම කරද්දි සාමාන්‍යයෙන් සන්නාහ ආදිය ගලවනව. හෙල්මට් එකත් ගලෝනව. ඊට අමතරව, දඩයම අතරතුර අදෘශ්‍යමාන වීමේ හැකියාව (Cloaking) පාවිච්චි කරන්න අවසර තිබ්බත්, ද්වන්ධ සටනකදී ඒක භාවිතා කරන්න අවසර නෑ. එතෙන්දි ඒක ඕෆ් කරන්න ඕනෙ. (පළමු චිත්‍රපටයේ අවසන් ජවනිකාව සිහි කරන්න)
ඒ වගේම දඩයම සම්පූර්ණ කළැයින් පස්සෙ , අදාළ ගොදුර හම ගැසීම හෝ හිස කඳින් වෙන් කිරීම කරනව. ඊට පස්සෙ ඒ දඩයමෙන් මොකක් හරි සිහිවටනයක්/ සම්මානයක් (Trophy) විදිහට ලඟ තබා ගැනීමත් සිරිතක්.
පෙනුමෙන් වල් සත්තු වගේ උනාට, ප්‍රෙඩේටර්ස්ලට අපිට වඩා සෑහෙන දියුණු තාක්ෂණයක් තියෙන බව පැහැදිලියි. අවුරුදු පන්දහසකට විතර කලිනුත් උන් අන්තරීක්ෂ (තමන්ගෙ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට) ගමන් බිමන් ගියා. ඒ යන අතරෙදි අපේ ලෝකෙට ඇවිදින්, ඊජිප්තු, ඇස්ටෙක් වගේ ශිෂ්ඨාචාර වලට පිරමීඩ එහෙම හදන්න උදව් කරල තියෙනවා. ඒ උදව් වලට හිලව් වෙන්න මිනිස්සුන්ව පාවිච්චි කරල තියෙනවා Xenomorph ලව හදන්න ධාරක ජීවීන් විදිහට. මේ වැඩේ එක අවස්තාවකදි පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ගිහින්, පිරමීඩ වලින් Xenomorph ලා එලියට ඇවිදින් ලොකු විනාශයක් වෙන්න ගිහින් තියෙනවා. ඒ ආක්‍රමණය වලක්වන්න ප්‍රෙඩේටර්ස්ලට සිද්ධ වෙලා තියෙනවා අර ශිෂ්ඨාචාර පිටින් විනාශ කරල දාන්න. එදායින් පස්සෙ ප්‍රෙඩේටර්ස්ලා සහ මිනිස්සු අතර ලොකු ඇයි හොඳයිකම් තිබිල නෑ. හැබැයි ඉඳලා හිටල එකෙක් දෙන්නෙක් ඇවිල්ල ගිහින් තියෙනවා.
මේ සැප්තැම්බර් දාහතරත් ඔන්න එනවලු...
මූණු පොතේ කතා බහ

A Private War (2018)
මේක මේ නොවැම්බර් වල රිලීස් වෙන්න තියෙන බයෝපික් ෆිල්ම් එකක්. ප්‍රධාන චරිතය කරන්නෙ Rosamund Pike. එයා රඟපාන්නෙ, Marie Colvin කියන ඇමරිකන් මාධ්‍යවේදිනියගෙ චරිතයයි. චිත්‍රපට කතාවට පදනම් වෙලා තියෙන්නෙ, "Marie Colvin's Private War" නමින්, 2012 අවුරුද්දේ Vanity Fair සඟරාවේ පළවූ ලිපියක්.
ඇත්තටම මේ මේරි කොල්වින්ගෙ කතාව ටිකක් විතර ලංකාවටත් සම්බන්ධයි. මේරි කොල්වින් කියන්නෙ, යුධ පුවත් වාර්තාකාරිනියක්. ඇය සේවය කළේ, The Sunday Times නම් බ්‍රිතාන්‍ය පුවත් පතටයි.
2001 වසරේ ලංකාවේ උතුරේ සිදුවූ වන්නි මෙහෙයුම වාර්තා කිරීමේ කාර්‍ය ඇයට පැවරුණු අතර, මේ කාලයේ විදෙස් මාධ්‍යවේදීන්ට උතුරේ සටන් පවතින ප්‍රදේශ වෙත යාමට ඉඩ ලබාදුන්නෙ නෑ. නමුත් ඇය කෙසේ හෝ එම ප්‍රදේශ වලට ඇතුලු වී එම පුවත් වාර්තා කර තිබෙනවා . ඔය අතරතුර එවකට LTTE පාලනය යටතේ පැවති පෙදෙසක සිට රජයේ හමුදා පාලනය යටතේ පැවති ප්‍රදේශයකට යන අවස්තාවකදි, රජයේ හමුදා විසින් එල්ල කළ RPG ප්‍රහාරයකින්, ඇගේ වම් ඇස ඇයට අහිමි වෙනවා. එදා පටන් ඇය වම් ඇස ආවරණය වෙන්න eye patch එකක් දැම්මා. (ඔය ෆිල්ම් එකේ පෝස්ටර් එකේ පෙනෙන්නට තියෙන Eye patch එකට හේතුව එයයි.) එසේ වුවත්, ඇය නැවතත් මෙරටට පැමිණෙන අතර, යුද්ධයේ අවසන් සටනේ සිදුවීම්ද ඇතුලුව, ශ්‍රී ලංකා හමුදාව අතින් දෙමළ ජනතාවට සිදුවූ යුධ අපරාධ* සම්බන්ධයෙන්ද වාර්තා කොට තිබෙනවා.
ඇගේ යුධ වාර්තකරණය මෙරටට පමණක් සීමා වුනේ නෑ. 2011 වසරේදී සිදුවූ අරාබි වසන්තය වාර්තා කරන අතර ඇයට , මු(අ)ම්මර් ගඩාෆි සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීමේ අවස්තාවක්ද හිමිවෙනවා.
නැවතත් 2012 වසරේදී ඇය සිරියාවට ඇතුලු වෙන්නේ එහි සිදුවන ගැටුම් වාර්තා කිරීමටයි. ඒ, සිරියානු රජය විසින් විදෙස් මාධ්‍යවේදීන් එම පෙදෙසට ඇතුලුවීම නැවැත්වීමට දැඩි උත්සාහයක් දරණ අතරතුරය.
ශ්‍රී ලංකාව, චෙච්නියාව, සියොරාලියොන්, කොසෝවෝ , සිම්බාබ්වේ, ලිබියා, නැඟෙනහිර ටිමෝරය ඇතුලු රටවල් ගණනාවක යුධ වාර්තා කළ ඇය , සිරියානු යුද්ධය වාර්තා කළේ, එදාමෙදා තුර තමන් දුටු දරුණුම ගැටුම එය බව පවසමිනුයි. ඒ බව පසක් කරමින්, එම ගැටුම ඇගේ අවසන් යුධ වාර්තාකරණය බවටත් පත්වුණා ...
ඒක වුනේ කොහොමද කියන සම්පූර්ණ කතාව මේ චිත්‍රපටය තුළින් බලාගන්න පුලුවන් වෙයි.
(*තොරතුරු විකිපීඩියාවෙන්)

Apocalypto..... ටැපිර් දඩයම
Apocalypto කියන්නෙ 2006 අවුරුද්දේ ආපු ෆිල්ම් එකක් නිසා ගොඩ දෙනෙක් මේක බලල ඇති. බලපු ෆිල්ම්ස් අතුරින්, හිතේ තදින්ම රැඳිල තියෙන එකක් තමා මේක . බැලුව අය දන්නව ඇතිනෙ ඇයි කියල. මට හිතුනෙම මේ බලන්නෙ චිත්‍රපටයක් නෙවෙයි, කැමරාව අරං අතීතයට ගිහින්, වෙච්චි ඇත්ත සිද්ධියක් කැමරා කරන් ඇවිදින් කියල. ඒ තරමට හැම දර්ශනයක්ම මාර තාත්ත්විකව අරං තිබ්බ. ඒක ගැන ඉතිං වෙනම කතා කරන්න ඕනෙ.
ඔය දර්ශන අතරෙ විශේෂයෙන්ම මතක හිටිය සීන් එකක් තමා අර මුලින්ම පටන් ගනිද්දිම පෙන්නන ටැපිර් දඩයම. මේ සීන් එක අන්තිමට ටැපිර්ව (වල් ඌරෙක් වගේ පෙනුමක් තියෙන සතෙක්) උගුලට අහුවෙලා ඇමිණිලා යන හැටි දැක්කාම , අපි මේ බලන්න යන්නෙ , සීනි බෝල කතාවක් නෙවෙයි කියන පණිවිඩය මොලේට තදටම වදිනවා. ඕක බැලුවම මට ඇතිවුණ ගැටලුවක් තමා කොහොමද ඒ සීන් එක ගත්තෙ කියල. ඇත්තටම ටැපිර් කෙනෙක් මැරුවද ? නැත්තං කොහොමද ?
ඉතිං හොයල බලද්දි ඒ කතාව මෙහෙමයි ....
ෆිල්ම් එක සම්පුර්ණයෙන්ම යන්නෙ කැලෑවක් ඇතුලෙ. ඇත්තටම මේ කැලෑව, මෙක්සිකෝවේ දකුණට වෙන්න තියෙන කැලෑවක් . මේ දර්ශනය සඳහා අවශ්‍ය ටැපිර්ව හොයාගෙන තියෙන්නෙ, මෙක්සිකෝවේ Leon නගරයේ සත්තු වත්තෙන්. ටැපිර්ගෙ නම ස්කූටර්! ස්කූටර් (Scooter) කියන්නෙ Leon Zoo එකේ හැමෝම දන්න ප්‍රසිද්ධ ටැපිර් කෙනෙක්ලු. මූ සෑහෙන්න කියන දේ එහෙම අහන නිසා, ෆිල්ම් එකට තෝරගෙන තියෙනවා . මෙයයි මෙයාව බලාගන්න Barroso කියන පශුවෛද්‍ය තුමයි තමා ෂූටින් වලට ඇවිදින් තියෙන්නෙ. රඟපානව කියල ඉතිං ස්කූටර්ට කරන්න තිබ්බෙ පණ එපා කියල දුවන එකනෙ. මෙයාගෙ පස්සෙන් ගෝත්‍රික සෙට් එක එලෝනව. ඕක තමා දර්ශනය . විනාඩි කීපෙක දර්ශනයක් උනත් ඕක දවස් හතරක් විතර ෂූට් කරල තියෙනවා .
ස්කූටර්ව දුවවන්න උපක්‍රමය විදිහට පාවිච්චි කරල තියෙන්නෙ , සත්තුන්ව පුහුණු කරන්න යොදා ගන්න positive reinforcement කියන ක්‍රමය. ( මේක මිනිස්සුන්ටත් යොදාගන්නව) ඒ කියන්නෙ ඔය ඩොල්ෆින්ලට එහෙම කරණමක් ගැහුවම කටට මාලුවෙක් දානව. ඊට පස්සෙ ඌ තේරුම් ගන්නව, කරණමක් ගැහුවොත් මාලු ලැබෙන බව. ඉතිං පොඩි සන් කිරීමක් කලාම කරණමක් ගහල පෙන්නනව. (වසර අවසානයේ ලැබෙන බෝනස් එක සිහිකරන්න) අන්න ඒ වගේ, මේ ස්කූටර්වත් අවශ්‍ය විදිහට දුවන්න පොළඹවගෙන තියෙන්නෙ එයා කන්න කැමති දේවල් අල්ලස් විදිහට දීලා . ඒ කියන්නෙ මෙයා ඉස්සරහින් මෙයාගෙ භාරකාරය, බරාසෝ දුවනව, ස්කූටර් බරාසෝ පිටිපස්සෙන් දුවනව. හැබැයි පරතරයක් තියෙන නිසා, කැමරාවට බරාසෝව අහුවෙන් නෑ. සාමාන්‍යයෙන් මේ වගේ එක "කට්" එකක් තප්පර තිහක් විතර තමා ගන්නෙ. කැමරා අටක් විතර පාවිච්චි වෙනව මේ එක දර්ශනයකට. ඉන් පස්සෙ, ස්කූටර්ට එයා කන්න ආසම කෙසෙල් ගෙඩියි, කැන්ටලූප් කොමඩුයි, පානුයි ලැබෙනව. තව පිටත් පොඩ්ඩක් අතගාන්න ඕනෙ.
ඔය අතරෙ, සහාය අධ්‍යක්ෂවරයයි, කැමරාකරුවොයි ගත්තු දර්ශනය බලනව. සමහර විට මෙල් ගිබ්සනුත් සෙට් එකේ ඉන්නව. ඔය රිවීව් කරන වැඩේට පැය භාගයක් විතර යනව . ඉතිං එයාලා දර්ශනය ගැන සැටිස් නම් , ඊළඟ දර්ශනය ගන්න පුලුවන් . නැත්තං අර දර්ශනය ආයි ගන්න වෙනව. හැබැයි මේ විදිහට එක දිගට උපරිම කරන්නෙ දර්ශන වාර හතරක් විතරයි, මොකද ඊට වඩා කරන එක ස්කූටර්ට පීඩාකාරී නිසා. මේ දර්ශන කරද්දි මෙල් ගිබ්සන් ස්කූටර්ගෙ සුව පහසුව ගැන සෑහෙන්න හොයල තියෙනවා වගේම එයාට මහන්සි වගේ නම් ඕන වෙලේක විවේක ගන්නත් ඉඩදීල තියෙනවා.
ඉතිං අන්තිම සීන් එකේ ටැපිර් උගුලට අහුවෙන එක පෙන්නන්න යොදා ගෙන තියෙන්නෙ, ලොස් ඇන්ජලිස් සත්තු වත්තේ ඉන්න විශේෂඥයන්ගෙත් උදව්වෙන් ගානට අදාල මිමි එහෙම අරං මැනල හදපු ඇනිමැට්‍රොනික් (රොබෝ) ටැපිර් කෙනෙක්.
ෆිල්ම් එකේ ෂූටින් වලින් පස්සෙ ස්කූටර් ආපහු Leon Zoo එකට ගිහින් තියෙනවා. එයා ෆිල්ම් එකේ හොඳට රඟපෑව නිසා Apocalypto ටීම් එක මැදිහත් වෙලා සූ එකේ එය ඉන්න තැන වැඩිදියුණු කරල ලස්සනට හදල දීල තියෙනවා .
(මේ වර්ගයෙ Bairds ටැපිර්ලා මෙක්සිකෝවට පමණක් ආවේණික වන අතර, වඳවීමේ තර්ජනයට මුහුණ පාලා ඉන්න නිසා , IUCN රතු දත්ත පොතෙත් ලැයිස්තුගත වෙලා ඉන්නෙ. සාමාන්‍යයෙන් මේ ටැපිර් කෙනෙක්ගෙ ආයු කාලය අවුරුදු තිහක් විතර වෙනවා. )

Subscribe to:
Posts (Atom)