මදර් ලංකා ඉස්පොයිලර් ඇලට්..... ⚠️️⚠️️⚠️️
මම මේ ෆිල්ම් එක බැලුවා. ජීවිත කාලෙන් පැය දෙක හමාරක් ලක් අම්මට වෙන් කරන්න අමාරු නිසා 2x දාලා බැලුවෙ ඉතිං. එනිවේ, මේකෙ සින්ගල් මාම් සහ ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් ඉන්න නිසාම, මේක හොඳ චිත්‍රපටියක් , නිර්භීත පියවරක් වගේ දෙයක් ඇරෙන්න, කතාව නම් අනේ මන්දා ලෙවල් එකේ තිබ්බෙ.
හැබැයි අපරාදෙ කියන්න බෑ, ෆිල්ම් එක හරි ලස්සනයි. හරිම "පොෂ්". හැම දර්ශනයක්ම ඉතාමත් දර්ශනීය විදිහට අරන් තිබ්බා. පාරවල් පවා අතුගාලද කොහෙද. කොටින්ම හිඟන්නෙක් ඉන්න සීන් එකක් තිබ්බා, එයාවත් හොඳට නාවල කරල අලුත් සාරියක් අන්දලා පේමන්ට් එක හෝදල වාඩි කරලා කලු කොන්ඩෙ තැන් තැන් සුදු ඩයි ගාලා පිළිවෙළක් කරල තිබ්බෙ.
සින්ගල් මාම්ට ආර්ථික ප්‍රශ්න ගොඩක් තියෙනවා සහ ට්‍රාන්ස් එක්කෙනා එයාට ආර්ථික වශයෙන් උදව් කරන බව පෙන්නුවා. සින්ගල් මාම් වැඩ කරන්නෙ ටෙස්ටුරන්ට් එකක වේටර් කෙනෙක් විදිහට . හැබැයි ඉන්නෙ අපාට්මන්ට් එකක. වාහනයක් තියෙනවා . දුව යන්නෙ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට. ඒකත් මේ අහුමුළුවල තියෙන ඉස්කෝල කට්ටක් නෙවෙයි, සුපිරි පහසුකම් තියෙන එකක්. හැබැයි ඒ ළමයට තුන්වේල කන්න දෙන්නත් අමාරුයි වගෙත් කියනව. මෙයාලා මුලින් පොඩි පැල්පතක වගේ හිටිය බවක් පෙන්නනවා. ඉන්පස්සේ කොහොම හරි මේ අපාට්මන්ට් එකට ඇවිත්, දැන් මේ ජීවිතය ගත කරනවා. ඒ කොහොමද ඒ කියලා අපිට ඇති වෙන සාධාරණ සැකය, ඒ අපාට්මන්ට් එකේ යාබද නිවසේ ඉන්න දුෂ්ට ගෑනු කෙනාටත් එනවා. අපරාදෙ කියන්න බෑ කොච්චර දුෂ්ට උනත් චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා වෙනුවෙන් ලොජිකල් ප්‍රශ්න නගන්නෙ එයා තමා.
මේ සිංගල් මම්ට මේ විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ සුගර් ඩැඩී කෙනෙක් සපෝට් කරන නිසා කියලා එයා හිතනවා. සාධාරණයිනෙ. අපිටත් හිතුනා ඒක. එක්කො අඩුගානේ ක්‍රීම් බිස්නස් එකක්වත් තියෙනවා කියලා පෙන්නුව නම් කිසිම අවුලක් නෑ.
සපෝට් කරන ට්‍රාන්ස් වුමන්, සත්‍යා කියන්නෙ පොඩි කාලෙ ගෙදරින් එලෝපු කෙනෙක්. එයා දැන් කරන රස්සාව මොකක්ද ? අර දෙන්නට අර වගේ ජීවිතයක් ගත කරන මට්ටමට ආර්ථික හයියක් වෙන්න එයාට පුළුවන් වුනේ කොහොමද ? නෝ බඩි ක්නොව්ස්... හූ කෙයර්ස් අනේ... මේ කොමර්ෂල් මූවිස් වල ලොජික්ස් හොයන්න එපා ප්ලීස් ... කියලා සත්‍යාගෙ ස්ටයිල් එකටම කියාගන්න තමා වෙන්නෙ.
ඒ අස්සෙ මොකක්ද අභිරහස් වාහනයක එන මිනිහෙක් සිංගල් මාම්ගෙ දූට ලිෆ්ට් දෙනව. ඔය අතරෙ මාම් ඇක්සිඩන්ට් වෙලා, පස්සෙ හොඳ වුනත් එයා කොර ගහනව. දුවගෙ ෆයිනල් තරඟෙ බලන්න යන්නෙත් නෑ, පස්සෙ අමාරුවෙන් යන්නෙ කොර ගගහ. එහෙම යන මනුස්සයා අන්තිමට අර වාහනේට වඩා වේගෙන් දුවලා, වාහනේ ඕවටෙක් කරලා හරස් කරල නතර කරනව. වාහනේක නෙවෙයි අනේ, මේ එයාම කකුල් දෙකෙන් දුවල. ඒ සීන් එක නම් දරාගන්න අමාරු උනා. 2x දාගෙන බැලුවම ආතල් එක වැඩී ඒකෙ. පස්සෙ බැලින්නම් ඒ ඉන්නෙ මෙයාගෙ තාත්තා , යහපත් දක්ෂ එමී දූගෙ සීයා. ඉතිං මොන රෙද්දට ඒ මනුස්සයා හැංගිමුත්තන් කරන්නෙ ?දුවවයි මිනිපිරිවයි හම්බෙන්න ආවනම් ඉවරයිනෙ. දුවව ඇක්සිඩන්ට් වෙලත් හිටියානෙ. ඒක දන්නෙත් නැද්ද මෙයා එතකොට ? නැත්තං ඔන්නොහෙ හොඳ වුනයින් පස්සෙම යනව කියලා හිටියද? අගේන්, නෝ බඩි ක්නොව්ස් හූ කෙයාස් අනේ ප්ලීස් අයියෝ මේක ෆිල්ම් එකක්...
ඒ අස්සෙ අන්තිමට අර කෙල්ලගෙ බීම එකට අර දුෂ්ට කෙල්ලෙක් මොනවද දානවා. දාන මගුල එක්කො යහමින් දාන්න ඕනෙ නොකවුට් වෙලාම යන්න. එක්කො නිකා ඉන්න ඕනෙ. බාග වැඩ කරන්න ගිහිල්ලා ඒ දුෂ්ටි නිකං පරිප්පු කනවා. අනික පස්සෙ බැලින්නං ඒ මොනවාද දාලා තියෙන්නේ cctv කැමරාවක් ඉස්සරහට ගිහින්. හරියටම සෙන්ටර් වෙලා කැමරාවට. මම හිතන්නෙ, එක සැරයක් දාලා හරියට කැමරා උනේ නැති නිසා ආපහු දාලා වීඩියෝ එක අරන්ද කොහෙද සිනමැටික් කොලිටියට තියෙනවා cctv එක. මම කිව්වෙ ඒකයි, මේ ෆිල්ම් එක ලස්සනයි. cctv දර්ශන පවා ඉතාමත් රමණීය විදිහට කැමරාවට නගල තියෙනවා. මෙව්වා මිනිස්සු සල්ලි දීලනෙ බලන්නෙ, ඉතිං කැතට පෙන්නන එක හරි නෑනෙ වගේ හිතලා හැම සීන් එකක්ම ලාස්සනට අරන් තියෙනවා .
කොහොම හරි, හරියට වහ ටික දුන් නැති නිසා වමනෙ කරල ඇවිත් ඒ කෙල්ල (අහිංසක හොඳ එක්කෙනා ) තරඟෙ දිනනව. එයා සිහි නැතුව චේන්ජින් රූම් එකේ වැටිලා ඉඳල පැවිලියන් එකට උස්සගෙන ආවම අර සත්‍යා ඇතුලු පිරිසගෙ හැසිරීම නිකං , ආ කලන්තෙ දාලද කොහෙද වගේ... ඉන්නෙ. poisoned කියල කිව්වත් ආ ඕක ඇරිලා යයි වගේ සීන් එකක් එතන තියෙන්නේ . එගේන්... මේක ...... ප්ලීස් අනෙහ්.
ඉන්පස්සේ හොඳම සීන් එක, එහෙම ගන්න මෙඩ්ල් එක ගිහිල්ලා අර එහා ගෙදර මනුස්සයට දෙනවා ඒකෙන් එයාගෙ දුවව අර ටුනමන්ට් එකට රට යවන්න කියලා ! ඒ මනුස්සයා මුලින් ඉල්ලන්නෙ, තමන්ගෙ දුවට දිනන්න ඉඩ දෙන්න කියලා ,ඒ වෙනුවට මේ අහිංසක යහපත් එමී ළමයා, එයා තරඟෙ දිනල, පස්සෙ මෙඩ්ල් එක ගෙනිහින් දෙනවා අර මිනිහට, දුවගෙ වැඩේට කියලා 😆. අන්න ලොජික්. ඒක තමා මම හිතන්නෙ මේකෙ කූඨප්‍රාප්ති සීන් එක. එහෙමත් වෙච්චි එකේ අනික් එව්වා මොනාද කියලා හිත හදාගන්න එතකොට අපිට පුළුවන් වෙනවා.

No comments:
Post a Comment