අපි දන්නෙ නැති භාෂාවක් කතා කරන රටකට ගිහිල්ලා කාලයක් හිටියම ඉබේම අපිට ඒ භාෂාව කතා කරන්න පුලුවන් වෙනවා. හැබැයි ඒ අපි ඒක ඉස්කෝලේ ගිහින් හෝ ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන නෙවෙයි. ඒ මිනිස්සු එක්ක ඉඳල එයාලා කියන දේ අහන් ඉඳල ටිකින් ටික ඒ භාෂාව අපිටත් කතා කරන්න පුලුවන් වෙනවා. හැබැයි, ඒකෙ තියෙන ව්‍යාකරණ නීති රීති, අකුරු , මහප්‍රාණ ආදිය අපිට තේරුමක් නෑ.
චිත්‍රපට බැලිල්ලත් ඒ වගේ නේද ? ඒක රූප වලින් සැදුණු භාෂාවක් නම්, අපි ඒවා කාලයක් තිස්සෙ බලද්දි, අපිට ඒක තේරෙනවා. ඒ කියන්නෙ චිත්‍රපට කතාව තේරෙනවා කියන එක නෙවෙයි, චිත්‍රපටය හොඳද නැද්ද, අරක මෙහෙම කලානම් වඩා හොඳයි නේද වගේ අදහස් පල කරන්න පුලුවන් වෙනවා. හැබැයි අපි ඒ භාෂාව ඉගෙනගෙන තියෙන්නෙ ඒක දිහා බලන් ඉඳලා මිසක්, නිල වශයෙන් ඉගෙනගෙන නෙවෙයි නිසා චිත්‍රපටයේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියන්න මිසක් ඒ අහවල් හේතුව නිසාය කියන්න ප්‍රේක්ෂකයො විදිහට අපිට තේරුමක් නෑ. කොටින්ම අපි සිනමා භාෂාවේ ව්‍යාකරණ දන්නෙ නෑ. ඉතිං එහෙම දේවල් ටිකකුත් අපි අපිම දැන ගත්තොත්, අර කිව්ව රූප භාෂාව වඩාත් හොඳට තේරුම් ගන්න, විනිවිද දකින්න පුලුවන් වෙයි නේද ?
ඉතිං එහෙම හිතාගෙන චිත්‍රපට සංස්කරණය ගැන පොඩ්ඩක් හොයල බැලුවා.
සාමාන්‍යයෙන් චිත්‍රපටයක් සංස්කරණය කරනවා කියන දේ දෙවැනි වෙන්නෙ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවාට විතරයි කියලත් කියනවා. මොකද ඒ තරම්ම වැදගත් වැඩක් ඒක. සංස්කරණය චිත්‍රපටයේ අවසන් ප්‍රතිඵලයට කොච්චර බලපෑමක් එල්ල කරනවද කියනවනම්, අකිර කුරසොවා, කොඑන් බ්‍රදර්ස්ල වගේ ලෝක ප්‍රසිද්ධ සමහර අධ්‍යක්ෂවරු, තමන්ගෙ චිත්‍රපට තමන්ම සංස්කරණය කරගෙන තියෙනවා.
චිත්‍රපට සංස්කරණය හරියට නොකලොත්, චිත්‍රපටය සංස්කරණය කරල තියෙන බව ප්‍රේක්ෂකයන්ට දැනෙන්න ගන්නවා. ඒ කියන්නෙ රූපාවලි (දර්ශන) කපල අලෝලා කියල තේරෙන්න ගන්නවා. ඒක ඇහැට වෙහෙසක් ගෙන දෙනවා වගේම, චිත්‍රපටයේ කතාවෙන් ප්‍රේක්ෂකයා මුදවලා, වීඩියෝ කැපෙන කෙටෙන විදිහ ගැන ඔවුන්ගේ අවධානය යොමු වෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට, එහෙම කිරීමේ (ඒක දැනෙන්න අරින්න) නිර්මාණාත්මක අවශ්‍යතාවක් තිබුනොත් හැරෙන්නට, එහෙම ප්‍රේක්ෂක අවධානය බිඳිල, ඔවුන් චිත්‍රපටයේ ආඛ්‍යානය තුල නිමග්න වෙලා ඉන්න එකෙන් ගැලවිලා යන විදිහට සංස්කරණය වුනා කියන්නෙ, ඒ සංස්කරණය අසාර්ථක එකක් කියන එකයි. ඒකෙම විලෝමය තමා, හරියට සංස්කරණය කළා කියන්නෙ සංස්කරණය කියල දෙයක් වෙලාය කියල බලන කෙනාගෙ ඇහැට දැනෙන්න බෑ. ඒක සැඟවිලා තියෙන්නෙ ඕනෙ. මේ නිසාම සාර්ථක සංස්කරණය යන්න සැඟවුණු කලාවක් කියලත් හඳුන්වනවා (Hidden art).
ඉතිං මේ විදිහට ප්‍රේක්ෂක ඇසට හොරෙන්, ඇස් ඉදිරියේ ලස්සනට කතාවක් ගලායන විදිහට (continuity of narrative) සාර්ථක සංස්කරණයක් කරන්න, සංස්කරණය ශිල්පීන් නොයෙකුත් ශිල්පීය උපක්‍රම පාවිච්චි කරනවා.
සාමාන්‍යයෙන් තනි රූපාවලියක් තවත් එකකින් වෙන් කරගන්න එකට කියන්නෙ කට් එකක් කියලයි (cut) මේ වගේ කට්ස් ගොඩක් එකතු වෙලා තමා චිත්‍රපටයක් හැදෙන්නේ. මේ විදිහේ කට් වර්ග රාශියක් තියෙනවා. මේවා විවිධ විදිහට නිර්මාණය ඉල්ලන පරිදි පාවිච්චි කරන්න ඕනෙ.
විශේෂ ක්‍රමයකට (transition) නැතුව සාමාන්‍ය විදිහට එක් දර්ශනයකින් තවත් දර්ශනයකට මාරු වෙන එකට කියන්නෙ, Standard cut කියලයි. මේවා ඉතිං අනන්තවත් චිත්‍රපට වල තියෙනවා. උදාහරණ අවශ්‍ය නෑ . හැබැයි ඔබ සමහර චිත්‍රපට වල දැකලා ඇති, එක් දර්ශනයක වීඩියෝ කොටස ඉවරවෙන්න කලින්ම, ඒ දර්ශනය මතට ඊළඟ දර්ශනයට අදාළ හඬ පටය එනවා. මේ විදිහට කට් කරනවාට කියන්නෙ, J cut එකක් කියලයි .
J cut කියන්නත් හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් සංස්කරණයේදී, ඕඩියෝ ට්‍රැක් එක තියෙන්නෙ වීඩියෝ ට්‍රැක් එක යටින්. එතකොට අර උඩ කිව්ව විදිහට ඊලඟ දර්ශනයට අදාළ හඬ ටිකක් කලින් ඉඳලා play වෙන්න නම් , පහල තියෙන ඕඩියෝ එක උඩ තියෙන ඒකට අදාල වීඩියෝ එකට වඩා ටිකක් ඉස්සරහින් තියෙන විදිහට ගන්න ඕනෙ. එතෙන්දි J හැඩයක් එනවා(උඩ වීඩියෝ එකයි පහල ඕඩියෝ එකයි දෙකම සැලකුවාම). ඒකයි ඒකට J cut කියන්නෙ . ඕකෙම විලෝමය තියෙනවා L cut කියල . එතෙන්දි වෙන්නෙ, මුල් දර්ශනයට අදාල ඕඩියෝ එක , දෙවෙනි දර්ශනය තුලට ඇදෙන එකයි. ( L හැඩේකට එනවා එතකොට ට්‍රැක් දෙකම බැලුවම )
මේ J සහ L කට් බහුලව පාවිච්චි වෙන්නෙ, චිත්‍රපට තුළ පෙන්නන සංවාද වලටයි. චිත්‍රපටයක දෙන්නෙක් කතා කරන දර්ශනයක් විමසිල්ලෙන් බැලුවම පෙනෙයි, ඒවා බොහෝවිට මේ J සහ L කට් වල එකතුවක් බව. ඒ කියන්නෙ පලමු කෙනා ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සෙ එයාගෙ මූණ පෙන්නන ගමන්ම දෙවැනි කෙනාගෙ උත්තරේ අපිට ඇහෙනවා. ඊට මොහොතකට පස්සෙයි කැමරාවෙන් දෙවැනි කෙනාගෙ මූණ පෙන්නන්නේ . ඒ කියන්නෙ ඇත්තටම එතෙන්දි කළේ, J cut එකක් . L cut එකත් ඔය විදිහටම පාවිච්චි වෙනවා. ඉතිං ඒ විදිහට J සහ L පාවිච්චි කිරීමෙන්, අර සංවාදය කරන දෙන්නා අතර තියෙන බැඳීම , ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීපව දැනෙනවා. එහෙම නොකර standard cut පාවිච්චි කලානම්, ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ මුන් දෙන්න කතා කලාට උන් අතරෙ ලොකු බැඳීමක් නෑ වගේ. ඉතිං එහෙම, කතා කලාට මුන් එකාට එකා නෑ හෝ, පළමු වතාවට මුණ ගැහිලා කතා කරන නාඳුනන දෙන්නෙක්ගෙ සංවාදයක් පෙන්නන්න standard cut එක පාවිච්චි කරන්න පුලුවන්.
සංවාද විතරක් නෙවෙයි සමහර චිත්‍රපට පටන් ගන්න සහ ඉවර කරන්නත් J සහ L cuts පාවිච්චි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට , Whiplash චිත්‍රපටයේ ආරම්භය බලන්න.
ඒක පටන් ගන්නෙම J cut එහෙකින්. ඒ වගේම No Country for Old Men චිත්‍රපටයේ අවසානය බැලුවොත් ඒක L cut එකකි ඉවර වෙන බව පෙනේවි. ඒකෙන්, අපිට පේන්න චිත්‍රපටය ඉවර උනත් අපිට නොපෙනී කතාව තාම ඉස්සරහට යනවා වගේ දැනීමක් ප්‍රේක්ෂකයන්ට දෙනවා.
(Pic from iceflowsstudios)
Saturday, February 23, 2019
විජයබා කොල්ලය...
මුලින්ම මේක කිව්වම මතක් උනේ W.A. සිල්වාගේ නවකතාව උනාට දැන් නම් මතක් වෙන්නෙ අලුතින් ඒ ඇසුරෙන් හැදෙන ෆිල්ම් එක...
නවකතාව කියවල තියෙන අයනම් දන්නව ඇති, ගොඩක් ලස්සන කතාවක් මේක. මට මතක හැටියට ටිකක් විතර ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ගතියකුත් තියෙනවා අර ෆැන්ටසි පැත්ත අයින් කලොත්. විශේෂයෙන්ම මේකෙ අන්තිම සහ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එකේ අන්තිම සීන් එක ටිකක් එක වගේ. තව පැත්තකින් ගත්තොත් මේක ටිකක් ටයිටැනික් වගේ. මොකද මේ කතාවෙ පසුබිමේ යන සිද්ධිය ඓතිහාසික එකක් උනාට ප්‍රධාන කතාව, කල්පිතයක්. ටයිටැනික් වලත් එහෙමනෙ. නැව ගිලුනු එක ඇත්ත උනාට ජැක් රෝස් සිද්ධිය හදපු කතාවක්නෙ.
ඉතිං "විජයබා කොල්ලය" කියන සිද්ධිය, එක්දාස් පන්සිය ගනන් වල ඇත්තටම වෙච්චි එකක් උනාට, පොතේ එන නීලමණී, නයනානන්ද සහ අසංග සෙනෙවිගේ තුන් කොන් ප්‍රේම කතාව ඇත්ත සිද්ධියක් නෙවෙයි. නවකතාවට හදපු එකක්.
ලංකාවේ ඉතිහාසය සම්බන්ධ ෆිල්ම්ස් මෑතකදී ගොඩක් ආවට, මේක ටිකක් වෙනස් වෙන්නෙ ඔතනින්. මොකද මේක "ඓතිහාසික නවකතාවක්" ඇසුරෙන් හැදෙන එකක් මිසක්, ඉතිහාසය එහෙම්ම කියන එකක් නෙවෙයි. (මේ වගේ තව පොතක් තමා මාටින් වික්‍රමසිංහයන්ගෙ "රෝහිණී " ඒකෙත් පසුබිමේ එළාර ගැමුණු කතාව යද්දි, මතුපිට ප්‍රේම කතාවක් යන්නෙ.)
හරි ඉතිං කොහොම හරි ඔන්න මහාචාර්ය සුනිල් ආරියරත්න ඩිරෙක්ට් කරනවා, එක්සකටිව් ප්‍රඩියුසර් බූඪි කීර්තිසේන... ඉතිං මේ දෙන්නම පුරුදු වෙන්න ෆිල්ම්ස් හදන දෙන්නෙක් නොවෙන නිසා, මේ ෆිල්ම් එක ගැන යම් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නෙ.
හැබැයි, මේක හිට් වෙයි කියන්න පුලුවන් ලොකුම හේතුව තමා, මේකෙ තිර රචකයා තිස්ස අබේසේකර වීම. මේක තිස්ස අබේසේකර මහතාගේ අවසන් තිරපිටතයි.
තිරපිටත ලිව්වා කියන්නෙ, හිතින් ෆිල්ම් එක හැදුවා වගේ තමා. ඒ කියන්නෙ රෙසිපිය හරි. දැන් තියෙන්නෙ අඩුම කුඩුම ටික ගානට මික්ස් කරල හොද්ද හදාගන්න එක. මහාචාර්යතුමාට ඒක චොර නොකර කරගන්න පුලුවන් ධෛර්යය ශක්තිය ලැබේවා කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා...

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි/ටීවි සීරීස් වල තියෙන ගැජට් ...
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි/ටීවි සීරීස් වල තියෙන එක එක ගැජට් වලින් හොඳටම හිතට අල්ලපු ඇත්තටම තිබ්බ නම්... කියල හිතුන ගැජට් මොනාද ?
මට නම් එහෙම හිතුනා අර Black Mirror එකේ එක එපිසෝඩ් එහෙක තියෙන අපිට පෙනුනු දේවල් රිවයින්ඩ් කරල බලන්න පුලුවන් ගැජට් එක දැක්කම. මේකෙන් ඇස් දෙකෙන් දකින ඒවා HD වීඩියෝ විදිහට බෙල්ල හරියෙ තියෙන මෙමරි ඩිවයිස් එහෙක සේව් වෙනවා. ඒකෙන් ඕන වෙලේක අර කලින් දැකපුවා ආයි බලන්න පුලුවන්. ඒ කියන්නෙ ඒ මොහොත ආපහු රසවිඳින්න පුලුවන්. අනික වෙන වීඩියෝ ප්ලේයර්ස් මුකුත් ඕනෙත් නෑ. වැඩි විස්තර කියන්නෙ නෑ . ඕන නම් ඒක බලලම තේරුම් ගන්න.
තව එකක් තිබ්බා Minority Report ෆිල්ම් එකේ. ඒකෙ ටොම් කෲස් ඉන්න ෆැලට් එකේ රූම් එකයි කෙලින්ම රූම් එකේ දොරටම සෙට් වෙන විදිහට හදල තියෙන කාර් එකයි. මේක ඉතිං අනාගතයෙ වෙන කතාවක්නෙ. කෙලින්ම සාලෙ සැටියක වාඩි වෙනව වගේ කාර් එකේ වාඩි වෙන්න තියෙන්නෙ .
තව කීපයක් තිබ්බ බැක් ටු ද ෆියුචර් සීරීස් එකේ. හොඳට මතක එකක් තමා අර ඉන්ස්ටන්ට් පීසා එක. චූටි පියනක් වගේ තියෙන්නෙ. මයිකොවේව් එකට දාල තප්පර ගානෙන් ලොකු පීසා එකක් වෙනවා. ඇත්තටම තිබ්බ නම් ට්‍රිප් එහෙම ගෙනියන්න කියාපු භාණ්ඩෙ. අනික ඉතිං Hover board එක . Back to the Future බලමු ඕන එකෙකුට ආසාවක් එනව ඒ වගේ එහෙකට.
තව එකක් තමා Men in Black එකේ අර අමතක කරවන්න පුලුවන් ගැජට් එක . මේක මූණට එල්ල කරල ස්විච් එක එබුවාම අදාල පුද්ගලයාට අතීතයේ අදාළ කොටස් අමතක වෙනවා. ඉතිං මේ වගේ එකක් තිබ්බ නම් ඇත්තට ජීවිතේ කොච්චර ප්‍රයෝජනවත් වෙන්න තිබ්බද? මීට සමාන එකක් තියෙනවා Eternal Sunshine of the Spotless Mind එකෙත්. හැබැයි ඒකෙ තියෙන්නෙ අපේ මොලේම තියෙන හිතට වදයක් වෙලා තියෙන සවුත්තු මතකයන් අමතක කරවන ගැජට් එකක්. සමහර අය නම් මේක ගනී කීය ගියත් කමක් නෑ කියල. ඒක තීරණය වෙන්නෙ ඉතිං අතීතයේ මතක මොනවගේද කියන දේ මතයි.
තව සුපිරි ගැජට් එකක් තියෙනවා Prometheus ෆිල්ම් එකේ. ඒක තමා අර සැත්කම් කරන මැෂින් එක නොහොත් Med Pod එක. අදාළ සැත්කම තෝරලා, මේ ගැජට් එක ඇතුලට රිංගලා දොර වහ ගන්නයි තියෙන්නෙ . සට සට ගාලා විනාඩි ගානෙන් සර්ජරිය කරල ටස් ටස් ගාල මැහුම් දාල ඉවරයක් කරනවා. මැගී නූඩ්ල්ස් හදනවා වගේ නිකං.😋 මේකක් ඇත්තටම ආවොත් නම් ඩොක්ටර්ස්ලට ටිකක් බඩේ පාර වදී. ලංකාවේ නම් ලොකුවට උද්ඝෝෂණ එහෙමත් කරයි. වෛද්‍ය සභාවෙ අනුමැතිය එහෙම මළාට හම්බෙන එකක් නෑ. හැබැයි ඉතිං ඔය සමහර ඩොක්ටස්ලගෙ ලොකු සීන් බලන්නෙ නැතුව, පෝලිමේ ඉන්නෙත් නැතුව ටක් ටක් ගාලා සැත්කම් කරල දෙන මේ වගේ එකක් නම් ට්‍රිලියන ගානක් දීලා හරි ගන්න තියෙනවා නම් පාඩු නෑ.
අනික් සුපිරිම ගැජට් එක තමා Star Trek ෆිල්ම්ස් වල පෙන්නන "ට්‍රාන්ස්පෝට් චැම්බර්" එක . මේකෙන් කරන්නෙ කෙනෙක්ව එක තැනකින් තව තැනකට ක්ෂණිකව "ටෙලි පෝර්ට්" කරන එක. නිකං හිතන්නකො ඔෆිස් එක ඇරිල ඇගිල්ල ගහන්න ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එක ලඟ ඉන්නව වගේ, අනාගතයෙ දවසක ඔෆිස් ඇරිලා ඔෆිස් එකේම මුල්ලෙ හයි කරල තියෙන මෙහෙම මැෂින් එහෙක ඇතුලට ගිහින් එතනින් අතුරුදන් වෙලා ගේ ගාව ATM මැෂින් වගේ හයි කරල තියෙන මේ ජාතියෙ මැෂින් එකෙන් එලියට බැහැල තප්පර ගානින් ගෙදර එනකොට ?
හැබැයි මේ වගේ ඒවා ලංකාවට ගේනව නම් ඒවා ගේන්නෙ අපේ මළ කඳන් මතින් තමා කිය කිය මෙතන නහින්න හදයි ප්‍රයිවට් බස් සෙට් එකයි ත්‍රීවීලර් අයියලයි 😂

They Shall Not Grow Old (2018)
1914 ජූලි 28 වෙනිදා ඇරඹෙන පළවෙනි ලෝක යුද්ධයේ ගහ මරාගැනීම්, 1918 නොවැම්බර් 11 වෙනිදා ජර්මනිය සහ අනික් පාර්ශ්වය අතර අත්සන් කෙරෙන සටන් විරාමය නිසා අවසන් වෙනවා. එදා ඉඳලා මේ සිද්ධිය හැම අවුරුද්දකම නොවැම්බර් එකොළොස් වෙනිදාට,පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් විසින් සමරනවා Remembrance Day විදිහට. පොපි මල් දිනය කියල කියන්නෙත් මේකටමයි. ඒ අනුව මේ (2018) නොවැම්බර් 11 වෙනිදාට යෙදිල තියෙන්නෙ පළමු ලෝක යුද්ධය නිමවී අවුරුදු සීයක සැමරුමයි.
ඉතිං මේ කියන්න හැදුවෙ ඒක ගැන නෙවෙයි. මේ ශත සංවත්සරය නිමිත්තෙන්, අපි කවුරුත් දන්න පීටර් ජැක්සන් ඔන්න අලුත්ම වැඩක් කරල තියෙනවා. ඒක තමා මේ They Shall Not Grow Old කියන වාර්තා චිත්‍රපටය. හැබැයි මේ චිත්‍රපටය සුවිශේෂී එකක්. ඒකෙ විශේෂත්වය තමා, මේ ෆිල්ම් එකේ තියෙන රූපාවලි, ඇත්තටම පළමු ලෝක යුද්ධ කාලයේ රූපගත කරපුවා වීම.
පීටර් ජැක්සන්, නවීන සිනමා තාක්ෂණය පාවිච්චි කරලා ඒ කලු සුදු රූප වර්ණ ගන්වලා තියෙනවා. අනික තමා, මේ චිත්‍රපටයේ ඉන්න ඇත්තම සොල්දාදුවන්ගේ තොල් සෙලවීම් අධ්‍යනය කරල හඬ නලුවන් මගින් "ලවන් සබැඳි තෙපුල්" යොදලා නිහඬ චිත්‍රපටය හඬ සහිත කරල තියෙනවා. අමතරව, ඒ කාලෙ හුවමාරු වුනු ලිපි සහ සොල්දාදුවන්ගේ දිනපොත් වලින් ගත්තු දේවල් යොදාගෙන තියෙනවා පසුබිම් කතාවට. මේ රූපරාමු ත්‍රිමාණ විදිහටත් පරිවර්තනය කරල තියෙන නිසා, මේක බලන කෙනෙකුට පළවෙනි ලෝක යුද්ධයේ සැබෑ දසුන් මින් පෙර කිසිම කෙනෙක් සිනමා පටයක් තුලින් නොදුටු විදිහට, වර්ණවත්ව, හඬ සහිතව, 3D විදිහට බලන්න පුලුවන්.
කොටින්ම අතීතයට ගියා වගේ.
ඉතිං මේක බලපු සමහර අය කියල තිබ්බෙ, "පරණ" ඒවා "කලු සුදු විය යුතු" බවට මොළය බලාපොරොත්තු වෙන නිසා, තමන් මේ දකින්නෙ සැබෑම අතීතයේ දර්ශන බවට පිලිගන්න අසීරු වුණු බවයි.
මේ චිත්‍රපටයේ නම, පළමු ලෝක යුධ සමයේ ලියැවුණු කවියක (The Fallen by Laurence Binyon) තිබුණු පදයක් (They shall grow not old, as we that are left grow old) ඇසුරෙන් තමා හදාගෙන තියෙන්න. චිත්‍රපටයේ අඩංගු වර්ණගැන්වීමට ලක්වුණ මුල් සංරක්ෂිත දර්ශන ලබාගෙන තියෙන්නෙ BBC සේවයෙන් සහ Imperial යුධ කෞතුකාගාරයෙන්. මේ සියලු දර්ශන වලින් පෙන්නන්නේ, පළමු ලෝක යුද්ධයේ ඉතා සුලු භූමි කොටසක සිදුවූ සිද්ධි කිහිපයක් නිසා, ඒ යුද්ධය සම්පූර්ණයෙන් ආවරණය වීමක් මේ චිත්‍රපටයෙන් බලාපොරොත්තු වෙන්න එපා. අනික මේකෙ politically incorrect ගතියකුත් තියෙනවලු. මොකද මේකෙ තියෙන්නෙ අපි ෆිල්ම්ස් වලින් බලාපොරොත්තු වෙන දේ නෙවෙයි, අමු ඇත්තයි. ඒක නිසා සමහර දර්ශන වල බ්‍රිතාන්‍ය යුධ සෙබළුන් ජර්මන් යුධ සිරකරුවන් සමඟ විහිලු තහලු කරමින් ඉන්න අවස්තා පවා තියෙනවා. අනික් දේ මේ සියලු දර්ශන, බ්‍රිතාන්‍ය අන්තයෙන් රූගත කරපුවා, ඒ කියන්නෙ ජර්මනිය පැත්තෙ ඒව නෑ. ඉතිං මේක සමබර වාර්තාවක් නොවෙන්න පුලුවන්.
මේ චිත්‍රපටයේ විශේෂ දර්ශන කිහිපයක් පසුගියදා පැවැත්වුනා. ප්‍රේක්ෂක ඉල්ලීම් නිසාම මේකෙ ධාවන කාලය මුලින්ම තීරණය කලාට වඩා දීර්ඝ කරලා තියෙනව. මිනිත්තු අනූනවයක් පුරා දිවෙන මේ චිත්‍රපටය ලබන නොවැම්බර් 11 වෙනිදා තෙක් සිනමා ශාලා වල තිරගත කෙරෙන අතර ඉන්පස්සේ BBC රූපවාහිනියෙන් විකාශනය වෙන්න නියමිතයි.
ඉතිං පීටර් ජැක්සන්ගේ වැඩක් නිසා, අමුතුවෙන් වර්ණනා ඕනෙ නෑ. ඒත් imdb අගය 9.2/10 කියල නිකමට කියන්නම්. එහෙනං අනිවාර්යයෙන් බලන්න....

Diegetic සහ non- diegetic....
චිත්‍රපටියක තියෙන මුලු අන්තර්ගතය diegetic සහ non- diegetic කියල බෙදල වෙන් කරන්න පුලුවන්.
හැබැයි මේක දැනන් ඉන්න ඕනෙ නෑ ෆිල්ම් එකක් රස විඳින්න. ඒත් ඉතිං ෆිල්ම්ස් ගැන ඕනවටත් වැඩිය හොයනවනම් මේ ගැන දැනටමත් දන්නව ඇති සමහරවිට.
චිත්‍රපටියක් ගත්තම ඒකෙ යනවනෙ කතාවක්. ඕකට ආඛ්‍යානය කියලත් කියනව. ඒ කියන්නෙ "narrative" එක. ඉතිං ඔය කතන්දරයට ඍජුවම දායක වෙන රූප සහ ශබ්ද ටික අයිති වෙන්නෙ චිත්‍රපටයෙ diegetic කියන කොටසට. තවත් පැහැදිලි කලොත් , චිත්‍රපටයේ විස්තර වෙන කතන්දරයට අයිති, ඒ "කතන්දර ලෝකෙට" අයිති ශබ්ද සහ රූප ටිකට කියන්නෙ ෆිල්ම් එකේ diegetic content එක කියලයි. චිත්‍රපටයක වැඩියෙන්ම තියෙන්නෙත් මේක තමා. නලු නිලියන්ගෙ දෙබස්, ඒ ලෝකය තුළ තියෙන බඩු මුට්ටු, පසුතලය සහ ඒ දේවල් නිසා ඇති වෙන ශබ්ද මේ diegetic කියන කොටස යටතට ගැනෙනවා.
එතකොට ඔබට ප්‍රශ්නයක් ඇති වෙයි, ඕවට අයිති නැති දේවලුත් ෆිල්ම් එහෙක තියෙනවද කියල.
ඔව් තියෙනවා. අන්න ඒ ටිකට තමා non-diegetic කියල කියන්නෙ. Non diegetic රූපත් තියෙනවා ශබ්දත් තියෙනවා. ඒත් nondiegetic රූප වලට ෆිල්ම්ස් වල උදාහරණ ඉතා විරලයි. ඒත් දැකපු එක උදාහරණයක් විදිහට දෙන්න පුලුවන් , Rubber (2010) චිත්‍රපටයේ මුල් දර්ශනය. මේ Rubber කියන ෆිල්ම් එකත් අමුතුම ෆිල්ම් එකක්. මේකෙ කතාව යන්නෙ, මිනීමරු ටයර් එකක් ගැන. චිත්‍රපට කතාවට අනුව ඔන්න හිටපු ගමන් ටයර් එකකට පණ එනවා. ඊට පස්සෙ මේ ටයර් එක මිනී මර මර යනවා. ඕක තමා කතාව. ඒත් ඒ "කතාව" පටන් ගන්න කලින්, ඒ කතන්දරේ "ලෝකෙට" අයිති නැති දර්ශනයක, එක් කෙනෙක් ඇවිදින් ප්‍රේක්ෂකයන්ට කතා කරමින්, මේ ලෝකෙ හැම දේකටම හේතු හොයාගන්න බැරි බවත් , කිසිම හේතුවක් නැතුව සිද්ද වෙන දේවලුත් තියෙනවා කියලත් කියනවා. ඉතිං ඔන්න ඔය පටන් ගන්න සීන් (opening scene) එක සම්පුර්ණයෙන්ම nondiegetic scene එකක්. (මේ සීන් එක යූ ටියුබ් තියෙනවා, බැලුවම තේරුම් ගන්න පුලුවන් ලේසියෙන් )
හරි ඒ කිව්වෙ nondiegetic රූප වලට උදාහරණයක්. ඒව තමා හොයාගන්න අමාරු . ඒත් nondiegetic ශබ්ද කියන දේ නම් හැම ෆිල්ම් එහෙකම වගේ තියෙන දෙයක්. චිත්‍රපටයක පසුබිම් කතනයක් (narration) තියෙනවනම් ඒක අයිති වෙන්නෙ මේ nondiegetic sounds යටතටයි. ඊට අමතරව, ෆිල්ම් එකේ soundtrack එක සහ චිත්‍රපටයේ කතාව තුලින් උත්පාදනය නොවී, භාහිරින් එකතු කරපු ශබ්ද ප්‍රයෝග වගේ දේවලුත් අයිති වෙන්නෙ මේ nondiegetic ශබ්ද කොටසටයි.
ආපහු සරලව කිව්වොත්, චිත්‍රපටයේ කියවෙන කතාව තුළ ඉන්න චරිත වලට ඇහෙන හඬවල් (මේවා අපිට නොහොත් ප්‍රේක්ෂකයන්ට කොහොමත් ඇහෙනවනෙ) සැලකෙන්නේ diegetic (sounds) විදිහටයි. අපිට ඇහෙන, නමුත් කතාව තුළ ඉන්න පාත්‍රවර්ගයාට නොඇසෙන හඬවල්, සංගීතය වගේ දේවල් සැලකෙන්නේ nondiegetic (sounds) ලෙසටයි.
ඇත්තටම මේ nondiegetic , diegetic කියන කතන්දරේ වැඩියෙන්ම අදාල වෙන්නෙත් මේ ශබ්ද වලට තමයි. (රූප සම්බන්ධයෙන් උදාහරණ හොයාගන්න වුනත් අමාරුයි )
කොහොම වුනත්, මේ nondiegetic සහ diegetic කියන කලාප දෙක අතර පොඩි පොඩි සෙල්ලම් දැමීමෙන්, තමන්ගෙ චිත්‍රපටය වඩාත් රසවත් කරන්න සමහර අධ්‍යක්ෂවරු සමත් වෙලා තියෙනවා . මේක බොහෝවිට කරල තියෙන්නෙ කොමඩි ෆිල්ම්ස් වලයි. හිතමුකො ඔන්න පසුබිමේ ඇහෙන සංගීතයක්, අපි හිතන්නේ ඒක ඇහෙන්නේ අපිට, නලුවට ඇහෙන්නේ නෑ කියල . ඒත් හිටපු ගමන් නලුවා වට පිට බලල ඇහුවොත් මොකද්ද ඒ සද්දෙ කියල , අන්න එතකොට ඒක (අවස්තාව අනුව) , nondiegetic සහ diegetic අතර කලවමක් (flip) කිරීමෙන්, ප්‍රහසනය උත්පාදනය කරපු අවස්තාවක් වෙනවා.
1974 දී ආපු Blazing Saddles කියන චිත්‍රපටය තුලත් මේ nondiegetic / diegetic sounds පටලවල රසවත් කරපු අවස්තාවක් තියෙනව. මේකෙ කව් බෝයි කෙනෙක් යනවා අස්සයගෙ පිටේ. පසුබිමේ සංගීතයක් ඇහෙනවා. ඉතිං මේක චිත්‍රපට පසුබිම් සංගීතයක් මිසක්, අර කව්බෝයිට ඇහෙන එකක් කියල අපිට නිකමටවත් හිතෙන්නෙ නෑ . ඒත් මෙන්න මෙයා අස්සයගෙ පිටේ ඉස්සරහට එද්දි, කාන්තාර පරිසරයක් මැද්දෙ, ලොකු orchestra එකක් අර මියුසික් එක ඇත්තටම වාදනය කරනවා. එතකොට ක්ෂණිකව, අපි nondiegetic යැයි හිතපු සවුන්ඩ් එක ,diegetic බවට පත්වෙනවා. එතෙන්දි ඒක comic device එකක් විදිහටයි පාවිච්චි වෙන්නෙ....
ඒ වගේම , nondiegetic විදිහට සැපයෙන සංගීතයක් මගින්, diegetic කලාපයේ දෙයක් නියෝජනය කරන්නත් පුලුවන් ඒක නොපෙන්වා. උදාහරණයක් විදිහට , nondiegetic විදිහට එන Jaws (1975) චිත්‍රපටයේ විශේෂ සංගීත ඛණ්ඩයක් මගින්, ඒකෙ ඉන්න මෝරාගේ පැමිණීම සංඛේතවත් කරල තියෙනවා . ඒකෙන් ස්ටීවන් ස්පිල්බර්ග්, අවස්තා කීපෙකදිම අපිට මෝරාව නොපෙන්වා , මෝරාට පේන හැටි එක්ක අර කිව්ව සංගීතය මිශ්‍ර කිරීම තුලින්, මෝරව "පෙන්නනවා".
තවත් උදාහරණයක් කිව්වොත් මෑතකදී ආපු, Birdman චිත්‍රපටයේ නිතරම ඩ්‍රම් සෙට් එකකින් එන හඬක් එනවා පසුබිමේ. අපි ප්‍රේක්ෂකයන් විදිහට හිතන්නෙ, මේක පසුබිම් සංගීතයක් (nondiegetic) නිසා නලු නිලියන්ට ඇහෙන්නේ නැතුව ඇති කියලයි. ඒත් එක තැනකදි බලපුවම ඒ හඬ එන්නෙ චිත්‍රපටය තුල ඉන්න ("කතන්දර ලෝකය" තුල ඉන්න ) පාර අයිනේ ඩ්‍රම් සෙට් එකක් වාදනය කරන කෙනෙක්ගෙන්. මෙතෙන්දි ප්‍රේක්ෂකයා nondiegetic විදිහට විශ්වාස කරන් ඉන්න දෙයක් එකපාරටම diegetic කලාපයට ගෙනල්ලා, පොඩි twist එකක් දාල අධ්‍යක්ෂවරයා අමුතු රසයක් එකතු කරනවා. ඉතිං ඒ රසය විඳින්න ඔබට මේ nondiegetic / diegetic කතන්දරේ දැනන් ඉන්න ඕනෙ නෑ. හැබැයි දැන් , ඒක දන්න නිසා, ඒ රසය උත්පාදනය වුනේ කොහොමද කියන එක තේරුම් ගන්න පුලුවන් .
කෙසේ හෝ වේවා, මේ nondiegetic/ diegetic වර්ගීකරණ වල අලගිය මුලගිය තැන් හොයාගෙන ගියොත් ඒවා ඈත අතීතයටම යනවා. කොටින්ම ඉස්සර ග්‍රීසියේ හිටපු ප්ලේටෝ ,ඇරිස්ටෝටල් වගේ දාර්ශනිකයො තමා, මේ කතන්දරයක් කීමේ විවිධ "ක්‍රම" පිලිබඳ මූලික සංකල්ප ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නෙ. දැන් ඔය ෆිල්ම්ස් වලට පාවිච්චි වෙන්නත් ඇත්තටම ඒවයින් ව්‍යුත්පන්න කරගත්තු දේවල් තමා.
අවසන් වශයෙන් , මේ nondiegetic , diegetic කතන්දරේ තේරෙන් නැත්තං ඒක අමතක කරල දාල සාමාන්‍ය විදිහට ෆිල්ම්ස් බලන්න ඕන කෙනෙකුට පුලුවන් . මොකද මේ සංකල්ප වල අන්තඵල විදිහට නිර්මාණය වෙන කතා රසය විඳින්න, ඒ සංකල්ප තේරුම් ගැනීම අවශ්‍ය නැති නිසා....

පිටගම්කාරයෝ....
පිටගම්කාරයෝ කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැති අයට, පිටගම්කාරයෝ කියන්නෙ කටක් ඇරල ලැජ්ජ බය නැතුව කියන්න පුලුවන් "ටෙලිනාට්‍යකට" උදාහරණයක්. ඉතිං මේ ඉන්න නංගිලා මල්ලිලා බොහෝවිට මේක බලල නැතුව ඇති, ඒත් අයියලා අක්කලා නම් මේක බොහෝවිට බලල ඇති, එක්කො පොඩි කාලෙ බලල තියෙනවා මතක ඇති. මතකය අපැහැදිලි නම් ඔබේ මතකය අලුත් කරගන්න පුලුවන්.
මේ නාට්‍යයේ කතාව, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය තිස්ස අබේසේකර තමා කරල තියෙන්නෙ. මනුස්සයා කව්ද කියල දන්නව නම් , නිර්මාණය සුපිරියි කියන්න ඊට වඩා අටුවා ඕනෙ නෑ ...
ඉතිං මාත් ඕක බලනවා දැන් රිවයින් ටීවී වලට පිං සිද්ද වෙන්න. දැන් කොටස් දෙකක් ගිහින්. ඒත් ඔබ තාම ප්‍රමාද නෑ . ඇත්තටම මේක බලල, මේකයි දැන් යන ඔය "ටෙලිනාට්‍ය" කියල පෙන්නන එහෙකුයි සංසන්දනය කරල බලන්න. මේකෙ මුල්ම දර්ශනය තියෙන්නෙ එක්දාස් නමසිය දාහතේ, නාවින්න ස්ටේෂන් එක ලඟ. වාෂ්ප බලයෙන් එන දුම්රියක් ස්ටේෂන් එකට එනවා. ඒ කාලෙට ගැලපෙන ඇඳුම් නිර්මාණය ... වේෂ නිරූපණය... පසුතලය ... සියල්ල සුපිරියි. මේ ටෙලිනාට්‍යයෙ රාත්‍රි දර්ශන සැබැවින්ම රාත්‍රිය පිලිඹිබු කරනවා. ටියුබ් ලයිට් එලි නෑ පසුබිමේ.
ලංකාවේ අපේ තාක්ෂණ ශිල්පීන් එකතු වෙලා මීට දශක කීපෙකට කලින් කොච්චර සුපිරි නිර්මාණ බිහි කරල තියෙනවද කියල හිතෙන කොටත් සතුටුයි. ඒත් දැන් ඇයි එහෙම ඒවා නැත්තෙ??
ඔන්න නාට්‍ය ඉවර වෙලා නාමාවලිය යනකොට යනවා, අඛණ්ඩතා නිරීක්ෂණය කියල තනතුරක් සමඟ නමක්, මෙහෙම තනතුරක් දැන් ටෙලිනාට්‍ය වල නාමාවලි වල යනවා මම දැකලා නෑ. ඉතිං හොයල බැලුවම අඛණ්ඩතා නිරීක්ෂණය කියන්නෙ continuity test කියන එකයි.
සාමාන්‍යයෙන් ලෝකයේ චිත්‍රපට ටෙලිනාට්‍ය නිර්මාණය කරන කොට අනිවාර්යයෙන් කෙරෙන දෙයක් මේක. මේක සරලව පැහැදිලි කලොත්, මේකෙන් කරන්නෙ ටෙලිනාට්‍යක හෝ චිත්‍රපටයක දර්ශන අතරෙ සම්බන්ධතාව නොබිඳ පවත්වගන්න එකයි ... ඒ කියන්නෙ අපි හිතමුකො එක් දර්ශනයක නලුවා තේ බොන්න කෝප්පයක් ගන්නවා දකුණු අතින්, ඊලඟ දර්ශනයෙදි එයා වම් අතින් කෝප්පය අල්ලන් ඉන්නවා පෙන්නුවොත් ඔන්න ටිකක් අවුලක් තියෙනවා . ඒ කියන්නෙ අඛණ්ඩතාවය රැකිලා නෑ . ඔන්න ෆයිට් එහෙකදි දකුණු අත කැපෙනවා පස්සෙ වම් අතට වෙලුම් පටි දාල තියෙනවා ... ඔන්න ඔය වගේ... එක සීන් එකක් යම් ආලෝක තත්ත්වයක් යටතේ ගත්ත නම් ඊළඟ සීන් එක කතාවෙ හැටියට එවෙලේම එතෙන්දීම වෙන එකක් නම් , ඒ දෙවැනි සීන් එක වෙන දවසක ශූට් කලත් අර ආලෝක තත්ත්වය ඇඳුම් , පැල්ලම් , තුවාල , කාලගුණය ආදී සියල්ල සමාන වෙන්න ඕනෙ. නැත්තං බලන කෙනාට ඒක තේරෙනවා. ඒක නිර්මාණයට හානියක්.
ඉතිං මේ ඉස්සර ගිය නාට්‍ය වල අඛණ්ඩතා නිරීක්ෂණය කරන්න කට්ටිය හිටියට, අනේ දැන් යන නාට්‍ය වලට නම් ඕනෙම නෑ . මොකද දැන් යන ඒවයෙ නිරීක්ෂණය කරන්න තරම් අඛණ්ඩතාවයක් නෑ සරලවම. එකකට එකක් ලොකු සම්බන්ධයක් නැති එදාවේල පිරිමහගන්න මෝඩ ජෝක්ස්, ගොන් දෙබස් සහ හුරතල් කතා ටිකක් රෑට කන ගමන් බලන්න දාන එකනෙ කරන්නෙ. ඒවාට තමා අද ටෙලිනාට්‍ය කියන්නෙ. ඉතිං ඇත්තටම ටෙලිනාට්‍ය කියන්නෙ ඒවාට නෙවෙයි . මෙන්න මේ පිටගම්කාරයෝ වගේ ඒවට තමා ටෙලිනාට්‍ය කියන්නෙ. ඒකයි විශේෂයෙන්ම බලල නැත්තං බලන්න කියල කියන්නෙ .....

Alien චිත්‍රපට පෙලේ කතාව....
හොඳටම අඳුරක් තියෙන රෑක දකුණු අර්ධගෝලයේ අහස නිරීක්ෂණය කලොත් ඔබට Reticulum කියන තාරකා රාශිය දැකගන්න පුලුවන් වෙයි. මේක තියෙන්නෙ පෘථිවියේ ඉඳලා ආලෝක වර්ෂ 39ක දුරින්. ඉතිං මේ තරු රාශියෙ තියෙනවා Zeta Reticuli නමින් හඳුන්වන යුග්ම තාරකාවක්. (හොඳට බැලුවොත් මේකත් පියවි ඇසට පේනවා.) ඒ කියන්නෙ, binary star එකක්. තවත් පැහැදිලි කලොත්, මේ තරු දෙක එකිනෙකට බොහොම ලඟින් ඒ දෙකටම පොදු වුනු ගුරුත්ව කේන්ද්‍රයක් වටේ තමා භ්‍රමණය වෙන්නෙ.
Alien චිත්‍රපට පෙලේ කතාව අනුව, ඔය යුග්ම තාරකාවට තියෙනවා ග්‍රහ මණ්ඩලයක්. ඒකෙන් හතර වෙනි ග්‍රහලෝකය අපේ සෙනසුරු වගේ ලොකු වලලු තියෙන ග්‍රහයෙක්. නමින් Calpamos. මේ ග්‍රහයාට උපග්‍රහයින් තුන් දෙනෙක් ඉන්නවා,
එකක් LV 426 (නොහොත් Acheron). අනික LV 223. තව එකක් තියෙනවා නමක් නැති. අමතරව මේ ග්‍රහමණ්ඩලයේ තව ග්‍රහලෝකයක් තියෙනවා නිකං බ්‍රහස්පති වගේ. ඒකෙ නම KG 348.
(පටලගන්න එපා, මෙතෙන්දි ඔය යුග්ම තාරකාව ඇත්තටම තියෙනවා. එතනින් එහාට කියපු දේවල් ඒලියන් ෆිල්ම්ස් වලට විතරයි අදාල.)
දැන් බලමු මේ කතාව මොකද්ද කියල. චිත්‍රපට සෙට් එක බලපු අය විතරක් කියෙව්වොත් හොඳයි හැබැයි...
මනුෂ්‍යයින්, ඒලියන්ල (Xenomorphල) සහ ඉංජිනියර්ස්ල අතර කතන්දරේ වෙන්නෙ ඔන්න ඔය Zeta Reticuli කියන තරු යුගලයට අයත් ඔය මුලින්ම කියපු ග්‍රහලෝක සෙට් එකේ.
ඉතාමත් ඈත අතීතයේ ඉංජිනියර්ස්ල, LV 223 කියන චන්ද්‍රයා මත පර්යේෂණාගාරයක් පිහිටුවනවා. මේකෙ අරමුණ, A0- 3959X.91 කියන රසායන ද්‍රව්‍ය (අර කලු පාට දියරය) ගැන පර්යේෂණ පැවැත්වීමයි. එහෙම කරන්නෙ අවසානයේ ඒකෙන් රසායනික අවියක් හදල ඒක මේ අපේ පෘථිවිය මතට ගෙනත් අතෑරලා මනුෂ්‍ය සංහතිය විනාශ කරන්නයි. නමුත් මේ පරීක්ෂණ අවුල් ගිහින් මේ රසායන ද්‍රව්‍ය නිසා, ඒ පර්යේෂණාගාරය විනාශ වෙලා කීප දෙනෙක් ඇරෙන්න ඉංජිනියර්ස්ලත් මැරිලා යනවා.
ඔන්න ඔය අතර කලෙදිම, ඉංජිනියර්ස්ල පාවිච්චි කරන, Juggernaut වර්ගයේ ලොකු යානාවක්, Xenomorph බිත්තරත් එක්ක කඩන් වැටෙනවා LV 426 කියන චන්ද්‍රයා මතට. ඒකත් මතක තියාගන්න.
ඉන්පස්සේ, 2093 අවුරුද්දේදි පුරාණ තාරකා සිතියමක් ඔස්සේ යමින්, USCSS Prometheus කියන මිනිස්සු රැගත් යානාව එනවා Zeta Reticuli වෙතට. ඒ ඇවිදින් ගොඩබහින්නේ, LV 223 කියන චන්ද්‍රයා මතටයි. ඒ කියන්නෙ අර පර්යේෂණය වැරදුනු තැනට. ඊට පස්සෙ වෙන ටික Prometheus ෆිල්ම් එක බැලුවනම් දන්නව ඇතිනෙ. ඒකෙදි අවසානයේ අර හයිබනේට් වෙලා ඉන්න ඉංජිනියර් නැගිට්ට ගමන් ආයි යන්න හදන්නෙ පෘථිවිය විනාශ කරන්නයි. ඒත් Prometheus ශිප් එක ඌ යන්න හදන එකේ හප්පලා ඒක නතර කරනවා. ඊට පස්සෙ Elizabeth Shaw සහ ඩේවිඩ් කියන ඇන්ඩ්‍රොයිඩ්වරයා විතරක් තවත් Juggernaut ship එහෙක නැගල Zeta Reticuli වලින් පිටත් වෙලා යනවා අනික් engineersලා හොයාගෙන.
Alien: Covenant චිත්‍රපටයේ කතාව වෙන්නෙ ඕකෙන් පස්සෙ 2104 දී. ඒ කියන්නෙ Prometheus සිද්ධි වලින් අවුරුදු දහයකට විතර පස්සෙ. මේකෙදි Covenant කියන යානාවට හම්බෙන්නෙ අර Prometheus එකේ අන්තිමට පිටත් වෙලා යන ඩේවිඩ්ව, මෙතෙක් හොයාගෙන නැති පෘථිවියට සමාන ග්‍රහලෝකයක් මතදී. කතාව විස්තර කරන්න යන්නෑ.
ඉන්පස්සේ 2122 දී, ඒ කියන්නෙ අර Prometheus සිද්ධි වලින් දළ වශයෙන් අවුරුදු තිහකට විතර පස්සෙ, Weyland සමාගමට අයිති Nostromo කියන යානාව ඔය අසලින් යනවා. එතෙන්දි අර LV 426 කියන චන්ද්‍රයා මතට Xenomorph බිත්තර එක්ක කඩාවැටුණු Juggernaut යානාවෙන් එන සංඥාවක් මෙයාලාගෙ යානාවෙ AI එක විසින් ලබාගෙන ඒ අනුව තමා ඒ යානාව LV 426 මතට ගොඩබහින්නේ. (ඒක තමා Alien පළවෙනි ෆිල්ම් එකේ කතාව) මේකෙදි වෙන සිද්ධි මාලාවෙන් අන්තිමට බේරෙන්නෙ යානාවෙ ඉන්න Ellen Ripley විතරයි. Xenomorph එක්ක Nostromo යානාව පුපුරවා හැරලා, රිප්ලි බේරිලා යන්නෙ Narcissus කියන shuttle එකෙන්.
එහෙම බේරිලා යන රිප්ලිව නැවතත් හොයාගන්නෙ, අවුරුදු 57 කට පස්සෙ. හැබැයි හයිබනේට් වෙලා ඉන්න නිසා වයස ගිහින් නෑ. ඔය කාලය අතරතුරේ, Weyland සමාගම, Xenomorph කියන ජීවීන් ගැන දැන ගන්නවා සහ එයාලට අවශ්‍ය වෙනවා උන් භාවිතා කරල ජෛව ආයුධ නිෂ්පාදනය කරන්න.
ඔය Prometheus යානාව අතුරුදන් වුනු කාලය සහ Nostromo යානාව විනාශ වීම අතර කාලෙදි, Weyland සමාගම වගේම එහි එදිරිවාදී තවත් සමාගමක් වෙන, Seegson කියන සමාගම, Zeta Reticuli කලාපයේ හදනවා Sevastopol Station කියල අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක්. මේක කක්ෂගත කරල තියෙන්නෙ අර මුලින්ම කිව්ව KG 348 කියන බ්‍රහස්පති වගේ ග්‍රහලෝකය වටේ.
වර්ෂ 2137 දී, Xenomorph ආක්‍රමණයක් නිසා මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා, KG 348 මතට කඩන් වැටෙනවා. ඇත්තටම මේක වෙන්නෙ, Anesidora කියල කාගෝ ෂිප් එකක් මේ මධ්‍යස්ථානයට සම්බන්ධ වුනයින් පස්සෙ . මේ Anesidora කියන යානාවත් අර Nostromo යානාව වගේම, LV 426 වලින් ආපු සිග්නල් එකක් නිසා ඒකට ගිහින් Xenomorphලව බෝ කරගෙන ඇවිත් තමා Sevastopol එකට එන්නෙ. ඒකෙන් වෙන්නෙ, ඒ යානාවෙ හිටපු Xenomorphලා Sevastopol එකට ඇවිත් අවසානයේ ඒක කඩාවැටීමයි.
(මේ වගේ සිද්ධි නිසා තමා Weyland සමාගම Xenomorph ලා ගැන හොයන්න පටන් ගන්නේ.)
Aliens නොහොත් Alien දෙවැනි කොටස වෙන්නෙ, 2179 අවුරුද්දේ . ඒත් ඊට කලින්, 2157 අවුරුද්දේ Weyland සමාගම මගින්, LV 426 කියන චන්ද්‍රයව terraform කරන්න පටන් ගන්නවා. ඒක කරන්න පටන් ගන්න කොලනිය නම් කරන්නෙ Hadley's Hope නමින්. දෙවැනි චිත්‍රපටයේ කතාව සිද්ධ වෙන්නෙ LV 426 මත ඇති මේ කොලනිය ආශ්‍රිතවයි. මේකෙදි රිප්ලි ඇතුලු පිරිසට ඒ චන්ද්‍රයා මතදී නිකං හුස්ම ගන්න පුලුවන් වෙන්නෙ, ඒ වෙනකොටත් අර ටෙරාෆෝම් කරන වැඩේ අවුරුදු විස්සක් විතර කෙරිලා ඒකෙන් වායුගෝලය වෙනස් වෙලා නිසයි.
ඔන්න ඕකයි කතාව වෙච්චි පිලිවෙළට පෙලගැහුවොත්...
(ප.ලි. : අර KG 348 ග්‍රහලෝකයේ සිද්ධිය ඇත්තටම චිත්‍රපටවල පෙන්නන්නේ නෑ. ඒක තියෙන්නෙ Alien: Isolation කියන ගේම් එකේ. අනික, මේ ඒලියන් ෆ්‍රැන්චයිස් එකේ තව එක ෆිල්ම් එකක් එන්න තියෙනවා කියල කියනවා. බොහෝවිට ඒකෙදි පැහැදිලි කරයි අර බිත්තර සහ කලු දියර සහිත යානාව, LV 426 ට කඩාවැටුණෙ කොහොමද කියල.)

චිත්‍රපට වල එන "ටෙරාෆෝමින්"....
ඔබ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට බලන කෙනෙක් නම්, terraforming කියන වචනය දැනටමත් අහල ඇති. මම නම් මේක මුලින්ම දැනගත්තෙ, Prometheus ෆිල්ම් එක හරහා. ඒකෙ අර යානා එහෙම අයිති Weyland Yutani කියන සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමා ඔය terraforming කියන්නෙ. ඒකෙදි එයාල කරන්නෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු, ඒත් ඒ තත්ත්වෙට පත් කරන්න පුලුවන් විභවයක් තියෙන ග්‍රහලෝක හොයාගෙන ඒවා මිනිස් වාසයට සුදුසු තත්ත්වෙට පත්කරලා ආපහු මිනිස්සුන්ට විකුණන එක. මේ සමාගමේ ස්ලෝගන් එකත්, building better worlds කියල තමා තියෙන්නෙ.
ඉතිං Prometheus කියන්නෙ මේ මෑතකදී ආපු ෆිල්ම් එකක්නෙ. ඒත් මේ ටෙරාෆෝමින් කන්සෙප්ට් එක ඊට වඩා ගොඩක් පරණයි. මුලින්ම මේක හම්බෙන්නෙ චිත්‍රපට වල නෙවෙයි පොත් වල. ඒ අතරිනුත් ඉස් ඉස්සෙල්ලාම මේ ටෙරාෆෝමින් (එහෙමත් නැත්තං අපි සිංහලෙන් කියන්න උත්සාහ කලොත් "පෘථිවිකරණය" වගේ වචනයක් පාවිච්චි කරන්න පුලුවන්) ගැන කියල තියෙන්නෙ H.G. Wells එයා 1898 වගේ ඈත කාලෙකදි ලියපු, අපි දන්න කියන War of the Worlds පොතේ. මේකෙ කතාවෙ හැටියට , පෘථිවිය ආක්‍රමණය කරනවා අඟහරු ලෝකෙන් ආපු ජීවීන්. අන්න ඒ ආක්‍රමණයෙදි, ඒ ලෝකෙ තියෙන රතු පාට ශාක විශේෂයක් (red weed) අපේ ලෝකෙ පුරා පැතිරෙනව වසංගතයක් වගේ. (වෙල්ස්ගේ පොතේ හැටියට අඟහරු රතු පාටට පේන්නෙ මේ පැලෑටි නිසයි) ඇත්තටම මේ පැලෑටියෙන් කරන්නෙ, පෘථිවිය ටිකින් ටික අඟහරු වගේ කිරීම, ඒ කියන්නෙ terraforming කිරීමක් තමා හැබැයි අනික් පැත්තට.
මේ විදිහට ඒලියන්ල ඇවිදින් අපේ ලෝකෙ "ටෙරාෆෝම්" කරනවට නොහොත් උන්ට සුදුසු විදිහට පරිවර්තනය කරගන්නවට xeno-terraforming කියල කියනව. හැබැයි, ඒ ජීවීන්ට සාපේක්ෂව (උන්ගෙ කෝණයෙන් බැලුවම) මේකත් ටෙරාෆෝමින්ම තමා.
H.G. Wells තමන්ගෙ කතන්දරය තුළ මේ ටෙරාෆෝමින් සංකල්පය පාවිච්චි කලාට ඔහු "ටෙරාෆෝමින්" කියන වචනය භාවිතා කරන්නෙ නෑ.
ඇත්තටම මේක වචනයක් විදිහට මුලින්ම හඳුන්වා දෙන්නේ (coin කරන්නෙ), Jack Williamson කියන ලේඛකයා විසින් ඔහුගේ Collision Orbit කියන විද්‍යා ප්‍රබන්ධය තුලිනුයි. ඒ 1942 වසරෙදි. දැන්නම් මේක ඉංග්‍රීසි භාෂාවේ ස්ථිර වචනයක් විදිහට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ පවා තියෙනවා.
අපි පෘථිවි වාසීන් විදිහට වෙන ලෝක ටෙරාෆෝම් කරන එක ගැන ආතර් සී ක්ලාක් ඔහු ලියපු Sands of Mars කියන විද්‍යා ප්‍රබන්ධය තුළ විස්තර කරන්නෙ 1951 වගේ ඈත කාලේ. හැබැයි දැන් ඒක තව දුරටත් ප්‍රබන්ධයක්ම නෙවෙයි. මොකද නාසා ආයතනය දැන් මේක ගැන ඇත්තටම පර්යේෂණ කරනවා. එලොන් මස්ක් , අඟහරු සම්බන්ධව මේක යතාර්ථයක් කරන්න උත්සාහ කරනවා. ඒත් මේක ඇත්තටම කරනවනම් සෑහෙන සල්ලි යන වැඩක්.
හරි. ආපහු චිත්‍රපට පැත්තට හැරුණොත්, Star Trek කතා සෙට් එක බලල තියෙනව නම් මේවයේ අවස්තාව කීපෙකදිම මේ ටෙරාෆෝම් සීන් යනව. එකක් තියෙනවා විනාඩි ගානක් ඇතුලත ග්‍රහලෝකයක් ටෙරාෆෝම් කරන එහෙකුත්. (යූ බටේ තියෙනවා වීඩියෝ එක ) හැබැයි ඉතිං ඇත්තටම ටෙරාෆෝම් කරන එක නම් එච්චරම ලේසි නෑ .
ඒලියන් ෆ්‍රැන්චයිස් එක බලල තියෙනවා නම් මතක ඇති ඒලියන් පළවෙනි ෆිල්ම් එකේ උන් ටික ගොඩබහින ග්‍රහලෝකය (LV 426 කියන ප්ලැනටොයිඩ් එක ) මිනිස්සුන්ට එච්චරම හොඳ එකක් නෙවෙයි. ෆුල් සූට් ඇඳලා තමා තුන් දෙනෙක් එලියට යන්නෙ. ඒත් 1986 ආපු ඒලියන් දෙවෙනි චිත්‍රපටය තුළ ඒ ග්‍රහලෝකය ඊට වඩා මිනිස්සුන්ට හිතකර විදිහට ටෙරාෆෝම් කරල තියෙනවා වේලන්ඩ් සමාගම මගින්. ඒ වැඩේට දශක කීපයක් ගතවුණා කියල තමා කියන්නෙ. 2157 වසරෙදි පටන් අරගන්න වැඩේ 2179 වෙද්දිත් කෙරෙමින් තියෙනවා. මේ ග්‍රහලෝකයේ පොඩි කොලනියක් තියෙනවා එයාල තමා Atmospheric Processing Plant එක බලාකියාගන්නෙ. ඒකෙන් තමා ඒ ග්‍රහලෝකයේ වායුගෝලය, පෘථිවියේ වගේ කරන්නෙ. (ඊට පස්සෙ ඒලියන්ල ඇවිදින් කෙල වෙනවා 😊)
1990 දී ආපු Total Recall චිත්‍රපටය තුළත්, 2000 දී ආපු Red Planet චිත්‍රපට කතාවෙත් කියන්නෙ අඟහරු ලෝකය ටෙරාෆෝම් කරපු සිද්ධි තමා . මේවයින් Total Recall එකේ කතාවට අනුව පිටසක්වල ජීවීන් විසින් අඟහරු ග්‍රහයා මත සවිකල උපකරණ මගින් ඒකෙ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩි කරල මිනිස්සුන්ට සුදුසු විදිහට හදනවා. අඟහරු ටෙරාෆෝම් කරන කන්සෙප්ට් එක චිත්‍රපට තුළ මුලින්ම පාවිච්චි වෙලා තියෙන්නෙ මේ Total Recall ෆිල්ම් එක තුළයි. ඒත් ඒ ක්‍රමය විද්‍යාත්මකව එච්චර නිවැරැදි නෑ කියල තමා කියන්නෙ.
දෙදාස් තුනේ ඉඳල හතර වෙනකම් විකාශනය වුනු Firefly ටීවී සීරීස් එක සහ ඒකට sequel එකක් විදිහට හැදුනු Serenity කියන ෆිල්ම් එකෙත් කතන්දරය තුළ මේ ටෙරාෆෝම් කිරීම දකින්න පුලුවන් .
මෑතකදී ආපු Man of Steel ෆිල්ම් එකේ කතාව මතකයි නම් ඒකෙත් තියෙන්නෙ මේ ටෙරාෆෝම් සිද්ධියක් තමා . සුපර්මෑන්ගෙ මව් ග්‍රහලෝකයේ ඉඳල මෙහෙ එන ජෙනරල් Zod ට ඕන කරන්නෙ පෘථිවිය එයාලගෙ වාසයට සුදුසු විදිහට ටෙරාෆෝම් කරන්න නොහොත් Krypton වගේ කරන්න. ඇත්තටම මගක් දුර කරනව මේක. ඊට පස්සෙ සුපර්මෑන් මැදිහත් වෙලා තමා යන්තං නතර කරගන්නෙ.
රූප: LV 426 මත ඇති Atmospheric Processing Plant එක සහ War of The Worlds එකේ Red weeds.

Smallfoot (2018)
අපි ජීවත් වෙන සමාජයේ විවිධ සම්ප්‍රදායයන් තියෙනවා, සිරිත් විරිත් තියෙනවා. සමහරවිට ඒවා එහෙම කරන්නෙ ඇයි කියල අපිටම තේරෙන්නෑ. ඒවා කරන එකම හේතුව, අපේ අම්මලා තාත්තලා ඒවා ඒ විදිහට කරපු නිසා. ඔවුන් ඒවා කලේ එයාලගෙ දෙමව්පියෝ නොහොත් අපේ ආච්චිලා සීයලා ඒවා කරපු නිසා. ඉතිං මේ දේවල් ප්‍රශ්න කරල විවේචනය කරන එක හරිද? සම්ප්‍රදායයන් රැකිය යුතුමද? නොරැක්කොත් වෙන හානිය මොකද්ද ?
ඒවා රකිනවාද, ඉවත් කරනවාද කියල තීරණය කරන්න නම්, අදාළ සම්ප්‍රදායේ ඉතිහාසය හොයාගෙන ඒකෙ මූලය හොයාගෙන ඒක එහෙම කරන්න පටන් ගත්තු හැබෑම හේතුව මුලින්ම හොයාගන්න ඕනෙ. අන්න එහෙම හොයාගන්න හේතුවත් කිසිම වැදගැම්මකට නැති එකක් නම් ඔන්න ඔබට පුලුවන් ඒකට අදාළ සිරිත/සම්ප්‍රදාය/පූජාව අහකට විසික් කරන්න.
හැබැයි පැහැදිලි හේතුවක් හොයාගන්න බැරි උනොත්, එහෙම මූලය අපැහැදිලි සම්ප්‍රදායයන් සහමුලින්ම නැති කරල දාන එක ටිකක් භයානකයි. මොකද අපි දන්නැති දීර්ඝකාලීන නරක විපාක වෙන්න පුලුවන් ඒ ඉවත් කිරීම් නිසා.
ඉතිං මේ ටික විශේෂයෙන්ම ලංකාවට මේ දවස් වල ගොඩක්ම අදාලයි. මොකද කට්ටියක් ඉන්නවා සම්ප්‍රදායික දේවල් වලට ඉවක් බවක් නැතිව කෝචොක් කරමින් ඒවාට ගරහමින් ඒවායින් ක්ෂණිකව ඈතට යන. තවත් පිරිසක් ඉන්නව සම්ප්‍රදායයන් වලින් අන්ධ වෙලා ඉවක් බවක් නැතුව ඒවා අනුගමනය කරමින් ඒවාට වහල් වෙච්ච. ඉතිං ඔය දෙකම අන්ත දෙකක්.
මෙන්න මේ අන්ත දෙකෙන්ම ගැලවෙලා, සම්ප්‍රදායයන්/සංකෘතික අංග/සිරිත් විරිත් වල නියම අර්ථය හොයා ගෙන, ඒවා විනිවිද දැකපු , ප්‍රශ්න කරල ඒවාට උත්තර හොයාගත්තු අයට තමා ඔය අන්ත දෙකෙන්ම ගැලවෙලා සමාජයේ සතුටින් ඉන්න ලැබෙන්නෙ. ඒ අය තමා සත්‍යය දකින්නෙ කවදහරි. ඒක නිසා, මේක විශේෂයෙන්ම පෙන්නන ඕනෙ පොඩි අයටමයි. මොකද එතකොට අනාගතයෙවත් අන්තගාමී නොවෙන විවෘත මනස් ඇති නිදහස් මිනිස්සු ටිකක් මේ රටේ වැඩිපුර ඉඳියි. ඉතිං ඔය කිව්ව ටිකක් බරපතල කාරණාව, බොහොම සූක්ෂ්ම විදිහට ලස්සනට කියල දෙන ෆිල්ම් එකක් තමා මේ Smallfoot.
භාහිරින් බැලුවම නම් යෙටීලා සහ මිනිස්සු අතර අපූරු කතාවක්. ඒත් ඊට යටින් කියල දෙන අර පණිවිඩය ! ඒක මිනිස්සුන්ට අත්‍යවශ්‍යයයි . විශේෂයෙන්ම ලංකාවේ අයට.
ඉතිං මේ කිව්ව දේවල් චිත්‍රපටය සම්බන්ධයෙන් බොරුද ඇත්තද කියල ඔබලාම බලල ඇවිත් කියන්න.

ප්‍රෙඩේටගේ "තාත්තා", වෑන් ඩෑම් සහ ජේම්ස් කැමරන්.....
ඔය අලුතින් ආපු ප්‍රෙඩේට ෆිල්ම් එකේ එක තැනක අර විද්‍යාඥවරිය කියනවා ඒ පිටසක්වල ජීවියට "Predator" කිව්වට ඌට ඒක නෙවෙයි ගැලපෙන්නෙ Hunter කියල. මොකද Predator කියන්නෙ නිකං ජීවත් වෙන්න දඩයම් කරන සතෙක්ට. නමුත් මේ ෆිල්ම් වල ඉන්න එකා දඩයම් කරන්නෙ ක්‍රීඩාවක් විදිහට. එතකොට ඇත්තටම ඌට ගැලපෙන ඉංග්‍රීසි වචනය Hunter. ඒත් මේ ෆිල්ම් එකේම එයාගෙ ඒ කතාවට පිළිතුරු විදිහට කියනවා, Hunter කියන එකට වඩා Predator කියන එකේ ගතියක් තියෙන නිසා වැඩි මනාපයට ඒ නම සම්මත වුනාය කියල ... ඉතිං මේකෙ පොඩි ඉතිහාස කතාවකුත් තියෙනවා...
අසූ ගනන් වල ආපු ආනොල්ඩ් හිටපු පළවෙනි Predator ෆිල්ම් එකට මුලින්ම නම දාල තියෙන්නෙත් Hunter කියලයි. පස්සෙ ඒ නම හරි නෑ වගේ හිතිලා The Predator කියල දාල ඊටත් පස්සෙ The කෑල්ල හලල Predator කියල දාල තියෙනවා. නම විතරක් නෙවෙයි මුල්ම ප්‍රෙඩේට ෆිල්ම් එක හැදුනු විදිහත් අපූරු කතාවක්.
ඔන්න මුලින්ම ප්‍රෙඩේට ෆිල්ම් එක හදන්න ආනොල්ඩ් ඇතුලු පිරිස රූගත කිරීම් වලට මෙක්සිකෝවට ගිහින් තියෙනවා. මොකද මේක ශූට් කරල තියෙන්නෙ මෙක්සිකෝවේ ඝන වනාන්තරවල. ඉතිං මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය, ඒ කියන්නෙ ප්‍රෙඩේට සඳහා යොදා ගෙන තියෙන්නෙ අපි මේ අද දකින එකාව නෙවෙයි ඊට බොහොම වෙනස් ඩිසයින් එකක්. ටිකක් බල්ලෙක් වගේ හොම්බක් එක්ක ලොකු ඇස් දෙකක් තිබ්බ ටිකක් දිගටි සතෙක්. හැබැයි මූ කකුල් දෙකෙන් ඇවිදිනවා. ඒත් කකුල් ඩිසයින් කරල තියෙන විදිහට සාමාන්‍ය මනුස්සයෙක්ට ඒ සූට් එක ඇඳන් නිකම්ම ඇවිදින්න අමාරුයි. කේබල් එහෙම යොදාගන්න වෙලා තියෙනවා. ඉතිං හොඳම සීන් එක තමා ඔය සූට් එක ඇඳගෙන ප්‍රෙඩේට විදිහට රඟපාන්න තෝරගෙන තියෙන්නෙ වෑන් ඩෑම්ව! මොකද මේක ඇක්ෂන් ෆිල්ම් එකක් නිසා, සතුරාට ඇක්ෂන් වැඩ කෑලි දාන්න හැකි විය යුතු නිසා තමා එහෙම තෝරගෙන තියෙන්නෙ. ඒත් ඩිසයින් එකේ හැටියට ඇක්ෂන් කෙසේ වෙතත් ඇවිදින එකත් අමාරු වෙලා තියෙනවා. ඒත් ඒ මුල් ෆිල්ම් එක බලපු අයට මතක ඇති කතාවෙ හැටියට මුල් සීන්ස් ඔක්කොටම වගේ ප්‍රෙඩේට එන්නෙ අර ඉන්විසිබල් මෝඩ් එකෙන්. ඉතිං ඔය ඉෆෙක්ට් එක ගන්න, අර මුලින්ම කිව්ව බල්ලෙක් වගේ මූණ තිබ්බ රබර් සූට් එකට සමාන රතුපාට ඩමි සූට් එකක් පාවිච්චි කරල තියෙනවා ( රතු පාට පාවිච්චි කරල තියෙන්නෙ , පසුබිමේ කැලේ කොල පාට නිසා, දෘශ්‍ය ප්‍රයෝගය සඳහා විරුද්ධ තනි පාටක් යොදාගන්න නිසා) ඒත් ඉතිං ඔය ටෙක්නිකල් සීන් එක වෑන් ඩෑම්ට තේරිලා නෑ. ඒ මනුස්සයට අර රතුපාට බලු පෙනුමක් තියෙන ඩමිය ඇඳන් රඟපාන එක එපා වෙලා, අප්පිරිය වෙලා තමා ඉඳල තියෙන්නෙ. ඔය මුල් ඉන්විසිබල් සීන් ටික අරගෙන අර රියල් සූට් එක පාවිච්චි කරන්න ගන්නකොට ඒකෙන් ඉදිරි දර්ශන කොහෙත්ම ශූට් කරන්න අමාරු බව පෙනිලා තියෙනවා ටීම් එකට. (මොකද එක තැනක ප්‍රෙඩේට වතුර යටින් මතුවෙන සීන් එකක් පවා තියෙනව) අන්තිමේ වෑන් ඩෑම් මේකෙන් අයින් වෙලා . අර ඩිසයින් එකත් අයින්ම කරල. ඉතිං වීරයා නොහොත් ආනොල්ඩ් හිටියට ප්‍රෙඩේට කෙනෙක් නැත්තං කොහොමද Predator හදන්නෙ? ෆිල්ම් එකේ වැඩ අතරමග හබක් වෙලා තියෙනවා .
ඉතිං මාස ගානක් අර කෑලෑවෙ ශූටින් කරල , අතරමග නතර වුනු චිත්‍රපටය සඳහා , අලුත්ම ප්‍රෙඩේට කෙනෙක් ඩිසයින් කරලා ඉක්මනින්ම වැඩ ආයි පටන් ගන්න ඕනෙ වෙලා තියෙනවා.
ඔය ෆිල්ම් එකට ජොයින් වෙන්න කලින් ආනොල්ඩ්, ජේම්ස් කැමරන්ගෙ Terminator ෆිල්ම් එකේ රඟපාන කාලෙ, ඒකෙ ස්පෙෂ්ල් ඉෆෙක්ට්ස් කරපු ඒ කියන්නෙ Terminatorව හදපු, Stan Winston ව අඳුනගෙන තිබ්බ. ස්ටෑන් ආනොල්ඩ්ගෙ හොඳ යාලුවෙක්. මේ මොහොතේ තමන්ට කරන උදව්වක් විදිහට Predator ෆිල්ම් එකට ඉක්මනින්ම ප්‍රෙඩේට කෙනෙක්ව නිර්මාණය කරල දෙන්න කියල ආනොල්ඩ් තමන්ගෙ යාලුවගෙන් ඉල්ලල තියෙනවා . ස්ටෑන්ටත් තමන්ගෙ යාලුවගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා වැඩේ බාර අරං . ඒත් මේක ඇත්තටම ලොකු අභියෝගයක් මොකද සාමාන්‍යයෙන් ස්ටුඩියෝ එකක් මේ වගේ කැරැක්ට එකක් අලුතින් හිතල හදන්න අවුරුද්දක් විතර කල් ඉල්ලනවා. ඒත් ස්ටෑන් වින්ස්ටන්ට්ට මේ සඳහා ලැබුනේ සති කීපයක් විතරයි.
ඒත් ඔහු අභියෝගය බාර ගත්තා.
මුලින්ම තිබුනේ, පිටසක්වල ජීවියාව ඩිසයින් කිරීම. ඇත්තටම ඕක තමා අමාරුම වැඩේ.
ඊට කලින් අවුරුද්දේ තමා ස්ටෑන්, ජේම්ස් කැමරන්ගෙ Aliens ෆිල්ම් එකේ වැඩ කරල තිබ්බෙ. Aliens එකේ අදාල පිටසක්වල ජීවීන් සම්බන්ධ ඉෆෙක්ට්ස් බාරව හිටියෙත් ස්ටෑන්මයි. ඉතිං මේ Aliens (1986) ෆිල්ම් එකේ ප්‍රවර්ධන වැඩකට ස්ටෑන් සහ ජේම්ස් කැමරන්ට ජපානෙට යන්න වෙලා තියෙනවා . දෙන්න ප්ලේන් එකේ වාඩි වෙලා ගිහින් තියෙන්නෙ එක ළඟමයි. අලුතින් බාර ගත්තු ප්‍රෙඩේට වැඩේ හදිස්සි නිසා, ප්ලේන් එකේ යන ගමන්ම ස්ටෑන් කොලයක් පැන්සලක් අරං ප්‍රෙඩේට ව අඳින්න අරං . ඕක දිහා බලන් ඉඳපු එහා සීට් එකේ ජේම්ස් කියල තියෙනවා , "ඔය වගේ එකෙක්ගෙ කට හරියට මම නම් හිතන්නේ මැන්ඩිබල්ස් (Mandibles, කියන්නෙ , ආත්‍රපෝඩා වංශයේ කෘමි සතුන්ගේ මුඛ උපාංග වලට කියන සමූහ පදයක්) තිබ්බ නම් හොඳයි" කියල . ඉතිං ඒක හොඳ අදහසක් වගේ පෙනුන නිසා , ස්ටෑන් තමන්ගෙ චිත්‍රයේ ඉන්න සතාගෙ කට, ජේම්ස් කියපු විදිහට මකල වෙනස් කරල තියෙනවා . ඉතිං ඔය අද අපි දකින ප්‍රෙඩේටගෙ පියා විදිහට ස්ටෑන්ව සලකන්න පුලුවන් වුනාට , ප්‍රෙඩේටර්ස්ලට තියෙන ඒ මහ කැත පෙනුමක් තියෙන කටේ අයිතිකාරය ඇත්තටම ජේම්ස් කැමරන්.
ඊට පස්සෙ, ස්ටෑන් ඇතුලු පිරිස ප්‍රෙඩේටගෙ ඩිසයින් එක සති කීපයක් ඇතුලත නිම කල අතර , ප්‍රෙඩේට විදිහට (සූට් එක අඳින්න) කෙවින් පීටර් හෝල් කියන උසින් වැඩි නලුවෙක් යොදාගත්ත.
ඉතිං කොහොමෙන් කොහොම හරි, යාලුවෙක්ට හදිස්සියට කරපු උදව්වක් විදිහට නිර්මාණය වුනු ප්‍රෙඩේට අද ලෝක ප්‍රසිද්ධයි. ප්‍රෙඩේට ඇතුලුව, Terminator , Aliens වගේ නිර්මාණ රාශියක් කරපු Stan Winston ... එයත් ඉතිං හොලිවුඩ් වල සුපිරි චරිතයක් තමා. ඔහු 2008 දී මිය ගියත් ඔහු ඇරඹූ ස්ටුඩියෝ එක නම් අදටත් වැඩ.

Subscribe to:
Posts (Atom)